IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නවක වදයදුන්නැයි ලක්ෂ හයක වන්දියක් නියම වෙයි

(ඩී.ජී.සුගතපාල)

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට නවක වදය දී හිරිහැර කිරීම සම්බන්ධයෙන්  චෝදනා ලැබූ  එම පීඨයේම ඉගෙනුම ලබන පස් දෙනකුට,  වින්දිත  සිසුවියට  රුපියල් ලක්ෂ හයක  වන්දියක්  ගෙවන ලෙස  ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් සංජීවනි පතිරණ මහත්මිය අද (23)  නියම කළාය.

අද  එම නඩුව කැඳවු අවස්ථාවේදී දෙපාර්ශවයේම එකඟතාව මත මෙලෙස වන්දි මුදල ගෙවිමට නියම කෙරුණු අතර   නඩුවද සමථයකට පත් කෙරිණි.

නවකවදය දුන් බව කියන ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවෙකු සහ සිසුවියන් සිව් දෙනෙකු ඇතුලු පස් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි. 

එහිදී අංක 1, 2, 5 යන විත්තිකරු සහ විත්තිකාරියන් දෙදෙනා  වන්දි මුදල් ගෙවු අතර 3, 4 විත්තිකාරියන් දෙදෙනා වන්දි ගෙවීමකින් තොරව සමථවිය.

වින්දිත සිසුවිය බෙලිඅත්ත ඉහල බෙලිගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර  ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ කෘෂි විද්‍යා පීඨයට  2018 මැයි 14වන දින ඇතුළත් වී ඇති අතර ඇය මේ වනවිට පාඨමාලාව හැරදමා නිවසට ගොස් ඇති බවද නඩුවේදි අනාවරණය විය.

උසස් තාක්ෂණ ආයතනයට ඇතුළත් වූ පසු ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් සොයා දෙන ලද නවාතැනක නතරවූ බවත් එම දෙමහල් නිවසේ කාමරයක තවත් හයදෙනෙකු සමග  සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් වරින් වර පැමිණ නවක වදයදුන් බවත් ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබේ.  මේ අතර මැයි 30වන දින ආපන ශාලාව ඉදිරිපිටදි ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් තමා දණ ගස්සවා කුණු හරුප කියමින් ඔවුන්ට දොහොත්  මුදුන්දි වැඳගෙන සිටින ලෙස තර්ජනය කළ බවත් ඇයගේ පැමිණිල්ලේ සඳහන්වේ.

මෙම ඇය විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි. මේ අතර ජූනි මස 4වන දින පීඨාධිපතිවරයාද පොලිසියට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් නවක වදය පිළිබඳ පරීක්ෂා කරන ලෙසට දන්වා තිබේ.

ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ අක්මීමණ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් මෙම සැකකාර සිසුවා සහ සිසුවියන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන අයුතු ජන රාශියක සාමාජිකයින්වීම, වාචිකව ලිංගික අතවර සිදු කිරීම, සාපරාධි බලහත්කාරය පෑම, බැන තර්ජනය කිරීම, සාපරාධී බලහත්කාරය පෑමට අනුබල දීම යන චෝදනා යටතේ   අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිට පසුව  රුපියල් පහළොස් දහසක මුදල් ඇපයක්  සහ රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

නඩුව කැඳවු අවස්ථාවේ වන්දියක් ගෙවා නඩුව සමථයකට පත්වීමට දෙපාර්ශවයම එකඟතාවය පළ කිරීමෙන් පසු අතිරේක මහේස්ත්‍රාත්වරිය විත්තිකාර සිසුවාට සහ සිසුවියන් සිව් දෙනාට දැඩි ලෙස අවවාද කර  මෙම වන්දි මුදල ගෙවීමට නියම කළාය.

 විත්තිකාර සිසුන් වෙනුවෙන් නිතිඥ ලලිත් පතිරණ මහතා සමග නීතිඥ රාජනි අබේවික්‍රම මහත්මිය පෙනී සිටි අතර අක්මීමණ පොලිසියේ පොලිස් පරීක්ෂක වික්‍රමතන්ත්‍රි මහතා සමග සැරයන් සරත්චන්ද්‍ර (59111)මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදි.



