IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නැවත අගමැතිකම ලබාගත්තේ දෙමළ ජාතික සන්ධානයත් එක්ක එකඟතාවක් අනුවයි

(මුදිත දයානන්ද)

 
රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට නැවත අගමැතිකම ලබාගන්න දෙමළ ජාතික සන්ධානය සහය දුන්නේ ඔවුන් අතර ඇති කරගත් එකඟතාවයකට අනුව බව සුමන්තිරන්ලා කැබිනට් මණ්ඩලය ගැන උතුරේදී කරන ප‍්‍රකාශ අනුව පැහැදිලි වෙනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (16) පැවසීය.

          විරවංශ මහතා මෙසේ පැවසූයේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
 
එහිදි තවදුරටත් අදහස් දැක්වු වීරවංශ මහතා මෙසේද පැවසීය.

          දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් හා මාවේයි සේනාධිරාජා මන්ත‍්‍රීවරු දෙන්නා උතුරේ ස්ථාන දෙකකදි වෙන වෙනම කළ ප‍්‍රකාශ දෙකක් අද පුවත්පතක පළවී තිබෙනවා. ඔවුන් දෙදෙනාම කියනවා එයාලගෙන් අහන්නේ නැතිව කැබිනට් මණ්ඩලයට තීන්දු ගන්න බැහැ කියලා. එක්සත් ජාතික පක්ෂයට නැවත බලය ගන්න සහය දීමේදි ඇති කරගත් එකගතාවයන් තමයි මේ එළියට එන්නේ.

          සුමන්තිරන්ලා මේ කරන ප‍්‍රකාශ ගැන අපිට අදහස් ගන්න පුලූවන් ඇමති මණ්ඩලය පත් කළ ආකාරය දිහා බැලූවාමත්. කලින් තිබුණ ආණ්ඩුවේ උතුර සංවර්ධන ඇමතිකම දුන්නේ ස්වාමිනාදන් මහත්තයාටයි. ඒ වෙලාවෙන් දෙමළ ජාතික සන්ධානය කියලා තිබුණා ඇමතිකම ඔයා තියාගන්න ඒත් උතුරේ වැඩ කරන්නේ අපි කියලා. ඒකට එතුමා ඒතරම් එකගතාවයක් දක්වා තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ වතාවේ ඇමතිකම් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තමන් යටතේ තිබෙන ඇමතිකම් ගොන්න අතරට උතුර සංවර්ධන ඇමතිකමත් ගත්තේ.

 

ඒකට මුදල් වෙන් කළාට වැඩ කරන්නේ දෙමළ ජාතික සන්ධානය. ඔවුන්ගේ උවමනාව ඉටු කරන්න තමයි මේ විදිහට කරන්නේ.

          පහුගිය දවස්වල ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ලියවිල්ලක් දැම්මා. මේක ව්‍යවස්ථා කෙටුම්පතක් කියලා සුමන්දිරන් උතුරේදී කියා තිබෙනවා. රනිල් මහත්තයා කොළඹදී කියනවා ඒක කෙටුම්පතක් වත් නෙවෙයි කියලා. අපි කියන්නේ මේ තමයි ෆෙඩරල් ව්‍යවස්ථා මුට්ටිය. මුට්ටයට රිදෙන්න ගැහුවේ නැත්නම් ඊළග ප‍්‍රතිපලය පිටිපස්සෙන් එනවා. මේකේ තියෙනවා ඉඩම් බලතල, පොලිස් බලතල, 
 

අධිකරණ බලතල ඉල්ලලා. ඒවා හැම පළාතකටම ඉල්ලන්නේ උතුරට දෙන්න  ඕන නිසා මිසක් අනෙක් පළාත්වලට අවශ්‍ය නිසා නෙවෙයි. දැන් මහාසංඝරත්නයට කියන්න  ඕන දේවල් ටික දඹර අමිල හිමි ලවා කියවන්න පටන් අරන්. දැන් උන්වහන්සේ මහානායක හිමිවරුන්ටත් තර්ජනය කරන තත්ත්වයට පත්වෙලා. මේ තමන්ට ලැබෙන සන්තෝෂම් වලට  තමයි කෑ ගහන්නේ. ඒ අය මොනවා කිව්වත් මේ රට බෙදන්න ඉඩ දෙන්න අපිට බැහැ. අපි මේ ව්‍යවස්ථා උගුල පරාජයට පත් කළ යුතුයි.

