IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නාමල් කුමාර හමුදාවෙන් පළාගිය අයෙක් - රහස් පොලිසිය දැනුම් දෙයි

(නිමන්ති රණසිංහ)
 
ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ නාමල් කුමාර නම් පුද්ගලයා යුද හමුදාවට සහ ගුවන් හමුදාවට බැඳී ඉන් පළා කියන පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

 
නාමල් කුමාර නම් පුද්ගලයා යුද හමුදාවට සහ ගුවන හමුදාවට බැඳෙද්දී ලබා දී ඇති සාමාන්‍ය පෙළ සහතිකයේ විභාගය සමත් බව සඳහන් වුවද ඔහුගේ නියම සහතික පිරික්සද්දි විෂයන් හතක් අසමත් වී විෂයන් තුනක් පමණක් සමත්වූවකු බව පෙනී ගිය බව ද රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අද ප්‍රකාශ කළේය.
 
ව්‍යාජ සහතික ලබා දී යුද හමුදාවට සහ ගුවන් හමුදාවට එක්වීම ගැනත්, හමුදාවෙන් පලායෑම ගැනත් විමර්ශන බවත් බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (57)

නාමල් කුමාර හමුදාවෙන් පළාගිය අයෙක් - රහස් පොලිසිය දැනුම් දෙයි

Sapumal. Wednesday, 02 January 2019 12:47 PM

මොහුගේ ක්‍රියා කලාපය ගැන නිතර විමසිල්ලෙන් පසුවූ අප මොහු ගැන දැඩිව විවේචනය කලේ මොහුගේ මෙවැනි ක්‍රියා ගැන අපටද සියුම් ඉවක් තිබුණු නිසාවෙනි. කාව තැම්බුවත් මොහුට අපේ රහස් පොලිස් නිලධාරීන් රැවටීමට නොහැකි වුණා. ජනපතිවරයා මොහුගේ කියුම් තදින් විශ්වාස කිරීමත්, මොහුට පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය ලැබීමත් ගැනද හොඳින් සොයා බැලිය යුතු කරුණක්.

:       0       36

Shantha Qatar Wednesday, 02 January 2019 12:54 PM

නාමල් කුමාර රඟහලෙන් සමුගනී. මෙයා කතාකරන විදිහෙන් මට මුල ඉඳලම හිතුණේ 5වසර වත් පාස් නැතුව ඇති කියලයි.

:       4640       3735

එරික් Wednesday, 02 January 2019 01:00 PM

ඔය එළිවෙන්නේ...

:       4438       813

ගල්කටස් Wednesday, 02 January 2019 01:01 PM

දැන්නමි පොලිසියයි, නීති පද්ධතියයි ගැන විශ්වාසයක් නැහැ. සියල්ල සිදුවෙන්නේ රටේ අයහපතටමයි. බොරුව රජයන සල්ලිවලට දණ නමන සාමාජයක් සැකසී අවසන්..

:       1166       5634

ධනුෂ්කThursday, 03 January 2019 03:03 AM

එ් වගේම හැබැයි මේ කුමන්ත්‍රනයට අදාලව අර පොලිස් නිලධාරියා සම්බන්ඳයෙනුත් රහස් පොලීසිය උසාවියට කරුනු දැක්වීමක් කරලා තියනවා. එ්ක ඔබ බැලුවද? එතනදී ඔබ මොකද කියන්නේ. මේ රටේ මිනිස්සු තමන් වන්දනා කරන දේශපලුවන්ගේ වැරදි වලට උසාවි හෝ නිලධාරීන් වැඩ කරනවනම් එ් අායතන වැරදී. තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව වැඩ කරනවනම් එ් අායතන හොඳයි. තව පැත්තකින් මිනිස්සු එහෙම හිතන්නත් හේතුව එ් අායතනවල ඉතිහාසයත් එතරම් හොඳ නැති නිසා.

:       8       100

මල්ලීThursday, 03 January 2019 03:30 AM

නාමල් කුමාරගේ පරීක්ෂණය කර ගන්න ජනාධිපති පොලීසිය තියා ගත්තා. දැන් ටෙලි නාට්‍ය ඉවර වෙන්නයි යන්නේ.

