(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ ඇද හැලූණු වැසි හේතුවෙන් රත්නපුර, නුවරඑළිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බෑවුම් සහිත ප්‍රදේශවල මෙම නායයෑමේ අවදානම පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (17) නිකුත් කළ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.
ඉහත ප්‍රදේශවල කඳුකර බෑවුම් ආශි‍්‍රතව සහ නායයෑමේ හැකියාවන් ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශයන්හි පදිංචි වී සිටින්නන් මේ සම්බන්ධයෙන් අවදානයෙන් සිටිය යුතු බව ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මේ අතර පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දිනවලදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයෙත් විටින් විටගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
වයඹ සහ දකුණු පළාත්වලත්, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම මධ්‍යම, වයඹ, උතුරු මැද, නැගෙනහිර, දකුණු, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් විටින් විට පැයට කිලෝ මීටර 50 - 60 පමණ දක්වා තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70 දක්වා වැඩිවිය හැකි අතර, සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර 50-60 දක්වා වැඩි වන අතර එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව එම ප්‍රකාශකයා කීවේය.
එබැවින් ධීවර හා නාවුක කටයුතුවලදී විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර මහතා ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට පැමිණි මගීන් දෙදෙනකු සතුව තිබී කටුනායක ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා රේගු ආදායම් අධී
පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
උත්තර ලංකා සභාගය කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව එහි මන්ත්‍රී ගෙවිඳු කුමානතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කොට සාර්ථක වූ ගොවීහු දෙදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත
ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක් හෙවත් ඩොලර් ලක්ෂ 615 ක් ප්රදානය කිරීමට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානමක්