නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කරන රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතා නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතය. හෙට දිනයේ ජනාධිපතිවරයා විසින් ඔහුට පත්වීම් ලිපිය ලබා දෙනු ඇතැයි දැනගන්නට තිබේ.
සින්නයියා මහතා යුද සමයේ එල්ටීටීඊ යුද නැව් විනාශ කිරීමේදී සහ යුද නැව් අත්අඩංගුවට ගැනීමේදී තීරණාත්මක මෙහෙයක් ඉටු කර ඇතැයි නාවික හමුදාවේ ආරංචි මාර්ග කියයි. පසුගිය රජයේ අවසාන කාලයේදී ඔහු දේශපාලන පළිගැනීම්වලට ලක්වූවකු බව ද එම ආරංචි පවසයි.
මාධ්‍යවේදියකුට පහර දුන්නැයි එල්ල වූ චෝදනා නිසා නාවික හමුදාපති විජේගුණරත්න මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ග නොකරන ලෙස ජනමාධ්‍ය සංවිධාන ඉල්ලීමක් කර තිබිණි.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නාවික හමුදාපති ලෙස ට්‍රැවිෂ් සින්නයියා පත් කරන්න යයි
ranavi Thursday, 17 August 2017 07:23 PM
එකටත් කියයිද දන්නේ නෑ දෙමළෙක්ව නාවික හමුදාපති කරලා රට කොටියට දුන්න කියල.
sachith Thursday, 17 August 2017 11:15 PM
අද සිට සමාජ මාද්‍ය වල ජාතිවාදය අවුස්සන පුද්ගලයන්ට හොද පුවතක්. ඔවුන්ට අනුව වෙනත් කිසිම ජාතියකට අයත් පුද්ගලයෙක් මේ රටේ වැදගත් තනතුරකට පත් වෙන්න බෑ.
saman Friday, 18 August 2017 01:13 AM
කඩේ යන්න ගිහින් අන්තිමට තමන්ගේ තනතුරත් නැති කර ගත්ත නේද? ගණන් ගන්න එපා ඔය වගේ මැර වැඩ කරන අයට අද කාලේ හොඳ ඉල්ලුමක් තියනවා ඒක නිසා නොවැරදීම තානාපතිකමක් වත් ලැබෙයි
anura Friday, 18 August 2017 09:32 AM
මාධ්‍යවේදීන්ට ගහපු එකට දඬුවම සේවාකාලය අවසන් වූ පසු සේවා දිගුවක් නොදීමයි. බැංකු වංචාවට දඬුවම සේවාකාලය අවසන් වූ පසු සේවා දිගුවක් නොදීම... අල්ලසක් ගැනීමට දඬුවම පාර්ලිමේන්තුවේ ඉදිරි පෙලෙන් පසුපෙලේට මාරු කිරීම. අපේ රටේ අධිකරණ, පොලිසි තියෙන්නේ මොකටද මන්දා ...
sathyayaa Sunday, 20 August 2017 11:37 PM
මහා බැංකු හොරකමේ හොරාට පාර කපපු පුද්ගලයින් රට කරවන යුගයක අනෙක් අය ගැන කුමන කතාද?
බුද්ධික Friday, 18 August 2017 02:11 AM
ඔන්න සමහරු දැන් මේකටත් කෑ ගහන්ඩ පටන්ගනී දෙමළ ජාතිකයෙකුට නාවික හමුදාපති කම දුන්නා කියලා. කෝ මේ බොදු බලේ? පරක්කුයිනේ
samarageFriday, 18 August 2017 03:58 AM
අනේ බුද්ධික දැන් මෙතන ජාතිවාදයක් අවුස්සන්නේ ඔයාම නේද. නම මන්දබුද්ධික කියලා මාරුකරගත්ත නම් හොඳයි.
බුද්ධික Friday, 18 August 2017 05:12 AM
මන්ද බුද්ධික වැඩ කරන්නේ ඔය බොදු බල කාරයෝ ම තමයි. කෙළින්ම මාධ්‍යයට නොකිව වුණාට ඒගොල්ලන් කතා කරන්නේ ඒ විදිහට. දමිළ ජාතිකයෙක් අගවිනිසුරු වුණාමත් ඔවුන් එහෙම කිව්වා. පස්සේ කතෝලිකයකු අගවිනිසුරු වුණාමත් තැන් තැන්වල දොස් කියන්නේ ඔය බොදු බලේ මන්ද බුද්ධිකයන්ම තමා.