අදහස් (25)

නවක වදයදුන්නැයි ලක්ෂ හයක වන්දියක් නියම වෙයි

චමින්ද Friday, 23 August 2019 09:19 AM

හැමදාම ඔය නවකවද මෙහෙයවන්නේ ජවිපයට කඩේ යන අන්තරේ වහල්ලු. අපිත් පේරාදෙණි විශ්ව විද්‍යාලයේ හිටපු කාලේ ඕක හොඳට අත්දැකීමෙන් අත්වින්දා. ඔය සමාජවාදය විශ්ව විද්‍යාලයෙන් එළියට ආවම පේන්නවත් නැහැ. අහිංසක ගම්වල දෙමාපියන්ගේ උගත් ළමයින්ව කඩේයවලා ජේවීපී ලොකු ලොකු අය පවතින ආණ්ඩුවට හොඳට කඩේ යනවා. හැබැයි නිකන් නෙමෙයි ඩොලර් කුට්ටිවලට... ඔහොම දඩගහන එක තව වැඩිකරන්න..

:       5615       1297

sunilFriday, 23 August 2019 10:11 AM

ජවිපෙ රටේ බලයට අාවොත් නවකවදය හෝඩියේ සිට පටන් ගනී. මේ අයට වන්දි ගෙව්වම පමණක් මදි. මෙවැනි අය නෙරපා හැර සිර දඬුවමකට යටත්කළ යුතුයි.

:       51       689

TharinduFriday, 23 August 2019 11:51 AM

ජවිපෙ සැබෑ බලය දැක්ක ‌පොහොට්ටුවේ වහල්ලු දැන් ‌මොනවා හරි සම්පප්‍රලාප ‌‌දොඩවලා ජවිපෙ ගමන නවත්තන්න හැදුවට ‌මෙදා පාර ‌ඡන්දෙදි ‌පොහොට්ටුව ඇඹරිලා යන හැටි අපිට ‌හොඳට බලාගන්න පුළුවන්. දැන් ඔය බයිලා ‌දොඩවලා ඡන්ද කරපු කාලෙ ඉවරයි මහත්තයෝ. ‌ජනතාව රැවටී‌මෙත් සීමාවක් තියෙන්න එපායැ. ඡන්දෙ දිනන්න ඉස්සෙල්ලා කියව කියවා ඉන්නේ නැතිව 18‌වෙනිදා ජවිපෙ ‌ගෙනාවා වගේ ලක්ෂ ගාණක ‌සෙනග ‌ගෙනැල්ලා ‌ගෝල්ෆේස් පිටිය පුරවලා ‌පෙන්නපල්ලා බලන්න. එක බල්ලෙක් එන්නෑ සත්තයි..! එදා තමයි ‌පොහොට්ටුව ඇත්තටම ජවිපෙ බලය දැනගන්න ඇත්තේ...

:       730       1810

RaveendraFriday, 23 August 2019 05:53 PM

Tharindu මයා වෙත, ඔබගේ අදහස්වලට අප ගරු කරන්නෙමු. ඔබ සඳහන් කළ පරිදි අපට නම් ගොන් අලි, මලානික වෙච්ච පොහොට්ටු හෝ ඔහෙලා වන්දනාමාන කරන රතු හැට්ටකාරයන් බලයට එ්ම හෝ නොඑ්ම වැදගත් නැත. (රතු, කොළ, නිල් මූසල පක්ෂ නැතිභංග වේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි) අවශ්‍ය වන්නේ රට අවංකව සේවය කරන රටේ ආරක්ෂාව ගැන සිතන මිනිසුන් බලයට ඒමයි. ඔහෙලා ගොට්ට අල්ලන රතු හැට්ටකාරයින්ටවත්, ගොන් අලින්ටවත් මලානික පොහොට්ටුවලටත් එය බැරිබව පසුගිය දශක කීපයකින්ම ඔප්පු කර ඇත. අමතක නොකරන්න ඔහෙත් අද දින කුසගින්න නිවාගත්තේ අප හෙලන ලේ කදුළු දහදිය නිසා බව... අප නිසා ඔය සියලුම පක්ෂවල තුන්වේල ගිලදමා ලක්මව විනාශ කරමින් මේ මොහොතේත් වැජඹෙන බව නොරහසකි. සරසවි සිසුන් යනු කාලකන්නි ජෙප්පන්ගේ අතකොලු නොවෙන බවත් අන්තරේ ඉන්න අයට මුළු සරසවි පද්ධතියම දියව් දියව් කියමින් නටවන්නට ඉඩදී අහිංසක මිනිසුන්ගේ බදුමුදල් නාස්ති කිරීමට අප නම් කිසිවිට අනුමත නොකරන බවත් ඔහේ ඇතුළු අනුර මලයගෙන් සමන්විත රතුහැට්ටකාරයින්ට කීමට කැමැත්තෙමු. අන්තරේ ඉන්න අයට මෙය කියවීමට හැකිවේවා.. !!! 

