IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දුම්රියේ හැපී තුවාල ලද දැරිය ප්‍රතිකාර සඳහා ස්වීඩනයට

(රොමේෂ් මධුෂංඛ)

වවුනියාව, ඕමන්ත පණ්රිකෙයිදකුලම ප්‍රදේශයේදී සිදු වු දුම්රිය අනතුරකින් තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලැබු හය හැවිරිදි කමලාදන් ජෙසිකා දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ස්වීඩනයට රැගෙන යාමට එරට වෛද්‍යවරුන් කණ්ඩායමක් කටයුතු කර තිබේ.

දැරියගේ ඥාතීන්ගේ ඉල්ලීම අනුව ස්වීඩන් රාජ්‍යයේ සිට පැමිණි වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළ සිට වවුනියාව දක්වා හෙලිකොප්ටරයක් මඟින් පැමිණ, දැරිය වවුනියාව මෙම කණ්ඩායම දැරිය හෙලිකොප්ටරයක් මඟින් කටුනායක ගෙන ගොස් අනතුරුව ගුවනින් සිංගප්පූරුවට ගෙන ගොස් ප්‍රතිකාර කර එහි සිට  ස්වීඩන් රටට ගෙනයාමට කටයුතු කරනු ඇති බව දැරියගේ ඥාතීහු පැවසූහ.

දුම්රිය අනතුරින් මෙම දැරියගේ මව වන වයස අවුරුදු 30 ක් වු  කමලනාදන් ශිවරංජනා නැමැත්තිය ජිවිතක්ෂයට පත්ව අතර, දැරියගේ පියා වන වයස අවුරුදු 34 ක් වු ජේමිස් කමලනාදන් නමැත්තා අනතුරින් තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබයි.

ස්වීඩන් රාජ්‍යයේ පුරවැසියන් වන මෙම කණ්ඩායම නිවාඩුවක් සඳහා යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයට පැමිණ අනතුරුව සිට ඥාතීන් බැලීම වෙනුවෙන් කාර් රථයකින් වවුනියාව පණ්රිකෙයිදකුලම ප්‍රදේශ‍යට පැමිණිමේදී ඔවුන් ගමන් කළ මෝටර් රථය යාපනය සිට මාතර බලා ධාවනය වෙමින් තිබු   දුම්රියේ ගැටී අනතුරට ලක් විය.

අනතුරින් වයස අවුරුදු 56 ක් වු ඉසෙයි ඥානවතී යෝගරත්නම් වයස අවුරුදු 30 ක් වු කමලනාදන් ශිවරංජනා , වයස අවුරුදු 32 ක් වු කාන්දීපන් යමුනාරංජනා නමැති , වයස අවුරුදු 13 ක් කාන්දීපන් දිසාලනී නමැති දැරියක් ජිවිතක්ෂයට පත් වුහ.

ජේමිස් කමලනාදන් (34), කමලනාදන් ජෙසිකා (06)  , කාන්දීපන් දර්ශිකන් (07) හා කාර් රථයේ රියදුරු වු මුත්තයියා ගනපති (53) නැමැති පුද්ගලයෙකු තුවාල ලබා දිවි බේරාගෙන තිබේ.

දැරියගේ ශාරීරික  රෝගී තත්ත්වයන්ට අමතරව දැරිය දැඩි මානසික රෝගී තත්ත්වයටද පත්ව ඇති බව වවුනියාව රෝහල් ආරංචි මාර්ග පැවසූහ.

 



අදහස් (2)

දුම්රියේ හැපී තුවාල ලද දැරිය ප්‍රතිකාර සඳහා ස්වීඩනයට

ලුම්බිණි Tuesday, 25 September 2018 09:41 AM

ස්වීඩන් රාජ්‍යයේ පුරවැසියන් වීම ලොකු වාසියක් උනා.

:       1       32

ranjith Tuesday, 25 September 2018 02:25 PM

එම රටේ පුරවැසියන්ට සලකන ආකාරය ඉතා විශිෂ්ටයි. අපේ රටේ මේ වගේ පහසුකම් ලැබෙන්නේ මන්ත්‍රී සහ ඇමතිගොල්ලට පමණයි. ඒත් දුප්පත් අපගේ බදු මුදලින්.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2177 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1139 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 884 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 390 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 691 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 611 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site