IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නැගෙනහිර පර්යන්තය බදු දෙන්නේ නැතැයි වරාය ඇමැති කියයි

(ඩයනා උදයංගනී)
            
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියට අත්‍යාවශ්‍ය එකක් බවත්, එය ඉන්දියාවට හෝ වෙනත් කිසිඳු රටකට ලබාදීමෙන් වරාය අධිකාරියේ පැවැත්ම පිළිබඳ ගැටලූ ඇතිවිය හැකි බවත් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.


මේ වන විට කොළඹ වරායට පැමිණෙන බොහෝ නෞකා විශාල ඒවා බැවින් නැගෙනහිර පර්යන්තය වැනි ගැඹුරු පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අවශ්‍ය බව කී ඇමැතිවරයා එහි දැනට ඇති ගැඹුරු පර්යන්තය වන සී.අයි.සී.ටී පර්යන්තය පසුගිය රජය සමයේදී වසර 35ක් සඳහා ‘චයිනා මර්චන්ට්’ නැමති චීන සමාගමකට ලබාදී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


එබැවින් මේ වන විට වරාය අධිකාරියට ගැඹුරු පර්යන්තයක අවශ්‍යතාව ඇති නිසා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අනිවාර්යයෙන්ම ඒ යටතේ පවත්වා ගන්නා බව ඇමැතිවරයා කීවේය.


ඉන්දියානු රජය ද කොළඹ වරායේ පර්යන්තයක් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇති නමුත් එම ගිවිසුමෙහි කිසිඳු තැනෙක නැගෙනහිර පර්යන්තය පිළිබඳ සඳහනක් නැතැයි කී අමාත්‍යවරයා ඉදිරියේ දී බටහිර පර්යන්තය සංවර්ධනය කර ඔවුන්ට බදු පදනම යටතේ ලබාදීමේ හැකියාවක් තිබෙන බව ද පැවසීය.


අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
             



අදහස් (2)

නැගෙනහිර පර්යන්තය බදු දෙන්නේ නැතැයි වරාය ඇමැති කියයි

Hafeel Thursday, 18 October 2018 11:13 AM

නැගෙනහිර හෝ බටහිර හෝ වේවා දෙනවනේ. මෙහෙම රටේ සම්පත් එක එක් රටවලට දෙනවනං, මොනවට ඇමති කෙනක් පත් කරන්නොන? ඔය වැඩේ සාමාන්‍ය මට්ටමේ නිලධාරිලාටත් පුළුවන් නේ.

:       0       2

rohana Thursday, 18 October 2018 01:44 PM

නැගෙනහිර හෝ බටහිර අපි මොකටද කාටවත් දෙන්නේ. ඒක කොයි තරම් ලාභ ගන්න පුළුවන් එකක්ද. ඇයි දෙන්න අපි මුළු රටම මේකට නම් විරුද්ද විය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 836 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1880 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2159 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1132 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 301 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2287 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1642 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site