 



අදහස් (40)

නැවත අගමැතිකම ලබාගත්තේ දෙමළ ජාතික සන්ධානයත් එක්ක එකඟතාවක් අනුවයි

sirimal Wednesday, 16 January 2019 11:55 AM

මෙතුමාට වැළඳිලා තියෙන තමන්ට අවාසි වෙන ඕනෑම දේකට කොරහේ කිඹුල්ලු දකින අසනීපය එන්න එන්නම අසාධ්‍ය වන බවයි පෙනෙන්නේ...

:       952       1420

ධනුෂ්කWednesday, 16 January 2019 02:11 PM

නාමල් මහතා දෙමළ සිරකරුවන් නිදහස් කරන්න උදව් කරනවා කියලා උතුරේ ගිහින් පොරොන්දු වෙලා තියනවා. මෙතුමා සහා මෙතන බොරුවට රට ගැන බොරු මවන්නන් හා ඊට රැවටෙන්නන් එ්ක දැක්කද දන්නෑ. පහු ගිය ටිකේ මෙයලා වැසිකිලි වලවල් වලට බැහැලා නාගෙන අැවිත් දැන්. එ්වා අනික් අයගේ තවරන ගමන්. සුදනෝ වෙන්න හදනවා...

:       221       422

BamunuarachchiFriday, 18 January 2019 04:19 PM

නාමල්, දෙමළ සිරකරුවන් නිදහස් කරනවා කියන්න නාමල් කවුද? නාමල් දෙන පොරොන්දු කොහේ වලංගු ඒවාද? ඒවා පිළිගන්නේ කව්ද?

:       0       0

Kumara Wednesday, 16 January 2019 12:03 PM

දැන්වත් ඔය ජාතිවාදී, බඩගෝස්තර වාදී දේශපාලනය නවතලා අනාගතේ අපේ දරුවන්ට එකමුතුව, සාමකාමීව ලබාදෙන්නයි තියෙන්නේ...

:       524       737

BamunuarachchiThursday, 17 January 2019 12:22 AM

අපට තිබෙන එකම රට ගැන හිතන්න. රටේ ඉතිහාසය දන්නවානම් දුටුගැමුණු කුමාරයා ඇඳේ වකුටුවී නිදියාගෙන කීවදේ සිහිපත් කරන්න.

:       7       42

sena Wednesday, 16 January 2019 12:06 PM

කට පරිස්සමෙන්! වැඩිය කෑගැහැව්වොත් ඔයාලා දෙන්න පොරොන්දු වෙච්ච එව්වා එළිකරනවා කියලා දෙමල සංධානය කිව්වා නේද?

:       110       410

indikaThursday, 17 January 2019 03:40 AM

සේන, දෙමල සන්ධානයට පිස්සුද මහින්ද වැඩියෙන් දෙන්න හදනකොට අපෝ අපිට එච්චර එපා, රනිල් දෙන ගානට තිබුනම ඇති කියලා කියන්න!!

:       55       86

senaThursday, 17 January 2019 06:50 AM

ඉන්දිකා, එයාලාට ඒ කට්ටිය ගැන විස්වාසයක් නැති නිසා සහයෝගය දුන්නේ නැහැ කියන එකයි ඒ දවස් වල ප්‍රවෘතිවල තිබුනේ - සිංහලයාට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සති දෙකයි කියන එක ඇත්තක් වගෙයි මට පෙන්නේ.

:       0       86

BamunuarachchiFriday, 18 January 2019 07:37 AM

ඔබට සිංහලයින්ට වඩා කාලයක් මතක තිබෙන්නේ ඔබ සිනහලයකු නොවන නිසාද?