:       27       322

ගල්කටස් Thursday, 03 January 2019 09:21 AM

මෙයාලා දේශපාලනයට කඩෙ යන අය එත් මෙලො හසරක් නොදන්නවා වාගෙ .බොරුවට බුරු බුරු ගානවා

:       131       201

Ranga Wednesday, 02 January 2019 01:01 PM

මේක නිව්ස් එකක් වුණාට ඔරිජිනල් සිද්ධියට මේක අදාල නෑනේ...!

:       389       2762

jagathWednesday, 02 January 2019 01:48 PM

රංග ඔය හරි මේ සිද්ධියටත් ඔරිජිනල් සිදිධිය අදාල නෑ.. විභාගයක් වත් සමත් නැති රාජ්‍ය ආයතනවලට හොර සහතික ඉදිරිපත් කරපු කෙනෙකුට පුළුවන්ද රටක ආණ්ඩුවක් පෙරලන්න? මොකක්ද අපේ රටේ තත්වේ... අනිවාර්යෙන්ම වරදක් කරලා තියෙනවා නම් දඬුවම් ලැබිය යුතුයි. ඒ වගේම කුමන්ත්‍රණය ගැන පරීක්ෂණයක් විධිමත්ව පැවැත්විය යුතුයි...

:       2124       1008

BamunuarachchiThursday, 03 January 2019 12:50 AM

ඔබ හරි රංග. මම දාපු අදහස් පල උනොත් කියවන්න

:       136       49

senarath Wednesday, 02 January 2019 01:14 PM

මෙතනට වැදගත් වෙන්නේ ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඔත්තුව දීපු නාමල් කුමාරද? එහෙම නැත්නම් ඔහු හමුදාවෙන් පලාගිය පුද්ගලයෙක් කියලා ජනපති ඝාතනය වෙන අතකට යොමු කිරීමද?

:       374       1273

senakaWednesday, 02 January 2019 02:16 PM

ඔය තමා පොලිසිය නීතිය නවන හැටි...

:       187       769

NissankaThursday, 03 January 2019 09:44 AM

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව සාක්කි නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා. වෙනත් පොලිස් නිලධාරියෙක් ඝාතනය කිරීමට සැලසුම් කළා කියලා තමයි පරීක්ෂණ කරන්නේ. ජනපති ඝාතන කුමන්ත්‍රණය දේශපාලන උවමනාවකට නිර්මාණය කළ දෙයක්. රනිල් ඉවත්කර මහින්ද අගමැති කරන්න උවමනාවට පෙන්නපු නාට්‍යයක්. හමුදාවෙන් පලාගිය පුද්ගලයෙක් කොහොමද මෙහෙම ප්‍රසිද්ධියේ පෙනී ඉන්නේ. යුධහමුදා පොලිසියෙන් ඔහුව අත්අඩංගුවට නොගන්නේ ඇයි?

:       2       162

amila Wednesday, 02 January 2019 01:17 PM

කාගේ හරි කොන්ත්‍රාත්තුවක් බාර අරගෙන කරන්න ඇත්තේ. අන්තිමට කොහෙවත් තියන ඒවා ඇදිලා එන්නේ... මේවා ඔප්පු වුනොත් සෑහෙන්න කාලෙකට ඇතුළට යන්න වෙයි...

:       559       622

ලේක්කෝ ගලබඩ Wednesday, 02 January 2019 01:36 PM

ලංකාවේ ඉහළම බුද්ධිසේවා කණුවක්... මෙයා හරියට එංගලන්තේ ශේර්ලොක් හොල්ම්ස් වගේ...

:       178       187

jagath Wednesday, 02 January 2019 01:37 PM

"නාමල්" කියන්නේ හොරාට කියන තවත් නමක්වත්ද දෙයියනේ...?

:       652       1313

sirimal Wednesday, 02 January 2019 01:40 PM

මේ වගේ කෙනෙක් කියූ කතාවක් අහලද? එහෙනම් මේ සමහරුන්ට ඇමැතිකම් දෙන්න බැහැ කිව්වා වගේම අපේ රට අද පත්ව ඇති අවුල් සහගත තත්වය ඇති කිරීමට පියවර ගත්තේ..?