:       323       406

කල්පනාSaturday, 24 August 2019 01:06 AM

නවක වදය දෙනවුන්ට දඩයට අමතරව විභාගවල පෙනීසිටීම තහනම් කිරීමත් සහතික දීමත් නතරකල යුතුය .එසේම ඔවුන් අසාධු ලේඛණ ගතකර රැකියාවන්ටද අවහිර ඇතිකල යුතුය එවිට ඔවැනිදේ නොවිය හැකිය.මෙම වන්දිය ගෙව්වාම වදයට ලක්වූ සිසුවියගේ අනාගතය සාර්තක වේද.ඒවැනි දේටත් පිලියම් යොදන්න

:       0       106

RaveendraFriday, 23 August 2019 02:57 PM

චමින්ද මයා වෙත, පළමුව අප ගරු අධිකරණයට මෙවන් නිවටයින්ට ලබාදුන් නිසි දඬුවම් පිළිබඳව අපගේ හිස නමා ආචාර කරන්නෙමු. ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මෙවන් නිවටයින්ට ඉදිරියේදී කිසිදු ආයතනයක ඉගෙනීමට හෝ රැකියාවක් ලබාදීමද නොකළ යුතුය. අපගේ මෙම අදහස් කිසිදු පක්ෂ භේදයකින් තොරව සඳහන් කරන්නේ අපගේ අනාගත පරපුර හොඳින් ඉගෙනගෙන රටට ඵලදායි පුරවැසියන් වෙනවා දැකීමට ඇති අවංක චේතනාවෙන් බැවින් කිසිඳු අධ්‍යාපන ආයතනයක නවකවදය සඳහා කිසිඳු ඉඩකඩක් තැබිය යුතු නැත. අන්තරේ ඉන්න රස්තියාදුකාරයින්ට සහ දියවන්නා ඔයේ ඉන්න රතුහැට්ටකාරයින්ටත් අප මෙසේ පවසන්නේ අහිංසක දරුවන්ව තමන්ගේ මෝඩ දේශපාලන කටයුතු සඳහා අතකොලු කරගැනීමෙන් නුඹලා තව තවත් මිනිසුන්ගෙන් ඈත්වෙනවා හැර ළං වෙනවාද යන්න තමන්ම තීරණය කරන ලෙසයි.

:       14       325

max Friday, 23 August 2019 09:21 AM

ඉතාම හොඳ තීන්දුවක්. සා.පෙළ ලියලා, උසස් පෙළත් ලියලා ළමෝ උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නේ ලොකු රැග්එකක් කාලා. දේශපාලන අතකොලු වෙච්ච, මනසින් යක්කු වගේ වෙච්ච මේ වගේ සීනියර්ලාගෙන් ලබාගන්න අමුතු රැග්එකක් ඒ ළමයින්ට නැහැ. උසාවියට පුළුවන් නම් පරපීඩක මානසිකත්වය තියෙන මේ යක්වෙස් ගත ළමයින්ගේ දේශපාලන අප්පොච්චිලාටත් දඩයක් ගහන්න, ඉතාම සුදුසුයි.

:       0       408

ගල්කටස් Friday, 23 August 2019 09:30 AM

නියම තීන්දුව.. මානසික විකෘතියකින් පෙලෙන අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලය සහ සාමාජවාදීන් යැයි කියා ගන්නා සිසුන් හෙවත් දාමරිකයින් විසින් දැන් සිදුකරන නවක වධයට කදිම පිළිතුරක් සපයා අැත. නවක වදය නමින් සිදුකරන ලිංගික, ශාරීරික හා මානසික වදයන්ට තව තවත් දඩයම් නියම කිරීමට හැකි නම් එයද අගයමු. ගීතයක්, නර්තනයක් වැනි දේ එදා සිදුකළත් අද කරන්නේ ලිංගික හිංසනයන්ය. මෙය බහුතරයක් ජෙ.වී.පි හා පෙරටුගාමීන් මෙහෙයවන ශිෂ්‍ය සාමාජිකයින් සිදුකිරීම වඩාත් ඛේදනීයයි.