:       1       0

Nandalal DE SILVA - France Wednesday, 16 January 2019 12:14 PM

ටිල්වින් සිල්වා සහෝදරයාගේ දේශපාලන කෘතිය හොරකම් කරලා තුන්මුල්ලේ විමලේ "පොතක්" කියා මගුලක් එළිදක්වා එමගින් පොහොසත් වී, රුපියල් කෝටියක් පැරණි සගයාට ගෙවීමට තිබෙන අතරේ, පෙට්ටි කඩෙන් අමාත්‍යංශයට ඇතුල්වී අසරණ බදු ගෙවන්නාගේ මුදලින් කෝටි ගණන් පිල්ලි ඇරලා ධනවත් වුණා කියා නීතිය ඉදිරියේ වෙව්ලන විමලේ දැන් එයාගේ කතා පෙට්ටිය යලිත් ඇරලා වගෙයි!!! මොකක් හෝ අදාල ඇති හෝ නැති කතාවක් ගොතා මහජන අවධානය එයාගෙන් ඈත් කිරීමට මේ මිනිහා අති දක්ෂයෙක් බව මීට පෙරත් මොහුගේ ජාතික හැඳුනුම්, පාස්පෝර්ට් වංචා වලදී මුළු රටම සක්සුදක් මෙන් දැක ඇත... විමලේ රඟපාන මීලග ජවනිකාව කුමක්ද කියා මුළු රටම බලා සිටිනවා.

:       340       554

Sapumal. Wednesday, 16 January 2019 12:48 PM

හරි මෙයාගේ අදහසට හා දැනීමේ ප්‍රමාණයට මෙයා හරි කියා අපි දැනට උපකල්පනය කරමුකෝ. මෙයා කියන විදිහටම දෙමළ මිනිස්සුත් වැරදියි කියමුකෝ. ඒත් මෙයාලා නිවැරදිද? මෙයාලා තරම් තවත් අය රටේ සිටිනවාද? තමන්ගේ හෙළුව පේන්නේ නැති මේ මිනිස්සු අනුන්නේ හෙලුවට හූ කියනවා. ගල් ගහනවා. අනේ!!! රටකට ගිය කළ... පළමුව තමා හැදෙන්න. පසුව අනුන් සහ රට හදන්න. සිදුවිය යුත්තේ එයයි.

:       175       439

prabha Wednesday, 16 January 2019 12:59 PM

ඔය ඔක්කොටම ඉස්සෙල්ලා වත්කම ප්‍රකාශ කරලා ඉමුද?

:       32       427

බැංකු සුද්දා... Wednesday, 16 January 2019 01:11 PM

කෝ බලන්න තමන්ගේ ළමයි පාසල්වලට දාන..? හොර ලිපිලේඛන හදපු නැති දෙම්ව්පියන් අත උස්සන්න. බැංකු කඩලා නෑ වගේ ඉන්නවා. හොර ගෙඩියා.

:       35       220

dasa Wednesday, 16 January 2019 01:15 PM

ආණ්ඩුවේ කටයුතු වලට කරන ටීඑන්ඒ මැදිහත්වීම නොදකින කොළ රතු අලි කමෙන්ට් දාල තියෙන්නේ උඩින්. තවත් මේ කට්ටිය කියන ඔලමොට්ටල කතාවක් තමා ටී.එන්.ඒ මහින්ද එක්ක එකතුවුණා නම් හොඳා යූ.එන්.පී. එකත් එක්ක එකතු වුණාම තමා නරක කියලා. අපි නම් බලය රැකගන්න රටට එරෙහි කොන්දේසිවලට යටත්වෙන එකෙකුටවත් ඡන්දෙ දෙන්නේ නැහැ...

:       297       275

Bamunuarachchi Wednesday, 16 January 2019 01:35 PM

ඔව් එ්ක අපි දන්නවා නොදන්නේ එජාපයින් පමණයි.. රනිල්ට සහතිකයි ඔහුට මැතිවරණයක් දිනන්නට බැරි බව. කරන්න හදන්නේ රට, ජාතිය, ආගම පාවාදී හෝ බලය ලබා ගන්නයි.

:       1032       831

Chanak los angelesWednesday, 16 January 2019 08:21 PM

මොවුන්ගේ කුමන්ත්‍රණ පරාජය වුනාම ගහන්න තිබෙන හොඳම බයිලාව තමයි ජාතිවාදය ඇවිස්සීම .... ජනතාව මේවා තේරුම් අරගෙන ඔය බයිලා නොඇසීම ජාතිවාදීන් ලබන ලොකුම පරාජය.

:       4       10

HRThursday, 17 January 2019 12:02 PM

පුදුමෙ කියන්නෙ මෙයාලට විජයකලාල ප්‍රමුඛ උතුරේ දේශපාලන නඩේ කරන ජාතිවාදී ප්‍රකාශ පේන්නේ නැති එකනේ ..

:       0       7

BamunuarachchiFriday, 18 January 2019 07:33 AM

දුවන්නේ දෙමළ ලේ... එ්කයි.

:       1       0

aseThursday, 17 January 2019 06:06 AM

13 කාගේද ? සුමානයෙන් අමතක උනා නේද ?

