(නිමන්ති රණසිංහ)
කොටහේනේ පදිංචිකරුවන් දෙදෙනකු මීට වසර අටකට ඉහතදී පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගර ගත කර සිටින වැලිසර නාවික හමුදා රෝහලේ විධායක නිලධාරී ලූතිනන් කමාන්ඩර්වරයාගේ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ලබන 13 වැනිදා තෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (30) නියෝග කළේය.
වැල්ලම්පිටිය ප‍්‍රදේශය බලා වෑන් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාපා මුදියන්සේලාගේ ධම්මික අනිල් මාපා මහතා රිමාන්ඩ් කරනු ලැබ සිටියි.
මහේස්ත‍්‍රාත්වරයා මෙලෙස සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ප‍්‍රමාණවත් සාක්ෂි නොමැතිව දිගින් දිගටම රක්ෂිත භාරයේ පසුවන තම සේවාදායකයාට ඇප ලබා දෙන්නැයි සැකකරුගේ නීතීඥවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීමට අදාළ ඇප නියෝගය ලබා දෙමිනි.
මෙම අතුරුදන් විම සිදුව ඇත්තේ 2009 වර්ෂයේ වන අතර, මෘත ශරීරයක් මෙතෙක් හමුවී නොමැති වීම හේතුවෙන් මෙම අතුරුදන් අයවලූන් මිය ගිය බවට සනාථ කළ නොහැකි බැවින් තම සේවාදායකයාට ඇප ලබා දෙන ලෙස සැකකරුගේ නිතීඥවරුන් අධිකරණයෙන් එසේ ඉල්ලීමක් සිදුකර තිබිණි.
මෙම සිද්ධියට අදාළ මෘත ශරීරය නොලැබිමම මොවුන් ජීවතුන් අතර සිටි බවට තීරණය කළ නොහැකි බවත්, සාක්ෂි ආඥා පනතේ 168 වගන්තිය අනුව එම අපරාධය සිදුවී ඇති බවට කරුණු අනාවරණය වන බැවින් සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කෙරිණ.
අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනා පැහැරගෙන ගොස් දේපල හා රන් භාණ්ඩ කොල්ලකා ඔවුන්ගේ වෑන් රථය නාවික හමුදා කදවුර තුළ පරිහරණය කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය නාවික හමුදා උසස් නිලධාරීන්ට දැනුම් දුන් පසු අදාළ වෑන් රථය කෑලි 72කට කොටස් කර ඇති බවට කරුණු අනාවරණය වන බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණ.
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දෙන්නෙක් අතුරුදන් කළැයි ලුතිනන් යළි රිමාන්ඩ්