:       602       188

chandima Wednesday, 02 January 2019 01:41 PM

මේ ටික හොයාගන්න මේ තරම් කාලයක් ගත කරපු රහස් පොලිස් විශේෂඥයෝ ඉතුරු ටික හොයාගන්න තව මොන තරම් කාලයක් ගනීවිද? පුදුම වෙන්න දේකුත් නැහැ මොකද ඔය රහස් පොලිසියේත් බොහොම දෙනෙක් නාමල් කුමාරට වැඩි වෙනසක් නැහැ. නාමල් කුමාර අඩු තරමින් වැඩ තුනක් වත් සමත්...

:       65       4656

buddika Wednesday, 02 January 2019 01:58 PM

නාටකයේ හොඳම ටික....

:       573       208

Upali karu Wednesday, 02 January 2019 02:03 PM

සම්පූර්ණ විහිළුවක්. ලංකාවේ පොලිසිය දන්නේ නැද්ද මේ මිනිහා කරන්නේ බොරුවක් කියලා... හැමකෙනාගේම රඟපෑමක් විතරයි.. ලෝකෙට පෙනෙන්නේ නමුත් මේ කියන අයට නම් එ්ක එහෙම පෙනෙන්නේ නැහැ... පොලිසියේ හෙළුව දැන් හැමෝටම පේනවා.

:       559       219

BamunuarachchiThursday, 03 January 2019 12:32 AM

මිනිහා කරන්නේ බොරුවක් නම් ඇයි පොලිස්සියේම ලොක්කෙක් රිමාන්ඩ් භාරයේ ඉන්නේ? නාමල්ගේ ඔත්තුව ලැබුන ගමන් නාලකව අත්අඩංගුවට ගත්තේ නැහැ ඒගැන සොයා බලලයි අත්අඩංගුවට ගෙන මේවනතුරු රිමාන්ඩ් කර තිබෙන්නේ.

:       178       119

Sanath KandyThursday, 03 January 2019 04:01 PM

නාලක අත්අඩංගුවේ ඉන්නේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයකට නෙවෙයි වෙනත් පොලිස් නිලධාරියෙක් ඝාතනය කරන්න සැලසුම් කළා කියලා බමුණු දන්නේ නැද්ද? මේක තනිකරම නාට්‍යයක්. මහින්දට අගමැතිකම දෙන්න පසුබිම හදාගන්න කරපු කුමන්ත්‍රණයක්...

:       0       2

BamunuarachchFriday, 04 January 2019 11:11 AM

මහින්දට අගමැතිකම දෙන්න නම් මීට වඩා ලොකු කුමන්ත්‍රණ කළාම මොකෝ..?

:       101       0

BamunuarachchiSaturday, 05 January 2019 03:23 AM

Sanath Kandy සීඅයිඩීය නාමල්ගේ ප්‍රකාශ සත්‍ය බව අධිකරණයට ප්‍රකාශ කළ බව ඔබ දන්නවාද?

:       0       0

BamunuarachchiSaturday, 05 January 2019 03:55 AM

Sanath මොනවද මේ කතා! මේ පිටුවේම පහල මෙහෙම තිබෙනවා "ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා ලබන 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (02) නියෝග කළේය." ඔහෙලා වගේ මිනිස්සුත් මෙතන කොපමණ ලියනවද?

:       0       0

BamunuarachchiSaturday, 05 January 2019 03:57 AM

මෙයා කරන්නේ බොරුවක් නම් "ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා ලබන 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (02) නියෝග කළේය." මෙහෙම වෙයිද?

:       0       0

පෙරේරා Wednesday, 02 January 2019 02:12 PM

හමුදාවෙන් පැන්න සාමාන්‍ය පෙළ අසමත් හොර සහතික දීපු කෙනා දූෂණ ඒකකයක අධ්‍යක්ෂක. ජනාධිපති කාර්යාලය සමග සබඳතා පවත්වන්නෙක්. ⁣මේ වගේ තුට්ටු දෙකේ තක්කඩි තමා සොරිසේන වටේ ඉන්නේ. ⁣මේවගෙ කෙනෙක් ගිය දුර කොහොමද?

