(විජේරත්න රත්නායක)
පසුගියදා ජීවිත හානියක්ද සිදුවූ බදුල්ල නාරංගල කන්ද ආශ්රිත වනාන්තරය රක්ෂිතයක් ලෙස ගැසට් කර සංරක්ෂණය කළයුතු බවට යෝජනාවක් අද (05) සොරණාතොට ප්‍රාදේශීය සභාවේදී සභා සම්මත විය.
මේ සම්බන්ධයෙන් යෝජනාවක් සභාවට ඉදිරිපත් කළ එම ප්‍රාදේශීය සභාවේ එ.ජා.ප. මන්ත්‍රී ප්‍රියන්ත විජිත බණ්ඩාර මහතා, මෙම කන්දට සංචාරකයින් පැමිණීම හේතුවෙන් පසුගියදා එහි සිදුවූ මරණය වැනි අනතුරුවලට අමතරව එම කන්දේ පාමුල පිහිටි ජල පෝෂක ප්‍රදේශ විනාශයට පත්වීම, කඳු මුදුනේ පොලිතින් ප්ලාස්ටික්, වීදුරු බෝතල් හා ටින් වර්ග ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීම, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය හා වෙනත් අපචාර කටයුතු සිදුවීම, වනාන්තරයේ සත්ත්ව හා ශාක ප්‍රජාවට හානි සිදුවීම හා කඳුමුදුනේ කූඩාරම් ගැසීම හා ගිණිමැළ දැල්වීම හේතුවෙන් කඳුමුදුන පාංශුඛාදනයට ලක්වීම වැනි හානි රැසක් සිදුවන බව පෙන්වා දුන්නේය.
එබැවින් සුවිශේෂී වටිනාකම් රැසක් සහිත මෙම වනාන්තරය රක්ෂිතයක් ලෙස ගැසට් කර වනජීවි දෙපාර්තමේන්තුව යටතට පැවරීම සුදුසු බවට යෝජනා කළ ඒ මහතා, ඉන් අනතුරුව විශේෂයෙන් පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, පරිසරවේදීන් වැනි පිරිස්වලට අධ්‍යයන කටයුතු සඳහා පමණක් විශේෂ අවසරයක් හා අධීක්ෂණයක් යටතේ ඊට ඇතුළු වීමට අවසර දිය හැකි බවද පැවසීය.
සභාවේ මන්ත්‍රීවරුන් රැසක් මෙම යෝජනාවට සහයෝගය පලකරමින් අදහස් දැක්වූ අතර ඒකච්ඡන්දයෙන් සම්මත වූ එම යෝජනාව ඉදිරි බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත යොමුකරන බව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපති නදීකා ප්‍රිශාන්ති දිසානායක මහත්මිය පැවසුවාය
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නාරංගල කන්ද රක්ෂිතයක් කිරීමේ යෝජනාවක් සභා සම්මත වෙයි
Perera Saturday, 06 March 2021 06:35 PM
මේ පළමු පියවර. ඊට පස්සේ ගෝලබාලයින්ට සිතැඟි පරිදි කැලේ කපලා වැටවල් ගහලා හොර ඔප්පු හදලා විකුණගන්න පුළුවන්..
S.M. Kavindi Himashika Sunday, 07 March 2021 09:26 AM
කෙසේවෙතත් ස්වභාව ධර්මය නැමැති මට ආරක්ෂා කිරීම අපේ යුතුකම බවයි.