IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නව යුද හමුදාපතිට ජාත්‍යන්තරයෙන් විරෝධය

( තිළිණි ද සිල්වා )

නව යුද හමුදාපති වශයෙන් ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය , යුක්තිය සහ වගකීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් හෑල්ලූවට ලක් කිරීමක් යැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (19) නිවේදනය කළේය.

ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති  ලෙස පත් කිරීම එක්සත් ජනපදය දැඩි සැළකිල්ලෙන් පසුවේ. 



අදහස් (47)

නව යුද හමුදාපතිට ජාත්‍යන්තරයෙන් විරෝධය

සෙනෙවි Monday, 19 August 2019 11:23 AM

අපිත් තානාපතිනියගේ හැසිරීම් ගැන දැඩි සැලකිල්ලෙන් තමයි ඉන්නේ..

:       2       320

RaveendraTuesday, 20 August 2019 02:05 AM

පුදුම වැඩක්නේ දැන් බලන කොට අපි වැසිකිලි යන්නත් උනේ මේ කොහෙවත් නැති " ඇමරිකන්කාරය " කියනවිදිහටද? රටක් වැටි තිබෙන අගාදය.

:       83       374

thushara Monday, 19 August 2019 11:24 AM

කොන්දක් නැති හිවල්ලු රට පාලනය කරනකොට ඔහොම තමයි..

:       0       2

sachith Monday, 19 August 2019 11:29 AM

ඕක වෙන රටකින් කිව්වානම් ටිකක්වත් හිනා නොවී ඉන්න තිබ්බා.. ලෝකේ වටේ ගිහින් අහිංසක මිනිස්සු මරලා ආයුධවලින් සල්ලි හොයන ඇමරිකාව මේ කතාව කිව්වම අනික් පැත්තෙනුත් හිනායනවා..

:       47       577

ගල්කටස් Monday, 19 August 2019 11:30 AM

අැයි මෙතුමාව පත්කරලා තියෙන්නේ අැමෙරිකාවේ හමුදාපති ලෙසද? දැන් කෙළින්ම අැඟිලි ගහනවා විතරක් නෙමේ, හොම්බත් දානවා. අැමරිකාවට විරුද්ධව කථා කරන්න කෙනෙක් අාණ්ඩුවේ නැතිහැටි විතරක්... මම එනවා. මේකට මොනවා කියයිද කියලා අපි බලමු. අපිට අපේ වැඩ කරගන්න දෙන්න.

:       57       1226

dilanMonday, 19 August 2019 02:12 PM

ඔන්න සිරා මේ ලිපියට පිළිතුරක් යැව්වා නම් මේ විදියට "ශ්‍රී ලංකාවේ ජනාධිපති විසින් මේ පත්කර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 23 වැනි හමුදාපති මිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදාපති නොවන බව දන්වා සිටිනු කැමැත්තෙමි" කියලා, අම්මපා මම මේ ගමනත් සිරාට කතිරේ ගහනවා..

:       17       463

Uditha - London Monday, 19 August 2019 11:31 AM

මේ ගොල්ලෝ මොකටද අප්පා අපේ ඒවාට දැඩි සැලකිල්ලෙන් පසුවෙන්නේ..? කොහේතියන අමාරුවටද? අනුන්ගේ රෙදි හෝදන්න එනවා... කප්පරක් ඒ ගොල්ලන්ගේ රෙද්දවල් වල කුණු තියාගෙන..

:       12       319

tarzan Monday, 19 August 2019 11:32 AM

අර ගොඩාක් දේශප්‍රේමීන්ට පුරවැසිකම තියෙන්නේ මේ රටේ නේද? මේක වැරදීමක් වෙන්න ඇති..

:       156       186

Nimal Monday, 19 August 2019 11:34 AM

අනේ නිකන් යන්න..

:       0       26

rama Monday, 19 August 2019 11:41 AM

ඇමෙරිකාවට ඕනෑ කට්ටිය නෙවේ අපි පත්කරන්නේ එයාලා කියන විදියට අපි නටන්න ඕනෑනේ.. අපි යටත් විජිතයක් නෙවේ කියලා කියන්නකෝ අගමැතිතුමෝ..

:       92       522

MaheeTuesday, 20 August 2019 04:38 AM

ඔබ එහෙම හිතනවද? හෙට අනිද්දා අපි පත්කර ගන්නේ ඇමෙරිකාවට ඕන කෙනෙක්ද නැද්ද කියල බලන්නකෝ එහෙනම්.

:       20       13

piyal Monday, 19 August 2019 11:47 AM

ඔය විරෝධතාවලට කොන්ද නැමුවානම් තාමත් අපි යුද්ධයෙන් පීඩා විඳිනවා. සෙන්පතිතුමනි, ඔබට අපේ සුබපැතුම්!

