IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නඩුව අවසන් නෑ - එනිසා තවම කාටවත් ජයක් නෑ

(තරිඳු ජයවර්ධන)
 
නඩුවක් විභාගයට ගැනීමට නියම කරද්දී අතුරු තහනම නියෝග ලබා දීම සාමාන්‍ය සිදුවීමක් බවත්,  නඩු විභාගය අවසන්ව නැති නිසා තවම කිසිවකුට ජයග්‍රහණයක් ලැබී නැති බවත්  වෙළඳ, පාරිබෝගික, සමූපාකාර සහ ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  පැවසීය.

 
එක්සත් ජාතික පක්ෂය මැතිවරණය වලට බය බවත් එනිසා ජනතාව හමුවට යෑමට ඔවුන් අකමැති  බවත් කී අමාත්‍යවරයා තම කණ්ඩායමට එවැනි බියක් නැති බව ද ප්‍රකාශ කළේය.
 
ඇමැතිවරයා මේ බව පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අද (13) සවස මාධ්‍යවලට අදහස් දක්වමිනි. එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.
 
‘‘සාමාන්‍යයෙන් අතුරු තහනම් නියෝග අනන්ත අප්‍රමාන දෙනවා උසාවියෙන්. ඒවගේම ජනාධිපතිතුමා ඉදිරිපත් කළ ගැසට්ටුවට විරුද්ධවත් අතුරු තහනම් නියෝගයක් දීලා තියෙනවා. මේක අපක්ෂපාතී අධිකරණයක්.  මේක කාගෙවත් ජයග්‍රහණයක් නෙමෙයි. සාමාන්‍යයෙන් නඩුව අහන්න ගත්තම අතුරුතහනම් නියෝග දෙනවා.  
 
 එක්සත් ජාතික පක්ෂය කොහොමත් මැතිවරණයට බයයි. ඒක තමයි ඇත්ත කතන්දරය. පළාත් සභා මැතිවරණය තිබ්බෙත් නෑ. ප්‍රාදේශීය සභා මැතිවරණ අවුරුදු 3ක් දක්වා කල් දැම්මා. ඉන් පසු මැතිවරණය තිබ්බාම පැරදුණා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අය යන්න ඕනා ජනතාව ළඟට. ජනතාව ළඟට යන්න බයයි. අපි ජනතාව ළඟට යනවා. අපට විශ්වාසයක් තිබෙනවා සාධාරණය ඉටු වෙයි කියා. මේ නඩුව අපි ජයග්‍රහණය කරන බවට  දැඩි විශ්වාසයක් තිබෙනවා.  
 
එම අවස්ථාවේ මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
 
ප්‍රශ්නය  - පාර්ලිමේන්තුව කැඳෙව්වොත් යනවද ? 
 
පිළිතුර - පාර්ලිමේන්තුව කැඳෙව්වොත් යන්න වෙනවානේ. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනේ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව කල් තියලා තියෙනවා. අපි බලමු හෙට (14) මොනවද වෙන්නේ කියලා. 
 
ප්‍රශ්නය - පාර්ලිමේන්තුවෙදි බහුතරය පෙන්වන්න   සූදානම්ද?
 
පිළිතුර - අපි බහුතරයක් ගැන කවදාවත් කතා කළේ නැහැනේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව 14 වැනි දා තෙක් කල් දමා තිබුණා. බහුතරය ප්‍රශ්නයක් තිබ්බේ නෑ. එක්සත් ජාතික පක්ෂය අද තුනට හතරට කැඩිලා ඉවරයි. කොහොම වුණත් ප්‍රජාතන්ත්‍රවාදය නම් ජනතාවගේ අයිතියට ඉඩ දිය යුතුයි.



අදහස් (7)

නඩුව අවසන් නෑ - එනිසා තවම කාටවත් ජයක් නෑ

V.warnakulasuriya Tuesday, 13 November 2018 03:12 PM

අද ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ හොරුන්ය. මේ විදියට ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ අය කතා කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය යනු හොරුන්ගේ අයිතියක්ද යන්න සිතේ...

:       0       0

nalin Tuesday, 13 November 2018 03:19 PM

මෙයා උසස්පෙළ පාස්? අනේ දන්නා දෙයක් කියන්න...

:       0       0

Surenjith Tuesday, 13 November 2018 03:31 PM

හොරෙක් කතා කරයි... පිළිගන්නේ හොරු මිසක් අපි නෙමෙයි.

:       0       0

Saman Tuesday, 13 November 2018 03:57 PM

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනධිපතිට බලයක් නැති නිසානේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේ, නැත්නම් පෙත්සම් ගාස්තුවටත් යටත්කොට ප්‍රතික්ෂේප කරනවනේ...

:       0       0

Jayantha. Tuesday, 13 November 2018 04:16 PM

හිනාවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.. මේ ගොල්ලන් කියන දේවල්වලට...

:       0       0

Sapumal. Tuesday, 13 November 2018 04:28 PM

ජොන්ස්ටන්ගේ ඒකපාක්ෂික නීති විග්‍රහය එතුමාගේ නීතිය පිළිබඳ පරිණතභාවය කියාපාන්නක්... ඒ කෙසේ වෙතත්, ව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ විසිරවීම ව්‍යවස්ථාවට අනුකුල බවත්, ජනාධිපතිගේ එම ක්‍රියාවට බලපෑම් කිරීමට අධිකරණයට බලයක් නොමැති බැවින්, පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දමන ලෙසට ඉල්ලීම් කළද, මෙම තීන්දුව ලැබීමෙන් ගම්‍යමාන වූයේ ජනපතිගේ ක්‍රියාව නිවැරදි නොවන බවයි...

:       0       0

nimal Tuesday, 13 November 2018 05:18 PM

කරුණාකරලා පැත්තකට වෙලා ඉන්නවද? ඔයාලගේ ඔය ජනාධිපතිත් එක්ක, කොහොමත් දැන් ඔයාලා රටට ජෝකරලා වෙලා ඉවරයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 207 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 123 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 517 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 612 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 440 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1855 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 275 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site