IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නැවත දැනුම් දෙනතුරු රන්ජන්ගේ හඬ පරීක්ෂණය නවතී

( ජයන්ත සමරකෝන් )
 
රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ  කටහඬ   සාම්පල ලබා ගැනීම සඳහා  අද (23)  රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද  එසේ නොකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.
 
නැවත දැනුම්දෙන තුරු හඬ පරීක්ෂාව සඳහා සැකකරු ඉදිරිපත්  නොකරන ලෙස අධිකරණයෙන් කළ දැනුම්දීමකට අනුව එලෙස ඉදිරිපත්  නොකළ බවඳ උසස් බන්ධනාගාර නිලධාරීයෙක් පැවසීය.
 
නුගේගොඩ මහෙස්ත්‍රාත් යූ.කේ පැල්පොල මහතා මැගසින් බන්ධනාගාර අධිකාරීවරයා වෙත නිකුත් කළ නියෝගයකට අනුව  මන්ත්‍රීවරයා අද  රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ඉකුත්  17 වැනිදා  කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව එම නියෝගය නිකුත් කර තිබිණි.



අදහස් (53)

නැවත දැනුම් දෙනතුරු රන්ජන්ගේ හඬ පරීක්ෂණය නවතී

Missaka Thursday, 23 January 2020 06:58 AM

වැඩේ යට ගහයි වගේ! කොයි කාගේත් හොර අහු වෙලා ඇති එහෙනම්! නීතිය පසිඳලන ආයතන ගැන තිබෙන විස්වාසය බින්දුවටම බැහැල!

:       7       2131

KaluThursday, 23 January 2020 10:17 AM

රන්ජන්ටම ගැලපෙන රන්ජන්වගේම කෙනෙක් බව කොමෙන්ට් එකෙන්ම පැහැදිලී.

:       799       9

lankaThursday, 23 January 2020 08:14 PM

මෙතුමාත් උසස්වීමක් පස්සේ යනවා වගේ මට පෙන්නේ. දැන් නම් කාවවත් විශ්වාස නැහැ .

:       0       29

ඒකනායක Thursday, 23 January 2020 11:16 AM

රන්ජන් රාමනායක ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමක්.. වගකිවයුතු පුද්ගලයින් විසින් කළ යුතුය. රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් දූෂකයන් හෙලිකර ගැනීමට ජීවිතය පවා අවධානමක් ගෙන ක්‍රියාකර ඇතිනිසා ඔහුගේ ආරක්ෂාව පිළිබඳව දැනට වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි. කුඩු මාෆියා නායකයින් පිටත්, ඇතුළෙත් සිටිනා නිසා ආරක්ෂාව වැඩිකළ යුතුයි.

:       13       393

Nimal Thursday, 23 January 2020 07:11 AM

රන්ජා කාගේ කාගේත් කබඩ්ස් ටික ඇරෙන්න සැලැස්සුවා. දැන් ඉතින් ඒවායේ තියෙන ඇට සැකිලි පෙනෙන්න පටන් ගත්තු නිසා කබඩ්ස් ටික වහලා දාන එක ඇගට ගුණයි කියාලා හිතෙන්න ඇති.

:       1       914

ලසන්තThursday, 23 January 2020 08:17 AM

අර හඬපට එළියට සළුපට අහසට කියපු කෙනා දැන් නිහඬ ඇයි?

:       1       350

BamunuarachchiThursday, 23 January 2020 10:23 AM

දැන් කේස් එක අධිකරණයට ගිහිල්ලා නිසා. එ්ක තේරුම් ගන්න බැහැ.

:       216       1

AnandaRThursday, 23 January 2020 11:38 AM

එයා පෙනෙන්න නැත්තේ මොනවද ගෑවිලා... හෝදන්න ගිහින් වෙන්නැති...

:       0       171

NuwanThursday, 23 January 2020 12:32 PM

ආ එයා ෆාර්මසියට ගිහින් පෙති වගයක් ගේන්න!

:       0       231

ලසන්තFriday, 24 January 2020 03:32 AM

අපි හිතුවේ වෙන ඩීල් එලියට ආපු නිසා කියලා.

:       63       0

beau Thursday, 23 January 2020 07:17 AM

ඒ මොකද? යන්න බයද කටින්ම අහුවෙයි කියල?

:       684       190

athuraThursday, 23 January 2020 07:58 AM

හරියට නිවුස් එක කියවලා අදහස දැම්මා නම් ඔහොම අදහස් දාන්නේ නැහැ.

