IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දුම්රිය රියදුරෙකුගේ මාසික ආදායම 225,000 යි - නියෝජ්‍ය ඇමැති

අතිකාල දීමනාද සහිතව දුම්රිය රියදුරෙකු මසකට රුපියල් 226,000 ක වැටුපක් ලබාගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

“දුම්රිය රියදුරන්ගේ වැටුප රුපියල් 10,000 න් වැඩිකළාම මේ අවුරුදු දෙකට රුපියල් 22,000 න් පඩිය වැඩිවෙලා තියෙනවා. 2020 වෙද්දි රුපියල් 54,000 න් පඩි වැඩිවෙනවා.“

“ඔවුන් අතිකාල දීමනා එක්ක මාසෙකට රුපියල් දෙලක්ෂ විසි හයදාහක් ( 226,000 ) විතර පඩිගන්නවා. සමහර අය ලක්ෂ දෙකක් නැත්නම් එක්ලක්ෂ හැත්තැපන්දහසක් (175,000 ක්) ගන්නවා.“

“දුම්රිය රියදුරෙක් පැය අටක් වැඩකරනවා. පැය නවයක් විවේක කාලයක් තිබෙනවා. ඒ විවේක කාලය පැය නවයට එක පැයකට පැය එකහාමාර ගානේ පැය 600 ක් අතිකාල ගන්නවා“  යැයී කී අමාත්‍යවරයා එසේ තිබියදී මෙලෙස වැඩවර්ජනය කිරිම අසාධාරණ බවද කීවේය.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපතිවරයා විසින් නිතුක්කරන ලද ගැසට් නිවේදනය පිළිබඳ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී  මේබව කීවේය.



අදහස් (42)

දුම්රිය රියදුරෙකුගේ මාසික ආදායම 225,000 යි - නියෝජ්‍ය ඇමැති

Sampath Monday, 11 December 2017 01:08 PM

ඔය කියන ගණන් හිතාගන්න අමාරුයි. ඒකෙම කෙනෙක් වැටුප කිව්වා නම් හිතාගන්න පුළුවන්...

:       556       477

kasunTuesday, 12 December 2017 01:28 AM

දැන්නේ තේරෙන්නේ ලංකාව එදා සිට අද වෙනකම් දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ ඇයි කියලා. කෝච්චි රියදුරු කෙනෙක් මෙච්චර පඩ් ගන්නවා නම් අනික් කම්කරුවන්ට ගෙවන්න කොහේ තියෙන සල්ලිද? අනික දුම්රිය රියැදුරෙක්ට නිවාඩු කාලයක් ලබාදෙන්නේ එය අත්ව‍යවශ්‍ය නිසයි. එම නිවාඩු කාලය තුල අතිකාල කරන්න දෙන්නේ ඇයි? මේක කිසිම නිතියක් නැති, ජනතාව ගැන නොහිතන රටක්.

:       0       24

seenaTuesday, 12 December 2017 07:18 AM

මේවා රටට හෙලි කරන එක හොදයි. මෙයාලගේ හැටි බලාගන්න

:       0       27

පිටිගල මිලානෝ Monday, 11 December 2017 01:10 PM

දුම්රිය රියැදුරෙක්ට නිවාඩු කාලයක් ලබාදෙන්නේ ඔහුට එය අවශ්‍ය නිසයි. එම නිවාඩු කාලය තුල අතිකාල සේවයේ යෙදීම වරදක්...

:       167       770

BawaMonday, 11 December 2017 03:54 PM

මම දොස්තර කෙනෙක්... ප්‍රමාණවත් විවේකයක් අපට ලැබෙන්නේ නැහැ. අතිකාල සමග සම්පූර්ණ වැටුප 130000 ක් විතර වෙනවා.

:       0       2

BamunuarachchiWednesday, 13 December 2017 08:56 AM

එතකොට ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක කොහොමද?

