සෝල්හිදීය (රොයිටර්)
කොරියානු අර්ධද්වීපයට සාමය ගෙන ඒමටත් ආර්ථික වර්ධනය කෙරෙහි යොමු කිරීම සඳහාත් උතුරු කොරියාව කඩිනමින් න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් තාවකාලිකව නවතා දමන බවත් න්‍යෂ්ටික පරීක්ෂණ සිදු කරන වැඩබිමක් වසා දමන බවත් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය අද, සෙනසුරාදා (21) වාර්තා කළේය.
උතුරු කොරියානු රාජ්‍ය මේ බව වාර්තා කළේ එරට නායක කිම් ජොන් උන් ලබන සතියේදී දකුණු කොරියානු නායක මූන් ජායි ඉන් සහ ලබන මාසයේදී ඇමෙරිකා එක්සත් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමට සූදානම් වන මොහොතකය.
න්‍යෂ්ටික අවි නිපදවීමේ ඉලක්කය සපුරා ගෙන ඇති බැවින් රටට තවදුරටත් න්‍යෂ්ටික හෝ අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පවසා ඇතැයි කොරියාවේ මධ්‍යම පුවත් ආයතනය වාර්තා කළේය.
තමන්ගේ ආර්ථිකය වෙනුවෙන් ‘ජාත්‍යන්තරයට හිතකර පරිසරයක්’ නිර්මාණය කරන බවත් ඒ වෙනුවෙන් ‘අසල්වැසි රටවල් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප, ක්‍රියාශීලි සහ මිත්‍රශීලි සංවාදයක් ඇති කරගන්නා බවත්’ උතුරු කොරියානු නායකයා තවදුරටත් පවසා ඇතැයි වාර්තා වේ.
උතුරු කොරියාව තමන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන් සම්බන්ධයෙන් සෘජුව අදහස් දැක්වූ පළමු අවස්ථාව ද මෙය විය.
- 055
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් තාවකාලිකව නතර කිරීමට උතුරු කොරියානු අවධානය
කුමාර් (ගල්ෆ්) Saturday, 21 April 2018 10:43 AM
ට්‍රම්ප්ගේ දැඩි පිළිවෙත නිසා මේවගේ ඔලුව නරක් වෙච්ච අය හරි මගට ගෙන ඒමට පුළුවන් වුණා..
සතයපාලSunday, 22 April 2018 06:20 AM
කුමාර්, ට්‍රම්ප්ගේ දැඩි පිලිවෙත් නිසා ලෝකයට උන යහපතක් නැහැ. උනේ ලෝක දේශපාලනය තවත් අවුල්සහගත වෙලා ලෝක යුධමය තත්වය වර්ධනය වීම පමණයි.
de silva Saturday, 21 April 2018 10:59 AM
බොහොම හොඳ තීරණයක් !!!
ධනුෂ්ක Saturday, 21 April 2018 02:15 PM
එ්කත් නරකම නෑ අත්හදා බැලීම් නතර කළත්.. බලාගාරේ වැහුවත් අත්පත් කරගත් දැනුම හා තාක්ෂණය... අාපහු අදින්න සක්කරයා අාවත් බෑනේ. දැනුම තියේනම් වුවමනා වෙද්දි එකලස් කරන එක විතරනේ තියෙන්නේ. ජලකරබෝම්බය තැනුවා කියන්නේ තව මොනවද? ලෝකෙටම රටවල් පහකට විතරයි තියෙන්නේ...
ධම්මික Saturday, 21 April 2018 02:43 PM
බටහිර රටවල් උතුරු කොරියාව සමච්චලයට ලක් කළා න්‍යෂ්ටික අවි හදන්න තියා පතොරමක්වත් හදා ගන්න උතුරු කොරියාවට බෑ කියලා. පුළුවන් බව ඔප්පු කරලා පෙන්නුවා. සාකච්චාවට එකඟ වීම උතුරු කොරියාවේ ජයග්‍රහණයක් සහ ඇමෙරිකාවේ පරාජයක්. ඇමෙරිකාව දැන් පිලිගන්නවා උතුරු කොරියාවට න්‍යෂ්ටික අවි නිෂ්පාදනය පුළුවන් කියලා. උතුරු කොරියාව මිලිටරි මනෝ විද්‍යාව හොඳට පාවිච්චි කළා.
සේනකSaturday, 21 April 2018 03:27 PM
අැමරිකාව මිලිටරි බලෙයන් රටවල් පාලනය කරපු කාලය ගියා. මේක උතුරු කොරියාව ලබපු ජයග්‍රහණයක්. අැමරිකාවට ඔය කියන තරම් ශක්තියක් තිබුණානම් මෙලහකට යුද්දයක් පටන් අරගෙන. බටහිර රටවල් අනුව දශකයෙන් පස්සේ මුහුණ දිපු සෑම යුද්දයක්ම ඉවර කරගන්න බැරි වුණා.
sasith Saturday, 21 April 2018 04:12 PM
ධම්මික හරි. උතුරු කොරියා නායකයා ලිබියාව ඉරාකය වගේ වෙන්න නොදී රට බේර ගත්තා. ඔය ටික හැදුවෙ නැත්තන් මෙලහට උතුරු කොරියාවක් නෑ
gamage Saturday, 21 April 2018 04:23 PM
උතුරු කොරියාව මීට පෙර දෙතුන් වරක්ම මෙවැනි එකඟතා ඒක පාර්ශ්විකව බිඳ දමා ප්‍රසිද්ධියක් ලබා ඇති රටකි. මෙවරත් එම දෙයම වේ යැයි අනුමාන කිරීමට තරම් සර්ව අසුබවාදී නොවිය යුතු වුවත් කියන සියලු දේ විශ්වාස නොකිරීමට ප්‍රවේසම් විය යුතුය.
සමන්ත Sunday, 22 April 2018 01:45 AM
ඇත්ත වශයෙන්ම උතුරු කොරියාව ඔලුවෙන් වැඩ කරමින් කඳෙන් වැඩ කල ට්‍රුම්ප් ගෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා කිව්වොත් නිවැරදියි. ඒ වගේම කිම් ජෝන් උන් විසින් ස්ථාවර සහ අභියෝග නොමැති පාලනයක් පවතින බව ඔප්පු කිරීම නිසා සහ දකුණු කොරියාවේ සහයෝගය මත විශාල ආර්ථික පිම්මක් පැනගන්න බවද නිසැකවම කිව හැකියි. එහෙත් අපේ රටේ එකිනෙකා විසින් කකුලෙන් ඇදීමේ න්‍යාය හේතුවෙන් අපිට නම් දියුණුවක් කවදාවත් ලබන්න බැරිවේවි.
rocky Sunday, 22 April 2018 02:03 PM
කුමාර්ට ෂුවර් ද මේ මහත්තයාගේ ඔලුව නරක් වෙලා තියන බව? ඒ වුණාට.. ඔලුවේ හැඩේ නම් හරිම ආශික්! ආසාවේ බැහැ!