SARAFriday, 18 August 2017 04:12 AM
මන්ද බුද්ධික හැමදේටම සහ ඕන දෙටියි එපා දේටයි බොදු බලේ අල්ලගන්න එපා අනික මේ රටේ මේවගේ හරි ගොඩක් දේවල් රැකිලා තියෙන්නේ මහා සන්ගරත්නය නිසා එක මතක තියාගන්න ඔයාල තමි නිකන් ප්‍රසන ඇති කරන්නේ බොදුබල සේනාව 100% හරි කියනවා නෙමෙඉ , නමුත් යම් දීවල් සත්‍යතාවයක් තියෙනවා එකෙත් ගතයුතු දේවල් තියෙනවා නම බුද්ධික උනාට බුද්ධියක් ඇත්තෙම නැහැ. පොඩ්ඩක් බුද්ධියෙන් වැඩකරන්න
ජයන්ත මිලානෝ Friday, 18 August 2017 04:26 AM
හොඳ ප්රවනතාවක් ජාතිබේද අවශ්‍ය නැ සිංහල ,දෙමළ ,මුස්ලිම් අපි ඔක්කොම රටේ පුරවැසියන් .
rohan Friday, 18 August 2017 04:41 AM
මල බද්දයට හොද මාතෘකාවක් දැන් යයි ලෝකේ වටේ............
rahulFriday, 18 August 2017 06:13 AM
ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ කියන්නේ කොටින් අතින් මරුම්කාපු සිංහල නොවෙන නමුත් සිංහලයන් සමග එකට ජීවත්වුණු කෙනෙක්. ඔහුට රටේ අගමැති වෙන්න තිබුන තැන නැති කරේ සිංහලයන් නෙවෙයි. ඔබේ ඔය කතා ගිහින් කොටින්ට කියන්න. අවාසනාවකට මෙන් මේ රටේ 70% ජනගහනය සිංහල වීම නිසා ඔබට හිතට අමාරුවක් ඇත්නම් ටමිල්නාඩුවට යන්න. එතකොට ඔබටත් මෙහි අඬාවැටෙන අනෙකුත් කොටි හිතවාදීන්ටත් සිංහලයන් නොපෙනී ජීවත් වීමට පුළුවන් වනු ඇත.
boru Friday, 18 August 2017 09:25 AM
සිංහල බෞද්ධයෙක් නිසා කමක් නැහැ.
කුමාර Friday, 18 August 2017 09:38 AM
මෙතන කිසිම මනුස්සයෙක් මෙතුමාගේ ජාතිය ගැන මුකුත් කියල නෑ. නමුත් සිංහලකමට වෛර කරන කට්ටියක් කවුරුවත් නොකිව් දෙයක් ගැන මෙතන ගොඩක් කියවනවා. ඔවුන්ට නුවන පහළවේවා කියල තමයි කියන්න තියෙන්නේ.
CHANDA Friday, 18 August 2017 02:40 PM
අපේ රටේ පසුගිය වසර තිහකට මෙපිට කාලය තුල අපේම රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කල සේවය සමච්චලයට ලක් කරන අසමත් ජාතින් සිටීම ගැන කණගාටු වෙමි.
de silva berlin Saturday, 19 August 2017 09:38 PM
රට ජාතියට සේවය කරන ට්රිවිධ හමුධ නිලධාරීන්ට උසස් වීම් දීමේදී , ඔවුන්ගේ ජාති ආගම, කුල -මල , පක්ෂේ වැනි සාධක සලක බලන්න අවශ්‍ය නැහැ , අනිත් කරණය තානාපති සේවයේ කිසිම අත්දැකීමක් නැති පුද්ගලයන් තානාපති වරුන් වශයෙන් පත්කලහම ඔවුන් එම විෂය ගැන කිසිම දැනුමක් නැති නිසා ඔවුන්ට නිසි සේවයක් රටට කරන්න නොලැබීමෙන් රටට සිධුවන පාඩුව කියා නිම කල නොහැක , ඇමෙරිකාව , එංගලන්තය , ජර්මනිය වැනි රටවල් අඩුම තරමේ අවරුදු 20 වත් විදේශ සේවයේ පළපුරුද්දක් නැති කෙනෙක් තානාපති කෙනෙක් වශයෙන් පත්කරන්නේ නැහැ .එම රටවල තානාපති සේවයට ඇතුල්වෙන්න එම සේවය සම්බන්ධ ව විශ්වවිද්‍යාලයක උපාධියක් සම්පුර්ණ කර තිබිය යුතුය , එම රටවල් ආණ්ඩු මාරු වුන කියල තානාපතිවරු මාරු කරන්නේ නැහැ , ඔවුන් රජයේ සේවකයන් ,විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් , උසස පෙළවත් සමත් නැති පරණ දේශපාලකයන් සහ රටේ පාලකයන්ගේ හිතවතුන් වැනි පුද්ගලයන් තානාපති වරුන් වශයෙන් පත්කළ යවන්නේ අපි වගේ තුන්වෙනි ලෝකයේ දුප්පත් රටවල් , මම කල්පනා කල යහපාලන රජය අවට පස්සේ රනිල් වික්‍රම සිංහ මහතා වැනි රට රටවල් වල ඇවිද්ද ලෝකය ගැන යමක් දන්නා උගත් කෙනෙකු , මෙම තත්වය වෙනස් කරවී කියල නමුත් රටේ අවසනාවකට එහෙම වුනේ නැහැ , අපි තවම යන්නේ පරණ ක්‍රමයට ,