:       66       430

දේශි Monday, 19 August 2019 11:53 AM

අපි නිදහස් රටක්.. අපේ රටේ නිලධාරින් පත් කිරීම අපට අවශ්‍ය ‌ලෙස වියයුතුයි. අපි ඇමෙරිකාවේ පත්වීම් ගැන ‌නොකියමු. ඇමෙරිකාව අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ‌නොගසා සිටිය යුතුයි. රනිල්ගේ ගැත්තන්ට ‌හොඳයි...

:       110       541

kolam boss Monday, 19 August 2019 12:03 PM

අපේ රටේ පත්වීම්වලට ඇමෙරිකාවේ කොමෙන්ට් වලින් වැඩක් නැත. ඒ වගේම ඇමරිකාවට ඕනෑ පුද්ගලයන් තනතුරුවලට පත්කිරීමට අපිට අවශ්‍යද නැත. නමුත් තනතුරට සුදුසු පුද්ගලයෙක් පත්කිරීමට බලධාරීන්ට සහ සුදුසු බලධාරීන් පත්කිරීමට රටේ ජනතාවට දැනුමක් තිබිය යුතුය. පහුගිය ජනපතිවරණයේදී තමන්ට ඕනෑ දේ කළායයි එරට ජනපතිවරයාම ප්‍රකාශකර තිබුණි. එයින් ලැබුණු ප්‍රතිඵල 2015 ජනවාරි 8 සිට අද වෙනකම්ම ලැබෙමින් පවතී.

:       1       198

ravi Monday, 19 August 2019 12:11 PM

අපේ රටේ හමුදාව ක්‍රියාකළ යුත්තේ ඇමෙරිකාවට අවශ්‍ය අන්දමටද? ඇත්තටම අපි නිදහස් රටක්ද?

:       0       253

Indunil Monday, 19 August 2019 12:11 PM

ඇමෙරිකාවෙන් පිනට දෙන හැම මගුලම ගත්තාම ඔහොම වෙනවා..

:       8       235

Keppetipola Monday, 19 August 2019 12:18 PM

තානාපති කෙනෙකුට රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීම කිසිසේත්ම කළ නොහැකි නීතිවිරෝධී ක්‍රියාවකි. කොන්ද පණ නැති නිවට නායකයන් දැක්කම හැම කෙනාම හොටදානවා.

:       10       155

සේන Monday, 19 August 2019 12:27 PM

ලංකාව කියන්නේ ස්වාධීන රාජ්‍යයක්. ලෝකේ කාටවත් ඕනෑ විදිහට නටන්න ඕනත් නෑ. ලෝකෙ කාටවත් රටක ස්වාධීනත්වයට අතදාන්නත් බෑ. ඒ අයට අවශ්‍ය දේ පැහැදිලියි.

:       12       227

Amara Monday, 19 August 2019 12:30 PM

ඇමරිකාව යුදහමුදාපතිතුමාට නිග්‍රහ කිරීමක් කර ඇත...

:       18       209

lankaputha Monday, 19 August 2019 12:33 PM

ඔහු ඇමරිකාව ආක්‍රමණය කිරීමට ඉඩ ඇත. එ් නිසා පරිස්සමින් ඇමරිකාව සිටිය යුතුය. මොවුන්ට ලංකාවේ කිසිවක් කිරීමට නැත.

:       12       38

නයනක්කාර Monday, 19 August 2019 12:42 PM

ශ්‍රී ලංකාවේ හමුදාපති ලෙස පත් කිරීමට ඇමෙරිකාවෙන් විමසීමට හෝ යොජනා කළයුතු නොවේ. ඇක්සා ගිවිසුම අත්සන් කර ඇත්නම් ඇමෙරිකානුවන්ගේ හැසිරීම මොන වගේ දැයි මෙයින් පැහැදිලි වේ...

:       0       265

රවින් Monday, 19 August 2019 12:50 PM

ලංකාවේ හමුදාපතිවරු පත්කළ යුත්තේ අනිකුත් රටවල අවශ්‍යතාවය අනුවද? නැතිනම් රටේ අවශ්‍යතාවය අනුවද? එතකොට රුසියාවට, චීනයට, කියුබාවට, එසේත් නැතිනම් කිම් ජොං උන්ට (මෙයාට විතරයි බය කියලයි ආරංචි) කියන්න පුලුවන්ද ඇමරිකාව පත්කළ යුතු හමුදාපති කවුද කියලා? එහෙත් එහෙම නම් මෙහෙත් එහෙමයි.

