( තිළිණි ද සිල්වා )
දිවයින පුරා නිදහස් වෙළද කළාපවල කර්මාන්ත ශාලා 217ක සේවක සේවිකාවන් 30,269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ,සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (22) පැවසීය.
රජයේ නිර්දේශ මත සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම කර්මාන්ත ශාලා වල සේවා කටයුතු නැවත මෙලෙස නැවත ආරම්භ කළ බවද අමාත්‍යවරයා පෙන්වා දේ.
ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් සිය සේවා කටයුතු ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින කර්මාන්ත ශාලා වලට ඒ සදහා අවසර ලබා දීමට රජය පසුගියදා තීරණය කළේය.
ඒ අනුව මේ වන විට මෙම කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වන බවත් සේවක සංඛ්‍යාවෙන් සියයට 20 ක පමණ වූ පිරිසක් යොදවා ගනිමින් හා කොරෝනා වසංගතය පාලනය කිරීමට අදාල සියලු සෞඛ්‍ය උපදෙස් අනුව මෙම කර්මාන්ත ශාලා සිය නිශ්පාදන කටයුතු ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක් යැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
ඒ අනුව කටුනායක නිදහස් වෙළද කළාපයේ කර්මාන්ත ශාලා 48ක නිෂ්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. සේවක සේවිකාවන් 3971 එහි සේවය කරන අතර ආයෝජන මණ්ඩල සේවකයන් 60 දෙනෙකු සේවය කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පෙන්වා දේ.
බියගම නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලා 35ක කටයුතු වෙනුවෙන් සේවිකාවන් 6938 ක් මෙහි සේවය කරන අතර ආයෝජන මණ්ඩල සේවක සේවිකාවන් 61 දෙනෙකු සේවය කරති. සීතාවක පුර කර්මාන්ත පුරයේ ආයතන 18 ක සේවක සේවිකාවන් 1489 ක් සේවක කරති. එහි සේවය කරන ආයෝජන මණ්ඩල සේවකයන් සංඛ්‍යාව 33කි.
කොග්ගල කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 19 ක සේවක සේවිකාවන් 4092 ක් සේවය කරන අතර හොරණ කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 17 ක කටයුතු ආරම්භවී තිබේ. සේවක සේවිකාවන් 865 දෙනෙකු එහි සේවය කරති. වගවත්ත කර්මාන්ත උද්‍යානයේ කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලා 04 ක සේවක සේවිකාවන් 342 සේවය කරති.
වතුපිටිවල කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 10ක් හා මාවතගම කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 04ක් දැනටමත් සිය සේවා කටයුතු ආරම්භ කර තිබේ. පොල්ගහවෙල වෙළද කළාපයේ කර්මාන්ත ශාලා 05ක් දැනට සේවා කටයුතු ආරම්භ කර ඇත. මල්වතුහිරිපිටිය නිදහස් වෙළද කළාපයේ කර්මාන්ත ශාලා 06ක් වැඩ ආරම්භ කර ඇති අතර මිරිස්සවල වෙළද කලාපයේ කර්මාන්ත ශාලා 03ක වැඩ කටයුතු ආරම්භ කර ඇත.
නුවර කර්මාන්ත උද්‍යානයේ කර්මාන්ත ශාලා 20 සේවක සේවිකාවන් 2689 දෙනෙකු සේවය කරනු ලබයි.
අමතරව උතුරු හා නැගනහිර පළාතේ කර්මාන්ත ශාලා 12ක සේවා කටයුතු ආරම්භ කරතිබේ.
සෑම කර්මාන්ත ශාලාවක්ම දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ පරීක්ෂාවට ලක්කරන බවයි. එහිදී සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ දැයි දැඩි ලෙස පරීක්ෂා කෙරෙන අතර ඊට අමතරව ආයෝජන මණ්ඩලවල මෙම කර්මාන්ත ශාලා නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කන්නේ දැයි දැඩි අවධානයෙන් පසුවන බවත් විශේෂ පරීක්ෂාවන්ට ලක්කරන බවත් ඇමතිවරයා කියා සිටියේය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නිදහස් වෙළෙඳ කලාපයන්හි හි කර්මාන්ශාලා 217 ක් විවෘතයි
thilak Wednesday, 22 April 2020 01:03 PM
ප්‍රේමදාසගේ කාලෙ කර්මාන්තශාලා නේද ?
indikaThursday, 23 April 2020 03:13 AM
මොන ලෝකෙද ඉන්නේ. කොපමණ දුර ඇවිත්ද ලංකාව දැන්.
Kumar Wednesday, 22 April 2020 04:00 PM
මේ කර්මාන්තශාලාවල වැඩට එන්නේ ආදායමක් ලබාගැනීමට වෙන පහසු ක්‍රමයක් නැති නිසානේද? එසේ නැතිනම් නිවෙස්වලට වෙලා ඉන්නවනෙ. ලංකාවට විදේශීය අදායමක් උපයාදෙන අයට ගරුකරන්න ඕනෙ.
ranaThursday, 23 April 2020 10:44 AM
අපේ ඈයෝ ගරහන්න මිස ගරු කරන්න දන්නේ නැහැනේ.