IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්රිය බලවේග කට්ටල හිඟ නිසා දුම්රිය වාර අවලංගු කිරීමෙන් මගීන්ට දුෂ්කරතා

(ඩයනා උදයංගනී)

       දුම්රිය බලවේග කට්ටල ප‍්‍රමාණවත් පරිදි නොමැතිවීම හේතුවෙන් මේ වන විට ඇතැම් දුම්රිය ධාවන වාර අවලංගු කිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

         දුම්රිය තාක්ෂණ ශිල්පීන්ගේ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය තවමත් අවසන් වී නොමැති බැවින් දෙපාර්තමේන්තුව සතුව ඇති බලවේග කට්ටල සංචිතයෙහි දෝෂ සහගත තත්ත්වයන් රැසක් මතුව ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

         ඇතැම් ද්විත්ව බලවේග දුම්රියවල ක‍්‍රියාත්මක වන්නේ එක් එන්ජිමක් පමණක් වන අතර ධාවන වාර වලට සාපේක්ෂකව එන්ජින් හා මැදිරි හා බලවේග දුම්රියන් නොමැතිවීම ගැටලූවක් බව ඔහු සඳහන් කළේය.

       ඒ හේතුවෙන් දුම්රිය බලවේග කට්ටල සැපෙයන අයුරින් ධාවන වාර ක‍්‍රියාත්මක කිරීමට සිදුව ඇතැයි කී එම නිලධාරියා මෙම තත්ත්වය මත ඇතැම් දුම්රිය වාරයන් අවලංගු කිරීමට සිදුව ඇතැයි ද කීවේය.

         මෙය තාවකාලික තත්ත්වයක් වන අතර ඉදිරියේදී එම තත්ත්වය මගහැරී යනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.එම තත්ත්වය මත දුම්රිය වාර අවලංගු වීම හේතුවෙන් මේ වන විට මගී ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.

මීරිගම සිට කොළඹ කොටුව දක්වා දිනපතා උදෑසන 6.30ට ගමන් අරඹන දුම්රිය ද (පොඩි ෆවුසි) දැනට මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අවලංගු කර තිබෙන බවට මගීහු චෝදනා කරති.

         මේ හේතුවෙන් පොල්ගහවෙල සිට මොරටුව බලා පෙරවරු 6.20ට ගමන් අරඹන සීඝ‍්‍රගාමී දුම්රිය වේයන්ගොඩ සිට ගම්පහ දක්වා මන්දගාමීව ධාවනය කිරීම සිදුවන අතර එයින් මොරටුව දුම්රියේ ගමන් ගන්නා කාර්යාල සේවකයින් නිසි වේලාවට රැකියාවට වාර්තා කිරීමට නොහැකිවීමෙන් මෙන්ම මගී තදබදය හේතුවෙන් ද දැඩි පීඩාවකට ලක්වෙති.

මීට අමතරව තවත් දුම්රිය කිහිපයකටම මෙම බලපෑම එල්ල වී තිබේ.කාර්යාල මගීන්ට අමතරව මීරිගම සිට පැමිණෙන පාසල් සිසුන් ද මෙයින් පීඩාවට පත්ව සිටිති.

       මීට පෙර රාතී‍්‍ර 9.50ට මීරිගම දුම්රිය ස්ථානයට පැමිණෙන දුම්රියක් එහි නවත්වා තබා පසුදින පෙරවරු 6.30 ට කොළඹ කොටුව දක්වා ධාවනය කරවීම සිදුවූ නමුත් මේ වන විට රාත‍්‍රීයේම දුම්රිය නැවත දෙමටගොඩ පිහිටි දුම්රිය අංගනයට කැඳවීම නිසා මෙම දුම්රිය අවලංගු වී ඇති බවට මගීහු චෝදනා කරති.

         මේ සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරියේ සේවය කරන නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙම තත්ත්වයට පිළියම් යෙදීමේ හැකියාවක් දුම්රිය සේවකයන්ට නොමැති බවයි.

         ඒ සඳහා කෙටි කාලීන හා දිගු කාලීන සැලැස්මක් සහිත ජාතික ප‍්‍රතිපත්තියක් තිබිය යුතු බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (5)

දුම්රිය බලවේග කට්ටල හිඟ නිසා දුම්රිය වාර අවලංගු කිරීමෙන් මගීන්ට දුෂ්කරතා

Ganesh Monday, 20 August 2018 11:51 PM

මිනිසුන්න්ට මෙචර වද නොදී මේක පුද්ගලික අංශයට දෙන්න . මේ සුදු අලියා නඩත්තු කල හොඳටම ඇති.

:       1       262

wedageTuesday, 21 August 2018 05:49 AM

උදාහරණයක් හැටියට පුද්ගලික බස් කර්මාන්තය බලන්න කොපමණ හොඳින් මිනිස්සු පටවාගෙන යනවද හෙමින් හෙමින්

:       0       0

ranesh Tuesday, 21 August 2018 03:33 AM

ඇමතිතුමාලට ලෝබ නැතිව වහාන පෝමිට් දෙන සරල ජනාධිපති මාමටයයි .... නළුවෙක් නෙමේ මොලයක් තියන අගමැතිටතුමාට බැරිද මේක විසදලා දෙන්න... අපේ සාක්කු ගොඩක් පිරිලා තියන නිසා කොචියේ යන එක පට්ට සැප යි... ඒ අතල් එක කඩන්න එපා .....

:       0       0

vipula Tuesday, 21 August 2018 07:09 AM

මේ ආණ්ඩුව ආවත් හරි එක දුම්රිය මැදිරියක් වත් ගෙනාවද? බදු එකතු කලත් ඒ බදු මුදල ජනතාවගේ පහසුකම් ඇති කරන්න යොදන්නේ නැහැනේ. බැට කන්නේ සාමාන්‍ය ජනතාව .

:       0       0

arschfikaa Tuesday, 21 August 2018 08:26 PM

සුරුට්ටුවන් පමණක් පාලනය කොරන,ශ්‍රීලන්කන් එක ළඟදීම ඉවරවෙයි,සුරුට්ටුවන් පමණක් පාලනය කොරන පුද්ගලික බස් සේවය ජරා ගොඩක්,දෙන දුම්රියත් ඔය සුරුට්ටු මෙලොදෙයක් දන්නේ නැතිව, මිලියන ගණන් පඩි කෙලින සුරුට්ටුවන් නිසා අභාවයට පත්වෙලා, අපි දෙන පරන කාලේ වගේ,තිරික්කල්, බක්කි, කරත්ත යුගයට මේ 21 වෙනි ශත- වර්ෂයේදී පා තබමුකෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 0 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 123 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 117 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 541 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 440 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 161 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site