IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නිධානයක් ගොඩගැනීමට තැත් කළ පිරිසක් පලා යති

(ගම්පහ තිලකරත්න දිසානායක)

ගම්පහ ඉහළ යාගොඩ ප්‍රදේශයේ යාගොඩ කන්ද ගල්තලාවෙහි උමගයක් තුළින් පිරිසක් නිධානයක් ගැනීමට තැත්කරමින් සිටියදී යක්කල පොලීසිය මගින් එම ස්ථානය වැටලීමට පියවර ගෙන ඇත.   

පොලීසිය එම ස්ථානය වටලන බවට ලැබී ඇති හෝඩුවාවක් මත එහි සිටියවුන් පලා ගොස් ඇති අතර එහි උමග තුළ තිබී ඊට යොදාගත් බව කියන උපකරණ කිහිපයක් පොලිස් නිලධාරීන්ට සොයා ගැනීමට හැකිව තිබේ.

යක්කල පොලීසියේ උප පොලිස් පරීක්ෂක සරත් බණ්ඩාර මහතාට ලැබී ඇති තොරතුරක් මත අද (7) දහවල් නිලධාරීන් පිරිසක් සූක්ෂම ලෙස යාගොඩ කන්ද ගල්තලාවේ උමගය අසලට ගොස් ඇති අතර ඒ වනවිටත් නිධානය ගැනීම පිණිස උමගය හාරමින් සිට ඇති පිරිස පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.

එම ගල් කන්දෙහි කැලෑබදව ඇතුලට උමගක් හාරායමින් නිධානය සෙවීමට තැත්කර ඇති බව පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇති බැවින් අඩි25 ක පමණ දුරක් කඹයක් උපයෝගී කර ගනිමින් එ් තුලට ගියවිට පසෙකට දෝනාවක් සකස් කරමින් තිබූ බව පෙනී ගොස් ඇත.

උමග තුල තිබී ගල්විදීමේ යන්ත්‍රයක්, ජලය ඉවත් කිරීම පිණිස යොදා ගැනීමේ මෝටරයක් සහ ජල බටයක්, විදුලිය සපයා ගැනීමට යොදාගත් දිගු වයරයක් හා පුද පූජා පැවැත්වීම පිණිස තිබූ පහන් තැටි කිහිපයක් එ් තුළට ගිය නිලධාරීන්ට සොයා ගැනීමට හැකිව තිබේ.

එම උමගයට විදුලිය සපයා ගෙන තිබූ වයරය ඔස්සේ ගමන් කිරීමේදී ගල් කන්දට ආසන්නයෙහි නිවසකින් විදුලිය ගෙන තිබූ බව පෙනී ගොස් ඇති බැවින් නිධානය ගැනීමට තැත් කළේ කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීමට අපහසු නොවන බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශය භාර පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී බස්නායක මහතාගේ අධීක්ෂණය යටතේ යක්කල වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අජිත් ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.



අදහස් (7)

නිධානයක් ගොඩගැනීමට තැත් කළ පිරිසක් පලා යති

Voter Saturday, 07 December 2019 12:59 PM

ඔය මහන්සියම දාලා බැංකුවක් කැඩුවානම් හිරේ යන්න කලින් ටික කාලෙකට සල්ලිවත් ලැබෙනවා, ඔහොම දඩාර ගලක් යට නිධන් කරන්නේ කොහොමද? රජ කාලේ මැජික් බලෙන් ඕව හෑරුවා ගල් උණු කරන මොලොක් කරන කතා කියන වයසක හාදයෝ කියන කතා අලි බොරු! මේවා විශ්වාස කරන පුදුම මෝඩ අයනේ මේ රටේ ඉන්නේ?

:       126       48

nishantha Saturday, 07 December 2019 03:21 PM

පොළවට පස්වෙන මෙවැනි දේ ගන්න යනකොට කොල්ලයි, බල්ලයි, පොලිසියයි ඔක්කොම එනවා.. මේක මාර ලොකු වැඩක් ඇල්ලුවා වගේ... හැබැයි දේශපාලකයෝ කෝටිගණන් යටි මඩි ගහනවා.. පොලීසිය සර් කියලා සැලියුට් ගහනවා. නඩුකාරයන් නඩු විසි කරනවා මදිවට එක මාධ්‍යකවත් වචනයක් නැහැ. මරු රටක් මේක...

:       8       494

කුමාරි Saturday, 07 December 2019 04:01 PM

බහිරවයට විතරක් දොල පිදේනි දීලා හරියන්නෙ නෑ

:       55       160

saman Saturday, 07 December 2019 04:08 PM

අපි දන්නා කෙනෙක් රටේම නිදන් හෑරුවා කියලා ප්‍රසිද්ධයි කියලා ආරංචි කාටවත් අහුවුනේ නැහැ ලු

:       21       236

ASELA PERERA Saturday, 07 December 2019 05:48 PM

ඕකට සම්බන්ධ කෙනාට ඇමතිකමකුත් ලැබුනනේ. නිධන් හාරන්න, හොරෙන් පස් කපන්න, බාර් ලයිසන් දෙන්න, අනුන්ගේ ඉඩම් වලට හොර ඔප්පු ලියල අයිති කරගන්න සැබෑම දක්ෂයා. මුලින්ම 2015 මහින්ද පැරදුනාම පස්සේ සෙනග එනවා දැකලා එහෙමම හේත්තු උනා. දන්නවනේ කව්ද කියලා.....පවුලේ සේරම හොරු තමයි. හැබැයි ලබන පාර ඇපත් නැහැ ඔය අයට.

:       0       8

Chandima Sunday, 08 December 2019 12:59 AM

ඇත්ත. ඔය ආපු අයටත් දොළ දුන්නනම් අලන්න එන්නේ නිධානෙ ගත්තට පස්සෙනේ.

:       0       15

මංජුල Sunday, 08 December 2019 06:06 AM

මගේ වත්තෙ නිධානයක් තිබ්බොත් ඒක ආණ්ඩුවේ. මගේ වත්තෙ ගංජා පැළයක් තිබ්බොත් එක මගේ.

:       0       260

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 175 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 20 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 620 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 181 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 213 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 497 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site