:       2       1

shanmenTuesday, 12 December 2017 07:15 AM

අතිකාල කියන්නේ වැඩ වැඩි කාලෙට අමතර වැඩ කරනවටයි. නමුත් ලංකාවේ අතිකාල කියන එක සේවක අයිතියක් කරගෙන තියෙන්නේ. වැඩ ඇතත් නැතත් අතිකාල කරනවාමයි. කෝච්චි රියදුරනුත් එසේ යයි සිතමි. ලක්ෂ ගනන් පඩි ගන්න බැහැනේ නැත්නම්. මේ අය කැමතිත් නැතුව ඇති වෙන තරුණ අයව බදවා ගන්නවාද. එයාලගේ බලය නැති වෙනවට සහ අතිකාල නැති වෙනවට.

:       0       4

ravi Monday, 11 December 2017 01:21 PM

මේ.. වෙනකන් දුප්පත් ජනතාවට සහ රජයට සිදු කරපු සියලු අලාභ හානි මේ අයගෙන් ආපසු ලබාගත යුතුයි. එහෙම නැති වුණොත් නම් මේක පුරුද්දකට යයි.

:       127       619

sajithTuesday, 12 December 2017 09:15 AM

මහ බැංකුවෙන් හොරා කාපු ගානෙන් ඔය කියන අලාභය පියවමු.

:       1       54

ajit Monday, 11 December 2017 03:10 PM

මමත් රජයේ සේවකයෙක් . මගේ වැටුප 40000 යි. අපිට වැඩ වර්ජන කරන්න බැරි නිසා මේ සුළු මුදලින් ජිවත් වෙන්න වෙලා තියෙන්නේ.. හරිම අසාධාරණයි.

:       95       367

daham Monday, 11 December 2017 03:27 PM

ඒ මිනිස්සු ඒ ගාන උපයා ගන්නේ, දහස් ගාණක් ජීවිතවල වගකීම දරමින් දිවා රාත්‍රී වෙහෙස වෙලා. මේ ඇමතිවරු සුර සැප විඳිමින් මාසෙකට හම්බ කරන මුදල කීයද? අහවල් කෙන්ගෙඩියක් ද කරන්නේ ජනතාව වෙනුවෙන්?

:       1399       1515

පෙරේරා Monday, 11 December 2017 04:43 PM

ශ්‍රී ලංකන් නියමුවෙක්ට හම්බ වෙන්න ලක්ෂ 5 යි. මේ පීලි දෙකේ ඇර වෙන කොහෙවත් නොයන, ඒත්හැම වෙලාවෙම හප්ප ගන්න කොච්චිය එලවන්න එයාර්බස් 330 වඩා අමාරුද? මේ විධියට ප්ලේනුත් එලෙව්වනම් මෙලහට ශ්‍රී ලංකන් මීට ඉස්සෙල්ලා හාන්සි. මේ වැටුප අසාධාරණයක් අනෙක් රජයේ සේවකයන්ගෙ වැටුපට සාපේක්ෂව. මේක ඉල්ලමක්නෙ.

:       130       1304

BamunuarachchiMonday, 11 December 2017 04:49 PM

ඔය වගේ මෝඩ කතාවලින් වැළකී ඉන්න

:       437       219

ranilTuesday, 12 December 2017 06:14 AM

පඩිය රටට එලි වෙනවට බයද? කතා කරන්න එපා කියන්නේ?

:       2       22

BamunuarachchiMonday, 11 December 2017 10:45 PM

ඔය දෙකම බස් එකක් එලවනවා තරම් අමාරු නැත. අඟුරු කොච්චි තිබුන කාලේ දුම්රිය රියදුරු උසස් වීම ලැබුනේ ෆයර්මන් ලාට එකියන්නේ අඟුරු දාපු අයට.