:       37       272

AnandaRThursday, 23 January 2020 08:58 AM

මේ සිංහල වචන ටික කියවලා තේරුම් ගන්න බැරි අයත් ඉන්නවනේ. කණගාටුයි.

:       0       282

athuraThursday, 23 January 2020 10:11 AM

ඡන්දෙ පාවිච්චි කරන බහුතරය ඔහොම තමයි.

:       0       210

විමුක්ති Thursday, 23 January 2020 05:12 PM

මෙයත් අර 69න් කෙනෙක්. හෙඩ්ලයින් එක විතරයි කියවන්නේ නිව්ස් එක කියවන්නේ නෑ. කියෙව්වත් තේරැම් ගන්නත් බෑ. ඉතින් තේරැම් ගත්ත ටිකෙන් ඔහේ දොඩවනවා. දෙවියන්ගෙම පිහිටයි රටට.

:       1       142

wije Thursday, 23 January 2020 07:31 AM

අපි නම් ඕක ඔහොම වෙනවා කියලා දැනගත්තේ 21වෙනිද රන්ජන් පාර්ලිමේන්තුවේ කල කතාව අහපු වෙලාවේමයි. කාගේ කාගේත් වෙස්මුහුණු ගැලවෙන නිසා වැඩේ අතරමග නැවතුණා. තව වැඩි දවසක් යන්න කලින් රන්ජන් නිදහස් වෙනවා කියන එකත් අපි නම් දන්නවා. රන්ජන් පාර්ලිමේන්තුව්දී අභියෝග කළා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් නඩු දාන්න කියලා. කෝ අර මාධ්‍ය ඉස්සරහට ඇවිත් බොරුවට කාර්ඩ්බෝඩ් වීරයින් වගේ කෑගහන කට්ටිය. දැන් එයාලා කෑගහන්න ඕනෑ රන්ජන්ගේ හඩ පරීක්ෂණය නැවත්වීමට එරෙහිවයි. මේ හැමදෙයක්ම බඩ ගෝස්තරවාදී දේශපාලුවන් කරන තුප්පහි වැඩ. අපේ රටේ තරම් දුෂිත දේශපාලුවන් ඉන්න රටක් ලෝකයේ කොහෙවත්ම නැතුව ඇති. උල්කාපාතයක් පාර්ලිමේන්තුවට කඩාගෙන පාත්වෙලා හරි කමක් නැහැ අනේ මුන් සේරම ටික මකබෑවිලම යන්න ඕනෑ. කොහොම වුණත් රන්ජන් වීරයෙක් වෙන එක නවත්වන්න දැන්නම් කාටවත්ම බැරිවේවි...!!! 

:       1       2296

MaheeThursday, 23 January 2020 01:53 PM

විජේ, කියන්න ඕන දේ ඔබ හරියටම කියලා තියෙනවා. ආණ්ඩුවේ ලොක්කෝ නොහිතපු පැත්තකට රන්ජා මිනිස්සුන්ගේ ඔළුගෙඩි ටික හැරෙව්වා විතරයි දැන් කට්ටිය තක්බීර් වෙලා. මම කිව්වෙත් ඒකයි, මම දිවුලපිටියේ, මගේ ඡන්දෙ රන්ජටයි කියලා. අපි දැක්කා රන්ජා පස් මුදලාලිලාට රිදෙන්න දුන්නු හැටි. අම්මපා, අර කියපු උල්කාපාතේ රන්ජා නැතිවෙලාවකට ඔතෙන්ට පාත්වෙන්න බැරිද?

:       1       288

Praba Thursday, 23 January 2020 07:31 AM

අපි අප ගැන හිනාවෙමු. අපි අප ගැන හඬා වැටෙමු. අපේ මව් රටේ පුරවැසියන් ලෙස අපට කිසිඳු වටිනාකමක් නැත. නායක කාරකාදීන් සදා දිනේවා...!!!

:       2       146

ලුම්බිණි Thursday, 23 January 2020 07:34 AM

වැඩේ පොඩ්ඩක් කචල් වගේ නේද?

:       0       263

sumithThursday, 23 January 2020 08:39 AM

පොඩ්ඩක් කචල්, මොන පොඩ්ඩක්ද? හොඳටම කචල්...

