IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නාමල්ට පොලිස් බලතල ක්‍රියාකරන්නැයි නියෝග‍

(නිමන්ති රණසිංහ)
 
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරියකුට තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පොලිස් බලතල අනුව කි‍්‍රයාකරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (18) නියෝග කළේය.

2015 අංක 43 දරන අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ වගන්ති 8 සහ 9 ප‍්‍රකාරව මෙම සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය   අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කරමින් මහෙස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.



අදහස් (17)

නාමල්ට පොලිස් බලතල ක්‍රියාකරන්නැයි නියෝග‍

wasanjaya Friday, 18 August 2017 12:12 PM

පොලිස් බලතල අනුව වෙඩි තැබීමට වුවත් හැකිය. එහෙත් ඒ සඳහා වෙඩි තැබීමේ නියෝගයක් අවශ්‍යයි.

:       207       68

සෙනෙවි Friday, 18 August 2017 01:52 PM

එහෙම වෙඩි තියන්න ගියොත් ඔහේටත් පොලිස් වෙඩිල්ලක් වදින්න ඉඩ තියෙනවා.

:       351       627

pitigalaSaturday, 19 August 2017 02:27 AM

පොලිසිය එයාව අත් අඩංගුවට ගන්න බයයි. ඇත්තටම අර කිව්වා වගේ ඒ ගොල්ලන්ගේ ආණ්ඩුවක් ආවොත් අදාළ පොලිස් නිලධාරීන්ටත් පවුල් වලටත් දෙවියන්ගේම පිහිටයි. පොලිසියට උනත් මේ ආණ්ඩුවේ පැවැත්ම ගැන අපිට වගේම විස්වාසයක් නැහැ. ඒ නිසා පොලිස්ඔ බලතල උනත්න්න පාවිච්චි කරන්නේ නැතිව උසාවියෙන් අහන්නේ. ඕකයි මට තේරෙන ඇත්ත.

:       221       4

hewawitharana Friday, 18 August 2017 12:16 PM

උතුරේ දේශපාලන ලොක්කෙක් නාවික හමුදා ලොක්කෙකුට පසුගියදා තර්ජනය කර වේදිකාවෙන් ගෙටවුට් කියපු එකට පොලිස් බලතල ක්‍රියාත්මක නොකළේ බයටද?

:       427       926

rohan Friday, 18 August 2017 12:19 PM

මෙයා විතරක් නෙමෙයි.., මෙයාගේ සහෝදරයින් දෙදෙනාත් එකම බෝට්ටුවේ ....

:       607       898

rane bandaFriday, 18 August 2017 03:06 PM

ඇයි තාත්තා, ඔය ඔක්කොම රස්තියාදු කාරයෝ.කිසිම වැදගත් කමක් ගෑවිලාවත් නැහැ...

:       1151       1318

පිටිගල මිලානෝ Friday, 18 August 2017 12:22 PM

නියෝග නිකුත් කරනකන් ඉන්නේ මොකද? අර ඊයේ පෙරේදා දඩමස් ටිකක් උයාගත්ත කැකිරාවේ ආච්චි අල්ලන්නත් නියෝග එනකල් බලා හිටියද? එයයි මෙයයි දෙන්නම එකම රටක සම බලතල ඇති සාමාන්‍ය රටවැසියෝ. ගැවසෙන තැනක් බලලා කැකිරාවේ පොලිසියට ඔත්තුවක් දෙන්න.

:       338       218

ජගත් ලියනගේ Friday, 18 August 2017 12:25 PM

පොලීසියට කරන්න පුළුවන් දේ පැත්තක තියලා උසාවියෙන් නියෝග ගන්න ගිහින් සවුත්තු වෙලා වගේ. හොඳ වැඩේ. දැන් ඔන්න නීතිය නවනවා එහෙම නෙවෙයි.

:       17       221

Bimal Friday, 18 August 2017 01:03 PM

දැන් කුලියට අඬන්න බවලත්තු ටිකක් සොයා ගනිමු ජාතියේ පුතා බේරා ගමු කියලා

:       663       796

gal aanda Friday, 18 August 2017 01:16 PM

යකෝ බලය නැති කාලේ මෙයා මෙහෙම නම් මෙයා අායෙත් බලයට අවොත් මොන නස්පෙත්තියක් කරයිද? ඇගේ මස් ගොබ ලොකු කරන් උන්නට මොලේ මස් ගොබ නැති නිසා තමා මේ ප්‍රශ්න,,,කොල්ලනේ බොරුවට නොදන්නා දේශපාලනයක් නොකර දෑතේ දෙපයේ ර්ස්සාවක් කරලා තමන් හම්බ කරගෙන කාල යහතින් ජිවත් වෙල්ලයකෝ අපිට තවත් වදනොදී

:       527       827

Susil Friday, 18 August 2017 01:51 PM

මාලුවා නහින්නේ කට නිසාලු..

:       106       86

rocky Friday, 18 August 2017 02:20 PM

පොලිස් බලතල පාවිච්චි කරන්න කියල කියන්නේ බැටන් පොල්ලෙන් තඩිබාන්න කියන එකනේ.

:       14       36

Gaya hasani Friday, 18 August 2017 04:20 PM

මේ අයට රටේ නිතිය අදාල නැද්ද?

:       118       68

lalith Friday, 18 August 2017 06:43 PM

බැනල වැඩක් නැහැ. බොහොමයක් දේශ පාලකයින්ගේ දරුවෝ ඔය විදිහ තමයි, අර පක්ෂේ මේ පක්ෂේ කියල වෙනසක් නැහැ. මොකද අතේ පයේ මහන්සියෙන් නැතිනම් මොලේ පාවිච්චි කරලා කරන කර්මාන්තයක් ඉගෙන ගෙන තියෙනවා කියලද?

:       2       174

chris Saturday, 19 August 2017 12:08 AM

ඕක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියන වරප්ප්‍රසාදයක්.

:       2       1

de silva Saturday, 19 August 2017 08:49 AM

ඉතින් පොලිසියට පුළුවන්නේ අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන්න.

:       27       2

sathyayaa Sunday, 20 August 2017 11:47 PM

ඔක්කොටම ඉස්සෙල්ල මේ පවුලට තියෙන බය හා ගෞරවය ඉවත දමන්න ඕනේ. බය තියෙන්නේ මේ ගොල්ලෝ නැවත බලයට ඇවිල්ල විරුද්ධ වාදීන්ව හම ගහයිද කියන එක නම්, කරන්න තියෙන්නේ මේ වගේ පුහු චන්ඩින් ව ලබන මැතිවරණයේදී ගෙදර යවන එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 0 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 47 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2485 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 169 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 239 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 307 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site