IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින අලි ඇතුන් නඩත්තුව හැකි අයට දෙන්න යයි

(අජන්ත කුමාර අගලකඩ)

අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින අලි ඇතුන්, නඩත්තු කිරිමට හැකියාව ඇති පුද්ගලයන්ට හා විහාරස්ථානවලට ලබාදී දැනට පවරා ඇති නඩු කටයුතු අවසන් කිරිම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇත.

ඉකුත් රජය සමයේ අලි ඇතුන් 35 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස විවිධ ස්ථානවල රඳවා තබාගෙන සිටින අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ නඩු 35 ක් සමඟ පවරනු ලැබ ඇත.

මෙම අලි ඇතුන් 35 දෙනා පින්නවල අලි අනාථාගාරයේ සහ උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර, උන් රැක බලා  ගැනීම සඳහා ජාතික  සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට හා වනජීවි සංකරක්ෂණ දෙපාර්තමේන්තුවට දිනකට රුපියල් 251,000 ක් පමණ වැය කරන්නට සිදුව ඇතැයි පරිසර හා වනජිවි සම්පත් ඇමැති එස්.එම්.චන්ද්‍රසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

මෙම අලි ඇතුන් පිරිස නඩත්තු කිරිමට යන වියදම දැරිය නොහැකි බැවින් හා පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් උන් හැකි ඉක්මණින් නිදහස් කළ යුතුව ඇතැයි ද ඇමැතිවරයා විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් පෙන්වා දී ඇත.

මෙම අලි ඇතුන් නඩත්තු කිරිමට හැකියාව ඇති පුද්ගලයන්ට හා විහාරස්ථානවලට දී දැනට ඒ සම්බන්ධයෙන් පවරා ඇති නඩු සමථයකට පත්කර ගැනීමට නිතිපති උපදෙස් ඉල්ලා ඇතැයි ද ඇමැතිවරයා දැනුම් දී ඇත.



අදහස් (12)

නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින අලි ඇතුන් නඩත්තුව හැකි අයට දෙන්න යයි

කපුරුහාමි Sunday, 19 January 2020 04:42 PM

මේවා මොනවද? අපේ රටේ කිසිම වැඩකට නැති දේශපාලුවන් සෙට් එක නඩත්තු කරන්න විතරක් මොනතරම් මුදලක් වැය වෙනවද?

:       1       203

Ruwan Sunday, 19 January 2020 06:26 PM

ඔබතුමාලා මේ අහිංසක සතුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා.

:       1       103

Shauket Ali Sunday, 19 January 2020 07:29 PM

නියමයිනේ.

:       24       4

සුපුන් Sunday, 19 January 2020 09:47 PM

සතුන් නඩු භාණ්ඩ නොවේ. ඔවුන් අයිති වනයට ඔවුන් මුදා හරින්න.

:       0       115

ලුම්බිණි Sunday, 19 January 2020 11:34 PM

විහාරස්ථානවලට දීපු අලි ඇතුන් ඔය අපුරුවට බලා ගන්නේ. මේ සතුන් බලා ගන්න යන වියදම් ඔය සතුන් කැලයෙන් අල්ලාගෙන ආපු අයගෙන් ගන්න.

:       112       196

C.K.Lankaputhra Monday, 20 January 2020 12:31 AM

දේශපාලකයන්ට තමන්ගේ කැමැත්තට නඩු අවසන් කරන්න, නඩු දාන්න, අත් අඩංගුවට ගන්න, අත් අඩංගුවට පත්වීම වලක්වා ගන්න, ඇප ලබා ගන්න, ඇප නොදී ඉන්න, වැරදි කරුවන් නිදහස් කරන්න, නිවැරදි කරුවන් වැරදිකරුවන් කරන්න, හිරේ යවන්න, හිරෙන් නිදහස් කරවන්න පුලුවන් නම් අනේ "කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්". පුදුම රටක් මේක.

:       58       79

Akila Monday, 20 January 2020 02:34 AM

විහාරස්ථානවලට දෙන්න ? එක විහාරස්ථානයක තියන් ඉන්න අලි පැටවකුට දස වද දෙන වීඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍ය වල පහුගිය දිනවල පළකර තිබ්බ දැක්කේ නැද්ද ?

:       159       366

lalithm Monday, 20 January 2020 03:27 AM

ඔය සතුන් අයිති මහා වනයට සහ පරිසරයට. ඔවුන්ව මහවනයට මුදා හරිනවා මිසක් මිථ්‍යාවෙන්, හිංසාවෙන් පිරුණු ස්ථානවලට ඔවුන් බාර දෙන එක මරනවට වඩා පවක්. උන් දිවි තියෙන තෙක්ම හිරකාරයින් වෙනවා.

:       236       270

eresh S kumara Monday, 20 January 2020 04:11 AM

මමත් කැමතියි අලියෙක් ඇතිකරන්න....

:       1       13

මනෝජා වීරක්කොඩි Monday, 20 January 2020 04:14 AM

මේ සතුන් නැවත වනයට මුදාහැරීමයි විසදුම. මේ කැකිල්ලේ තීන්දු ගන්න අය මේ තැන් වලින් ඉවත් කල යුතුයි.

:       137       104

kamal Monday, 20 January 2020 09:32 AM

ඔය විදියටම නඩු භාණ්ඩ ලෙස තියෙන කාරෙකක් දෙන්න බැරිද අපිට? හොඳට නඩත්තු කරන්නම්...

:       0       0

sharm warn Monday, 20 January 2020 09:37 AM

අයියෝ ඉතින් ඔච්චර හිත අවුල් කරගන්න දෙයක් නැහැනේ.. හෙට, අනිද්දා මොකක් හරි මගුලක් කියලා ඒ නඩුත් වහලා දාවි. එතකොට අපහු ගෙදර ගෙනියන එකනේ... මොකට මෙහෙම වද වෙනවද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 659 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 125 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 888 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 918 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1268 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1146 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site