:       1       145

sam Thursday, 23 January 2020 07:39 AM

මෙතුවක් කල් මාධ්‍ය මගින් ලොකු ප්‍රචාරයක් දුන්නේ පුද්ගලයෙකු වශයෙන් රන්ජන්ව හා පසුගිය රජයේ දේශපාලකයින් හෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම් විවේචනයට ලක්කල හැකි හඬපට වලට පමණයි. නමුත් මේවා උසාවි ගෙනිච්චාම කාගේ කාගේත් කෙරුවාවන් එළියට ඒවි. ඒ වුණාට එයාගේ බිරිඳගේ සළුපට එයා හැර වෙනත් අයත් ගලවලා තියන බව හඬපට වලින් එළිවුණාම දැන් උන්නැහේ ඉන්නවද? නැද්ද? කියලවත් හොයාගන්න බැහැ.

:       114       2537

Raigamaya Thursday, 23 January 2020 11:31 AM

ආණ්ඩුව පාණ්ඩුව වුණ ඉක්මන! අනේ අනේ. දැන් ඉතින් ආණ්ඩුවට රන්ජන්ගේ පිහිටයි. වැඩකරන විරුවා කෝ ඉතින්...? රට අනාථ වෙලා ජනතාවට පිදුරු, තණකොළ සහ පුන්නක්කු... දැන් ආණ්ඩුවක් තියනවද රටේ?

:       106       422

ලසන්ත Thursday, 23 January 2020 08:10 AM

අපොයි වෙච්චි දෙයක්! එළවළු, ලූණු, හාල්මිල ටිකක් බහිනකන් වත් මේක අල්ලං යන්න බැරි වුණානේ...

:       611       706

ananda Thursday, 23 January 2020 08:18 AM

රන්ජන්ගේ පාර්ලිමේන්තු කතාවෙන් පස්සේ සෑහෙන දෙනෙක්ගේ ඇඳුමේම මලපහ වෙලා ඇති.. කාලෙන් කාලෙට එන මෙහෙමත් නාටක... මෝඩයින් ඉන්න රටේ අමුතු දෙයක් නොවේ.

:       0       183

don jim kuru Thursday, 23 January 2020 08:18 AM

වැඩේ හොඳටම අවුල් වගේ. පනින්න පෙර සිතා බලනු..

:       0       57

BamunuarachchiThursday, 23 January 2020 10:29 AM

මේ ගොල්ලෝ කලේ නටා බලන එකයි. ඇමරිකන් ෆික්ෂන් වලට අනුව නම් මේ වනවිට හඬපට කාරයා කොන්ක්‍රීට් බැරල් එකක් තුල මුහුද මැද...

:       48       11

ලසන්ත Thursday, 23 January 2020 08:22 AM

"නැවත දැනුම්දෙන තුරු" කියන්නේ මහමැතිවරණය අවසන් වන තුරු නේද? අපි නොදන්න මහෙස්ත්‍රාත්ලා, දිසාවිනිසුරුවරුන්ලා...

:       1       320

wije Thursday, 23 January 2020 08:24 AM

තව දෙයක්... මේ රටේ ආණ්ඩුව හඬපට පස්සේ එළවනවා. විපක්ෂය තමන්ගේ නායකයා කවුද කියලා තෝරාගන්න බැරුව කුලල් කාගන්නවා. ජනතාවගේ ප්‍රශ්න එහෙම්මයි. මෙහෙම වුණාම ඉතින් ජනතාවට දෙවියන්ගේම පිහිට තමයි..

:       1       69

Asanga Thursday, 23 January 2020 08:46 AM

ඔවුන් දැන් ඔක්කොම හංගන්න බලයි. මොකද කාගෙ කාගේත් කෙරුවාවල් එළියට ඇවිල්ලා තියෙන්නේ... කෝ රටේ නීතිය..?

:       0       264

kap Thursday, 23 January 2020 09:14 AM

බමුණෝ , ඔයා කෝ? ඔයාගේ කෝල්ස් තියෙනවද රන්ජා එක්ක...?

:       0       119

BamunuarachchiThursday, 23 January 2020 10:25 AM

ඔව් ඔව් මොකද එයා රිමාන්ඩ් නිසා ඉතුරු වැඩටික මට බාරදෙන්න කිව්වා. මම ටේප් නොකර බබාලත් එක්ක වැඩටික කරගන්නම් කීවා...

:       1       1

samareThursday, 23 January 2020 11:09 AM

බමුණාගේ කෝල්ස් තියෙන්නේ මදමුලන කට්ටියත් එක්ක. මොකද මිනිහා ඒ මාෆියා එකේ වහලෙක්නේ...

