IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නවක වදයට තිත තබමු


 

පේරාදෙණියේ විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයේ නවක වදය උග්‍ර අතට හැරීමෙන් එහි දෙවැනි වසරේ සිසුන්ගේ අධ්‍යයන පාඨමාලාව පසුගිය 16 වැනිදා තාවකාලිකව අත්හිටුවා තිබේ. විශ්විද්‍යාලය තුළ නවක වදය ක්‍රියාත්මක වන බවට ලැබුණු පැමිණිලි සලකා බැලීමෙන් පසුව එම තීරණය ගත් බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා ප්‍රකාශ කර තිබිණි.

සෙසු පීඨවල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවිට දෙවැනි වසරේ සිසුන්ට පමණක් නේවාසිකාගාරවලින් පවා ඉවත්ව ගොස් නිවෙස්වලට වී සිටීමට සිදුව ඇත්තේ ඔවුන් අතුරින් පිරිසක් නවක වදය ලබාදෙන ‘‘ජ්‍යෙෂ්ඨ උත්තම අයියලා’’ වීම හේතුවෙන් බව අපට පිළිගැනීමට සිදුවෙයි. මේ ‘‘අයියලා’’ ටික එළියේ සිටියදී ඔවුන් අතින් නවක වදයට ලක්වූ නවක මල්ලිලාගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව සිදුවෙයි. ‘‘අයියලා’’ පමණක් නොව නවක වධකයන් බවට පත්ව සිටින ‘‘අක්කලා’’ ද සිටින බවද සඳහන් කළ යුතුය. ටික කලකට ඉහතදී සබරගමුව සරසවියේ එවැනි ‘‘අක්කලා’’ කිහිපදෙනකුගේ වධය හේතුවෙන් එක් සිසුවියකට ජීවිතය පවා අහිමි වූ බවද මෙහිදී සිහිපත් කරමු.

අලුතින් සරසවිවලට ඇතුළු වන නවක සිසු සිසුවියන් හඳුනා ගැනීමත් ඔවුන් තුළ ඇතැම් විට පැවතිය හැකි සබකෝළ ගතිය තුරන් කොට උසස් අධ්‍යාපන කටයුතු සඳහා මනස හැඩගස්වා ගැනීමත් සඳහා ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් විසින් කිසියම් අර්ථවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා කිසිවකුත් විරුද්ධ වන්නේ නැත. එහෙත් නවක සිසුන් හඳුනා ගැනීම නම් හේතු පාඨයට මුවා වී තමන්ගේ සිත්වල තිබෙන ජඩ පරපීඩිත චේතනා මුදුන් පත් කරගැනීමට කටයුතු කරන අඳබාල ජ්‍යෙෂ්ඨ සිසු පිරිසක් විසින් ඉහත කී උසස් සංස්කෘතික වැඩපිළිවෙළකට තිබෙන සියලු ඉඩකඩ වසා දමනු ලැබ තිබේ. නවක සිසු සිසුවියන් කායික මානසික සහ ලිංගික පීඩාවන්ට ලක්කිරීමෙන් බලාපොරොත්තු වන සුගතිය කුමක්දැයි වටහා දීමට සමත් ‘‘ජ්‍යෙෂ්ඨ උත්තමයන්’’ ඒ අතර සිටී දැයි අපි නොදනිමු. එහෙත් මෙතරම් දියුණු ජන සමාජයක් තුළ ආදී වාසී යුගයේ සිතුම් පැතුම් තිබෙන උසස් අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් සිටින බව දැන ගැනීම පවා අපට නම් මහා පිළිකුලකි. මේ නවක වද උවදුර වහාම නවතා දැමීමට දැඩි පියවර ගත යුතු බව අපි යළිත් දැඩිව අවධාරණය කරමු.

මෙම කාලකණ්ණි නවක වදය හේතුවෙන් 2015/16 වසරේ නවක සිසු සිසුවියන් 1352ක්ද 2016/17 වසරේ 637ක්ද 2017/18 වසරේ 2000ක්ද සරසවි හැර ගොස් සිටින බව සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙයි. මේ ඉතා මෑතකාලීන තත්ත්වයයි. ඊටත් පෙර නවක වදය හේතුවෙන් සරසවි හැරගිය පිරිස ගැන තොරතුරු නැතත් මේ හා සමාන සංඛ්‍යාවක් එම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී සිටින බව අපගේ වැටහීමය. 1974 වසරේ දී නවක වදයෙන් බේරීම සඳහා පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාරයෙන් බිමට පැන්න රූපා රත්නසීලි මේ කතාවේ කේන්ද්‍රය වශයෙන් සැලකිය හැක. ඇය එම සිද්ධියත් සමඟ සදාකාලික අංග විකලත්වයට පත්වූ අතර මීට කාලයකට ඉහත ඇය සියදිවි නසාගත්තේ තවදුරටත් මේ දුක දරාගත නොහැකි බව සඳහන් කරමිනි. නවක වදයේ අව කේන්ද්‍රයක් වූ ඇය මියගිය ද තවමත් සරසවිවල අමානුෂික නවකවදය ක්‍රියාත්මක වීම බරපතළ ඛේදවාචකයයි.

