IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දේශපාලන පළිගැනීම් වලට ජනතාව පාඩමක් උගන්වාවී

 (ආරියරත්න රණබාහු)

විභාග කළ යුතු නඩු හාරලක්ෂ හැත්තෑ දහසක් තිබියදී දේශපාලන පළිගැනීම් සඳහා රජය විශේෂ අධිකරණයක් පිහිටුවා කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි.

දැනට විභාග වන නඩු වලදී සිදුවිය හැකි එකම දේ හිරේ යෑම පමණක් බවත් කිසිවකු එල්ලා මරා දමන්නේ නැතැ බවත් කී මන්ත්‍රීවරයා මෙම දේශපාලන පළිගැනීම් වෙනුවෙන් ජනතාව මිළඟ මැතිවරණයේදී ආණ්ඩුවට පාඩම් උගන්වනු ඇතැයි ද කීය.

සොහොන් කොත් හාරදහසක් පන්දහසක් ඉදිකළ යුතු යුගය හමාර කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම පියා වෙනුවෙන් ඉදිකළ සොහොන නඩුවකට පටලවා ඇති බවද මන්ත්‍රීවරයා කීය.

ආණ්ඩුවේ ප්‍රධානීන් අතර අර්බුදයක් ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇති බව කී ප්‍රේම ජයන්ත මහතා ශ්‍රීලනීපයේ 23 දෙනා සහ පාර්ලිමේන්තුවේ ඇති නාමික විපක්ෂය සමඟ ආණ්ඩුව කරගෙන යන බවද කීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

ඡායාරූප   චතුර එස් .කොඩිකාර 

 



අදහස් (21)

දේශපාලන පළිගැනීම් වලට ජනතාව පාඩමක් උගන්වාවී

කාවින්දි Thursday, 13 September 2018 07:23 PM

හොරුන්ට විරුද්ධව නඩු නොදමා උන්ව නලවන්නද කියන්නේ. බලය තිබුන කාලයේ අපි දැක්කා හිටපු ලොක්කන්ගේ උන්ගේ දරුවන්ගේ, ලොක්කන්ගේ ගැහැණුන්ගේ " උෂ්ණය " .පැරදුනාට පස්සේ මේ අය කතාකරන්නේ හරියට සිල් ගත්තාවගෙයි. මහජනයාගේ මුදල් හොරාකන දේශපාලුවන් සහ උන්ගේ පවුල් සහ සහචරයන් මිය යනතුරුම දෙපා වලින් එල්ලා තැබිය යුතුයි.

:       1014       1568

Bamunuarachchi Friday, 14 September 2018 12:03 AM

අපි 2020 දී බෝලේ ඔය පැත්තට දමන්නම් එතකොට ඔහෙලා ඩෑෂ් එක දෙන්න.

:       729       157

රවින් Friday, 14 September 2018 12:45 AM

නැතුව නැතුව. පුදුමයනම් අර ළමයි ඉස්කෝලේ දාන්න සල්ලි ගත්තු , හැම දෙකින්ම කොමිස් ගත්තු උදවියගෙන් එම දෙමුපියෝ හා මහජනයා පළිගත්ත නැති එකනේ.

:       0       184

surangaFriday, 14 September 2018 06:31 AM

හරියට හරි ළමයෙක් දාන්න ලක්ෂ 5 ක් ගත්තු උන්ටත් ජනතාව පාඩම් උගන්වයි

:       0       43

babanis Friday, 14 September 2018 02:35 AM

ඔබ නීතිඥයෙක් වෙලත් මිනිසුන් මුලාවේ දමන්න හදනවා නේද? මට පුලුවන්ද රජයේ මුදල් වියදම් කරලා මගේ පියාගේ සොහොන හදන්න? බාල තෙල් ගෙන්නපු උදවියට ඒවා සුළු දේවල් වෙන්න ඇති, එත් අපට ඒවා දූෂණ.

:       6       554

rohana Friday, 14 September 2018 02:46 AM

යකෝ මුන් මොකෙන්ද කතා කරන්නේ දැනට මාස දෙකකට කලින් කිව්වේ මොනවද දැන් කියන්නේ මොනවද අනේ මන්ද ඇත්ත තමයි මිනිස්සු ඔහෙලට වෙලාවට හරි විදියට සලකයි.

:       0       247

Sapumal. Friday, 14 September 2018 02:46 AM

වැරදි කරලා නැතිනම් කිසිකෙනෙක් බියවිය යුතු නැහැ.නිවැරදි කෙනෙකුට හානි කරන්න කාටවත් බැහැ.ඒ නිසා තමන් නිවැරදි නම් බය නැතිව අධිකරණයට යන්න.මේ අනවශ්‍ය බයවීම කියාපාන්නේ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක්.

:       21       354

නාමල් Friday, 14 September 2018 02:48 AM

එතකොට ඔය ගෙම්බා පනින කට්ටියටත් ජනතාව හොඳ පාඩමක් උගන්වාවී

:       6       263

kalpa Friday, 14 September 2018 03:12 AM

මේවාද දේශපාලන පලිගැනීම් කියන්නේ.බොරුකියන්න් එපා මහත්තයෝ.ඔබතුමාලගේ කාලයේ විරුද්ධ පාක්ෂිකයන්ට උසස්වීමක්වත් දුන්නද නැහැනේ විරුද්ධ පාක්ෂිකයන් වීභාගයේන් වැඩි ලකුණු ගත්තම ඒවා හිතවතුනට මාරු කලා. දැනුත් ඔවුන්ට සාධාරණයට ඉඩ නොදෙමින් කටයුතු කරනවා.එසේ කරමින් ඔහොම කියන්න එපා.1994 න් පස්සේ දේශපාලන පලිගැනීම් කියල උසස්වීම් දුන්නේ වැරදි අයට.

