තිළිණි ද සිල්වා
බැඳුම්කර සිද්ධියට අදාලව සාක්ෂි විමසීමේදී, තමා පදනම් කර ගනිමින් ඉදිරිපත් වී ඇති කරුණු පිළිබඳ ලබන අගෝස්තු මස දෙවැනි දා බැඳුම්කර කොමිසම හමුවේ නිසි පිළිතුරු දෙන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාදාමය පිටුපස තමාගේ චරිතය ඝාතනය කිරීමේ කිසියම් සැලැස්මක් පවතින බවයි.
අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද(26) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති අදට යෙදෙන ජාතික යොවුන් කොඩි දිනයට සමගාමීව පැවැති ධජ පැළඳවීමේ උත්සව අවස්ථාවේදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා -
“මීට පෙර ආණ්ඩුවත්, රටත් නැති කරපු අය ගැන මොකුත් සිද්ධවෙලා නැහැ. නමුත් අපේ අණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් මේ වගේ ස්වාධීන කොමිසමක් ඉදිරියට යනවා. මේක තමයි යහපාලන ආණ්ඩුවේ තිබෙන විනිවිධභාවය. කැබිනට් රැස්වීම තිබෙන දවසේ මෙම කැඳවීම කර තිබුණා. ඒ නිසා නීතිඥයන් මාර්ගයෙන් මම දැනුම් දුන්නා කවදද කොමිසම හමුවට යන්නේ කියලා. මේව ගැන මාස හය හතකට උඩදී පාර්ලිමේන්තුවේ බොහොම ප්‍රසිද්ධියේ කතා කළා. මේවා හංගන්න දෙයක් නැහැ. මම හරි වේලාවට කොමිසම ඉදිරියේ පිළිතුරු දෙනවා. කොමිසම හමුවට ගියාහම, ඇත්ත මොකක්ද කියලා රටම තේරුම් ගනීවි.”යැයි අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දෙවැනිදා කොමිසමට යන බව රවී කරුණානායක කියයි
අප්පුහාමි Wednesday, 26 July 2017 03:56 PM
ඔබතුමා කියපු දේවල් විශ්වාස කරපු කාලයකුත් තිබුණා. මේ තරම් දෙයක් කරන්න වුවමනාවක් තියෙනවද කියලා මම නම් දන්නේ නෑ.
Karu Thursday, 27 July 2017 02:09 AM
මිනිස්සු ඉන්න තැනක් නැතිව දුක් විදිනවා.ඔබ ඔවුන්ගේ මුදල් ඇමති! ඔබ වැනි අය පණපිටින් අපා ගත නොවන්නේ ඇයි කියන එක තමා මට තියන ප්රශ්නය.
sachith Thursday, 27 July 2017 07:13 AM
බොහෝදුරට මේ කොමිසම ඒ වෙනකොට වහලා දානවා. එක්කෝ ඉස්සර වගේ නයෙක්, පොලඟෙක් වගේ කෙනෙක් දෂ්ට කරන්න බැරිත් නෑ.
de silva Thursday, 27 July 2017 07:37 AM
ඔබතුමා දුප්පත් පුද්ගලයෙක් නොවේ. කොටිපති ව්‍යාපාරිකයෙක්... තත්වය එහෙම තියෙද්දී ඔබතුමා මොකද අපේ දුප්පත් රටේ කඩාවැටුණ ආර්ථිකයෙන් හොරකම් කරන හොරුන්ගෙන් අල්ලස් වශයෙන් නිවාස ගන්නේ? යන්තම් එදා වෙලා හරි හම්බ කරගෙන ජිවත් වන ජනතාවට උහුලගන්න බැරි බදුනේ පනවලා තියෙන්නේ..
Deepal Nirosh Thursday, 27 July 2017 08:27 AM
ඔය කියන දෙවැනිදා ලබන්නේ කොමිසමේ කල් දිගුව ඉකුත් වීමට පෙරද? පසුද? කරුණාකරල ඒක පැහැදිලි කරන්න.
wedage Thursday, 27 July 2017 11:17 AM
ජනවාරි 8 ජයග්‍රහණයට කලින් බැඳුම්කර වංචාවට සැලසුම් කරලා තිබුණා නේද? ඔබතුමාට හානි වෙන්න තරම් ගරුත්වයක් තිබුනේ නෑ..
menna Friday, 28 July 2017 02:19 PM
දෙවැනිදා කොමිසමට ආවේ නැත්නම් මට කියන්න.