IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නැගෙනහිර පළාත් සභාව පාසල් දින දර්ශනය අත්තනෝමතිකව වෙනස් කරලා

(නිමල කොඩිතුවක්කු)

නැගෙනහිර පළාත් සභාව පාසල් දින දර්ශනය අත්තනෝමතිකව වෙනස් කර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

දිවයින පුරා මුස්ලිම් පාසල් 916 ක දෙවන පාසල් වාරය අද (17) වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

එහෙත් නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් 450 අතරින් ජාතික පාසල් පමණක් එදින ආරම්භ වූ අතර නැගෙනහිර පළාත් සභාවට අයත් මුස්ලිම් පාසල් එදින වසා දමා තිබුණි.

මෙය අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කාල සටහන අත්තනෝමතිකව වෙනස් කිරීමක් බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

නැගෙනහිර පළාත් සභාව එම පළාතේ මුස්ලිම් පාසල් පමණක් පාසල් දින දසුනට පටහැනිව අපේ‍්‍රල් 22 දින ආරම්භ කිරීමට තීරණය කර ඇත.

අපේ‍්‍රල් 22 පාසල් ආරම්භ වීම නිසා අපේ‍්‍රල් 27 සහ මැයි 4 සෙනසුරාදා දිනවල හිලව් සැසි පැවැත්වීමට ද නැගෙනහිර පළාත් සභාව තීරණය කර ඇත.

පාසල් වැසීමේ තීරණයක් ගැනීමේ අයිතිය රේඛීය අමාත්‍යාංශය සතුවන බවත්  මේ ආකාර තීරණ ගැනීම තුළ පාසල් පද්ධතියේ බරපතල ව්‍යාකූලත්වයක් පැන නගින බවත් ස්ටාලින් මහතා සඳහන් කරයි.

නැගෙනහිර පළාතේ හැර සෙසු පළාත්වල මුස්ලිම් පාසල් මෙන්ම නැගෙනහිර පළාතේ මුස්ලිම් ජාතික පාසල් අද දෙවන පාසල් වාරය සඳහා ආරම්භ විය.

 

 



අදහස් (6)

නැගෙනහිර පළාත් සභාව පාසල් දින දර්ශනය අත්තනෝමතිකව වෙනස් කරලා

Hafeel Wednesday, 17 April 2019 03:54 PM

පළාත් සභාවට තව තවත් බලය බෙදාහරිමු. පොලීස් ඉඩම් බලතලත් දුන්නොත් මොකද්ද වෙන්නේ?

:       44       107

PerakumThursday, 18 April 2019 07:30 AM

හරියට හරි. තාම පටන්ගත්ත විතරයි.

:       0       6

rasika Wednesday, 17 April 2019 04:14 PM

කොයි රටට ගියත් මෙයාලට ඒ රටවල පවතින සහ මිල බැසගත් නීතියට හෝ සංස්කෘතියට අනුව ජීවත් වෙන්න බැහැ මෙයාල තමයි ප්‍රශ්න හදන කට්ටිය.. ඒ වගේම තමයි උතුරේ ඉන්න සමහර දෙමල මුලධර්මවාදීන්, අනවශ්‍ය දේවල් වලට තම ප්‍රශ්න හදන්නේ.. වරක් වාහන ලියාපදිංචි කරනකොට ඇති ශ්‍රී අකුර අයින් කරන්න කියල රණ්ඩු වුණා.. දැන් ඒකට ඉරක් ගැහුවා දැන් දෙමල ජනයාගේ අයිතීන් ලැබුනද? දැන් උතුරේ දුප්පත්කම හෝ කුල ගැටුම් නැති වුනාද? මේවගේ බොලද වැඩ කරනකම් මිනිසුන්ට දැනෙන සංවර්ධනක් කරන්න බැරි ඇයි හැම පළාත් සභාවකින්ම...

:       588       661

SalindaThursday, 18 April 2019 03:30 AM

ඇත්තෙන්ම මේවගේ ජාතිවාදී දේශපාලන පක්ෂ වලට අවශ්‍යත් ජනතාව සදාකල් දුප්පත්ව තෙරුමක් නැති පොඩි දේවල් වලින් භේද භින්න කර තැබීම තමයි. එවිටයි ඔවුන්ට පැවැත්මක් තියෙන්නෙ. ජනතාවගේ ජීවන තත්වය, අධ්‍යාපනය දියුණු කරන්න ඔවුන් කටයුතු කරන්නෙ නැත්තෙ ඒකයි. මෙය බුද්ධිමත්ව සිතාබලා තෙරුම් නොගන්නා තාක් සාමාන්‍ය ජනතාවට සිද්ධවෙන්නෙ දේශපාලකයන්ගේ වහලුන් වෙලා ඔවුන් වෙනුවෙන් අනවශ්‍ය ගැටුම් වලට මැදි වෙලා දුක් විදින්නයි.

:       0       0

sana Thursday, 18 April 2019 02:59 AM

මෙයාලට අවුල් ගිහින් තියෙන්නේ 22 පටන් ගන්න එකකට නොවේ. සෙනසුරාදා දින දෙකකදී හිලව් සැසි තියෙන එකට.

:       0       0

[email protected] Thursday, 18 April 2019 03:20 AM

හරිනේ ඉතින්. එයාල වෙනමනේ ඉන්නේ. ඉතින් එයාල වෙනම තම තීරණ ගන්නේ. එහෙම නීති වෙනස්. ජෝසප් මහත්තය දන්නේ නැද්ද ඒක ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 85 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 110 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 523 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 431 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 157 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1566 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site