ආමනුෂික නවක වදය නැවැත්වීමට විවිධ ආණ්ඩු මගින් විවිධ යෝජනා සරසවිවල තරමක් දුරට නවක වදය පාලනය කරගෙන තිබෙන නමුත් බොහෝ දුරට කලා පීඨවල සහ වාණිජ හා කළමනාකරණ පීඨවල නවක වදය තදින්ම ක්‍රියාත්මක වන බවට තොරතුරු තිබේ. ඒ අර්ථයෙන් ගත් කළ පේරාදෙණියේ ඉංජිනේරු පීඨය තුළ තවමත් දැඩිව නවක වදය පවතින බව දැනගන්නට ලැබීමත් දැඩි කනස්සලකි.
නවක වදය නැවැත්විය යුතු බවට ඕනෑ තරම් උදාහරණ අතීතයේ සිට තිබේ. අප ඉහතින් සඳහන් කළේ එවැනි අවස්ථා දෙකක් පමණි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කලකට ඉහත දී සිදු වූ නවක සිසුවෙකුට හිසට ටයරයක් පෙරළීමේ සිද්ධිය ද රට පුරාම නවක වදයට එරෙහිව ජන මතයක් ඇති කිරීමට හේතු විය. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සරසවි අධ්‍යාපනයෙන් මුළුමනින්ම බැහැර විය යුතුය. ඒ සඳහා සුදුසු පරිදි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවිය යුතු බව අපි දැඩිව කියා සිටිමු. සරසවි තුළ තමන්ගේ අභිමතය පරිදි දේශපාලනය කිරීමට සෑම සිසුවකුටම තිබෙන නිදහස සහ අයිතිය අපි පිළිගනිමු. එහෙත් දේශපාලනය සහ නවක වදය එකිනෙකට පටවලා ගෙන නවක වදය මුවාවෙන් සිදුකරන බලහත්කාරී සහ සාපරාධී ක්‍රියා වහා නැවැත්විය යුතු බවද ඒ සමඟ ප්‍රකාශ කරමු.

සරසවි තුළ ක්‍රියාත්මක නවක වදය නැවැත්වීම සඳහා රාජ්‍ය බුද්ධි සේවාවේ සහාය ලබා ගැනීමට ක්‍රියා කරන බව මේ වනවිට ප්‍රකාශයට පත්ව තිබේ. රජය මේ පියවර ගැනීමට යන්නේ සරසවිවල නවක වදය පාලනය කිරීම සඳහා යා යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට පත්කර තිබූ සාමාජිකයන් 8 දෙනකුගෙන් සමන්විත කමිටු වාර්තාවේ සඳහන් කරුණුවල ප්‍රතිඵලයක් වශයෙනි. මේ සඳහා සියලුම සරසවි උප කුලපතිවරුන් සහ නීතිපතිවරයා පළකළ මත සැලකිල්ලට ගත් බවද සඳහන්ය. මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පසුව නවක වදයට මූලික වන සිසු පිරිස පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මඟ පෑදෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. එම තොරතුරු පදනම් කරගනිමින් වැරදිකරුවන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කළහොත් නවක වදයට තිත තැබීම අපහසුවක් නොවනු ඇති බව අපගේ පිළිගැනීමයි.

(***)



අදහස් (16)

නවක වදයට තිත තබමු

shehan galappathi Monday, 21 September 2020 10:45 AM

නවක වදේ දෙන අයට ... ඒ විදිහටම කරන්න ඕනේ...

:       0       8

dhamneth Monday, 21 September 2020 11:05 AM

නවක වදය දෙන සිසුන් හඳුනාගැනීමට හොඳම ක්‍රමය තමයි බුද්ධි අංශයේ හෝ විශේෂ බලකායේ වයස නොපෙනෙන නිලධාරි නවක සිසුන් වශයෙන් වෙස්වලාගෙන නවක සිසුන් ඇතුළත් කරන විටම විශ්ව විද්‍යාලවලට එවීම. මේ නිලධාරීන් නවක සිසුන් ලෙස හැසිරෙමින් තොරතුරු එක්රැස් කර ගන්නවා. එක නේවාසිකාගාරයකට එක නිලධාරියෙක් බැගින්වත් පත්කරගන්න වෙනවා.

:       13       105

lankaMonday, 21 September 2020 01:48 PM

මේ අදහසට අන්ල්යික් කරන්නේ නවක වදකයින් පමණි...

:       2       22

සේනක Monday, 21 September 2020 02:23 PM

නැහැ නැහැ ... අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කියන ජේවීපී රතු අලි පැටව්..

:       2       31

AsankaTuesday, 22 September 2020 06:15 AM

උපකුලපතිලගේ අනු දැනුමෙන් සිදුවන නවක වදය මේ විදියට නවත්වන්න බැහැ.