:       68       332

Warnakulasuriya Thursday, 23 January 2020 11:34 AM

බමුණෝ ඔය දෙකේ, ප⁣හේ පොරවල් එක්ක ගනුදෙනු නැහැනේ. "ඔව් සර්.." අපේ සර්.."වගේ කියන්න පුළුවන් තද පොරවල් එක්ක විතරයි කතා තියෙන්නේ. රන්ජාට බිම් අඟලක්වත් තියෙන කෙනෙක්ද?

:       0       40

BamunuarachchiFriday, 24 January 2020 03:12 AM

1982 කාලයේම මට ඇමෙරිකන් අය ඉගැන්නුවා කාටවත් සර් කියන්න එපා කෙලින්ම් නමකියන්න කියලා එත් මම මිස්ටර් කියනවා හැබැයි පුතෝ සර් කියන්නේ නැහැ. ඩික්ෂනරියේ හැටිය සර් කියන වචන පිරිමියෙක් අමතන බොහොම පොලයිට් වචනයක් නමුත් ලංකාවේ ගොයියන්ට එක සුදුසු නැතැයි මගේ ආකල්පයයි. හැබැයි උපහාසයෙන් කතා කරන විට කාට හරි සර් කියනවා. මම පිළිගත් දේපාලන මතයක සිටීම වහල් කමක් නම් එය සතුටින් බාර ගන්නවා.

:       4       0

athuraFriday, 24 January 2020 04:48 AM

ඒ කියන්නෙ බමුණුත් ඇමරිකන් කාරයෙක්ද.

:       0       0

Mahesh Thursday, 23 January 2020 09:15 AM

නීතිය නැව්වා වත්ද? එයාගේ ටේප් තියෙන නිසා...

:       0       29

kamal Thursday, 23 January 2020 09:37 AM

ඇප ලැබිලා එලියට ආපු ගමන් දැක ගත හැකි වෙයි.

:       0       13

Chuti Thursday, 23 January 2020 09:57 AM

මට නම් බය රංජන්ට මොකක් හරි අනතුරක් වෙයිද කියලයි

:       1       150

Nandalal DE SILVA - FranceThursday, 23 January 2020 06:48 PM

අපේ ශ්‍රී ලංකාවේ අනතුරු නිකම්ම නිකම් සිදු වෙන්නේ නැහැ. සංවිධානාත්මකව, කිරි ගහට ඇන්නා වගේ කරන අනතුරු අපේ රටේ ඉතිහාස පොතේ ලියවී තිබෙනවා... හිටි ගමන් සමහර ප්‍රසිද්ධ ක්‍රීඩකයින් පවා මෝටර් රිය අනතුරින් මිය යනවා. හේතුව පොලිසිය හෝ උඩ ඉන්නා දෙවියන්වත් දන්නේ නැහැ. ඒකට තමා "සකල සිරින් පිරි සිරි ලංකාව" කියන්නේ. ඉන්දියන් සාගරයේ (අ) මුතු ඇටය කියන්නේ ... කොහොම උනත් රන්ජන් මැති සබයේදී කල කතාවට කටේ මසුරන් දමන්න වටිනවා.

:       0       11

ගල්කටස් Thursday, 23 January 2020 10:02 AM

අර රන්ජන්ගේ ලොකර්වල තියෙන බව කිව්ව එවාත් අරන් තමා හඬ පරීක්ෂණය කළ යුත්තේ.. බයවෙන්න එපා...

:       0       15

LANKA Thursday, 23 January 2020 10:24 AM

බලමුකෝ මොනවද වෙන්නේ කියා..?

:       0       0

KANDEPOLA Thursday, 23 January 2020 10:36 AM

නිදහසෙන් පසු ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සිටි එකම අවංක, නිහතමානී දේශපාලනඥයා 'රන්ජන් රාමනායක'.

:       8       328

Bishan Thursday, 23 January 2020 10:40 AM

බත්කන හරක්ට ඕවා තේරෙන්නේ නෑ. මොකද නෙළුම ඔලුවේ පිපිලානේ තියෙන්නේ...

:       0       221

රවින් Thursday, 23 January 2020 10:44 AM

අසව් !! අසව් !!!! හඬපට ඇතැයි සිතන ඕනෙම කෙනෙකුට, අවුරුදු ගණනකට සෑහෙන රෙදි සෝදන කුඩු හෝ දියර නොමිලේ ලබාදෙන්න පාර්ලිමේන්තුවේ පනතක් ගේන්න යනවලු. ලෝකේ තියෙන රෙදි සොදන යන්ත්‍ර නිෂ්පාදකයින්ගෙන් පාර්ලිමේන්තු ලොබිය පිරි ඉතිරී යනවාලු.

