IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


නව විදුලි බලාගාර ඉදිනොකිරීම නිසා ලංවීමට දිනකට කෝටි 25 ක් පාඩුයි

(ඩයනා උදයංගනී)

පසුගිය රජය සමයේදී කිසිඳු නව විදුලි බලාගාරයක් ඉදිනොකිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට දිනකට රුපියල් කෝටි 25ක පමණ පාඩුවක් සිදුවන බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය.

පසුගිය රජය සමයේ දී අඩු මිලට විදුලිය නිපදවිය හැකි ස්වභාවික වායු බලාගාර එකක් හෝ ඉදිකර තිබිණි නම් මෙම පාඩුව අවම කරගන්නට තිබිණි යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

එවැනි බලාගාරයක් ඉදිකර තිබුණේ නම් රුපියල් 9, 10 වැනි මිලකට විදුලි ඒකකයක් නිපදවීමේ හැකියාව තිබෙන බව කී අමාත්‍යවරයා මේ වන විට ඩීසල් මගින් නිපදවන විදුලි ඒකකයක් ලබාගැනීම සඳහා රුපියල් 20ත් 30ත් අතර මුදලක් වැයකිරීමට මණ්ඩලයට සිදුවන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවේය.

එයින් සිදුවන දැවැන්ත පාඩුව හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය බරපතල ගැටළුවකට මුහුණ දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව පසුගිය රජය ගතවූ වසර පහක කාලය තුළ එක් විදුලි බලාගාරයක් හෝ ඉදිනොකිරීම නිසා සමස්ත විදුලි අවශ්‍යතාව සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලය අපොහොසත් වී ඇතැයි ද ඇමති අමරවීර මහතා පැවසීය.

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවන අදියර හා කෙරවලපිටිය ස්වභාවික වායු බලාගාරයේ ද ඉදි කිරීම් මෙම වසරේදී ආරම්භ කිරීමට නියමිත බව කී ඇමතිවරයා එම බලාගාර දෙකෙන් ජාතික විදුලි පද්ධතියට මෙගවොට් 600ක විදුලි ධාරිතාවයක් එක්වන බව ද සඳහන් කළේය.

එබැවින් දැනට හඳුනාගෙන ඇති හා අනුමැතිය ලබා දී ඇති පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති ඉතාමත් ඉක්මනින්ම ආරම්භ කිරීමට තීරණයක් ගෙන ඇතැයි ද අමරවීර මහතා කීවේය.

එහිදී විදුලි බල පනතේ අඩු ලුහුඩුකම් ඇතොත් ඒවා සංශෝධනය කර දී විදුලිබල ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය සකසාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කීය.



අදහස් (18)

නව විදුලි බලාගාර ඉදිනොකිරීම නිසා ලංවීමට දිනකට කෝටි 25 ක් පාඩුයි

Chandra Friday, 24 January 2020 02:42 PM

මැරිලා ඉපදිලා වගේ කතාව...

:       13       116

ලසන්තSaturday, 25 January 2020 01:24 AM

චන්ද්‍රාගේ කථාව සියයට දාහක් නිවැරදියි. පසුගිය රජය කියන විට තමනුත් එහි ප්‍රධාන කොටස්කාරයෙක් ලෙසට ධීවර ඇමති ලෙසට හිටියා කියලා මතකම නැද්ද ඇමතිතුමෝ...? ඒ හැරෙනවිට 2015 සිට විදුලිබල ඇමතිවෙලා හිටියෙත් සියඹලාපිටිය ඇමතිතුමා නේද? එහෙම නම් වැරදිකරුවා තමුන්ම කියලා හිතන්න මොළයක් ඇත්තේම නැද්ද? 1994දී බලයට පත්වූ චන්ද්‍රිකා මැතිණියත් බලයේ සිටියදී පසුගිය රජයකාලේ විදුලිය බිංදුවක්වත් නිපදවූවේ නැහැ කිව්වේ මහවැලියේ විශාල විදුලිබලාගාර කීපයක් ඉදිකල රජයකට එදිරිවයි. එ් නිසා දැන්වත් ජනතාව රැවටීම නතර කරන්න.

:       0       10

Mahee Friday, 24 January 2020 03:07 PM

විදුලි බල මණ්ඩලේට පාඩු වුණාට අනික් අයට ලාබයිනේ. ඕක ඒ ගොල්ලන් කිසිම උනන්දුවක් නොගත්තේ නිකම්ම වෙන්න බැහැ. ඒ හින්දා ඕක ගණන් නොගෙන ඉඳිමු.

:       4       11

ranjith Friday, 24 January 2020 03:44 PM

විදුලි බල ඇමති ලෙස වැඩි කාලයක් පසුගිය ආණ්ඩුවේ හිටියොත් ඔයාලගේ කෙනෙක්ම නේද?

:       27       127

thilak Friday, 24 January 2020 04:50 PM

ඒ කාලේ ඇමති රන්ජිත් සියඹලා පිටිය, එය තමයි සේවකයෝ 6000ක් දැම්මෙත්, ජනාධිපති සිරිසේන මහත්තයා, ඒ කියන්නේ ඒ ගොල්ලෝ වගකියන්න ඕනේ...

