IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නායයෑම් සිදුවන ‍ප්‍රදේශවලට ඔරොත්තු දෙන නිවසක්



(ඩයනා උදයංගනී)


නායයෑම් අධි අවදානම් සහිත ප‍්‍රදේශවල වෙසෙන පවුල් සඳහා ආපදාවන්ට ඔරොත්තු දෙන පෙර සවි ආපදා ප‍්‍රත්‍යස්ථ නිවාස 10,000ක් ඉදිකිරීමට වාරි මාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.


මෙහි පළමු අදියර ලෙස රුපියල් කෝටි 253 ක වියදමින් නිවාස 1,170ක් ඉදිකිරීමට කටයුතු කරන බව වාරි මාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.


මෙම පළමු අදියරේ නිවාස රත්නපුර, කළුතර ඇතුළු දිස්ත‍්‍රික්ක කිහිපයක ඉදිකරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.


            චීන රේල්වේ බීජිං ඉංජිනියරින් ගෲප් කසපැණි සහ සීමාසහිත යප්කා ඉදිකිරීම් පෞද්ගලික ආයතන විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවකට අනුව එම සමාගම් හා එක්ව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.


            ඉදිරියේදී එම සමාගම් සමඟ ගිවිසුමකට එළඹීමට ද නියමිත අතර ඒ සඳහා වාරි මාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවී තිබේ.



අදහස් (2)

නායයෑම් සිදුවන ‍ප්‍රදේශවලට ඔරොත්තු දෙන නිවසක්

maheshika Sunday, 23 September 2018 03:25 PM

ගංවතුර ගලන ප්‍රදේශ සහ පහත්බිම් වලටත් අාරක්ෂිත නිවාස හඳුන්වා දෙන්න. උදාහරණ විදියට කණු මත ඉදිකරන නිවාස... නිවසට යටින් ජලය ගලා යා හැකි විදියට. මෙමගින් ඉතා ඉක්මණින් වතුර බැස යාමද සිදුවනු ඇත...

:       0       0

රවින් Monday, 24 September 2018 03:21 AM

මෙම නිවාස ලංකාව වැනි රටකට සුදුසු නොසුදුසු බව ගැන රාජ්‍ය හා පුද්ගලික අංශ විද්වතුන්ගේ උපදෙස් ලබාගත්තොත් හොඳ නැද්ද? මේ ගෙවල්වල ජිවත් වෙන්න යන්නේ ලාංකීය පුරවැසියෝ. ලංකාවේ තෙතමනය වැඩි නිසා විවිද ජීවින් වර්ග පරිසරය තුල ජීවත්වේ. ඉතා හොඳ වාතාශ්‍රයක් නොමැතිනම් ගෙවැසියෝ ඉක්මනින්ම ලෙඩවලට ගොදුරු විය හැකිය. ශීත රටවලට ඔරොත්තුදෙන නිවෙස් තුල උෂ්ණත්වය රදාපවත්වනා වර්ගයේ නිවාස ලංකාව වැනි ගර්ම කලාපිය රටවලට සුදුසු නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 18 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 85 0

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 816 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 616 3

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1212 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 267 4

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site