(නිමන්ති රණසිංහ)
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියට අදාළව හොංකොං හි විශේෂ පරීක්ෂණයක් සඳහා යැවු දුෂණ විරෝධි පෙරමුණේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර නැමැත්තාගේ දුරකතන දත්ත වාර්තාව ලැබී ඇතැයි රහස් පොලීසිය අද (19) අධිකරණයට දැන්වීය.
හොංකොන් රාජ්‍යයේ ‘ඩේටා එක්ස්පර්ඩ්‘ ආයතනය මගින් එම දුරකතනයේ මකා දැමු දත්ත, ජීබී 39 ධාරිතාවකින් යුත් පෙන්ඩ්‍රයිව් එකක් සහ පිටු 60 කින් යුත් දත්ත වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇතැයිද ඔවුහු අධිකරණයට දැන්වුහ.
අද දවස ඇතුළත එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර යන අය විසින් ඉදිරිපත් කළ හඬ පටවල ඇතැම් ඒවා මකා දමා ඇති බැවින් එම හඬපට නැවත ආරෝපණය කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකතනය හොංකොං රාජ්‍යයේ අදාළ දුරකතන සමාගම වෙත රැගෙන යනු ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනකු පසුගියදා එම දරකතනය රැගෙන හොංකොන් රාජ්‍යයේ දුරකථන සමාගම වෙත පිටත්ව ගියේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නාමල් කුමාරගේ රට යැවු දුරකතනයේ දත්ත වාර්තාව අධිකරණයට
athura Wednesday, 19 December 2018 07:32 AM
ඔන්න ඕකයි තෝරු මෝරු මැද්දට හාල් මැස්සන්ට යන්න එපා කියන්නෙ.
kamal Wednesday, 19 December 2018 07:57 AM
මෙයගේ රංගනයට ඔස්කා සමානය දුන්නත් මදි...............
Suaranimala Wednesday, 19 December 2018 08:24 AM
“නිලධාරීන් කිහිප දෙනෙක්” ? දුරකථනය එතරම් බරද ?
parakkrama Wednesday, 19 December 2018 02:02 PM
දේශපාලන බල පෙරළියකට, ව්‍යවස්ථා අර්බුදයකට, රට අරාජික තත්වයකට පත් කිරීමට මගක් සකස් කළ කුමන්ත්රණයේ සුලමුල සොයා ගැනීම ජනතාවගේ අභිලාශයයි. සත්‍ය හෙළිවෙතැයි සිතිය හැකි එම තොරතුරු දැනගැනීම ජනතාවගේ අයිතියක්...