IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දිවියා මැරූ අයට නීතිය ක්‍රියාත්මක කරන්නැයි පරිසරවේදීහු ඉල්ලති

(රොමේෂ් මධුෂංඛ)
 
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ දී ප්‍රදේශවාසීන් එක්ව වඳවී යාමේ තර්ජනයකට ලක්ව ආරක්ෂා කළ යුතු වර්ගයේ දිවියකු මරා දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව උතුරේ පරිසරවේදීහු පවසති.


පරිසරවේදීහු කියා සිටින ආකාරයට මෙම වඳවී යන ආරක්ෂා කරගත යුතු වර්ගයේ සිටින දිවියා යම් කිසි පුද්ගලයකු මරා දමන්නේ නම් ඔහුට එරෙහිව රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා මුදල් දඩයක් ද වසර දෙකේ සිට වසර පහක් දක්වා වූ සිර දඬුවමක් ද නියම කළ හැකි බවයි.


එමෙන්ම කිලිනොච්චිය වනජීවී නිලධාරීන්ද දිවියා ආරක්ෂා කරගැනීමට අවස්ථාවට උචිත නොවන ආකාරයකට රාජාකාරි සිදුකර ඇති අයුරු පෙනෙන්නට නොමැති බවක් පෙනී යන අතරම දිවියා මැරීමට දායක වූවන් වීඩියෝ පරික්ෂා කර හෝ හඳුනාගත යුතු අතරම වනජීවි නිලධාරීන් වෙනුවෙන්ද වෙනම පරික්ෂණයක් සිදු කළ යුතු බවට උතුරේ පරිසරවේදීහු වැඩිදුරටත් කියා සිටියහ.


අම්බාල්කුලම් ප්‍රදේශයට ඇතුල් වූ දිවියා ඊයේ (21) දින පළමුව එළුවන් පිරිසකට පහර දී වැසියන් සිව් දෙනෙකුටද පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ අතර පසුව වනජීවි නිලධාරීන් පැමිණ දිවියා ඇල්ලීමට යාමේදී දිවියා පහරදීම හේතුවෙන් වනජීවි නිලධාරියකු තුවාල ලැබීමත් සමඟ වනජීවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත්තේ දිවියා ඇල්ලීට අවශ්‍ය පිරිස් හා උපකරණ රැගෙන ඒම සඳහාය.


නමුත් වනජිවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්වීමත් සමඟ ප්‍රදේශවාසීන් නැවත දිවියා සෙවීමට යාමේදී දිවියා විසින් නැවත වරක් පහර දීමෙන් සාමාන්‍ය වැසියන් පස් දෙනෙකු තුවාල ලැබූ අතර දිවියාගේ පහරදීමෙන් තුවාල ලැබූ මුළු ගණන 10 ක් වේ.
   



අදහස් (13)

දිවියා මැරූ අයට නීතිය ක්‍රියාත්මක කරන්නැයි පරිසරවේදීහු ඉල්ලති

රජින්ද Friday, 22 June 2018 07:41 AM

අනිවාර්යයෙන්ම මේ උන්මන්තකයින්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.. ඔවුන්ගේ මේ අමනුෂ්‍ය ක්‍රියාව ඕනෑම මොහොතක වෙනත් සාමාන්‍ය මනුස්සයෙක්ට වුවත් ඔවුන්ට කළ හැකියි. මෙවැනි අමනුෂ්‍යයින් වහවහා මෙල්ල කිරීමට ගරු නීතිය ඉදිරියට පමුණුවන්න...!!! නැතිනම් මේ රටේ මෙවැනි සත්වයින්ගේ අංශුමාත්‍රයක්වත් ඉතිරි නොවේවි...!!!

:       146       4271

suran Friday, 22 June 2018 08:29 AM

දැන් බලන්න පුළුවන් නීතීය නැමෙන හැටි...

