දූෂණය පිටු දැකීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වා නැතැයි ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ ආයතනය සඳහන් කරයි.
ජාත්‍යන්තර දූෂණ පිටු දැකීමේ දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ස්ථාන හතරකින් ඉදිරියට ගියත් දර්ශකයේ ලකුණු ලැබීම අතින් ශ්‍රී ලංකාව පෙන්වා ඇත්තේ අඩු ප්‍රගතියක් යැයි ද එම ආයතනය කියයි.
ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර සංවිධානය වාර්ෂිකව සිදු කරන දූෂණය පිටු දැකීමේ ශ්‍රේණිගත කිරීම් දැක්වෙන “දූෂණ සංජානන දර්ශකය 2017” ට අනුව ශ්‍රී ලංකාව ස්ථාන හතරක් ඉදිරියට පැමිණෙමින් 91 වැනි ස්ථානයට පත්ව ඇත. පෙර වසරේදී ලකුණු 36ක් ලබගනිමින් ශ්‍රී ලංකාව එම දර්ශකයේ 95 වැනි ස්ථානයේ පසුවිය. ශ්‍රී ලංකාව මෙවර ස්ථාන 4කින් ඉදිරියට ගත් ලබාගැනීමට හැකිව තිබෙන්නේ ලකුණු 38ක් පමණි. ලකුණු 2කින් වැඩි වීම සාධනීය තත්ත්වයක් නොවන බවත් ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහි සටන වර්ධනය වන්නේ අඩු වේගයකින් යැයි ද ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ ආයතනය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව 2014 වසරේදී ලබාගෙන ඇත්තේ ලකුණු 38ක් බවත් එම නිසා මෙය සැලකිය යුතු කරුණක් බවත් ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ ආයතනය කියයි.
“වසර 2012 සිට 2017 දක්වා කාලයේදී දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ලකුණු සහ ස්ථාන සමීපව නිරීක්ෂණය කළ යුතුයි. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දූෂණය පිටු දැකීම සඳහා ආයතන ශක්තිමත් කිරීමට නීති රීති ගෙන ආවද ඒවා ක්‍රියාත්මක කිරීමේ දුර්වලතාවක් දක්නට තිබෙනවා. එය දූෂණය පිට දැකීමට එරෙහි සටන අඩපණ කර තිබෙනවා. ශ්‍රී ලංකාව අඩු ලකුණු මට්ටමක් ලබාගැනීමට හේතුව ලෙසත් එය පෙන්වා දෙන්න පුළුවන්” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ ආයතනයේ අධ්යක්ෂ අශෝක ඔබේසේකර මහතා කීය.
(055)
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දූෂණය පිටුදැකීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතියක් නැතිලු
sachith Thursday, 22 February 2018 09:47 AM
දූෂණය පිටු දැකීමේ කෙසේ වෙතත් දුෂණ වැඩිකිරීමේ අතින්නම් අපි ඉහළම ප්‍රගතියක් ලබාගෙන තියෙනවා.
Raveendra Thursday, 22 February 2018 11:15 AM
නැහැ නැහැ මේක නම් වෙන්නම බැරි දෙයක්.... අපේ රටේ "දේශපාලුවන්ට " කල බලවත් අපහාසයක් මෙය, මොකද ලෝකේ ඉන්න හොදම හොද "දේශපාලුවන්" ඉන්න රටකට මෙසේ නිග්‍රහ කිරීම අපහස කිරීමට කිසි සේත්ම ඉඩ නොදීය යුතුය. මේ කණගාටු දායක ශ්‍රේණිගත කිරීමෙන් සිදුවන්නේ අපේ අහිංසක අවංක " දේශපාලුවන්" තම තමන්ගේ තනතුරු හැරදමා පැදුරු කොට්ට ඔතාගෙන ඇඩු කදුලෙන් දියවන්න රෝහල අත්හැර දමා තම දෙපයෙන්ම ගම්බිම් බලල පිටත්වෙයි. හරිම පවු....
රවින් Thursday, 22 February 2018 11:55 AM
දූෂණය? ඔය වචනයවත් ලංකාවේ දේශපාලකයෝ දන්නේ නැහැ. නිකන් බොරුචෝදනා ගෙනැල්ලා අපගේ දේශප්‍රේමි, දේශමාමක, දේශ හිතෛශි, දේශපාලකයින්ට, අපහාස හා අගෞරව කිරීම පිළිබඳව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරනවා.
rocky Thursday, 22 February 2018 02:27 PM
දුෂණය පිටු දැකීමෙන් ප්‍රගතියක් නැත් නම් .. අපෝ, නතර කරන්න එපා. දුෂණය වඩාත් කාර්යක්ෂම ලෙස කර ගෙන යන්න!
ජගත් ලියනගේ Thursday, 22 February 2018 09:49 PM
යහපාලනය සංකල්පය වුණෙ දූෂණය පිටුදැකීම. හැබැයි වුණෙ ඒකෙ අනිත් පැත්ත. එහෙම වෙන කොට ප්‍රගතියක් නැති වෙන බව ඕන කෙනෙක්ට තේරෙනවා .
නුමා Thursday, 22 February 2018 10:28 PM
දූෂණ ගැන පුවත් පිටු නම් අපි නිතර අලුතෙන් ලියවෙනව දකිනව.