IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නව නාවික හමුදාපති ජනපති අතින් පත්වීම් ලබයි


(ඉන්දිකා රාමනායක)

ශි‍්‍ර ලංකා නාවික හමුදාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ට‍්‍රැවිෂ් සින්නයියා අද (18)  ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් පත්වීම ලබා ගත්තේය.

ට‍්‍රවිෂ් සින්නයියා මහතා  මෙම පත්වීමට පෙර නැගෙනහිර ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

වත්මන් නාවික හමුදාපති  වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ගේ ධුරකාලය මෙම මස 22 දිනෙන් අවසන් වන අතර  ඒ මහතාගෙන් හිස්වන නාවික හමුදාපති ධුරයෙට සින්නයියා මහතා පත්කර තිබුණි.

නව නාවික හමුදාපති ට‍්‍රෑවින් සින්නයියා මහතා මෙම මස 22 දින සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය.



අදහස් (19)

නව නාවික හමුදාපති ජනපති අතින් පත්වීම් ලබයි

බුද්ධික Friday, 18 August 2017 08:37 AM

හොඳටම රාජකාරිය කිරීමට සුභ පැතුම්.!!!

:       23       141

raveendraFriday, 18 August 2017 04:04 PM

අප විශ්වාස කරනවා ඔබට ඔබගේ නිලයේ ගරුත්වය රැකගෙන එය අවභාවිත නොකර තම උපන් මව්බිම වෙනුවන් සේවය කිරීමට ලැබේවා කියා ප්‍රර්ථනා කරමු. මට පැරණි චිත්‍රපටයක් මගේ මතකයට නැගෙනවා " officer and a gentleman " නාවික හමුදා නිලධාරියකු පිළිබද සුන්දර චිත්‍රපටියක්.

:       0       12

sam Friday, 18 August 2017 09:04 AM

ඉතාම ඉහළ "නාවික" දැනුමක් ඇති මෙතුමාට තම ජාතිය හෝ ආගම නිසා අසාධාරණයක් නොවීම "යහපාලනයයි ". වත්මන් අගවිනිසුරුතුමාගේ පියා බෞද්ධයෙකු නොවීම නිසා පොලිස්පති කම නොලැබීම වැනි සිද්ධීන් යහපාලනය යටතේ සිදු නොවිය යුතුයි.

:       104       451

PALITHA GALAPITIYA Friday, 18 August 2017 09:11 AM

මොනතරම් සුභවාදී පත්කිරීමක්ද? මගේ දැනීමේ හැටියට ප්‍රථම සුළුජාතික නාවික හමුදාපතිවරයා කළේ රටටම සුභවාදී පත්කිරීමක්. මගේ දැනීමේ හැටියට පළමු සුළුජාතික නාවික හමුදාපතිවරයා. මෙවැනි පත්කෙරීම් නිතර සිදුවීම සුභවාදී සිදුවීම් ලෙස දැකිය හැකිවේ.

:       211       153

kawshalya Friday, 18 August 2017 09:54 AM

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩිම කාලයක් නාවික හමුදාපති විදිහට හිටපු කෙනා තමයි රාජන් කදිරගාමර් මහත්තයා. එතුමා දෙමල ජාතිකයෙක්. සුළු ජාතිකයෙක් පත් වුණා කියලා දුක් වෙන්නවත් සතුටු වෙන්නවත් අවශ්‍ය ඇයි? සුදුස්සෙක් පත් වුණා නම් අපි හැමෝම සතුටු විය යුතුයි. කලින් කෙනා වගේ මාධ්‍යවේදීන් ගහන්න යන්නේ නැතුව තනතුරේ ගෞරවය රකින්න මෙතුමාට හැකි වේවා කියලා ප්‍රර්ථනා කරනවා.

:       0       246

samFriday, 18 August 2017 10:54 AM

කෞශල්‍යා, මෙතෙක් කාලයක් ඉතිහාසයේ කිසිම හමුදාපති කෙනෙක් තමන්ට නොගැලපෙන "රස්තියාදුකාර චරිත" රඟපෑවේ නැහැ. නමුත් මේ නාවික හමුදාපතිතුමා ඔහු කවුද කියන එක මුළු ලෝකයටම පෙන්නුවා.

:       0       8

HafeelFriday, 18 August 2017 12:44 PM

මෙම පත්වීමත් සමග තවදුරටත් ජනවාර්ගික ප්‍රශ්නය තිබෙනවා යැයි කියලා කව්රු හරි කියනවා නම්... විශේෂයෙන්ම විග්නේෂ්වරම්, ශිවාජිලිංගම් මහත්වරුන්ට හොඳ උත්තර තමයි දෙන්න වෙන්නේ..

:       0       42

LapayaSaturday, 19 August 2017 09:33 AM

පාලිත ඉපදුණේ මොන අවුරුද්දේද? දැන් වයස? අතීතය අමතකද?

:       2       2

udara Friday, 18 August 2017 09:37 AM

දෙයක් වී නම් යම් සුදුස්සාටම එය ලැබිය යුතු- රියදුරු මනාවු දිනිය යුතුමය සේම අස්රිය. හුණු වටයේ කථාව

:       0       31

පිටිගල මිලානෝ Friday, 18 August 2017 09:46 AM

මෙතුමා තමයි පැය හතලිස් අටක් ඇතුලත ඈත මුහුඳේ එල් ටී ටී ඊ නැව් හතරක් ගිල්ලවීමේ මෙහෙයුමේ මුලිකයා.