:       0       321

tuanshiraz Friday, 22 June 2018 08:46 AM

එතකොට දිවියාගෙන් පහරට ලක් අය වෙනුවෙන් දිවියාට නීතිය ක්‍රියාත්මක කරන්න

:       84       2

sathyapala Friday, 22 June 2018 08:51 AM

"ප්‍රශ්නය අනුන්ගේ වෙනතුරු උත්තරය දාර්ශනිකයි" කියනවනේ. නගරය මැද යකඩ වැටවල් තාප්ප බැදගෙන සිසිටීවි කැමරා හයිකරගෙන ඉන්න, වාහනවල නැගලා සත්තු බලන්න යන අය අහිංසක ගම්වල මිනිස්සු විදින දුක, පරාන බයෙන් ජීවත්වෙන විදිහ නොදන්නා අය අර මිනිසුන්ට අපහාස කරනවා. දොරක් වෙනුවට ගෝනි පඩන්ගුවක් එල්ලපු කටුමැටි ගහපු ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට කොයි මොහොතේ අලියෙක් දිවියෙක් ගෙට කඩා පැනලා පවුලම අමු අමුවේ මරා දායිද බයෙන් මිනිස්සුන්ගෙන් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද ? පෙර පාසල් දරුවෝ පාසල ඇරිලා ලදු කැළෑ මැදින් කිලෝමීටර 4-5 තනියම පයින්ගෙදර එන විට තම දරුවා අලියෙක් කොටියෙක් පහරදී මරා දැමු විට රජයෙන් රුපියල් හා පහළොස් දහසක් ගෙවන රටක, උදේ හවා තම දරුවා කාර් එකෙන් පාසලට ගිහින් දාන මස් කිලෝ ගණන් ගිලින මහා අය සත්ව කරුණාව පහලවෙලා දාන සද්දේ ඇහෙනකොටත් හිරිකිතයි.

:       9       226

amali Friday, 22 June 2018 08:52 AM

කරයි කරයි බලාගන ඉන්න. දකුණේ වුනා නම් මෙලහකට දඬුවම් කරලත් ඉවරයි.

:       0       1

niluka Friday, 22 June 2018 09:04 AM

අනිවාර්යයෙන්ම මේ පොලු උදලු අරගෙන ආපු මේ කාලකන්නි අමන කකුල් දෙකේ මුර්ග රැලට නීතියක් ක්‍රියාත්මක විය යුතුය. යහපාලනයක් තිබෙනවා නම් මේ අයට දඬුවම් දිය යුතුය. මෙවුන්ගේ තිරිසන් ගති මේ කළ අපරාධයෙන් මනාව පැහැදිලි වේ...

:       0       166

ravin Friday, 22 June 2018 09:08 AM

පියවර ගතයුත්තේ ජනතාවට නොව, වනජීවී නිලධාරීන් ඔවුන්ගේ වගකීම පැහැර හැරීම වෙනුවෙන්... මෝඩ කමෙන්ට්ස් නොදමා ඔය ඒසී කාමර වලින් එළියට ඇවිත් ජනතාව විඳින දුක දිහා බලන්න. දිවියා සම්බන්ධයෙන් දුකයි. හැබැයි කළයුත්තේ වනජීවී නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය හරියට ඉටු කිරීමයි.

:       131       218

sumith Friday, 22 June 2018 09:13 AM

පහුගිය කාලේ ගම්මානවලට පැනලා පොඩි දරුවන් පවා කපලා කොටලා දාපු මිනිස්සුන්ට දිවිය මහකජ්ජක්ද?

:       0       261

KANDEPOLA Friday, 22 June 2018 09:21 AM

'...එමෙන්ම කිලිනොච්චිය වනජීවී නිලධාරීන්ද දිවියා ආරක්ෂා කරගැනීමට අවස්ථාවට උචිත නොවන ආකාරයකට රාජකාරි සිදුකර ඇති අයුරු පෙනෙන්නට නොමැති බවක් පෙනී යන අතරම...' - මේ අපබ්‍රංශයෙන් කියැවෙන්නේ වනජීවී නිලධාරීන් හරියට රාජකාරිය කරලා කියලා නේද..?

:       0       270

sumith Friday, 22 June 2018 09:54 AM

කන්දෙපොළ ඔව් ඔව්, ඔය භාෂාව වැඩිපුර තියෙන්නේ උසාවියේ නඩු තීන්දු වල...

:       0       2

sudesh Friday, 22 June 2018 10:16 AM

ඔය කයිය ගහන අයට පොඩි හරි තුවාලයක් වුනානම් ඔය දිවියගෙන් බලන්න තිබුණා. දැන් ඔය කියන කථා කියයිද කියලා...

:       90       101

UPUL Friday, 22 June 2018 10:53 AM

තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමති ගියානම් ප්‍රශ්නය විසදන්න තිබුණා .දැංවත් එයාට යන්න කියන්න මාධ්‍ය සංදර්ශනයක් පවත්වන්නත් එක්ක.

:       2       8

සචිත් Friday, 22 June 2018 01:00 PM

මේ සත්ත්ව විශේෂය "දිවියා" යනුවෙන් හැඳින්වීම වැරදියි. නිවැරදි යෙදුම "කොටියා". විද්‍යාත්මක නාමය Panthera pardus kotiya. ඉස්සර කිව්වෙ "කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා". LTTE සංවිධානය ව්‍යාඝ්‍රයෙකුගේ රූපයක් ඔවුන්ගේ ලාංඡනය ලෙස යොදා ගෙන, ඔවුන් "දෙමළ විමුක්ති කොටි" ලෙස හඳුන්වා ගන්න පටන් ගත්තට පස්සෙ තමයි අපේ රටේ ඉන්න කොටියා දිවියා වෙලා ඉන්දියානු ව්‍යාඝ්‍රයා අපට කොටියා වුණේ.

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 182 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 324 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 882 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 780 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 655 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 319 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site