IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නලීන් බණ්ඩාරට එරෙහිව රාජ්‍ය බුද්ධි ප්‍රධානීගෙන් සීඅයිඩීයට පැමිණිල්ලක්

(ඉන්දිකා රාමනායක)

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාට එරෙහිව රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

නලීන් බණ්ඩාර මහතා ඉකුත් 17 දින කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සහරාන් හසීම් හා තමා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ වලට එරෙහිව සුරේෂ් සලේ මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි .

මෙම ලිඛිත පැමිණිල්ල ඒ මහතා ඊයේ (18) වරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ අතර අද (19) ඒ සම්බන්ධයෙන් ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබුණි

 



අදහස් (14)

නලීන් බණ්ඩාරට එරෙහිව රාජ්‍ය බුද්ධි ප්‍රධානීගෙන් සීඅයිඩීයට පැමිණිල්ලක්

Raveendra Friday, 19 March 2021 10:26 AM

දියවන්නාව පට්ටියේ සිටින්නේ 99.9% වාචාල විෂය පිලිබදව උපාධිය ලබපු අය. ඒ අතරින් වාචාල විෂය පිළිබදව මහාචාර්ය උපාධිය ලබාගත් ටික දෙනාගෙන් එක් අයෙක්මේ මේ. මොන රෙද්දක් කරගෙන හෝ බලය ලබාගමු.

:       35       45

බද්රානි Friday, 19 March 2021 10:26 AM

කාලය නාස්ති කරමින් රටටම විගඩම් පෙන්වන වෙලාවේ, ඔයිට වඩා හොඳ නැද්ද විරුද්ධ වාදීන් ටික එක පාරටම අල්ලලා හිරේට දැම්ම නම්, බලයෙන් කුල්මත් වෙලා වගේ ඉන්නේ? අර කතාවක් තියනවනේ "රජකම් කලත්, කල කම් පළදෙනවා කියලා" අන්න එදාට තේරෙයි කාට කාටත් තම තමන්, තමුන්ටම ගරා ගත්, කෙරුවාවේ තරම??

:       37       56

Chinthaka Friday, 19 March 2021 10:48 AM

කට නිසා නහින්න හදන තව කෙනෙක්

:       39       36

තිස්ස Friday, 19 March 2021 02:10 PM

නලින් බණ්ඩාරගේ ප්‍රකාශය බොරුවක්ම කියමුකො.එතකොට සහරාන්ලට සීනි සේන ආණ්ඩුවෙන් වැටුප් ගෙවපු ඒවා

:       1       2

nilu Friday, 19 March 2021 03:44 PM

ඉතාම හොඳ දෙයක්. මේ වගේ වාචාලයින්ට හොඳ පාර්ලිමේන්තුව නොව සිරගෙදරයි.

:       5       8

Bishan Friday, 19 March 2021 08:02 PM

සර් ෆේල් කියන්නේ නිකන්ද?

:       13       17

ase Saturday, 20 March 2021 01:58 AM

විරුද්ධවාදීන් හිර කිරීමෙන් මතවාද මැඩලිය හැකිද?

:       11       17

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 20 March 2021 02:05 AM

දෙවියනේ..!!! දැන් මේ රට යන්නේ අවරට වගෙයි පේන්නේ... හේතුව නම් අප දන්නේ නැහැ. සියලු විරුද්ධ මත දරන්නන් දඩයම් කිරීමක් වගෙයි පේන්නේ.. තමන්ගේ අය සියලු වරදින් නිදොස් කොට නිදහස්. විරුද්ධ පැත්තේ අය විතරයි වැරදි කොට තියෙන්නේ.. ඔවුන්ට විතරයි දඬුවම් දිය යුත්තේ ... වල් වැදුණු නීතිය .... සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් යැයි කියා නියමයක් මෙන්ම කියමනක් තියෙනවා. ඒ වගේම කාට හරී ඇඟිල්ල දික්කරනා විට තමන්ගේ පැත්තට ඇඟිලි 4ක් එල්ල වී තිබෙනවා. කාගේත් මොනවා හෝ වැරදි තියෙනවා. වැරදි නැති කෙනෙක් නැහැ. වෙන රටවල මෙන් නොව, හොර මැර වැඩ කොට නැති ඉතාමත් පිරිසිදු ජන කොටසක් තමයි අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ රජය ආවම මේ අයගේ වැරදි හොයනවා. මේ අය ඒ අයගේ වැරැදි හොයනවා. මේක තමයි සිරිත. තම තමන්ගේ කප්පරක් වැරදි සඟවාගෙන අනුන්ගේ පමණක් වැරදි හෙවීම තමයි අද සිදුවෙන්නේ. ප්‍රථමයෙන් තමන් නිදොස් වන්න. පසුව අන් අයගේ වැරදි හොයන්න. සිදුවිය යුත්තේ එයයි. කාගෙ කාගේත් පැටිකිරි ගැන රට දන්නවා. උඩ ඉන්න දෙවියෝ දන්නවා. අනේ..!!! රටකට ගිය කලක් ...