:       0       89

raveendra Friday, 18 August 2017 09:57 AM

අප අගය කළයුතු හොඳ තීරණයක්...

:       0       39

rohan Friday, 18 August 2017 12:40 PM

ශ්‍රී ලංකාවේ 21 වැනි නාවික හමුදාපති රියර් අද්මිරාල් ට‍්‍රවිෂ් සින්නයියා මහතාට සියලු දෙවි දේවතාවන්ගේම පිහිටයි.

:       0       28

ප්‍රසන්න ජයසේකර Friday, 18 August 2017 12:48 PM

එතුමා හොඳ මහත්මයකු වගේම හොඳ දැනුමක් අැති පුද්ගලයකුද විය.

:       0       30

lalith Friday, 18 August 2017 02:24 PM

සුදුස්සාට සුදුසු තැන දීම අත්‍යාවශ්‍ය දෙයක්. නමුත් කලින් කරපු දේශපාලන පලිගැනීම ඉවත් කරලා ඔය තනතුර දුන්නේ අපියි කියලා කඩේයන්න කිව්වොත් තමයි වැඩේ? කවුරු දුන්නත් වැටුප් ලබන්නේ මහජන මුදලින් බවත් සේවය කරන්නේ මහජනතාවට සහ රටට බවත් සිහියේ තබා ගෙන වැඩකලොත් මරණ මංචකය කිට්ටු වුණාම ප්‍රදර්ශන තියලා ප්‍රසිද්ධියක් ලබාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සැමදාමත් ජනතා සිත් සතන් තුල නම පවතීවි.

:       46       31

raveendraFriday, 18 August 2017 03:44 PM

ලලිත් මයවෙත, කාලෝචිත ඔබගේ අදහස නිවැරදිය. තවත් පොඩි අදහසක් එකතු කලොත් වැදගත් වනු ඇත. හරිගියොත් මම, අපි කලේ. වැරදුනොත් අරයා අනිත් අය කලේ.

:       56       120

nimmi Friday, 18 August 2017 02:48 PM

ඔබට ජය වේවා..!!!

:       0       3

buddhika Saturday, 19 August 2017 12:11 AM

සුපිරි වැඩකාරයෙක් .

:       0       1

රජින්ද Saturday, 19 August 2017 05:37 AM

මේක නිකන් වාහනේ මාරු කර කර එකම ගමන යනවා වගේ වැඩක්නේ. මාස කිහිපයකට සැරයක් ත්‍රිවිධ හමුදාවේ හමුදාපති කෙනෙක් වෙනස් වෙනවා. ඉස්සර කොටින් විතරයි හමුදාවට බය උනේ. දැන් ලංකා ආණ්ඩුවත් හමුදාවට බයයි වගේ.

:       34       0

shan saudi Saturday, 19 August 2017 05:45 AM

සුදුස්සාට සුදුසු තැන දීම අත්‍යාවශ්‍ය දෙයක් නමුත් කලින් සිදුවූ සිදුවීම් ගැන අප අවධානය යොමුකළ යුතුය. මෙයින් මා කියන්නේ නව ශ්‍රී ලංකාවේ 21 වැනි නාවික හමුදාපති රියර් අද්මිරාල් ට‍්‍රවිෂ් සින්නයියා මහතා එවැනි අදුරදර්ශී පුද්ගලයෙක් කියා නොවේ. නමුත් අතීතයේ අප කල අනුවණ ක්‍රියා හා ඒහා බැඳුණු සිදුවීම් ගැන බැලුවොත් අපට වැරදුණු තැන බොහොමයක් ඇත. මන්ද ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි උසස් ද්‍රවිඩ නිලධාරියෙක් කල ක්‍රියාවක් නිසාවෙන් එදා අපට මුලතිව් බර අවි හමුදා කදවුර අහිමි විය. හමුදා මූලස්ථානයේ සේවයේ යෙදී සිටි ඔහු මුලතිව් කඳවුර වෙත ගියේ ඔහුගේ ඉල්ලීම පරිදි යැයි කියවේ. අප දැඩි විශ්වාසයකින් යුතුව ඔහුව එම කඳවුරේ දෙවන හෝ තුන්වන බලධාරියා ලෙසද පත් කරමු. නමුත් අවසානයේ සිදු වූයේ අවැසි බලය හා අවස්ථාව ලාබා ගෙන එම කඳවුර ත්‍රස්තවාදීන්ට බිලිදීම හා ඔහුද කොටින් සමග පලායාමයි. ඒ නිසාවෙන් රටට සිදුවූ විනාශය අපමණයි මෙන්ම කොටින් ලබාගත් අවි ප්‍රමාණය විශාලයි. එමෙන්ම හිටපු ජනපතිවරයා යුද්ධය නිමාකර දැහැමි සමාජයක් උදෙසා උතුරු පළාතට හිටපු විනිසුරුවරයෙක් මහා ඇමති ලෙස පත් කළේය. නමුත් අද සිදුවන්නේ ඔහුද කොටින්ගේ පාරේ යමින් ත්‍රස්තවාද උදවු දීමයි.

:       0       168

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 231 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 245 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 269 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 552 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 468 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1936 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site