:       0       1

dileekaTuesday, 12 December 2017 04:01 AM

ඇමතිලා එක්ක බලනකොට නම් මේක සුළු ගානක් වුනාට සෙසු රජයේ සේවකයින් සමඟ සසද ලාබලනකොට මෙය අහසට පොලොවගේ ගානක්. එහෙම රටවල් කරන්න බැහැ. වැටුපු වල සාධාරණත්වයක් තිබිය යුුතුයි. ජිවිතය සමඟ ගැටෙන, දිවා රෑ සේවය කරන ඒවා කිරිිමට උපාධියක් හො ්කාර්මික විද්‍යාල වල වසර 4 ක පුහුනු අවශ්‍ය තව වෘර්තින් තියෙකවා. කියන්න ලැජ්ජයි් සමහර රජයේ තැන්වල වැටුප අදටත් රු. 20,000 යි. මේ මිනිස්සුත් මේ රටේ බඩු තමා ගන්නේ . මේ රටේ පාසැල් වලට දමා ඔවුන්ගේද දරුවන් ඇතුළත් කරලා තියෙන්නේ. එක් කොටසකට ලක්ෂ ගනන් සහ තවත් කොටසකට රැ.20000 ක් පඩි ගෙවලා කොහොමද?

:       0       181

athuraTuesday, 12 December 2017 04:10 AM

ඇයි ඇමතිවරු විතරක් මන්ත්‍රීලා, ලේකම්ලා එයාලත් එහෙම තමයි.

:       8       38

indikaTuesday, 12 December 2017 06:08 AM

ඇයි පුටු රත් කරන සමහර රජයේ නිලධාරින්. විශේෂයෙන්ම දේශපාලනය මත පත්විම් ලබපු අය. වැටුප ලක්ෂ ගණන්. වාහන ඉන්ධන නිල නිවාස දුරකථන රියදුරු මේ සේරටම ගෙවන්නේ අපේ සල්ලි. හැබැයි කරන වැඩක් නැහැ. හොරකමට විතරයි

:       0       10

indikaTuesday, 12 December 2017 06:23 AM

මේගොල්ලන්ට වඩා බස් එකක් අරන් යන කෙනෙක්ට කොච්චර වගකීමක් තියෙනවද? මේ අයට මුකුත් කරන්න දෙයකුත් නැහැ. අනිත් එක කාව හරි හැප්පුන කියල වගකීමකුත් නැහැ. මේ ඉල්ලීම් දෙන්න නරකයි.

:       5       87

asad Tuesday, 12 December 2017 07:39 AM

මම කොහොමත් දහම් ගැන දන්නා විදිහට දහම්ගෙන් ඔයිට වඩා නුවණැති ප්‍රකාශයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ගොඩක් වහල්ලු එයින් මිදෙන්නැත්තේ ඔහුන් වහල්ලු කියල ඔවුන්ද දන්නැති නිසා.පාර්ලිමේන්තුවේ ඉන්න අය ගේ වැටුප් වත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අයගෙන්වත් වැඩක් නැහැ.ලංකාවේ දුම්රියයි,වරායයි කියන්නේ ඉල්ලම් දෙකක්.පඩි මදි කියල වර්ජනය කරනවා කියන්නේ අසාධාරණයි.දුප්පත්ම දුප්පතාට වල කපන සමාජයක්. දුප්පතුන් අැපේට තියාගෙන ඉල්ලීම් ඉල්ලන කුහක මිනිසුන්.පක්ෂ බේදයක් නැතුව පාලකයෙක් කියල දුප්පතුන් ගැන හිතපු එකම නායකයා ප්‍රේමදාස මහතා පමණයි.

:       0       199

nimal Monday, 11 December 2017 11:54 PM

ඕකට හොදම විසදුම තමයි....ඔය මිනිසුන්ට බම්බුගහගන්න කියල ත්‍රිවිධ හමුදාවෙන් සුදුසු පුද්ගලයන් බලල , ඒ අයට පුහුණුවක් දීල,එම කාරිය, ඔහුන් ලවා කෙරෙව්වනම් , මිට වැඩිය අාදායමකුත් දෙපාර්තමේන්තුවට ලබා ගත හැකි වෙයි.මොකද ඕක මේ ගුවන් යානාවක් නෙවෙයිනේ .. මෙවැනි අවස්ථාවලට මුහුණ දීම සදහා, කටයුතු සම්පාදනය කිරීම එම ආයතනයේ නියෝජ්‍ය ඇමතිවරයාගේ වගකීමක්, ඔය කියන ආකාරයේ වැටුපක් ඔය මිනිසුන් ගන්නවානම් ඉදිරි කිරියාමාර්ග ගැනීම එම ආයතනයේ වගකීමක් ... එකට ඉතින් කොන්ද පනතියෙන ආණ්ඩුවක් තිබියයුතුයි ..

