IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නවාතැන් හිමිකරුගේ පහරින් සරසවි සිසුවිය රෝහලේ

(ඩී.කේ.රත්න)
 
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජල සම්පත් කළමණාකරන විද්‍යාපීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට ඇය  නවාතැන් ගෙන සිටින ස්ථානයේ හිමිකරු පහර දුන්නේයැයි පැමිණිල්ලක් කර ඇතැයි  බදුල්ල පොලීසිය පවසයි.
 
ශිෂ්‍යාව මේ වන විට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතයි අද (15)  බදුල්ල පොලීසිය පැවසීය.
 
මෝදර ගිංතොට ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිදෙකක ශිෂ්‍යාවක් මෙම නවාතැන් හිමිකරු විසින් පහරදීම නිසා  බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
 
මෙම ශිෂ්‍යාව නවාතැනට පැමිණෙන විට රාත‍්‍රිය වන බව පවසා නවාතැනෙහි හිමිකරු විසින් මෙම ශිෂ්‍යාවට නවාතැනෙන් පිටවන ලෙස  පවසා තිබේ.
 
නවාතැනෙන් පිටවීමට නම් තමා විසින් නවාතැනේ රැදවුම් මුදල් ලෙස ලබාදී ඇති රුපියල් පන්දහසක මුදල ලබා දෙන ලෙස ඉල්ලා සිටීමේදී මෙම පහරදීම සිදු කර ඇතයි මෙම ශිෂ්‍යාව බදුල්ල පොලීසියට පැමිණිලි කර ඇත.
 
මෙම ශිෂ්‍යාවට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතයි බදුල්ල පොලීසිය පවසයි. බදුල්ල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.



අදහස් (10)

නවාතැන් හිමිකරුගේ පහරින් සරසවි සිසුවිය රෝහලේ

චමින්ද Thursday, 15 August 2019 07:34 AM

නවාතැන් හිමිකරුවන්ට ඇවසි ලෙසට විශ්ව විද්‍යාලයන්හි කාලසටහන් සකස්කරන්න කියලද මේ කියන්නේ.

:       1       0

lalithm Thursday, 15 August 2019 08:15 AM

දෙන්නම වැරදි. නවාතැනකට ඕනෙවට වඩා රෑ එන්නත් හොඳ නැහැ. ඒ වගේම කාරණාවක් නැතිව එහෙම එලවන්නත් බැහැ. අධ්‍යයන කටයුත්තක් නිසා පරක්කු වෙනවා නම් නවාතැන් හිමිකරුට දඬුවම් කරන්න ඕනේ. වෙන වෙන වැඩවලට ගිහින් පරක්කු වෙලා නම් ඉතින්...

:       10       27

Ruhunu Thursday, 15 August 2019 08:47 AM

නංගි, අපි දන්නවා ඔයාලගේ තරම ඔයාලගේ ඔය සරසවිය ඇතුලේ විතරක් තියාගන්න. ඒවා එළියට ගේන්න එපා.

:       61       73

AmaraThursday, 15 August 2019 09:12 AM

ලංකාවේ විශ්ව විද්‍යාලකට නොතේරුන අය හා අනිත් අය.

:       8       49

wana Thursday, 15 August 2019 09:04 AM

සරසවි සිසුවිය හා හිමිකරු ගිවිසුම් පත්‍රයකට අත්සන් කර තිබේ නම් පමණක් (රාත්‍රී පැමිණිය යුතු වෙලාව සටහන් කර) සිසුවිය වරැදිකරුවේ. එසේ නොමැතිනම් පහර දීම සම්පූර්ණයෙන්ම වැරදියි. එසේම සිසුවියගේ "කී මනි" ඉල්ලා සිටිම සම්පූර්ණයෙන්ම නිවැරදි හා සාධාරණයි.

:       1       57

janahitha Thursday, 15 August 2019 09:18 AM

විභාගය ලංවනවිට තමා ඔක්කොම පාඩම් පටන් ගන්නේ. කොහොමත් රාත්‍රී ගමන් ගැහැණු දරුවන්ට අවදානම්. නවාතැන් හිමිකරුට ද වගකීම පැවරෙන නිසා දෙමාපියන් සමගින් ප්‍රශ්නය විසදගත්ත නම් හොඳයි. පහර දීම අනුමත කළ නොහැක.

:       1       17

sampath Thursday, 15 August 2019 09:40 AM

කුමන හේතුවක් නිසාවත් කිසිම කෙනෙකුට පහරදෙන්න කාටවත් බැහැ. ඒ නිසා මේක වරදක්.. අනෙක කාන්තාවකට පහර දීම..

:       1       14

අප්පුහාමිFriday, 16 August 2019 01:36 AM

කවුද දන්නේ පළමු වසරට විශ්ව විද්‍යාලයේදීත් දෙවැනි වසරට බෝඩිමේදීත් නවකවදය දෙන්න නවකවද කල්ලියේ අය කටයුතු කරනවාද කියල. ඒ නිසා එවැනි සම්බන්ධයක් තිබේද බලන්න.

:       0       0

Sarasi Thursday, 15 August 2019 10:17 AM

කවුරුන් වුණත් නවාතැන් සොයා ගැනීමේදී දෙපාර්ශවයම අදාළ කරුණු ලිඛිතව සඳහන් ලියැවිල්ලක් නීතිප්‍රකාර තබා ගැනීම සුදුසුයි. රාත්‍රියේ සිසුවිය නවාතැනට ආවා කියා තඩිබෑම මහා විහිළුවක්. දියුණු රටවල සිසුන් දේශනාවලින් අනතුරුව රාත්‍රී අර්ධ කාලීන රැකියාවල නියුතු වෙනවා. අනෙක ඇතැම් දේශනවලින් අනතුරුව ළමයින් සාමුහිකව රාත්‍රී වෙනකම් පාඩම් කරනවා. අපේ රටේ ළමයින් වයස 18 පසුවත් මව්පියන් විසින් අතට පයට සියල්ල කර දී පුරුද්දට උගත්කම තිබුණට, සාමාන්‍ය සමාජ දැනීමක් ඇතැම් සිසුන්ට නැහැ. එහෙම තිබුණා නම් මුලදීම බෝඩිම් අයිතිකරුගෙන් නවාතැන පරිහරණයේදී ඇති සීමාවන් අසා දැනගන්න තිබුණා..

:       1       7

ajith Friday, 16 August 2019 03:12 AM

ගැහැණු ළමයෙක් ඕනෙවට වඩා රාත්‍රී ගමන් බිමන් යාම අනුමත කල නොහැකියි. ඒගැන ඕනෙම කෙනෙකුට සැක ඇති වෙනවා. එත් ඒක වරදක් උනත් පහර දෙන්න අයිතියක් බෝඩිම අයිතිකරුට තබා මවුපියන්ටවත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 13 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 628 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 513 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 493 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 256 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 703 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site