:       0       46

Jaya Monday, 19 August 2019 01:06 PM

ලොව වැඩිම යුද අපරාද එල්ල වී ඇත්තේ ඇමෙරිකානු හමුදාවටයි. නමුත් ඔවුන් මේ කිසිවක් පරීක්ෂා කිරීමටවත් ඉඩදෙන්නේ නැහැ. වියට්නාම යුද්ධය එක උදාහරණයක් විතරයි. නමුත් හිරිකිතයක් නැතුව අනිකුත් රටවල හමුදාවලට චෝදනා නගනවා.

:       9       89

Sanath Monday, 19 August 2019 01:27 PM

වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසා තමන්ගේ රටේ නගරයක් පාසා වෙඩි තියාගන්න පාසැල් ගැන උනන්දු නොවීම තමන්ගේ මිනිස්සුන්ගෙන්ම අපකීර්තියට පත්වෙන්න හේතුවක් වෙලා නැද්ද?

:       0       112

chinthaka Monday, 19 August 2019 02:07 PM

හොඳ ප්‍රවණතාවක්, ඇමෙරිකන් "ගැත්තෝ" ඩිස්ලයික් දැම්මට වැඩක් නැහැ.

:       1       55

Amila Monday, 19 August 2019 02:12 PM

අවුරුදු 10ක් පොල්ගෑවද? නිකන් වැඩක් බලන් යන්න හලෝ යන්න. වෙන රටවල නැතිප්‍රශ්න ගැන කියව කියවා ඉන්නේ නැතුව...

:       0       30

ධම්ම Monday, 19 August 2019 02:28 PM

ඇමෙරිකාව කියන්නේ සමස්ත ජාත්‍යන්තරය වගේනේ...

:       0       25

Bandula. Monday, 19 August 2019 02:32 PM

දැන් අපේ එහෙ කොලනියක්ද? අපේ අය එ්කත් වාසියට හරවා ගනීවිද දන්නේ නැහැ.

:       0       26

Dhammika Senarath Monday, 19 August 2019 02:46 PM

දැන්බලමු අපේ සත්ගුණවත් අගමැතිතුමා මොනවා කියයිද කියලා.?.

:       0       46

Asanka Monday, 19 August 2019 02:51 PM

"ලෝකෙන් ණයට කනවා නම් කටවහන් හිටපල්ලා" ඇමරිකාව කියන්නේ මෙන්න මේකයි

:       0       115

Gamarala Monday, 19 August 2019 04:08 PM

ඇයි මේ අය ප්‍රභාකරන් කළ මිනිස් ඝාතන ගැන කට හොල්ලන්නේ නැත්තේ..?

:       0       57

Kumar Monday, 19 August 2019 04:19 PM

ලාංකිකයෝ ඇමෙරිකාව විවේචනය කරනවා වගේ තමා ඇමෙරිකාව ලංකාව විවේචනය කරන්නේ... ඒ දවස්වල විප්ලවකාරයෝ මරපුහැටි දන්නේ අපේ වයසේ අය පමණයි. මැරුවෙත් ගම්බද සිංහල කොල්ලන් තමයි.

:       1       129

Pradeep Monday, 19 August 2019 04:59 PM

ඒයි ඇමරිකාව... මේ පත්කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ හමුදාපති මිසක් ඇමරිකාවේ හමුදාපති නෙමෙයි. අනුන්ගේ සීනි කිරන්නේ නැතුව වැඩක් බලා ගන්නවද පව් නොදී...?

:       0       5

wije Monday, 19 August 2019 05:08 PM

චෝදනා කරන්න ඕනෑම කෙනකුට පුළුවන් නමුත් ඒවා ඔප්පු කරන්න බැහැනේ. අනෙක අපේ රටේ හමුදාපතිවරයා පත්කරන්න ඕන අපේ රටට ඕන විදියට මිසක් ඇමරිකාවට ඕන විදියට නෙවෙයි. නව යුද හමුදාපතිතුමනි ඔබට අපගේ උණුසුම් සුබපැතුම්. අපේ රණ විරුවෝ හැම කෙනෙක්ම අපේ ජාතික වීරයෝ. රටේ හැමතැනම බෝම්බ පුපුරවලා අහිංසක මිනිස්සුන්ව අමු අමුවේම ගාතනය කරපු කොටි මරන්නේ නැතුව කිරි පොවන්න කියලාද ඇමරිකාව ලංකාවට කියන්නේ. එතකොට ඇමරිකන් හමුදාවෙන් ඉරාකයේ , ඇෆ්ගනිස්තානේ වගේ රටවල්වල අහිංසක සාමාන්‍ය වැසියෝ කිදාහක් අමු අමුවේ මරලා දැම්මාද. කෝ ඒවාට යුද අපරාද චෝදනා..කොහොම උනත් අපේ ජනාදිපතිතුමා කොන්ද කෙලින් තියාගෙන ගත්තු නිර්බීත එඩිතර තීරණය වෙනුවෙන් අපේ ගෞරවය ජනාධිපතිතුමනි. ඔබට ජය යුද හමුදාපතිතුමනි. කොහොමත් මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මේ රට හදන්න අවංක ඕනෑකමක් තියන ජනාධිපතිවරයෙක් කියලා අපි දන්නවා.

