IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දිවිසැරිය නිම කළ පොව්ල්සන්ගේ දරු තිදෙනා ඩෙන්මාර්කයට

විනීතා එම් ගමගේ
 
ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වශයෙන් සැලකෙන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතාගේ දරුවන් සිව්දෙනා අතරින් ෂැන්ග්‍රිලා හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය තිදෙනාගේ මෘත ශරීර විශේෂ ගුවන් යානයක් මගින් අද (26) ඩෙන්මාර්කයට ගෙන යනු ලැබීය.

එම  ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගොස් තිබුනේ ඔහුගේ දියණියන් තිදෙනා ගෙගන් වැඩිමහල් දියණියන් දෙදෙනා සහ බාලම පුතණුවන්ය. පොව්ල්සන් මහතා බිරිඳ හා තෙවැනි දියණිය එම ප්‍රහාරයෙන් බේරි තිබිණි. 

මියගිය තිදෙනාගෙන් දියණියන් දෙදෙනාගේ සිරුරු හඳුනාගත හැකි මට්ටමේ තිබුණත් පුතුගේ සිරුර හඳුනාගත නොහැකි තරම් විනාශ වී තිබු අතර එය හඳුනාගනු ලැබුයේ ඩෙන්මාර්කයෙන් ගෙන්වා ගන්නා ලද ඔහුගේ ඩී එන්  ඒ වාර්තා මළ සිරුරු හා සැසඳීමෙනි.

බ්‍රිතාන්‍යයේ ඉඩම් වැඩිම ප්‍රමාණයක් හිමි පුද්ගලයා ලෙස සැළකෙන ඩෙන්මාර්කයේ වංශාධිපතියෙකු වන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් ඔහුගේ බිරිඳ සහ දරුවන් සිව්දෙනා සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටිය දී මෙම දරු තිදෙනා මෙම අනතුරට ගොදුරු විය. 

තංගල්ලේ සිට පැමිණ ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන් ගෙන සිටි ඔවුන් එදින පිටවී යාමට සියලු කටයුතු සුදානම් කර තිබුණත් පොව්ල්සන් මහත්මිය සහ එක් දියණියක් නාන තටාකයේ සිට ඇත. අනෙක් දියණියන් දෙදෙනා සහ පුතු සමඟ පොව්ල්සන් මහතා හෝටලය තුළට ගොස් සිටිය දී එක් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් එයින් සිදුවී නැත. 

සිද්ධියෙන්  පසු ඔවුන් විදුලි සෝපානය වෙත ගියත් එය එම අවස්ථාව වන විට අක්‍රියව පැවැති හෙයින් ආපසු හැරි ඇතත් ඔවුන් එහි නවතා පොව්ල්සන් මහතා බිරිඳ හා අනෙක් දරුවා සෙවීමට ගොස් තිබේ. මේ අතර දෙවැනි බෝම්බය පුපුරා යාමෙන් එම දරුවන් තිදෙනා අනතුරට පත්ව ඇතැයි හෝටල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

මළසිරුරු නිදහස් කිරීම ප්‍රමාද වී ඇත්තේ දරු තිදෙනා අතරින් පවුලේ බාලයා වන පුතුගේ සිරුරු හඳුනාගැනීම තහවුරු කරගැනීමේ කටයුතු හේතුවෙනි.  එම මළ සිරුරු පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වූ  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම මළ සිරුරු ඩෙන්මාර්කයට ගෙනයාමට අවසර ලබාදීමෙන් පසු  ඒ සඳහාම කටුනායක ගුවන් තොටුපල වෙත  අද (26)  පැමිණි විශේෂ ගුවන් යානයකින් එම සිරුරු ඩෙන්මාර්කයට ගෙන යනු ලැබීය.  



අදහස් (14)

දිවිසැරිය නිම කළ පොව්ල්සන්ගේ දරු තිදෙනා ඩෙන්මාර්කයට

Sumith Friday, 26 April 2019 02:44 PM

ගොඩක් දුක හිතෙනවා. පව් දෙවියනේ...