:       1110       1439

ruwan Wednesday, 02 January 2019 02:22 PM

සිද්ධිය වෙන පැත්තකට හරවනවා වගෙයි.

:       286       604

BamunuarachchiThursday, 03 January 2019 12:23 AM

ඔබ හරි මමත් ඔය ගැන ලීවා.

:       156       43

Muhan Wednesday, 02 January 2019 02:25 PM

මේකේ මාර කතාවක්නේ... හමුදාවෙන් පලාගිය කෙනාව ඇයි හමුදාවෙන් අල්ලන්නේ නැත්තේ?

:       28       142

sena Wednesday, 02 January 2019 03:03 PM

කුමන්ත්‍රණ පරීක්ෂණය හරියටම කෙරෙන්න ඕනෑ... ඒ වගේම රටේ හමුදාව නොමග යවපු එකට අනිවාර්යයෙන්ම හමුදා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

:       471       202

Hafeel Wednesday, 02 January 2019 03:08 PM

ජනාධිපතිටත්, මෙයාටත් අතර වෙනසක් තියනවද? මේ ජනාධිපති තවදුරටත් බලයේ ඉන්නවනං, ඒ ගැන කියන්න වචනයක් නැහැ. තවද රාජ්‍ය බැංකුවකින් ලෝන් අරන්, ගෙවන්න නැතුව බ්ලැක් ලිස්ට් වෙලාලු. මෙයා තමයි දූෂණ විරෝධී මෙහෙයුම් අධ්‍යක්ෂකලු. අනේ රටට ගිය කලක්...

:       474       641

BamunuarachchiWednesday, 02 January 2019 11:58 PM

හලෝ රාජ්‍ය බැංකුවලින් ණය අරගෙන නොගේවපු මිනිස්සු මෙරටේ කොපමණ ඉන්නවාද? අනික මෙයා බ්ලැක්ලිස්ට් උනා කියලා මෙයා දීපු ඔත්තුව පරික්ෂා නොකර අත්හරින්නේ නැහැනේ.

:       205       166

HafeelThursday, 03 January 2019 10:48 AM

රාජ්‍ය බැංකුවලින් ණය අරන් නොගෙවපු, බ්ලැක් ලිස්ට් අය රටේ ඕනේතරම් ඉන්නවා. එහෙම බ්ලැක් ලිස්ට් අය කව්රුත් මෙයා වගේ බොරු දූෂණ විරෝධී ලේබල් ගහගෙන රට අවුල් කරලා නැහැ. මෙයාට දැනට එල්ල වී තියන චෝදනාවල් හමුදාවෙන් පැනපු, ගත්තු බැංකු ණය නොගෙවීම, ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීම, රට අස්ථාවර කිරීම. මෙවැනි චරිතයක් දූෂණ විරෝධී අධ්‍යක්ෂක වෙන්නේ කොහොමද? දැන් පේනවනේ මකා දාපු කට හඬවලින් පිටත්වෙන දේවල්. අනික බැංකු ණය අරන් තියන්නෙත් ජනාධිපති යටතේ තියන පරිසර අංශයේ වැඩ කරන බව ලේඛන ඉදිරිපත් කරමින්.... ඔබ කිව්වා වගේ බ්ලැක් ලිස්ට් මිනිහගේ ඔත්තුව පරීක්ෂා කිරීමේදී, දැන් පිට වනවනේ හොඳහොඳ සෙල්ලම්... ඉදිරියට තවත් හෑලිවේවි... !!!

:       0       1

BamunuarachchiSaturday, 05 January 2019 03:47 AM

මේ මොන කතාද? Hafeel එය දූෂණ විරෝධී අධ්‍යක්ෂක වෙලා ඉන්නේ එයාම පිහිටුවා ගත්ත ආයතනයක... ඔය ආයතනය හා එහි අධ්‍යක්ෂක කම නමින් පමණක් තිබෙන එකක් බව ත්රුම් ගන්න ඔබට බුද්ධියක් නැද්ද? ඔබටත් පුළුවන් කැමති ආයතනයක හිතින් හදාගෙන පරිපාලන අධ්‍යක්ෂක කියන්න... එයාගේ සාක්ෂි විමසීමේදී විනිසුරු ඔබ හොරට හමුදාවට ගියාද අසන්නේ නැත... මෙයාගේ සාක්ෂි වලින් කියැවුන සැලැස්ම සත්‍ය බව සීඅයිඩී ය අධිකරණයට දන්වා තිබෙනවා.