:       0       115

jayawardane Monday, 19 August 2019 05:32 PM

එයා අපේ රටේ හමුදාපති. ඇමෙරිකාවට ඇති රුදාව මොකක්ද?

:       2       63

Chanak los angelesMonday, 19 August 2019 07:16 PM

ත්‍රස්තයන්ට විනයක් නැතිවුනාට හමුදාවට විනයක් ඇත. ශවෙන්ද්‍රලාට පුහුණුවේදී එය කියා දී ඇත. සෑම නිලධාරියෙකුටම යුධ අපරාධ එල්ලවීත් නැත.

:       1123       125

Ajith NissankaMonday, 19 August 2019 09:48 PM

ඇමෙරිකාවට රුදාවක් නැති වෙන්නේ කොහොමද ඒ ගොල්ලන්ගේ පුරවසියෙක්නේ ලංකාවේ 7 වැනි ජනාධිපති වෙන්න යන්නේ !

:       4       33

BamunuarachchiTuesday, 20 August 2019 05:24 AM

ඔන්න අදාළ නැති කතාවක් කීවා. ..

:       1       4

imesh Tuesday, 20 August 2019 03:47 AM

මේකේ අදහස් වලට අකමැති අය දැක්කම නේ තේරුනේ ලංකාවේ සැහෙන්න ඇමරිකන් ජනතාවක් ජීවත් වෙනවා කියල.

:       1       3

Deepal Nirosh Tuesday, 20 August 2019 04:34 AM

මේ නිවේදන නො සලකා රටේ රාජ්‍යාරක්ෂාව වෙනුවෙන් ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමයි වැදගත්. මෙවැනි තානාපතිනියක් අප රටට පත් කර ඒවීම පිළිබඳ රජය වහාම අමෙරිකාව වෙත තම අප්‍රසදය පළ කර තිවේදනයක් නිකුත් කළ යුතුයි. ඒදා ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය ම.කො. ඩේවිඩ් ග්ලැඩ්සන් සම්බන්ධව ගනු ලැබූ තීරණය මේ තානාපතිනිය සම්බන්ධවත් අරගෙන පෙන්නන්න පුළුවන් නම් ඔන්න සජිත් පුතේ කදිම අවස්ථාවක්... ජයග්‍රහණය අත උඩ.

:       0       6

rihan Tuesday, 20 August 2019 04:46 AM

අපි කාටත් යටත් නෑ. නව හමුදාපතිට ජයශ්‍රී.

:       0       18

චමින්ද ජයනාත් ජයසූරිය Tuesday, 20 August 2019 04:58 AM

ඔන්න අර අැක්සා ඒකටයි සෝපා ඒකටයි මෙතුමගෙ විරෝධයක් නැ කියල කියවුනොත්... මේ ඔක්කොම කණපිට හැරෙන්න ඒහෙම උනොත් යන්නෙ විනාඩියයි...ඒහෙම උනොත් අැමෙරිකාවම කියයි මේ තමා ලෝකෙ හොදම හමුදාපති කියල...

:       0       5

Bamunuarachchi Tuesday, 20 August 2019 05:21 AM

ඇතැමුන් කියන ආකාරයට මෙතුමාව මෙම පදවියෙන් ඉවත් කලොත් මේ රජය කරන යුද්ධ අපරාධ චෝදනා බාර ගත්තා වෙනවා. බලමු මේ රජය මොකක්ද කරන්නේ කියලා ?

:       0       7

Chanak los angelesTuesday, 20 August 2019 04:45 PM

අපරාධ ඇත්තටම කර තිබේනම් භාරගන්න එපාය .

:       3       0

vipula Tuesday, 20 August 2019 06:20 AM

අපි ජාතියක් වශයෙන් සතුටු වෙන්න ඕනේ ඇමරිකාව හෙල්ලුම් කන පුද්ගලයන් අපේ රටේ සිටීම පිලිබදව. අපේ නව හමුදාපතිට ඉදිරි රාජකාරි කටයුතු කිරීමට ආශීර්වාදය ලැබේවා.

:       0       5

sam de man Tuesday, 20 August 2019 10:55 AM

මෙම ගැටළු සදහා වර්තමාන පාලකයන් වග කිව යුතුවේ .

:       0       0

etarahelaya Tuesday, 20 August 2019 08:22 PM

විදේශ ඇමති ගොළු වෙලාද?

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 229 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 110 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 77 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 317 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 329 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 626 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site