IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දිවයින පුරා අලි සමීක්ෂණයක්

(මනෝජ් හර්ෂික සහ වීනීතා එම් ගමගේ )
 
දීප ව්‍යාප්තව වන අලීන් සමීක්ෂණයක් සිදු කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව මෙම සමීක්ෂණය සැප්තැම්බර් 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට  කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවේ වන අලින් ගැවසෙන ප්‍රදේශයන් සියල්ල ආවරණය වන පරිදි සමීක්ෂණ ස්ථානයන් 2229කදී සමීක්ෂකයන් 7316ක සහභාගීත්වයෙන් මෙම සමීක්ෂණය සිදු කෙරේ.

වනජීවී දෙපාර්තමේන්තුව අවසන් වරට වන අලි සමීක්ෂණයක් 2011 වසරේ සිදුකර ඇති අතර එහිදී අනාවරණය කර ගත් දත්ත අනුව ශ්‍රී ලංකාව තුළ අවම වන අලි ගහණය 5879 ක් ලෙස වාර්තා වී තිබේ.

වන අලින්ගේ වයස් කාණ්ඩ,ගැහුණු පිරිමි සංඛ්‍යාව, දළ ඇතුන් සංඛ්‍යාව සහ වන අලින් ගැවසෙන ප්‍රදේශ මෙම සමීක්ෂණය අනුව අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද මෙම සමීක්ෂණය තුළින් ලබා ගන්නා දත්ත ශ්‍රී ලංකාවේ වෙසෙන වන අලින් සංරක්ෂණය සඳහා වූ උපාය  මාර්ග සැළසුම් කිරීම සඳහා යොදා ගැනීමට නියමිත බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



අදහස් (16)

දිවයින පුරා අලි සමීක්ෂණයක්

Dilan Wednesday, 14 August 2019 11:52 AM

ජනාධිපතිවරණයේදීම කරගන්න පුළුවන්නේ...

:       0       15

සඳුන් Wednesday, 14 August 2019 12:03 PM

එජාප ජනාධිපති අපේක්ෂකයාව පත්කරලම අලි සමීක්ෂණය කළොත් ගාන වඩාත් නිවැරදි වෙයි.

:       1       1

සිරිබිරිස්Thursday, 15 August 2019 01:46 AM

වල් අලි හා හීලෑ අලි කියලා අලි වර්ග දෙකක් ගැන කියනවනේ. මෙයින් වල්අලියා කිසිවෙකුට හීලෑ නැහැ. හිතූ මනාපේ වැඩ කරනවා. අපේක්ෂකයා නම් කරන්න දෙයක් නැහැ. වල් අලි ටික නම් එළියට ඇවිත් ඉන්නවා. සමීක්ෂණයත් පහසුවේවි. හීලෑඅලිත් සමීක්ෂණය කරනවා නම් පමණයි. අපේකෂකයා පත්කරන තුරු ඉන්න වෙන්නේ...

:       1       8

Dileep Wednesday, 14 August 2019 12:11 PM

අරයා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලම ඕක කරලා තියෙන එක හොඳයි.

:       1       28

ranil Wednesday, 14 August 2019 12:11 PM

සිරිකොත පැත්තේ ආවානම් ලේසියෙන්ම කරගන්න තිබුණා.

:       2       1

sirimal Wednesday, 14 August 2019 12:34 PM

ඔච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ. ඡන්දෙ ඉවර වෙන කල් හිටියොත් නොමිලයේම දැනගන්න පුළුවන් වේවි...

:       0       25

Vijitha Wednesday, 14 August 2019 12:35 PM

ඔය දෙපාර්තමේන්තුව ඉහළ සිට පහළට අස්කරලා තරුණ සුදුස්සන්ට බාරදිය යුතුයි. වනේ ඉන්න ලොකුම සත්වයාවත් නොතකන කීයක් ඉන්නවද? නොදන්නා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවත් මොකටද?

:       0       3

Janaka gamage Wednesday, 14 August 2019 12:49 PM

විශේෂයෙන් දළ ඇතුන්.

:       0       1

lanka Thursday, 15 August 2019 12:15 AM

අලි පහර දී මිය යන අසරණ මිනිසුන් ගැන සමීක්ෂණයක් කරන්නේ නැද්ද?

:       0       0

Sunil Thursday, 15 August 2019 01:00 AM

ඉක්මනින්ම කරන්න අපි අලි ඔක්කොම අලි ටික කැලේට දක්කන්න පෙර.

:       0       9

chandima Thursday, 15 August 2019 02:05 AM

ඒ කියන්නේ මේ රැස්වීම්වල කෑගහන්නේ ඇත්තටම අලි නෙමෙයිද?

:       0       0

Mahee Thursday, 15 August 2019 02:23 AM

අලි ගණන නම් හරියටම කියන්න බැහැ. ගෙම්බෝ ගාන නම් 225 යි, චන්දෙන් පස්සේ ගැන ගන්න පුළුවන්. හිස් කබල තුළ ඇත්තෙන්ම මොළය පිහිටි ගණන නාගානන්දට වැටෙන චන්ද සංඛ්‍යාවෙන් බලා ගන්න පුළුවන්.

:       0       0

saliya Thursday, 15 August 2019 04:29 AM

වනජීවී නිලධාරී මහතුන් ඔවුන්ට තිබෙන අඩුම පහසුකම් යටතේ පුදුමාකාර කැපවීමක් කරන පිරිසක් . අව්ව, වැස්ස, අලි, කොටි, වලස්සු, සර්පයෝ, දඩයක්කරුවෝ, , ගංවතුර, බඳින තුවක්කු වගේ දේවල්, මේ ඔක්කොම බොහෝවිට මාරාන්තික ප්‍රහාර. සමහර වෙලාවලට කැලේ ඇතුලේ දවස් ගණන් එක ඇඳුමෙන් ඉන්නේ. මඩ වතුර බොන්නේ, හරිහැටි කෑමක් නෑ, වාහනයක් තියා අලිවෙඩි ටිකවත් නෑ. එහෙම නිළදාරීන් ඕන තරම් ඉන්නවා. මේවා නොදැන කරුණා කරලා හිතට එන කමෙන්ට් දාන්න එපා. මම කියන දේ හරිද වැරදිද කියලා ටිකක් තේරුම් ගන්න පුළුවන් මේ සංගණනයට සහහාගී උනොත්.

:       1       0

Chamila Suranga Jayasinghe Thursday, 15 August 2019 09:23 AM

සාලිය මහත්තයා ‍මේ කියන්නේ වෙන රටක වනජීවී දෙපාර්තමේන්තුවක් ගැන වෙන්ට ඇති. අපේ රටේ නම් ඒ ඇත්තන්ගෙ තත්වය වන අලින්ගෙන් බැට කන අපි තරම් වෙන කවුරුනම් දනීද?

:       0       0

kamil Thursday, 15 August 2019 09:50 AM

සමහර පක්ෂ එකතු වුනොත් එයාල කොටි. සමහර පක්ෂ එකතු වුනොත් එකතු වුනොත් දේශප්‍රේමින්. සමහරුන්ගේ මතය එයයි.

:       0       0

ajith Friday, 16 August 2019 03:30 AM

කලින් කරපු අලි සමීක්ෂණයේ පොත නැති උනා. මේ සැරෙත් එහෙම වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 31 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 322 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1050 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2484 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1674 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 985 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site