:       0       0

Amila Wednesday, 02 January 2019 05:34 PM

අරයගේ ඉත්තෝ ඔහොම අය තමයි ඉන්නේ. මෙයා අරයගේ සමහරවිට නෑයෙක් එහෙමද දන්නෙත් නෑ. මෙයාව පුනුරුත්ථාපනය කරන්න තව පිස්සු නටන්න ඉස්සෙල්ලා.

:       16       2

de silva Wednesday, 02 January 2019 06:51 PM

මොහු හමුදාවෙන් පලාගිය බව හොයාගන්න මෙච්චර කාලයක් ගියාද ? හෙට අන්නිද මොහු මානසික රෝහලෙන් පැනල ගිය පුද්ගලයෙක් කියල හොයාගනිවී.

:       0       4

Neel Perera Wednesday, 02 January 2019 08:13 PM

බිලියන 66,000 ක් රටට අහිමි කරලා අවුරුදු ගණනාවක් රට ආපස්සට ගෙනියන්න මේ මොහුට පුළුවන් වුනා කියන්නේ, ඒවා අහලා තීරණ ගත්තු උගතුන්ගේ බුද්ධිය ගැනත් හිතන්න වෙනවා.

:       19       25

Reality Check Wednesday, 02 January 2019 10:07 PM

ආදී කාලේ ගමරාළලා "පුහුල් හොරා කරෙන් දැනේ " කියලා කිව්වේ විහිලුවට නොවේ!

:       0       1

Siri Wednesday, 02 January 2019 11:17 PM

දෙපැත්තේම ඉහලම තැන් කිහිපයකින් අඹරපු කතාවකට මේ දුප්පතා නතු වුනා. එච්චරයි කියන්ට තියෙන්නේ.

:       0       1

Bamunuarachchi Wednesday, 02 January 2019 11:49 PM

මෙයා හමුදාවට බැඳුනේ බොරු සහතික දීලා කියන කතාව වෙන එකක් මෙයා ජනාධිපති ඝාතනය ගැන දීපු ඔත්තුව වෙන එකක් මේ දෙකේ සම්බන්දයක් තිබෙනවාද? මට සිතෙන්නේ ඝාතන සැලැස්මට සම්බන්ධ තවම අසු නොවෙච්ච කොටසක් මෙය පසුපස එලවනවා කියලා. මෙයාගේ ඔත්තුව බොරුනම් ඇයි කෙනෙක් රිමාන්ඩ් එකේ ඉන්නේ? මේ හදන්නේ අපේ අවධානය වෙන පැත්තකට යවන්න.

:       237       178

rocky Wednesday, 02 January 2019 11:53 PM

මේ ජනාධිපති සහ ගෝටා ඝාතන කුමන්ත්‍රණය කියන එක තවත් කුමන්ත්‍රණයක් කියලා මට හිතෙනවා. ඒකත් මහින්දව අගමැති බවට පත් කරපු ජිල්මාට් එකේ කොටසක්. කාට හරි උවමනා කෙරුවේ මේක පිට දාලා රනිල් සහ තවත් අය අත්අඩංගුවට ගන්න විය හැකියි. එහෙම නම් ඒක භයානක වැඩ පිළිවෙලක්. මේ නාමල් කියන පුද්ගලයා ජනාධිපතිතුමාගේ ගෝලයෙකු බවත් කියවෙනවා නේද? අනිත් කාරනාව: "දූෂණ විරෝධී මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්"! ඔ ලෙවෙල් වත් පාස් නැති - ඒවගේම හමුදාවෙන් පැනල ගිය - සිපයියෙකුට කොහොමද ලැබිලා තියන නිල නාමය? ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු කෙනෙකුව අපි තවමත් ජනාධිපති ලෙස සැලකිය යුතුද?

