IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දේශපාලන - ප්‍රවර්ධන වැඩවලට සිසුන් ගැනීම වැරදියි

තරිඳු ජයවර්ධන
 
මංගල උත්සවයක මනමාලියගේ සාරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් දොයා ගැනීම කිසිසේත් නොගැලපෙන, වැරදි ක්‍රියාවක් බව ලංකා ගුරු සංගමය කියයි.
 
අලවතුගොඩ කණිෂ්ඨ විද්‍යාලයයේ ළමයින් 200ක් පමණ මේ සඳහා යොදාගෙන ඇතැයි ද, උදෑසන 6ට පමණ බස් රථ වලින් සිසුන් එම ස්ථානයට ගෙන ගොස් ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
 
පාසල් සිසුන් දේශපාලන වැඩවලට සහ විවිධ ප්‍රවර්ධන වැඩවලට යොදා ගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා වූ බවත්, සිසුන් මෙවැනි වැඩවලට යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ස්ටාලින් මහතා කීවේය.
 
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උත්සවය දා ජනපතිවරයා පිළිගැනීමට  ද පාසල් සිසුන් යොදාගෙන තිබූ බව ත ඔහු සඳහන් කළේය.



අදහස් (18)

දේශපාලන - ප්‍රවර්ධන වැඩවලට සිසුන් ගැනීම වැරදියි

Sam Thursday, 21 September 2017 01:08 PM

දෙමව්පියෝ අමාරුවෙන් ළමයි පාසල් යවන්නේ එක එක්කෙනාගේ සාරි පොටවල් උස්සන් මහපාරේ ඉන්න නෙවේ. මේ වගේ අමනවැඩ පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.

:       1       667

RaveendraThursday, 21 September 2017 03:31 PM

සෑම් මයා වෙත, ඔබගේ අදහස් වලට අප ගරු කරන අතර රතු, කොළ, නිල් හැත්ත බුරුත්ත පාසල් ළමුන් ඒ ඒ පාට පක්ෂවල ඕනෑ එපාකම් වලට යොදාගත්තේ අද ඊයේ නොවේ. අප එය තදින් විරුද්ධ වෙන අතර මෙම නව යුවලට සුබ මංගලම් ප්‍රර්ථනා කරමු.

:       190       115

SamThursday, 21 September 2017 05:03 PM

රවීන්ද්‍ර මහතා වෙත, මනාල යුවලට සුබ පතනවා තව ටිකක් මොලේ පෑදෙන්න කියල.

:       7       406

lanka Thursday, 21 September 2017 01:12 PM

ජනාධිපතිව නම් පිළිගත්තත් කමක් නැහැ... මේ කොහෙවත් ඉන්න කාන්තාවකගේ ඔසරිපොට අල්ලාගෙන ඉන්න පාසල් සිසුන් දාගන්නේ නැතිව....

:       378       468

chaminda Thursday, 21 September 2017 01:53 PM

තදින් හෝ බුරුලට ක්‍රියාත්මක කරන්න නීතියක් තියෙනවද?

:       12       125

wathsala Thursday, 21 September 2017 03:28 PM

ඔතන ඉන්නවා නේද වග කිය යුතුම මහත්මයෙක්... එයාගේ අදහස මොකක්ද දන්නේ නැහැ...

:       0       131

HafeelFriday, 22 September 2017 07:41 AM

එයාට ඉතිං ප්‍රධාන අමුත්තක් හැටියට සහභාගිවෙලා....මාධ්‍යවල තමන්ගේ පින්තූර පලවුනාම තියන සතුට තමයි.... සිසුන්ගේ අමාරුකම කොහොමවුනත්.

:       0       35

සෙනෙවි Thursday, 21 September 2017 05:58 PM

මේ කරල තියෙන්නේ ‍අන්තිම වැරදි වැඩක් ඒත් සයිටම් විරොධි දොස්තර සංගමයට ළමයි ගුරුවරු කඩේ යැව්ව එකත් වැරදියි

:       7       243

Ruby Thursday, 21 September 2017 09:17 PM

චමින්දගේ අදහස ගැන සියට දෙසීයක් එකගවෙමි.