:       0       215

පිටිගල මිලානෝ Friday, 26 April 2019 02:49 PM

ලෝකයේ ලස්සන මුතු ඇටයේ මිය ඇදුණු දරුවනේ... ඔබ තිදෙනාට නිවන් සුව ලැබේවා යයි බොඳවූ දෙනෙතින් ලියමි. පියෙක් හැටියට ඔබගේ දෙමව්පියන්ගේ හද ගැස්ම මමද හඳුනමි. කෙතරම් පින් බල ඇතිව බවභෝග සම්පත් ඇතිව ඉපදුණත් මේ සසර ඉතාමත්ම කුරීරුයි. උපත තරම් අපව අසරණ කරන තවත් දෙයක් නැත. එය ඉතාමත්ම දුක්ඛිතය, අසාධාරණය. මේ බෞද්ධ භුමියේ අසරණ වුණු ඔබලාට මතු යම් දිනක මේ ධර්මයම පසක් වීමට හේතු වාසනා ඇතිව ඉපිද අමා මහා නිවන් සුවයම ලැබේවා..!

:       9       872

harsha Friday, 26 April 2019 02:52 PM

මේ ජීවිතවලට වගකියන්න ඕනෑ මේ රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයායි...

:       21       1878

tikiriFriday, 26 April 2019 07:51 PM

නැහැ මෙයාලව පත්කළේ අපියි. ඉතින් 2015 මෙයාලට ඡන්දෙ දීපු අපියි මූලික වැරැද්ද කලේ... අපි තමයි මේවට වගකියන්න ඕනේ...

:       0       0

Nihal Friday, 26 April 2019 02:57 PM

මෙම මිලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට නිවන් සුව, මොක්සුව ප්‍රාර්ථනා කරමි...

:       4       369

Raveendra Friday, 26 April 2019 03:27 PM

ඔබ සැමට නිවන් සුව අත්වේවා!!!!

:       0       0

Gamini Friday, 26 April 2019 05:28 PM

අප ආදරණීය ශ්‍රී ලංකාව තුළ දී ඔබ සැමට සිදුවූ මෙම විපත ගැන අතිශය කණගාටුවට පත් වෙමි. අප අදහන දහම අනුව ඔබ සැමට අමා මහ නිවන් සුව ලැබේවා

:       0       0

wimal Friday, 26 April 2019 06:00 PM

යහ පාලනය දුන්නා, ගොන් පෙරලිය දුන්නා, මහා බැංකුව ගිල්ලා, එයාර් පොර්ට් එකේ වී ගබඩා කෙරුවා, හාමුදුරු වරු සහ හමුදාව හිරේට දැක්කුව, මිනිසුන්ට මරණයත් දුන්නා, සර්වපාක්ෂික තොවිලයකුත් කෙරුවා ....හරිම අපුරුයි අප්පා..... ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහත්මාණනි ඔබ තාත්තා කෙනෙක් හැටියට, ඔබගේ හදවත දැවෙනවා, අපි දන්නවා අපිත් ඔබ සමගයී ! ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහත්මාණනි ඔබ සහ අපේ අසරණ පියවරු හරිම අවාසනාවන්තයී....... එත් අපේ ලොක්කගේ පියා හරිම වාසනාවන්තයී...

:       0       0

ranjith Friday, 26 April 2019 11:52 PM

අපේ රටේදී මේ පුංචි අහිංසක මල් වගේ දරුවන්ගේ ජීවිත අහිමි කිරීම ගැන ජාතියක් ලෙස අපි දුක් වෙනවා මේවට වගකිවු යුතු හැමකෙනාටම තමන් මැරෙන මොහොතේවත් මේවා සිහිවෙයි

:       0       0

sarath kuru Saturday, 27 April 2019 12:44 AM

මේ දරුවන් තිදෙනා සමාදානයේ සැතපේවා

:       0       0

Bandara Saturday, 27 April 2019 01:13 AM

හර්ෂ ඔබ හරි. නමුත් ඔවුන්ට එසේ කිරීමට හෘද සාක්ෂියක් නැත

:       0       0

වජිර Saturday, 27 April 2019 01:40 AM

ඉතාමත් සෝචනීයම සිද්දියක් මේ.

:       0       0

saman peiris Saturday, 27 April 2019 02:15 AM

නිවන් සුව අත්වේවා

:       0       0

sampath Saturday, 27 April 2019 03:59 AM

මේ රටට සංචාරකයෙක් තියා සංචාරක කුරුල්ලෙක්වත් ආවොත් පුදුමයි.. ලබාගත් නිදහස ආරක්ෂා කරගන්න බැරි එකම අවාසනාවන්ත රට අපි වෙන්න ඇති...

:       0       135

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 85 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 53 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 136 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1816 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 521 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 628 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site