:       0       13

Bamunuarachchi Wednesday, 16 January 2019 01:37 PM

නිදහසින් පසු මොන කාලයේද දෙමළුන් බෞද්ධාගමට විරුද්ධව කතා කලේ? දැන් බය නැතිව කතා කරනවා. මොකද දෙමළුන්ට එජාපයින්ගේ සහයෝගය ලැබෙන නිසා...

:       1065       581

ShanThursday, 17 January 2019 05:39 AM

එජාපය කියන්නෙ සිංහල මුස්ලිම් දෙමළ කතෝලික හැම ආගමකටම ගරු කරන පක්ෂයක්. බමුණෝ ජාතිවාදයේ අක් මුල් බැලුවනම් පොහොට්ටුව ඉන්නේ ඉදිරියෙන්ම. මොන තර්ක ගෙනාවත් රටේ හැමෝම දන්නවා ජාතිවාදයට පන පොවන්නේ කව්ද කියලා.

:       44       27

BamunuarachchiThursday, 17 January 2019 11:45 PM

ජාතිය පාවාදෙන්න හැදුවේ කවද කියාත් රට ජාතිය බේරා ගත්තේ කියාත් ඔහෙලා වැනි එජාපයින් නොදන්නවාට රටේ ජනතාව දන්නා බව 18 පෙබරවාරි මස පෙන්වූවා. ඊළඟ චන්දෙදී එජාපයින්ට ඇඳිවතත් නැතිව දුවන්න වෙනවා.

:       1       15

rocky Wednesday, 16 January 2019 01:44 PM

"බුදු අම්මෝ ! මෙන්න රට දෙකට කඩනවෝ! ෆෙඩරල් දෙන්න හදනවෝ!! සිංහලය මලෝ!!

:       74       59

Chanak los angeles Wednesday, 16 January 2019 02:34 PM

රට බෙදන්න දෙන්න බැහැ කියලා රටට ආදරය කරන මිනිහා රටට කරලා තිබෙන වංචා, දූෂණයන් නම් මාරයි ...

:       60       219

නිමල් Wednesday, 16 January 2019 02:44 PM

දැන් එතකොට ටී.එන්.ඒ එක ඔය ගොල්ලන්ගේ පැත්තට 113 හදන්න ඡන්දෙ දෙන්න ආවානම් කොහොමද ඒ ගැන කියන්නේ? එතකොට ඒ ගොල්ලෝ දේශප්‍රේමී නේද?

:       56       329

indikaThursday, 17 January 2019 03:42 AM

TNA සාකච්චා අසාර්ථක උනේ ඒගොල්ලෝ ඉල්ලන දේවල් මහින්ද දෙන්න අකමැති උන නිසානේ!

:       18       35

Pradeep Hertah Wednesday, 16 January 2019 02:46 PM

2015 ඔබ කියපු විදුලිපුටුව දැන් කෝ? අර මහින්ද රාජපක්ෂව යවන කිව්වේ. මේකත් විදුලිපුටුව වගේ අහිංසක, දුප්පත්, නූගත් ජනතාව රවට්ටන්න දාපු බෝලයක් නේද? නැත්නම් උසාවි තීන්දුව අමතක කරන්න දාපු කතාවක්ද?

:       14       224

BamunuarachchiWednesday, 16 January 2019 11:47 PM

මෝඩ එජාපයෝ රනිල් දාන ඕනෙම බෝලයක් ගිලිනවා ඒකයි රට එකතැන පල් වෙන්නේ.

:       11       0

Asiri Wednesday, 16 January 2019 03:31 PM

මෙවැනි පුද්ගලයන්ගේ පුවත් කියවීමද කාලය කා දැමීමක්...

:       33       282

BamunuarachchiThursday, 17 January 2019 02:32 AM

ඇයි වීරවංසගේ කියමනේ වැරද්දක් තිබෙනවාද?

:       17       8

ruby Wednesday, 16 January 2019 10:26 PM

අදහස් දමා ඇති සියලු දෙනාම යම්කිසි පක්ෂයකට කඩේ යනබව ඉතා පහදිලී. රට ගැන හිතන කිසිම කෙනෙක් නැත. ලංකාවේ අවසානය සෝමාලියාවතත් අන්ත බව පෙනේ. පක්ෂ දෙකට සම්මබන්ධ කට්ටියට මගේ අදහස් දැක කුපිත වෙලා මට බැනල අදහස් දමන බව මම දනිමි.