:       288       510

Bamunuarachchi Thursday, 03 January 2019 12:21 AM

"ජනාධිපතිටත්, මෙයාටත් අතර වෙනසක් තිබෙනවාද" හලෝ ඕක අහන්න දෙයක්ද? එයා ජනාධිපති මෙයා සිවිල් වැසියෙක්. එයා රටේ පලවෙනි පුරවැසියා මෙයා රටේ කෝටි දෙකක් වැසියන්ගේ කොතන හරි කෙනෙක්. එයා නමින් මෛත්‍රීපාල සිරිසේන මෙයා නාමල් කුමාර. රටේ ලෝන් අරන් නොගේවපු එකම පුද්ගලයා මෙයා නොවෙයි. අනික මෙයාට කෝටි ගණනක ණය ලැබිලා නැහැනේ. නමුත් කෝටි ගණන්වල ණයගෙන නොගේවපු මිනිස්සු ඉන්නේ. දූෂණ විරෝධී මෙහෙයුම මෙයා පිහිටුවා ගත්ත එකක්. ඉතින් එකේ අධ්‍යක්ෂක වෙන්න කාගෙවත් අවසර උවමනා නැහැ නේද? රට මෙකල ගියේ අර 62 හින්දා.

:       319       216

Bamunuarachchi Thursday, 03 January 2019 12:47 AM

නාමල් හොරෙක්ද තක්කඩියෙක්ද කියන එක දැනට කෙරෙන ඝාතන කුමන්ත්‍රණ සම්බන්දව පොලිස්සියට අදාළ නැත. නාමල් තක්කඩියෙක් කියා පොලිසිය කරන පරීක්ෂණ නවතා දමන්නේ නැතිනම් අපි නාමල් ගැන කතා කිරීමේ පලය කුමක්ද. නාමල් අපේ අවධානයට ලක්වුනේ ඝාතන ඔත්තුව නිසා මිස ඔහුගේ සහතික නිසා නොවෙයි.

:       248       131

Vijitha Thursday, 03 January 2019 12:58 AM

මේ මනුස්සයාගේ කියුම් කෙරුම් වලින් පෙනෙන්නේ මේ මනුස්සය මානසික ආබදයකින් පෙළෙන්නෙකු බවයි. ඔහු කියන දේවල් ගැන සැලකිලිමත්ව සොයා බැලිය යුතුයි.

:       68       138

ශාන් Thursday, 03 January 2019 01:26 AM

රහස් පොලීසිය මේව හෙලි කරන්න කලින් සමාජ ජාලා ඔස්සේ කට කතා ආකරයෙන් මේ සිද්ධීන් ඵල වුනා, මේ කේස් එක කොහොමත් ලොකු ලොකු දේශ පාලකයන්ගේ ආන්ඩු පෙරලීමට දාපු සීන් කියන එක ඕනෙ මෝඩයෙකුට තේරෙනව, මොකද ලංකාවේ මීට වඩා වැඩ්ඩො ඉද්දි ඔය වගේ කෙනෙක් දාගෙන මැර වැඩක් කරයිද ? ඔනෙ නම් ප්‍රබල අත්දැකීම් හා පුහුණුවක් තියෙන සරත් ෆොන්සේකාටම තිබ්බනෙ කාටත් නොකියා ස්නයිපර් එකක් පන්නගෙන වෙස් වලාගෙන ගිහින් තනියම ගේම ගහන්න ? මේවා මහ ගොන් කතා...

:       170       394

සෙනෙවි Thursday, 03 January 2019 02:37 AM

පොහොට්ටු මහත්වරුන් ගොනාට අැන්දවිම

:       56       105

Dhanush Thursday, 03 January 2019 03:38 AM

මහා ලොකු පොලිසියට තාම මාකඳුරේ මදුෂ් අල්ලන්න බැරිඋනා. මේ වගේ පොඩි අය අල්ලලා තමයි වැඩ පෙන්නන්නේ.

:       61       466

rihan Thursday, 03 January 2019 04:17 AM

ඒ කාලේ සැමුවෙල් ඇනෙස්ලි බිර්ට් ගේ විහිළු මේකත් ඒ වගේද.?