:       0       11

sunil Thursday, 23 January 2020 12:34 PM

රන්ජන් කිසිදිනක ඔය හඬපට නිකුත් කරන්නේ නැහැ. එසේ කළොත් ඔහුට යන එන මං නැතිවෙන බව ඔහු හොඳට දනී. දැන් වෙන්නේ රන්ජන් පාර්ලිමේන්තුවේ සිටින අනිත් හොරුරකින අතර, ඒ හොරු රන්ජන් රැකීම පමණයි. රන්ජන් දැන් දඟලන්නේ තමන්ගේ ගැලවීමට පමණක් වන අතර, ඔහු සැබෑ ජනහිතවාදියෙක් නොවේ.

:       247       10

කපුරු හාමි Thursday, 23 January 2020 01:41 PM

සිංගප්පූරුවෙන් ගේනවා කියපු උපකරණ තවම ලැබිලා නැතුවා වගේ.

:       0       3

විජිත් Thursday, 23 January 2020 10:54 PM

උපකරණ රෙඩි. නමුත් කොමිස් එක පිලිබඳ ප්‍රශ්නයක්ලු. අපේ නරුම ගෝත්‍රික දේශපාලුවන්ට වැසිකිලියට යන්නත් කොමිස් ඕනනේ. මගේ පාසල් මිතුරා රන්ජෝ, ඩබල් සැලියුට් !! රන්ජා විතරක් නොවෙයි අපේ රටේ හැම දෙනාම මේ රෙකෝඩින් වැඩේ ( නිත්‍යානුකුල නැතත්.. කෙසේ වෙතත් ලංකාවේ කීයෙන් කීයද නිත්‍යානුකුලව වෙන්නේ..) පටන් ගත්තොත් දුෂිතයින් වැඩි ගණනක් අධිකරණයට ( පිරිසිදුනම් පමණයි ) පමුණුවා දඬුවම් දීමට හැකිවේවි.

:       0       106

සංජීව Thursday, 23 January 2020 05:32 PM

මේක මහ පුදුම වැඩක්නේ. මොනවද මේ රටේ දැන් වෙන්නේ? අර මහ ඉහළින් කෑගැහුව මහබැංකු හොරකමේ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් ඉදිරිපත් කරන්න එපා කියලා නියෝග එනවා, දැන් රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම ඒවා සභාගත කරන්න අවශ්‍ය නැහැ කියලා නියෝග එනවා. ඇයි මේවා ජනතාවගෙන් හංගන්නේ?

:       0       58

lanka Thursday, 23 January 2020 08:21 PM

එළියේ ඉන්න ඕන කෙනා ඇතුලේ. ඇතුලේ ඉන්න ඕන 224 ක් එළියේ.

:       1       1

Bamunuarachchi Friday, 24 January 2020 03:29 AM

Warnakulasuriya, රන්ජන්ගේ වත්කම ගැන අපි කතා කොරන්නේ නැහැ කෙනෙකුගේ චරිතය දූෂනවලින්ම පිරිලා නැත. කොතනක හෝ හොඳ පොඩ්ඩක් ඇත. එසේම හොඳ ක්‍රීයා වලින්ම පිරිලාද නැත.

:       0       0

sugath Friday, 24 January 2020 10:53 AM

මොහු මේ තරම් ජනතා හිතවාදියෙක් නම්, ඇයි ඔයා කියන හඬපට තවමත් පාර්ලිමේන්තුවේ සභාගත කරන්නේ නැත්තේ? රන්ජන්ගේ තියෙන්නේ නිකම් කුණුහරප සද්දේ විතරයි. මෙයා 225න් තව කෙනෙක් විතරයි.

:       0       1

kamaniSaturday, 25 January 2020 06:52 PM

මම හිතන්නේ ඔය හඬපට යූ ටියුබ් එකට දමාවි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පටිවල මොනවද තියෙන්නේ කියලා මහජනයාට දැනගන්නත් පුළුවනි. නොවන්නත් පුළුවනි. ඒ නිසා මුළු ලෝකෙටම පෙනෙන්න, ඇහෙන්න යූටියුබ් එකට දමාවි...

:       0       0

sapumal Saturday, 25 January 2020 03:07 AM

මේකත් අධිකරණයට බලපෑම් කිරීමක් වගේ තමයි මට නම් පේන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 116 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 377 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 200 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 137 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 215 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2203 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 209 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site