:       7       205

sas Friday, 14 September 2018 03:15 AM

දිව දෙකේ එකෙක්.

:       5       249

Saththaya Friday, 14 September 2018 03:25 AM

වැරදි කරලා , කරලා දැන් මනුස්ස ආත්මය නැතිවෙලා ගොස් .

:       1       647

KumaraFriday, 14 September 2018 04:18 AM

හරි යටම හරි........ නාඩි වැටුණට උන් දැන් මළ මිනිස්සු වගේ.....දන්නෙ නෑ මොනවාද කතා කරන්නේ කියලා. ඕකට කියන්නේ "දෙවියන් ගෙ හාල් කැවිල කියලා "බලා ගෙන ඉන්න කෝ තව ඉස්සර හට වෙන්නෙ මොනවද කියලා..

:       0       246

sumith Friday, 14 September 2018 04:08 AM

ඔව් ඔව් අපි බලාගෙන ඉන්නේ දිව දෙකේ හොරුන්ට හොද පාඩමක් උගන්වන්න , හිරේ නොවේ හොරු දාන්න ඕන , හිටුවපස් ගහන්න ඕන , අර උදේනි රජතුමා මාගන්දියාගේ හතර වරිගෙටම දඩුවන් දුන්න වාගේ

:       0       336

Sanka Friday, 14 September 2018 04:39 AM

මේ මන්ත්‍රීවරයා දැනට පාර්ලිමේන්තුවේ එක දිගට අවුරුදු 20 ක් විතර මිනිසුන් මුලාවේ දම දමා ඉන්න කෙනෙක්.ඔය ගෙම්බා වගේ පැන පැන තව අවුරුදු 10 ක් විතර ඉන්න තමය දේශපාලන පළිගැනීම් කියල හොරු වෙනුවෙන් දැන් කතා කරන්නේ .......

:       0       378

casmir Friday, 14 September 2018 05:20 AM

මේ අය දැන් හම්බ කරන්න දෙවෙනි පරම්පරාවට. මුන් ඔක්කොම සියියලා . මේ අය ඉවත් කරන්න ඕන සාමාන්‍ය මිනිස්සු. නීතියෙන් මුන්ට දඩුවම් නැහැ. නීතිය දැනගත්තටට මෙලෝ රහක් නැහැ . කළමනාකාරිත්වය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ . ලංකාවේ කොච්චර හොද මිනිස්සු ඉන්නවද. ඒ ඔක්කොම දේශපාලනයෙන් ඈත් වෙලා . හොරු රට හදන තැනට දාල අපි බලාගෙන ඉන්නවා

:       0       219

චන්ද්‍රසිරි Friday, 14 September 2018 05:42 AM

නින්දෙන් අවදිවෙලාද? ශ්‍රියානි බණ්ඩාරනායක මැතිනිය එල්ලෙව්වේ කොහොමද ?

:       0       132

පිටිගල මිලානෝ Friday, 14 September 2018 05:43 AM

ජාතික ධනය කාබාසීනියා කල හොරු අල්ලන්න ආව මේ ආණ්ඩුව ඒක නොකලොත් නම් ජනතාව කෝප වේවි.

:       0       257

Shan Friday, 14 September 2018 06:13 AM

ඔහෙලා එහෙම වෙන්න පුළුවන්, එත් කරුණාකරලා අපේ බුද්ධියට නිගා කරන්න එපා.

:       0       56

Hafeel Friday, 14 September 2018 07:16 AM

මෙයාම පිළිගන්නවා දැනට විභාග වන නඩු වලදී සිදුවිය හැකි එකම දේ හිරේ යෑම බව. එහෙමනං පැ හැදිලිවම වැරැද්දක් තියන බව. මහත්තයෝ දැනගන්න, ජනතාව වරම දුන්නේ මහජන මුදල් හොරා කන්න නොවේ.

:       0       113

BamunuarachchiSaturday, 15 September 2018 11:49 PM

එහෙනම් රටේ තිබෙන මහා බැංකුව කොල්ල කන්නද? ඈත සිදුවුණ ඔප්පුකරගන්න බැරි හොරකම් පස්සේ දුවනවාට වැඩිය හොඳයි නේද? අපි කාගේත් ඇස්පනාපිට සිදුවූ බැංකු කොල්ලයේ සාමාජිකයින්, අදාරකරුවන් සහ සැලසුම් කරුවන් අල්ලාගෙන දඬුවම් කිරීම. මේ හොරකමේදී රටටත් හානියක් කරලා සල්ලිත් තමන්ට බෙදාගත්තා. සොයාගත්ත පැරණි හොරකම් වල තිබෙන්නේ සිල්රෙදි පයිප්ප, ලිත් ජනතාවට බෙදලා දුන්නා කියලා.

:       0       0

සමන් Friday, 14 September 2018 12:33 PM

දැන් පාලනයේ ඉන්නෙත් හොරු. නමුත් එය පැරණි හොරුන්ගේ නිදහසට හේතුවක් නොවේ. ඔය හිටපු රජවරු ඇමැතිවරු, කේවට්ටයො, ඇබිත්තයෝ සෙරම ඔප්පු කළ හැකි සාක්ෂි තිබේ නම් සිරගත කළ යුතුය. එය කදිම පූර්වාදර්ශයක් වේවි...!!!

:       0       223

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 680 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 129 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 900 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 936 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1270 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1150 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site