:       2       432

lalithm Friday, 23 August 2019 09:34 AM

දඬුවම මදි. මානසික රෝහලට යොමු කරන්නත් ඕනේ... ආයෙමත් ජීවිතේට උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුල් වීම තහනම් කරන්නත් ඕනේ.

:       0       371

lalithm Friday, 23 August 2019 09:34 AM

දඬුවම මදි. මානසික රෝහලට යොමු කරන්නත් ඕනේ. ආයෙමත් ජීවිතේට උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුල් වීම තහනම් කරන්නත් ඕනේ...

:       0       249

Bamunuarachchi Friday, 23 August 2019 09:40 AM

කියලා වැඩක් නැහැ මම මෑත කාලයේ අහපු ඉස්තරම්ම තීන්දුව. දැන් ඉතින් උගස් කරපල්ලකෝ ඉන්න ගේ කෑල්ල වන්දි ගෙවන්න. වින්දිතයා වන්දි එපා කියන්න නම් එපා. එහෙම කළොත් නඩුවේ ප්‍රයෝජනයක් නැහැ.

:       54       410

AmilaFriday, 23 August 2019 10:32 AM

අනිවාර්යයෙන්ම මේ වගේ තීන්දු දෙකතුනක් දුන්නා නම් මේ හරක් හැදෙනවා. මොවුන්ව සමාජයෙන් කොන්කරන්න ඕනෑ.

:       0       272

RaveendraFriday, 23 August 2019 03:29 PM

Amila මයා වෙත, ඔබ විසින් හා.., හා.., හා.., හරක් ලෙස ආමන්ත්‍රණය කලේ අර අන්තරේ ඉන්න අන්දරේලා නමැති මී හරකුන්ටද නැත්නම් ඒ මී හරකුන් විසින් නටවන සරසවිවල ඉන්න වසුපැටව් ටිකටද? චී... චී.. ඔබ විසින් උගත්, බුද්ධිමත් කශේරුකා නොමැති මිනිස් උරගයින්ට අපහාස කර ඇති බවක් පෙනෙන බව දැන්වීමට කැමැත්තෙමු.

:       2       159

de silva Friday, 23 August 2019 10:06 AM

මේකද මේ ගොල්ලන් දකින නිදහස් අධ්‍යාපනය, ජවිපෙ රැස්වීම්වල කතාකරන මිනිස්සු පෝලිමේ ආවත් ජවිපෙට මිනිස්සු ඡන්දෙ නොදෙන්න මේකත් එක හේතුවක්... මෙවැනි වරදක් කළාම සල්ලි දීල බේරලා යවන එක නවත්වන්න ඕනේ... අනිවාර්යයෙන්ම හිරේ අරින්න ඕනේ. අහිංසක සිසු සිසුවියන්ගේ අනාගතය විනාශ කරන වධකයින්...

:       0       325

janaka Jayasinghe Friday, 23 August 2019 10:27 AM

නියම නඩුවක්, නියම තීන්දුවක්, නියම විනිශ්චයකාරවරියක්. නඩුව නියමාකාරයෙන් විත්තිකරුවන්ට එරෙහිව ගොනුකළ පොලිස් නිලධාරීන්ටත්, වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි කලුකෝට් කාරයින්ටත් මාගේ ගෞරවය පුදකරමි. මින් ඉදිරියට නවක හෝ පරණ හෝ වෙනත් නමකින් හෝ නවක සිසු සිසුවියන්ට දඬුවම් කරන සියලු දෙනාට විරුද්ධව නීතිය ඉදිරියේදී මේ නඩු තීන්දුව ආලෝකයක් වේවා...!!! මෙහිදී ගෙවූ වන්දිමුදල 10 ගුණයක්වත් වූවා නම් යහපත් බව හැඟේ...

:       0       274

Amila Friday, 23 August 2019 10:30 AM

ලක්ෂ හයට අමතරව මානසික රෝහලටත් මාස කීපයක් හරි යැව්වා නම් තමයි හොඳ. අනික මොවුන්ගේ නම් ගම් හෙලිකරන්න. කිසිම රාජ්‍ය ආයතනයක හෝ පුද්ගලික ආයතනයක හෝ රැකියාවක් මොවුන්ට දෙන්න එපා. මෙවැන්නන් එල්ලලා මරන්න ඕනේ... රටටත් හෙනයක්, සමාජයටත් පිලිලයක්...