:       0       23

ranjith Tuesday, 12 December 2017 12:24 AM

මේ අය තමන්ගේ දුම්රින්වත් මේ තරම් මුදලක් හොයල දෙනවද මේ සල්ලි එල්ලන්නේ කොහෙන්ද මේවට පලිගෙවන්න ඕනේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල්ද දුම්රිය දෙපාර්තමේන්තු වියදම් එයාලටම පියව ගන්න කියන එක තමයි හොද?

:       0       19

Herath Tuesday, 12 December 2017 01:08 AM

මේ ඉල්ලීම් දිලා ඔය කියන අසාධාරණ OT විදිමත් කරන්න.

:       33       0

PA - RA Tuesday, 12 December 2017 01:57 AM

අපි කැමතියි නොමිලේ සේවය කරන්න, හැබැයි මුට්ටි අල්ලන්න නෙවෙයි, රටේ දියුණුවට, සෞබාග්‍යට, මැති ඇමති වරුත් වර ප්‍රසාද , සැප පහසුකම්, පගා නැතිව මනුස්සත්වයෙන් පැමිණිය යුතුයි

:       0       1

sarath Tuesday, 12 December 2017 02:31 AM

දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිකාල ගන්නා ක්‍රමය ප්‍රසිද්ධ රහසක්. මෙම ඒකාධිකාරිය බිඳ දැමිය යුතුයි. මොවුන්ගේ සේවය රටට අර්ථවත් විය යුතුයි.

:       0       19

akila Tuesday, 12 December 2017 03:11 AM

දුම්රිය දෙපාර්තමේන්තුව අඩුමගානේ අර්ධ පෞද්ගලිකරණයවත් කරන්න, ඕකේ ගිය විදේශිකයෝ ලංකාවට හිනා වෙනවා සේවාව අන්තිමයි කියල

:       40       58

vipula Tuesday, 12 December 2017 03:15 AM

මැතිඇමතිවරුන්ට වඩා වැඩක් කරන නිසා ඒ ගාන ගෙව්වට කමක් නැහැ.

:       2       8

Senarath Tuesday, 12 December 2017 03:41 AM

මේ අවුරුදු 2ට මැති ඇමතිවරු කීයක් වැඩි කරගත්තද? ඒ ඇරෙන්න ලෑන්ඩ් කෘසර් කියක් ගත්තද මේවා පෙන්නේ නැත්ද?

:       0       56

tilanTuesday, 12 December 2017 07:12 AM

දුප්පත් ලංකාවේ දුම්රි රියදුරු මහත්තුරු තමන්ගේ වැටුප සහ වරප්‍රසාද දැන් සංසන්දනය කරන්නේ මැති ඇමති වැටුප සහ වරප්‍රසාද එක්කයි. කොහොමද ඒක?

:       123       240

karunaratne Tuesday, 12 December 2017 03:57 AM

වර්ජනය නිසා ඉතිරිවන ඉන්ධන හා නිලධාරි ගෙවීම් (වැටුප් රහිත නිවාඩු) වලින් දුම්රිය බලපත්‍ර ඇති මගීන්ගේ ගිණුම්වලට සතිපතා මුදලක් බැර කරන්න. කාර්යාල වෙලාවට අනුව ගෙවීම් කළ බස් ටිකට්පත්වලින් මෙම මුදල පියවීමට බැංකු මගින්ම මගීන්ට හැකියාව ඇත. එවිට වර්ජන කාලය තුලදී මගී ප්‍රවාහනය තාවකාලිකව බස්රථවලින් කරන අතර භාණ්ඩ ප්‍රවාහනය වැනි අත්‍යාවශ්‍ය දුම්රිය සේවා පවත්වාගෙන යාමට පමණක් වැඩි අවධානයක් යොමු කළ හැකිය. අනාගතයේදී හෝ දුම්රිය වර්ජන සහ ගැටළු විසදීම සාධාරණවීමට මෙවැනි පියවර අද ගත යුතුය.