:       5       136

prasad Friday, 24 January 2020 08:05 PM

විදුලිබල ඇමති වෙලා කාලයක්ම හිටියේ චම්පික නේද? එයා විදුලි ඉංජිනේරුවෙක් නිසා ඕවා ඔක්කොම දියුණු කරන්න ඇති කියලයි මිනිස්සු හිතුවේ. අනේ මන්දා... හැමතැනම සල්ලි යටි මඩි ගහනවා විතරයි.

:       1       0

Jai Friday, 24 January 2020 09:29 PM

ගිය ආණ්ඩුවේ කැබිනට් එකේ ඔයත් හිටියනේ. ඔබට ඒක නිසා නිකම්ම අතපිහිදාගන්න බෑ. මිනිස්සු මැරිලා ඉපදිලා නෑ.

:       0       2

Asanga Saturday, 25 January 2020 03:55 AM

එතකොට තුමා ඔබතුමා මැරිලා ඉපදිලාද ඉන්නේ...? ඔය ඔක්කොම වගකියන්න ඕනෑ.

:       0       12

muditha Saturday, 25 January 2020 04:14 AM

හරි සර්.. මම කරන්නම්.. මගේ වගකීමනේ..

:       0       3

denin Saturday, 25 January 2020 04:18 AM

ඔබතුමා ඔය ඇමතිකම අරගෙන දැන් මාස දෙකකට වැඩියි. නිල චාරිකවනුත්, වාර්තා ඉල්ලීමත් හැර වෙන මොනවද තවම කලේ? අපිටත් දැනගන්න කියන්න ඔබේ යාළුවා සියඹලාපිටිය මහතා විදුලිබල ඇමැති කාලේ අඩු ලංසුව ඉදිරිපත්කල ලක්දනව් සමාගමට නොදී චීන සමාගමකට දෙන්න තැත්කල කෙරවලපිටියේ තනන්නට සැලසුම්කළ විදුලි බලාගාරයට මොකද වුනේ කියා. මේක දැන් පටන්ගන්න බැරිද?

:       0       10

Amula Saturday, 25 January 2020 04:19 AM

මේ හරක් ගැන කතා නොකර ඉම්මු. ඔය වගේ අදහස් තියෙනවා නම් ඇයි යෝජනාවක් නොදැම්මේ? තමුන්ග් ආණ්ඩුවක් නේ තිබ්බේ...? මේ අය තමයි අපහසුතාවයට පත්කරවන්නේ..

:       0       13

ajith Saturday, 25 January 2020 04:27 AM

ඇමැතිතුමා, මොරගහකන්ද ජලාශයේ විදුලි බලාගාරයක් යහපාලන සමයේ හැදුව නේද?

:       0       103

ranjith Saturday, 25 January 2020 05:45 AM

බලේට එන හැම කෙනාම හැමදාම කියන කතන්දර.. ඕවා වැඩක් නෑ. දැන්වත් වැඩක් කරලා පෙන්වන්න. ඔයාලාගේ විදුලි ඇමැති කෙනෙක්මනේ සෑහෙන කාලයක් හිටියේ...

:       0       10

Pradeep Saturday, 25 January 2020 08:21 AM

නොරොච්චෝලේ දෙවන අදියර ගැන නොවෙයි, පුනර්ජනනීය විදුලි බල කෙරෙහි වැඩි අවධානයක් යොමුකරලා පුලුවන්නම් රටට වැඩක් කරන්න. එක එක්කෙනාගේ වැරදි කියා කියා ඉඳලා පලක් නෑ. එයාලා වැඩ නොකෙරූ නිසානේ ඔබලාට බලය ලැබුණේ. දැන් ඉතින් වැඩ කරලා පෙන්වන්න...

:       0       14

sampath Saturday, 25 January 2020 11:26 AM

පුද්ගලික අංශය මැදිහත් වුණු හැමතැනම රාජ්‍ය අංශය දුර්වල කළ ලංගම විදුලි බල, ඛනිජ තෙල්, සෞඛ්‍ය අංශය, පාසල් වගේ ආයතන මීට හොඳම උදාහරණයි... රජයේ වැඩ පිළිවල ක්‍රියාත්මක නොකිරීමටත් මූලික යුතුකම පසුපසට දැමීමටත් දේශපාලකයින් මෙන්ම නිලධාරීන්ද සුවිශේෂී කැමැත්තක් ඇති බව බැලූ බැල්මට පෙනේ.. හේතුව කුමක්දැයි ඔබ දන්නවා ඇතැයි සිතමි..

:       0       51

Bamunuarachchi Saturday, 25 January 2020 03:03 PM

කාටවත් ඇඟිල්ල දික් කරකර ඉන්න එපා. වැඩකාරයාගේ ක්‍රමය ඒක නොවෙයි. තමන් වැඩ පටන්ගන්න අවුරුදු 5 ඇතුළත ඉවර කරන්න. ජනතාව ඒ වෙනුවෙන් ඔබට සලකාවි...

:       2       0

Bernard Perera Saturday, 25 January 2020 03:47 PM

කොයි පැත්තෙන් හරි ඇමැතිකමක් ලැබෙනවා නම් මම ඒ පැත්තේ. මෙතුමාට දෙපැත්තේම රෙදි හොඳටම හෝදලා අත්දැකීම් තියෙනවා. තව තියෙනවා නම් කියන්න... හොඳටම හෝදනවා.

:       0       1

[email protected] Saturday, 25 January 2020 05:12 PM

ඉතින් ඒවා ඔහේලගේ වැඩ නේද? කියව කියවා ඉන්නේ නැතිව කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 98 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 128 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 251 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 78 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 248 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 456 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site