:       0       51

ajith Thursday, 03 January 2019 06:22 AM

නාමල් කුමාරගේ අධ්‍යාපනේ අඩු උනාට මොකද? අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු, හිටපු ඇමතිවරුවත් හරියට විභාගේ සමත් නොවුණු පුද්ගලයෝ උනකොට. විභාගේ වැඩ තුනක් සමත් වෙලා ඔහොම නිර්මාණයක් කරන්න පුළුවන් නම් වැඩ 08 ම සමත් උන නම් කොහොම හිටීද?

:       0       34

sandy123 Thursday, 03 January 2019 06:41 AM

අපරාදේ අපිට මොහුව පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් කරන්න බැරි වෙනවානේ?

:       29       121

Uditha - London Thursday, 03 January 2019 07:22 AM

මටත් හිතුන මේ මනුස්සය නටන නැටිල්ලට... මොකක් හරි මල මංගල්ලයක් කර ගනී කියලා නම්. අනුන්ගේ වැරදි පෙන්වන මිනිස්සු හොද වෙන්න බැහැ. ඒ මිනිස්සු ලග ඊට හපන් වැරදි තියනවා හොයන්න ගත්තොත්... දිට්ට ධම්ම වෙධනීය කර්ම අනුව හැම දෙනාටම වරදක් කරලා නම් දඩුවම් ලැබේවි....

:       63       75

ravi Thursday, 03 January 2019 08:50 AM

" නාමල් කුමාර " ඒ..කාලේ හොර පොල් කැඩුවද .. හමුදාවෙන් පැනල ගියාද කියන එක නෙමෙයි මෙතනට වැදගත් වෙන්නේ එහෙනම් , ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයේ ශාක්ෂි කරුවෙක්ද කියන එක පමණයි..!

:       31       3

chinthana Thursday, 03 January 2019 09:23 AM

හමුදාවෙන් පැනලා නම් මේ වෙද්දි සමා කාල ගනනාවක් පහු වුණා. මොහු නීත්‍යානුකූලව ඉවත්වෙලා ඉන්නවද කියලා හොයලා නැද්ද? හමුදාවෙන් පැනපු අය අල්ලන්න හමුදාව ක්‍රියානොකරන්නෙ ඇයි. මොහු ඉන්නෙ හැංගිලා නෙවෙයිනෙ. රජයට හොර ලියවිලි ඉදිරිපත් කිරීම ගැන නඩුවක් අහන්න ඕනැ තමා. ඒත් මොහු දුන්න ඔත්තු ගැන පරීක්ෂණ කරන්න ඕනැ. හමුදාවට යන්න අධ්‍යාපන සුදුසුකම් ඕනැ වුණාට ඔත්තු දෙන්න හා දූෂන විරෝධි සංගමයක ප්‍රධානියා වෙන්න එහෙම සුදුසුකම් ඕනැ නෑ. මේ හදන්නෙ ඔහු ගැන අප්‍රසාදයක් රටේ ඇතිකරලා ඔහු චෝදනා කල අයට සුදුහුණු ගාන්නයි

:       61       561

Sanka Thursday, 03 January 2019 10:27 AM

මුල ඉඳලාම නාමල් කුමාරගේ නාටකය බොරු බව මුළු රටම දැනගත්තා. හැබැයි ජනාපතිතුමත් මේ දිරච්ච ලණුව ගිල්ලදෝ මන්ද? පොහොට්ටුවේ ගේම මුළුරටම දැන් දැනගත්තා.

:       0       2

angelo nugara Thursday, 03 January 2019 11:33 AM

අලුත්ම ආරංචිය ඔහු කියපු දේ නිවැරදි බවයි. එය නේද වැදගත් .................. අතීතයේ ඔහු මොනවා කලත් කාටවත් නැති නිර්භීත පිට කොන්දක් තියෙන පිරිමියෙක්

:       0       0

DISA Thursday, 03 January 2019 10:50 PM

මෙයා මුල ඉදලම ගැහුවේ ගේම් එකක් බව අපි දන්නවා

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 141 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 301 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1300 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 180 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 390 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 352 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site