:       24       265

sampath Friday, 23 August 2019 10:42 AM

නවකයින්ට අධ්‍යාපන කටුතු පටන් ගන්නකොට මාස 2ක් විතර ජ්‍යෙෂ්ඨ සිසුන් එම භූමියෙන් ඉවත්කර තැබුවහොත් අවුරුදු 4න් නවකවදය අවසන් කල හැකියි.

:       1       103

amila peiris Friday, 23 August 2019 11:17 AM

නවක වදය යනු වාචිකව ලිංගික අතවර සහ ප්‍රායෝගික ලිංගික අතවර හොඳම උදාහරණය රුහුණ විශ්වවිද්‍යාල ය... ජවිපෙ හා පෙරටුගාමී දේශපාලන මානසික විකෘති වහල්ලු කරන සක්කිලි වැඩ. 88 - 89 වගේ ටයර් උඩ යවන්න ඕනෑ. අපමණ කැපකිරීම් සිදුකර තම දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදෙන්නේ කොහොමද? මේ වගේ සත්තු හින්දා.

:       0       142

Hareendra Friday, 23 August 2019 11:24 AM

නියම තීන්දුව... දුක් මහන්සි වෙලා ඉගෙනගන්න යන ළමයින්ට වදදෙන මානසික රෝගීන්ට දඩ ගහල මදි.. සිරදඬුවම් දෙන්න ඕනි.

:       0       160

Bishan Friday, 23 August 2019 01:40 PM

මොවුන්ගේ මූණවල් ප්‍රසිද්ධ කරන්නත් ඕනේ...

:       0       180

Barindu Friday, 23 August 2019 02:46 PM

එක ජෙප්පෙක් විතරයි අදහස් ලියලා තියෙන්නේ... ඌත් 1990න් පස්සේ ඉපදිච්ච එකෙක්. අතීතයක් නැති පුස් අනාගතයකටයි මාන බලන අය...

:       1361       177

de silva berlin Saturday, 24 August 2019 03:13 AM

නවක වදයේදී සිදු වෙන්නේ නවක සිසුන් නිරුවත්කර ඇදුම් ඉරා පහරදී සහ නොයෙකුත් වද බන්ධන වලට යටත් කොට ඔවුන් බයකරගන්න එක , ඊට පස්සේ ඔවුන්ව ඕනේ ඕනේ විදිහට නටවන්න පුළුවන් , පාරවල් දිගේ දක්කාගෙන යන්න පුළුවන් , මේවට වගකියන්න ඕනේ ජවිපෙ සහ පෙරටුගමියෝ , පෙරටුගමියෝ අපේ දරුවන්ගේ අනාගතය කුරුටුගාන අතර උන්ගේ නායකයන්ගේ දරුවන් ඉගෙන ගන්නේ ඕස්ට්‍රේලියාවේ , හොඳම දෙය කවුරු කැමති වුනත් අකමැති වුනත් ඔය ඊනියා විශ්ව විද්‍යාල සංස්කෘතිය කියන එක පැත්තකට දමල නවක සිසුන් ඉන්න නේවාසිකාගාරවලට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව දීම .

:       0       4

charith Sunday, 25 August 2019 10:01 PM

මෙවැනි සමාජ පිළිල වලට දඩ ගැසුවාට මදි. මතක සිටින සිර දඬුවමකට යටත් කල යුතුයි. එමෙන්ම, මේ සිසුවියට ඇගේ අධ්‍යාපනය තව දුරටත් කරගෙන යාමට අවස්ථාව ලබා දිය යුතුයි.

:       0       3

maheshika Tuesday, 27 August 2019 09:27 AM

වැරදිකරුවන් උනානම් අනිවාර්යෙන් ඔඋන්ගේ පන්ති තහනම් විය යුතුමි. ඔඋන් සමජෙටම පිළිලයක්. අහිසක ළමයෙකුට ඉගෙනීමට ඇති අවස්ථාව නැතිකරපු ඕකුන්ට තව රජයේ වියදමින් නොමිලේ අද්‍යාපනය ලබා දිය යුතුද?

:       0       0

අවසන් හුස්ම Tuesday, 27 August 2019 12:54 PM

දැන් විශ්වවිද්‍යාල වලින් ජ.වි.පෙ. බලය ගිලිහී ඇත. දැන් බලය හිමිව ඇත්තේ පෙරටුගාමීන්ටය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 640 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 121 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 871 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 896 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1256 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1137 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site