:       0       14

nalin Friday, 22 September 2017 03:04 AM

මනමාලියගේ සාරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් දොයා ගැනීම දේශපාලන වැඩවලට සිඟමනේ යාමට සාමනේරු හාමුදුරුවරුන් යොදාගැනිම. දේශපාලඥයන්ට උත්දසව වලදි දරුවන් ලවා වැන්දවිම අපි දැඩිසේ පිලිකුගෙන් හෙළා දකිමු.

:       22       190

Thilak Friday, 22 September 2017 04:24 AM

මෙවැනි දේවල් අනුමත කරන නිලදාරීන් ගැන කතා කරන්ඩ වචන නැත

:       0       75

chandani Friday, 22 September 2017 05:27 AM

විදුහල්පති මහා ලොකුවට කතා කලේ ඒක පාසලට ලැබුන ලොකු අවස්ථාවක් වගේ. මේ වගේ ඔලමොට්ටල, දේශපාලකයන්ගේ අතකොලු බවට පත් වුන නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගත යුතුයි. මේවා ළමා අපයෝජන. මේවට කෑගහන්න රාජ්‍ය නොවන සංවිධානයක්වත් නෑ. මෝඩ දෙමවුපියොත් තමුන්ගේ දරුවෝ පාරවල් ගානේ විකුනනවා.

:       0       139

husen-riyad Friday, 22 September 2017 06:48 AM

මේක රජය සම්බන්ධ වැඩකුත් නෙමෙයි. මහ ඇමතිවරයා කාගේ හරි උවමනාවට කඩේ යෑමක් ඔය කරන්නේ. පාන්දර දෙකහමාරේ ඉඳලයි පාසල් දරුවන් පවා ලෑස්තිවුණා කියලයි මාධ්‍ය වාර්තා කලේ. මේක තනිකරම ළමා අපයෝජනයක්. මේ වගේ ඔලමොට්ටල දේශපාලකයින්ට දඬුවම් දෙන්න තරම් නීතියක් රටේ තියෙනවද..? මේකට යමක් නොකළොත්.., මේවගේ දේවල් විලාසිතාවක් වෙන්න පුළුවන්.

:       1       74

mahee Friday, 22 September 2017 07:45 AM

ඇත්ත.... පාසල් දරුවන් ඔසරි උස්සන වැඩේට යෙදවීම අපරාධයක්. එකෙන් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා දවසකට හරි. හැබැයි ගුරු සංගම් ලොක්ක දොස්තර මාෆියාවට කඩේ යන්න තමන්ගේ ගෝලයෝ ටික යෙදෙව්වෙන් සිද්ධ වුනෙත් ඒකම තමයි.

:       2       106

Lal Friday, 22 September 2017 08:40 AM

පාසැල් ළමුන් මෙවැනි දේවල්වලට සම්බන්ධ කර නොගෙන ඕකට අර පාර්ලිමේන්තුවේ ඉන්න ළමුන් දෙසිය පනස්දෙනා යොදා ගත්තානම් මෙභෙම අවුලක්නැහැනේ.

:       0       54

Asanka Friday, 22 September 2017 09:41 AM

රටට ගෞරවයක් ආඩම්බරයක් දෙන ගිනස් වාර්තාවක් පවා තියපු ලස්සන වැඩක් නේ මේක .. අයි හැම දේම මේ වගේ පටු විදියට දකින්නේ සමහරු .. ඉරිසියාව වෙන්න ඇති .. පාසල් ළමුන් කැමැත්තෙන් ඡායාරූපවල ඉන්නේ පෙන්නේ නැත්ද ..ඔවුනුත් අසයි මේ වගේ වැඩවලට

:       109       9

SISIRA Friday, 22 September 2017 09:54 AM

කෝ මේ අකිල ඇමති තුමා ?

:       2       38

අබරන් Tuesday, 26 September 2017 02:16 AM

සරත් නිදහස්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 603 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 233 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 285 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 270 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 470 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3986 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site