IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දීමනා දෙන්න ගිය සමෘද්ධි නියාමකට පහර දෙයි

(ඉන්දික අරුණ කුමාර)

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමට ගිය සමෘද්ධි නියාමකවරයකුට පහරදීමක් සිදුකර ඇතැයි නාඋල පොලිසිය කියයි.

අද (03) පස්වරු පහට පමණ නාඋල - අඹන ප්‍රදේශයේ දී පහරදීම සිදුව තිබේ.

රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති කොරෝනා ව්‍යවසන තත්ත්වය හේතුවෙන් අසරණභාවයට පත්වු පිරිස් සදහා ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබාදීම සදහා ගිය අවස්ථාවක දී සමෘද්ධි නියාමකවරයාට පහරදීම සිදුව ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියට සම්බන්ධ කාන්තාව සමෘද්ධි බැංකුවෙන් කලින් ලබාගත් ණය මුදලක් නිසි පරිදි ගෙවීම පැහැර හැර ඇති අයෙක් බවත්,ඇයට රුපියල් 5000 ලබාදීම සදහා ඉහළ නිලධාරින්ගේ උපදෙස් ලබාගත යුතු බවත් සිද්ධියට මුහුණ දුන් සමෘද්ධි නිළධාරිවරයා සදහන් කර තිබේ.

කෙසේ වෙතත් ඉන් සෑහීමට පත්නොවු අදාල සිද්ධිය සිදුවු ස්ථානයේ රැදි සිට පිරිසක් තමන්ට පහරී දී තුවාල සිදුකළැයි සමෘද්ධි නියාමකවරයා නාඋල පොලිසියට පැමිණිලි කර ඇත.

නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යූ.පී.ජි.කේ.රත්නායක මහතා කියා සිටියේ අද (03) පස්වරැවේම අදාල සැකකරැවන් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාකරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
 



අදහස් (8)

දීමනා දෙන්න ගිය සමෘද්ධි නියාමකට පහර දෙයි

lalithm Friday, 03 April 2020 01:50 PM

මේ ආත්මේ දුප්පත්වෙලා ඉන්නේ ඉහත ආත්මේ මේ වගේ නගර පෙන්නපු හින්ද වෙන්න ඇති. දුප්පත් කම කියන්නේ නිකම් ඉන්න නොමිලේ දේවල් ගන්න සහතිකයක් කියල අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නවා වගේ නේද? උත්සාහය කියන දේ ගෑවිලාවත් නැහැ.

:       48       157

සෙනෙවිරත්න Friday, 03 April 2020 02:55 PM

සහතික ඇත්ත වසර 70 ක් දෙගොල්ලගෙම කෙරුවාව දැන් හොඳට පේනවා. ඉදිරියට මේම තත්වය වැඩිවනු ඇත. එතකොට බඩු බෙදන්නන්ගේ කරල පැහෙනු ඇත. චන්ද වැටෙනු ඇත. දුප්පත්කම සදාකල් අපරටේ පවතීවා...

:       41       3

de silva Friday, 03 April 2020 02:42 PM

අර එනවා කිව ජංගම අහර මලු බෙදාදීමේ රථ අවේ නැති නිසා , බඩගින්න වැඩිවෙලා උරුජුවල් නැගල සමුර්ධි නියාමකව අල්ලාගෙන කන්න හිතෙන්න ඇති , ඕව එච්චර ගණන් ගන්න එපා , මේවගේ සති කිහිපයක් ගෙදරට කොටුවෙලා හාමතේ ඉන්න කොට කේන්තියාම , නොරුස්සන ගතිය ඇතිවෙන්න පුළුවන්...

:       82       8

චමින්ද - ජම්පටා ස්ට්‍රීට් Friday, 03 April 2020 02:53 PM

ඕන නැති කතා කියලා කට කපා ගන්න එපා හරිද...?

:       30       0

Champa Friday, 03 April 2020 03:49 PM

රජයේ සහන ගැන රජයේ නිලධාරීන්ටවත් හරියට උපදෙස් ලැබිල නැති බවයි පේන්නේ. රටටම කිව්ව විදිහට ආණ්ඩුව මේ දෙන්නේ විශේෂ කොරෝනා සහනාධාරයක්. ඒ හින්ද ගත්ත ණය ගෙව්වද නැත්ද කියන එක මේකට අදාළ නැහැ. ණයක් දෙනකොට විතරයි කලින් ගත්ත ණය ගෙවලද නැත්ද බලන්නේ. විශේෂ සහනාධාරය මම දන්න විදිහට ණයක් නොවෙන නිසා අතුරු කාරණා බලපාන්නේ නැහැ. තමන්ට හමු වෙන්න වෙලා තියෙන්නේ බඩගින්නේ සහ කොරෝනා හැදෙයි කියල බයේ ඉන්න මිනිස්සු කියල නිලධාරියොත් මතක තියා ගන්න ඕනේ. ආණ්ඩුව මේ සහනාධාරය ගැන පැහැදිලි විස්තරයක් දෙන්න එපෑය කලින්ම.

:       28       13

samFriday, 03 April 2020 09:52 PM

චම්පා ඔබ හරි. ලංකාවේ නිලධාරීන් සමහරක් මහජන අවශ්‍යතා "ඉටු නොකරන්නේ" කොහොමද කියලා මිසක් "ඉටු කරලා දෙන්නේ කොහොමද" කියන මානසිකත්වයක් නැති පුද්ගලයන්.

:       0       5

චමින්දSaturday, 04 April 2020 01:28 AM

චම්පා මහත්මියගේ අදහස නිවැරදියි. උපදෙස් දීලා තියෙන්නෙත් සමෘද්ධි හිමිකරුගේ ගිණුමේ මුදලක් තියෙන අයට පමණක් දෙන්න කියලනම් මෙහිදීත් වෙන්නේ දේශපාලන ප්‍රවර්ධනයක් කියන්න පුළුවනි. බුදු හිමියන් දේශනාකලේ සබ්බේ සත්තා ආහාරට්ඨිකා කියල (සියළු සත්වයෝම ආහාරයෙන් ජීවත්වේ කියල) සියළුම රටවැසියා රැකගැනීම රජයේ වගකීමක් වෙනවා. වැසියා කුසගින්නේ මියයාම වැලැක්වීමට ආධාරයක් හෝ ණය මුදලක් දීමේදී ගිණුමේ මුදලක් නැත්නම් හෝ ණයක් ගෙවා නැත්නම් එම තැනැත්තා කුසගින්නේ මිය යායුතුය වැනි අදහසක් රුපියල් 5000 ගෙවීමේදී සමහර නිලධාරීන්ගේ ක්‍රියාවන් නිසා ඉස්මතුවෙනවා

:       0       4

ajith Saturday, 04 April 2020 02:24 AM

කවුද කියන්නේ? මේ දෙන්නේ සහනයක් කියල. මේක ණයක්.

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 3 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 63 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 351 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 0 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 160 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 146 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site