:       0       2

senewi Tuesday, 12 December 2017 05:19 AM

ඒ කතාවෙන් තෙරෙන්නෙ දුම්රිය රියදුරන් ප්‍රමාණවත් ලෙස බඳවාගෙන නැති බවයි .රියදුරන් 100 කගේ වැඩ 50 ක ගෙන් කර ගන්නව නං ඔය තරම් ගෙවන්න වෙනවා

:       0       15

lanka Tuesday, 12 December 2017 05:20 AM

කොච්චර අසාධාරණද? මගේ නෝනා විදුහල්පති සේවයේ ඉන්නේ කලින් ගුරුවරියක් ඉතාම අඩු පඩි ඒගොල්ලන්ට ලැබෙන්නේ යම්තම් 30000 ලැබෙන්නේ... කොච්චර අසාධාරනද මේ ඉල්ලීම්..

:       177       149

pradeep Tuesday, 12 December 2017 05:49 AM

මැති ඇමති , මන්ත්‍රී , රජයේ උසස් නිලධාරීන්ගේ වැටුප සහ කලුසල්ලි මේ රියදුරන්ගේ වැටුපට වඩා දහස්ගණනින් වැඩි . ජාතික ලොතරුයි මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය මාස 10 කදී රුපියල් කොටි 5 ගන්නවා දිනුම් ඇදීමේ දීමනාව කියල. එහෙම එකේ මේ රියදුරන්ගේ වැටුප ඒ තරම් ලොකු දෙයක් නොවේ ඔවුන්ගේ ජොබ් එකේ හැටියට. නමුත් මේ වගේ වැඩවර්ජන කරන එක කිසිසේත් සාධාරණ නැහැ. ඒවාට රජය පිළියම් යොදන්න ඕනේ , මෙයාලට බැරිනම් වෙනත් පුහුණු කට්ටිය යොදවන්න ඕනේ. එහෙම නොවුනොත් මේක තමා රටේත් අපි කාගේත් කරුමේ ... මීට වඩා දක්ෂ තරුණ උගත් කට්ටිය ඉන්නවා පෝලිමේ මේවට එන්න බලාගෙන, එහෙම නැතිනම් ප්‍රේමදාස මහත්මයාගේ ටයර් සංස්කෘතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට වැටුප් නැතිවත් වැඩකරවී. .....

:       0       190

janaka Tuesday, 12 December 2017 06:10 AM

සමහර අර්ධ රජයේ ආයතන වල කාර්මික නිලධාරින්ගෙ වැටුප කියන්න ලැජ්ජයි රු. 25000 ක් පමණ. නූගතුන් නොවේ. උසස් පෙල සමත්ව කාර්මික විද්‍යාල වල උගත් අය

:       0       36

kumara Tuesday, 12 December 2017 06:20 AM

දුම්රිය අධිකාරියක් කල යුතු කාලය එලඹ ඇත

:       44       34

ගගන Tuesday, 12 December 2017 09:40 AM

ඉතින් එහෙම වැටුපක් ලැබෙනවානම් පාර්ලිමේන්තුවට ගිහින් රුපියල් හැට දාහක පඩි ගන්නේ නැතුව දුම්රිය රියදුරෙක් වෙලා දෙලක්ෂ විසිදහස් පන්සියයක් ගන්න පුළුවන්නේ?

:       0       8

banda Tuesday, 12 December 2017 10:00 AM

අනේ මෙමත් රටක් අර තේ වතුවල කම්කරුවන්ට රුපියල් 1000 දිනකට දෙන්න බැරිලු මුන්ට ලක්ෂ 2 මදිලු ඔය කම්කරුවන්ගේ දවසේ පඩිය රුපියල් 700. ඔය මිනිසුන්න්ගේ සාපෙ තමයි රටට හෙන ගාල තියෙන්නේ..................

:       0       15

D.m. Tuesday, 12 December 2017 11:28 AM

පැය නවයකට පස්සේ නිවාඩුවක් දෙනවනම් අතිකාල ගෙවන්නේ කොහේ නීතියකටද?