:       0       2

NImal Monday, 21 September 2020 01:31 PM

එක රටක්, එක නීතියක් තිබේනම් එය විශ්ව විද්‍යාලයටත් අදාළ කරමු...

:       0       7

බංකුබංකු Monday, 21 September 2020 01:39 PM

නවක වදය නවත්වන්නම බැරිනම් නරකද නවක සිසුන් ගන්නා අවස්ථාවේම දෙවැනි වසරේ සිසුන්ගේ නම් ගම් ලිපිනයන් හා ඡායාරූපයන් නවක සිසුන්ට ලබාදෙනවා නම්...? අඩුම තරමේ බැච්වල සිටින අයගේවත් දෙනවා නම් සුදුසුයි.

:       0       5

Raveendra Monday, 21 September 2020 03:12 PM

ඉතාමත්ම වැදගත් විස්තරාත්මක ලිපියක්....ඉතාම පහසුන්වෙන් "නවක වදේ "නැත්තටම නැති කළ හැක. කළයුත්තේ අන්තරේ නමැති රතුහැට්ටකාරයින්ගේ නොහොත් කුඩුකාරයින්ගේ, කසිප්පුකාරයින්ගේ රූපකායන් වෙනස් වන ලෙසම අවශ්‍ය කටයුතු සලස්වා ඇඩ්රස්ද නැතිකර දැමීමය. එලෙසම සෑම සරසවියකම ජේෂ්ඨ උත්තම අයියලාගේ බූරු නායකයන් කියන බියගුල්ලන්ව රූපකාය වෙනස්කොට සමාජයෙන් ඈත්කිරීමයි.

:       0       7

Raveendra Monday, 21 September 2020 06:42 PM

ඉතාමත්ම වැදගත් විස්තරාත්මක ලිපියක්... ඉතාම පහසුවෙන් "නවක වදේ"නැත්තටම නැති කළ හැක.. කළයුත්තේ අන්තරේ නමැති රතුහැට්ටකාරයින්ගේ නොහොත් කුඩුකාරයින්ගේ, කසිප්පුකාරයින්ගේ රූපකායන් වෙනස් වන ලෙසම අවශ්‍ය කටයුතු සලස්වා ඇඩ්රස්ද නැතිකර දැමීමය. එලෙසම සෑම සරසවියකම ජ්‍යෙෂ්ඨ උත්තම අයියලාගේ නායකයන් කියන බියගුල්ලන්ව රූපකාය වෙනස්කොට සමාජයෙන් ඈත්කිරීමය. දියව් දියව් හැම රෙද්දම අපට දියව් කියන අයව හඹාගොස් නිසි උත්තර සැපයීම සෙතකි.

:       0       0

Perera Monday, 21 September 2020 06:50 PM

තිත තියන්නේ කොහොමද කියලා කවුරුවත් දන්නේ නැහැ.

:       0       1

Perera Monday, 21 September 2020 06:51 PM

තිත තියන්නේ කොහොමද කියලා කවුරුවත් දන්නේ නැහැ.

:       0       0

Bamunuarachchi Monday, 21 September 2020 09:55 PM

මොන විහිළුවක්ද කොයි කාලේ ඉඳන් තිත තියනවද? නවක වදයට අසුවුණු කෙනෙකුට අදාළ කොල්ලන්ව කෙල්ලන්ව රහසින් හෝ පෙන්වන්න පුළුවන්. ඊටපසු ඔවුන්ට දඬුවම් දී කෙලිම පන්න දමනවා නම් මේක නවතා ගන්න පුළුවන්. ඇයි එය කරන්න බැරි... පරිපාලනය කාටද බය?

:       0       0

Chaminda Tuesday, 22 September 2020 01:00 AM

යුද්ධය, කොරෝනා ජයගත් ආණ්ඩුව පුලුවන් නම් මේක නවත්වලා පෙන්නන්න. පිටගම් වලින් ආපු ගංකබරයින්ගේ මානසික ව්‍යාකූලත්වයෙන් කරන මේවගේ කාලකණ්ණින්ව ගෝල්ෆේස් පිට්ටනියට ගෙනත් වෙඩිතියලා, බුලට් එකේ මුදලුත් දෙමාපියන්ගෙන් අයකරගන්න ඕනෑ.

:       0       0

priyantha Tuesday, 22 September 2020 04:39 AM

මගේ දරුවෙක්ට ඔහොම කළොත් ඔය කියන අයියලාගේ ගෙවල්වලට ගිහින් හරි එළියට ඇදලා ගන්නවා.

:       0       0

sujeewa Tuesday, 22 September 2020 06:38 AM

අපිට අපේ නෑදෑ හිත මිතුරන්ට නවක වදය දුන්නොත්...

:       0       1

susil Tuesday, 22 September 2020 07:03 AM

අපිට නවකවදය දුන්නොත් අපි ඒ අයව දැක්ක දුටු තැනම මරලා දානවා. අනිවාර්යයෙන්ම...

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 175 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 760 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 637 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 572 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 286 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 731 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site