:       7       15

පොඩි මල්ලි Saturday, 20 March 2021 02:26 AM

මිනිස්සු කට තියන පලියට දොඩවන්න හොඳ නෑ.. මේක පක්ෂ, විපක්ෂ ඕනෑ කෙනෙක්ට පොදු දෙයක්... ගැලරිය ෆෝම් කරන්න කියන කතා නිසා නිකං පල්වෙලා අැත්තක් කීවත් පිළිගන්නේ නැති තත්වයක් එනවා.. එ්කේ වාසිය ගන්නෙත් අනික් පැත්තේ උදවිය...

:       3       17

RaveendraSaturday, 20 March 2021 11:34 AM

අදහස් ඉතාමත්ම නිවැරදියි. සරලව කියන්නේ නම් මහජන නියෝජිතයන් යනු ඒ රටේ පුරවැසියනට සෑම අතින්ම ආදර්ශමත්ව විනීතව හැසිරෙන උදවිය ලෙස බව අප අතීතයේ එවන් නියෝජිතයින් ගැන අසා ඇත. එහෙත් අවාසනාවට දැන් 225 ම ගව රෑනකි.

:       3       1

Bamunuarachchi Saturday, 20 March 2021 05:05 AM

ටිකක් අමාරුවෙලා වගෙයි. යහපාලකයින්, ජෙප්පොත් එක්ක එකතුවෙලා ඔයටික කොරනකොට කොහෙද හිටියේ? අර කිව්ව කතාව කියන්න තිබුණේ ඒ කාලේ. ඒ කාලේ රජකම් කළ යහපාලකයින්ට පල දෙන්න පටන් අරන්. දැන් අපේ වාරේ. මෙයා එනවා අපිට උපදෙස් දෙන්න. පිස්සු කෙලින්නේ නැතුව බුදිය ගන්න.

:       17       10

Bamunuarachchi Saturday, 20 March 2021 05:07 AM

තවටික දවසකින් පුතාණෝත් එ්වී වගේ.

:       16       7

Rata Perata Saturday, 20 March 2021 08:29 AM

මහින්ද රාජපක්ෂ කියන්නේ 1990 ජිනීවා ගිහින් පැමිණිලි කළ අයෙක්. ඒත් දැන් ලංකාව ඇතුළේ කතා කළාමත් අත්අඩංගුවට ගන්නවා. මෝඩ බයියන්ට නම් ජොලි.

:       6       15

gunarathnaSaturday, 20 March 2021 02:13 PM

මහින්ද රාජපක්ෂ ජිනීවා ගියේ සියලුම සාක්ෂි සහිතව... මේ අය කතා කරන්නේ කොහේහරි ගිය සමාජ මාධ්‍යයක ගිය බොරු කියවලා. අන්තිමට සී.අයි.ඩී. ගිහිල්ලා කියන්නේ මට කිව්වේ නැහැ, මට මතක නෑ.. අනේ සමාවෙන්න කියලා. මේක සාධාරණයිද? මේවට කට වහගෙන ඉන්න කියලද කියන්නේ? ඕනෑම කටවාචාල කතාවක් සමාජගත කරපු කෙනෙක් අල්ලපුවාම විර්ද්ධ පක්ෂයේ අය හිරේ දානවා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 18 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 78 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 114 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 336 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 122 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1548 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site