IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නාලක සිල්වා සීඅයිඩියෙන් පිටව යයි

ඉන්දිකා රාමනායක

 

ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියට අදාළව  පැය 10කට  ආසන්න කාලයක් ප්‍රශ්න කිරිමට ලක් වු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මීට මද වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවෙන් පිටව ගියේය.

නාලක සිල්වා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ අද (19) පෙනී සිටියේ දෙවැනි වරටය.

පොලිස් මධ්‍යම අවි ගබඩාවේ තිබු එල්.එම්.ජි. වර්ගයේ ගිනි අවි දෙකක් දින දෙකකට පිටතට රැගෙන යාම, ත්‍රස්ත විමර්ශන ඒකකයේ තිබු ස්නයිපර් වර්ගයේ ගිනි අවියක් අතුරුදන් වීම ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රකාශ සටහන් කර ගැණිනි.

ඔහු නැවත තෙවැනි වරටත් සඳුදා (22) යළි කැඳවීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.



අදහස් (3)

නාලක සිල්වා සීඅයිඩියෙන් පිටව යයි

Wasantha Jayasinghe Friday, 19 October 2018 01:58 PM

එතුමාට නීතිය නැවෙනවා වගේ...

:       26       205

සතයපාල Friday, 19 October 2018 02:00 PM

මම මුකුත්ම දන්නේ නැහැ. මට මතක නැහැ. ජනාධිපතිතුමාමයි කුමන්ත්‍රණය කෙරුවේ වගේ කතාද දන්නේ නැහැ මෙයා කිව්වේ..?

:       0       34

Bandula. Monday, 22 October 2018 06:10 AM

නිතිය කොහොමද දන්නේ නම් නැහැ එත්? මේකත් තවත් නාට්ටියක් වගේ, වරදක් කිරීම හෝ වරදක් කිරීමට ලෑස්ති උනානම් අහිංසක ගමේ මිනිහෙක් නම් එයා අද කොහෙද? සැරසුනේ රටේ ජනාධිපතිතුමාව ඝාතනයටනම් මෙයාලට මේ තරම් සැලකිලි මොකද?

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 271 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 553 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 671 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 553 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 159 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1746 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1635 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site