(නිමල කොඩිතුවක්කු)
පැලවත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඇතුළු ආයතන 36ක් රජයට පවරා ගනිමින් 2011 වසරේ ඉදිරිපත් කළ ඌණ ක්‍රියාකාරි ව්‍යවසායකයන් හෝ ඌණ උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත ඉවත් කරමින් නව පනත් කෙටුම්පතක් බ්‍රහස්පතින්දා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
නව පනත මගින් පැලවත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඇතුළු ආයතන 36 යළිත් පෞද්ගලික අංශයට පැවරීමක් නොවන බවත් සඳහන් කළ කිරිඇල්ල මහතා එම ආයතන තවදුරටත් රජය භාරයේම පවතින බවත් කීය.
ඌණ ක්‍රියාකාරි ව්‍යවසායකයන් හෝ ඌණ උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත මගින් ව්‍යාපාර පවරාගැනීමක් සිදුවන බවට ආයෝජකයන්ගේ ඇති භය නැති කර ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් මෙම පනත ඉදිරිපත් කරන බවත් ඔහු පැවැසීය.
පැලවත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත ශාලා යළි දයා ගමගේ මහතාට පැවරීමේ අරමුණින් මෙම පනත ඉදිරිපත් කර ඇතැයි නැගෙන චෝදනා ප්රතික්ෂ්ප කරන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නව පනත් කෙටුම්පතක් 20 වැනිදා පාර්ලිමේන්තුවට
rasika Tuesday, 18 June 2019 03:50 PM
මෙහෙම ආණ්ඩුවක්, මෙහෙම රටක්. පැලවත්ත සීනි කම්මල 70 දශකයේදී මුළු ආසියාවේම වැඩිම සීනි නිපදවපු කර්මාන්තශාලාව. අපි සීනි අපනයනය කලා. දැන් මේක පාඩු ලබන්න සලස්වලා
samanWednesday, 19 June 2019 02:05 AM
මෙහෙමත් ආණ්ඩුවක් නෙවෙයි මේ රටේ ආණ්ඩු කරපු ඔක්කොම මේකට වගකිව යුතුයි.
athuraWednesday, 19 June 2019 04:29 AM
මේක මේ ආණ්ඩුවේ වරදක් විතරමද?
Ratnamalala Wednesday, 19 June 2019 12:15 AM
මේ පනතට අර කන්තලේ සීනි කම්හලට උනා වගේ වැරදිලා පෙර අයිතිකරුට හිමිවන ලෙස කොටසක් ඇතුලත් වෙන්න බැරි කමකුත් නැතුවාම නොවේ.
Mahee Wednesday, 19 June 2019 05:51 AM
මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියෙන් කෝටි ගණන් ගසා කාල තියෙන හැටි විගණකාධිපති පෙන්නලා තියෙනවා. මේ හැරෙන්නෙත් ඒ පොල් පැලේටම තමයි කියල අපට නම් පැහැදිලියි.