සංවර්ධන සහයෝගීතාව සඳහා වූ නෝර්වේජියානු ආයතනයට අයත් පර්යේෂණ නෞකාව අනිද්දා (ජූනි 24) ජූලි 16 වැනි දා දක්වා ධීවර සම්පත් සහ සාගර පරිසර පද්ධති සම්බන්ධයෙන් සමීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ ‘නැන්සෙන් වැඩසටහන’ යටතේ මෙම සමීක්ෂණ සහ පර්යේෂණ වැඩසටහන ආරම්භ කර තිබේ. නෝර්වේ රාජ්‍යයේ නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයකු වන ‘ආචාර්ය ෆිජොෆ් නැන්සන්’ගේ නමින් නම් කර තිබෙන මෙම නෞකාව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය, සංවර්ධන සහයෝගීතාව සඳහා වූ නෝර්වේජියානු ආයතනය සහ සමුද්‍ර පර්යේෂණ සඳහා නෝර්වේජියානු ආයතනය ඒකාබද්ධව මෙහෙයවන්නකි.
මෙම පර්යේෂණ නෞකාව අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 1979-1980 කාලවකවානුවේදීය. ‘ආචාර්ය ෆිජොෆ් නැන්සන්’ නෞකාව පසුගිය මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකාවේ ඩර්බන් වෙතින් ගමන් ආරම්භ කරමින් පර්යේෂණ පැවැත්වූ අතර ශ්‍රී ලංකාව සමඟ පර්යේෂණ පැවැත්වීමෙන් පසුව බෙංගාල බොක්ක, බංග්ලාදේශය සහ මියන්මාරය සමඟ පර්යේෂණ පවත්වන අතර ලබන ඔක්තෝබරයේ දී තායිලන්තය සමඟ පර්යේෂණ පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවට අයත් සාගරයේ කෙරෙන පර්යේෂණ සහ සමීපක්ෂණ කටයුතුවලට ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ විද්‍යාඥයන් 17 දෙනකු, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජලමාන පර්යේෂකයන් පිරිසක් එක්වීමට නියමිතය.
මෙම පර්යේෂණ නෞකාව 2007 වසරේ සිට කරන ලද පර්යේෂණවලට පර්යේෂකයන් 360කට වැඩි පිරිසක් සහභාගී වී තිබේ. එම පර්යේෂණවලදී ඊට සහභාගී වූ රටවලට දත්ත එකතු කිරීම, නියැඳි ක්‍රම ඇතුළු බොහෝ දෑ සම්බන්ධයෙන් වටිනා අත්දැකීම් රැසක් ලබාදීමට නෞකාව සහ එහි පර්යේෂකයන් කටයුතු කර තිබේ.
055
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ධීවර සම්පත් සහ සාගර පරිසර පද්ධති පර්යේෂණයක්
rasika Friday, 22 June 2018 07:34 PM
ලංකාවේ මුහුදේ තියෙන සම්පත් ටිකටත් වැඩේ දෙයි වගේ...
d.upul Saturday, 23 June 2018 10:04 AM
බලාගෙන! මුහුදේ බෝම්බ වළලලා යයි.