:       0       2

BamunuarachchiThursday, 17 January 2019 03:49 PM

බනින බව කලින් දන්නේ තමන් දන්නවා කරන්නේ සිංහල ජාතියට විරුද්ද ප්‍රකාශයක් බව. දෙමල්ලු දෙමල්ලු හැටියට හිතනවා නම් ඇයි සිංහලයින්ට සිංහලයින් හැටියට හිතන්න බැරි. දෙමළුන් රටින් කෑල්ලක් ඉල්ලීම ඉඩම් බලතල ඉල්ලීම කොටින්ම ෆෙඩරල් ඉල්ලීම දෙමල ජාතිවාදය නොවෙයි නම් සිංහලයින් හැටියට සිංහල අපෙ රටින් එහෙම දෙන්න බැහැයි කියන එක කියන එක සමහර සිංහල පුලට පෙනෙන්නේ ජාතිවාදය හැටියට.

:       1       25

san Wednesday, 16 January 2019 10:48 PM

මෙවා පොදු බහුතරය දරන මත නෙමේ.

:       0       3

Chanak los angeles Thursday, 17 January 2019 01:44 AM

මොහු හිතුවා මොහුගේ ලොක්කා පස්ස දොරෙන් රිංගලා අගමැති තනතුර හොරකම් කලාම ගොඩගියා තමයි කියා .. මොවුන් ඔක්කොම දැන් දේශපාලන බිමේ අනාථයෝ

:       0       13

ත්‍රස්තයා Thursday, 17 January 2019 02:12 AM

මේ වගේ අය නිසා අද ජනතාවට දේශපාලුවෝ පෙන්නන්න බැහැ. හිරිකිතයි . ලැජ්ජාවක් කියන එකක් දන්නෙත් නැහැ. එක පාරක් ඡන්දෙ දින්නේ කාට පගාව දීලද ? ඒකෙන් වුන විනාසය සුළුපටු නෙමේ. දෙමල සන්ධානය ගන්න බැරි වුන තැන ආයේ ජාතිවාදය. මොනවා කියනවද මේ.

:       0       15

amali Thursday, 17 January 2019 03:20 AM

මෙතන ප්‍රශ්නේ තියෙන්නේ විමල් කියන දේට කමෙන්ට්ස් දාන කිසි කෙනෙක්ට සුමන්දිරම් කියන දේවල් ඇහිලා නැහැනේ

:       15       109

Rohana Thursday, 17 January 2019 06:16 AM

ඔව් ඉතින් ඔයාලා තමයි සැබෑ දේශප්‍රේමියෝ. මොන වැඩේ කරන්න ගියත් රට බෙදනවෝ කියලා මරහඬ තලන්න විතරයි දන්නේ.

:       0       7

මායිමේ banda Thursday, 17 January 2019 07:58 AM

යන්න.. හොරෙක් බව මුළු ලෝකෙම දන්නවා. ගෑනි හදාගන්නට බැරි එකේ රට හදන්න යනවා. සුදනා වෙන්න යන්නේ හැමවෙලේම...

:       0       0

Jehaan Thursday, 17 January 2019 08:08 AM

ඉස්සෙල්ලා අර පාස්පෝට් ලියකියවිලි නඩු ටික විසඳාගෙන ශීලාචාරව කට ඇරියොත් නරකද ? දේශප්‍රේමී වෙන්න කලින් රටේ සිවිල් නීතියවත් දැන ගන්න ඕන නේද ? නැති නම් ස්වාසිලන්තයේත් දේශප්‍රේමය උතුරායනවා අන්න!

:       0       0

Bamunuarachchi Thursday, 17 January 2019 03:35 PM

"මෙතන ප්‍රශ්නේ තියෙන්නේ විමල් කියන දේටප්‍රතිචාර දාන කිසි කෙනකුට සුමන්දිරම් කියන දේවල් ඇහිලා නැහැනේ" ප්‍රභාකරණට විරුද්දව එක දමිලයෙක් ජිනීවා ගියේ නැත. නමුත් රට බේරා දුන්න රණවිරුවන්ට විරුද්දව සිංහලයන් ජිනීවා ගියේය. එහෙව් සිංහලයන් ඉන්න රටක ඕක පුදුමයක් නොවයි අමාලි?

:       1       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 10 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 37 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 101 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 409 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 175 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 110 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site