:       0       12

කසුන් Tuesday, 12 December 2017 04:39 PM

රැකියාවට සරිලන වැටුපක් ලැබුනට කම් නැත. මම මෙතන 225000ක් පඩි ලැබෙනවා කියා කම්පා වෙන්නේ නැත. කම්කරුවට ලැබෙන්නා වැටුප ඔහුගේ උගත්කමට සරිලන වැටුපකි. තවද අසාධාරණ වැටුපක් යනුවෙන් අදහස් දක්වා ඇති අය පවසන අන්දමට ඔව්න් පවසන්නේ රට මෙතරම් අගාදයකට පත් වී ඇත්තේ දුම්රිය සේවකයන්ගේ වැටුප නිසාත් අනෙකුත් කම්කරුවන්ට වැටුප් ප්‍රමාණවත් නොමැති නිසාවෙනි. නමුත් මෙහිදී රටේ පාලකයන් නිසි ලෙස මුදල් පරිහරණය කළා නම් රට මෙතරම් අගාදයකට පත්වන්නේ නැත. සේවයේ තිබෙන්නා වූ අවදානම, කටුකත්වය, සහ අධික වගකීම් මත ඔවුන්ගේ වැටුප තීරණය වේ. තවද ඕනෑම රැකියාවක වැරදි සිදුවේ. දුම්රිය ගැටීම් ඒ ඇති වුයේ රියදුරුගේම 100%ක්ම නිසා නොවේ. එම නිසා කුහකයන් යනුවෙන් මට දුම්රිය සේවකයන්ට ඇගිල්ල දිගු කල නොහැක. තවද පීලි දෙකක් මත දුම්රිය රැගෙන යාම මා දන්නා තරමට මාර්ගයේ ධාවනය වන්නා වූ වාහනයක් පදවනවට වඩා අපහසුය. තවකුගේ වැටුප හෝ ඔහුගේ සාර්ථකත්වයට ගරහන්න එපා. බුද්ධිමත්ව විමසන්න. වතුකම්කරුව සහ දුම්රිය සේවකයා සංසන්දනය කිරීමෙන් ඔබ සැමගේ බුද්ධි මට්ටම ඉතාමත්ම ඉහල මට්ටමක ඇති බව වැටහේ.

:       16       1

BamunuarachchiWednesday, 13 December 2017 03:29 PM

සේවයේ තිබෙන කටුකත්වය ගැන කතා කරනවා නම් බස් රථයක් පැදවීම මීට වඩා බොහොම අවදානම් රැකියාවකි. මෙතන ඒ ගැන ලීවොත් පලවෙන්නේ නැතිනිසා විස්තර නොකරමි. කොටින්ම ෆයර්මන්ට ලැබෙන උසස්වීම 3 වෙනි පන්තියේ දුම්රිය රියදුරුකම නම් ඉතුරුටික ඔබලා සිතා ගන්න.

:       0       0

Bamunuarachchi Friday, 15 December 2017 06:17 AM

ෆයර්මන් හෙවත් අඟුරු දමන්නාටත් 3 පන්තියේ දුම්රිය තනතුර ලැබෙනවා නම්, ගුවන් යානය ඔටෝ පයිලට් දමා පයිලට් ට ටිකක් විවේක ගන්න පුලුවනිනම් ඔය දෙක පැදවීමේ භයානක කම මොකක්ද? ප්ලේන් එකක් ප්ලේන් එකක හැපුන දවසක් මතකද? කෝච්චියක් ඉදිරියන් එන කෝච්චියක හැපුන දවස මතකද? බස් නම නිතරම එකිනෙකට මුහුණ ලා හැපෙයි. එමනිසා බසයක් පද වීම භයානකය කුහක නැතිව ඔව් කියන්න.

:       0       1

Chandima Friday, 15 December 2017 07:50 AM

මතක තියාගන්න,අද ඔය දේශපාලුවෝ ඩියුටි ෆ්‍රී කාර් එකෙන් පටන් අරන් අවුරුදු පහෙන් පහට ගහගෙන යන ගැහිල්ල ඔය ඔක්කොටම වඩා සුපිරි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 13 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 689 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2087 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1509 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 854 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2073 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site