IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දියේ ගිලීමෙන් සිසුහු 4 ක් මරුට

(ප්‍රසන්න පද්මසිරි සහ පැතුම් දර්ශන)‍

ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල මැදවච්චිය වැවේ දිය නාමින් සිටි සිසුන් සිව් දෙනෙකු අද (19) දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තවත් තිදෙනෙකු ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය කීය.

මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල හාලිඇල විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුන් පිරිසක් බව පොලිසිය පැවසීය.

මෙම සිසුන් පිරිස ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා ගොස් ඇති අතර ගැහැණු ළමුන් 48 දෙනෙකු සහ පිරිමි ළමුන් 45 දෙනෙකු මෙම චාරිකාවට සහභාගී වී ඇති බව පොලිසිය කීය.

දින දෙකක අධ්‍යාපන චාරිකාවේ පළමු දින රාත්‍රීයේ නවාතැන් ගැනීම සඳහා ගෝමරන්කඩවල මැදවච්චිය විහාරස්ථානයට මෙම පිරිස සවස 4.00ට පමණ පැමිණ ඇති බව පොලිසිය සඳහන් කළේය.

සවස 6.00 ට පමණ මෙම සිසුන් පිරිස විහාරස්ථානය අසල ඇති වැවට දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුවී තිබේ.

මියගිය සිසුන්ගේ සිරුරු මේ වනවිට ගෝමරන්කඩවල රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පැවසීය.

ඡායාරූප -  පාලිත ආරියවංශ

 

 

 



අදහස් (5)

දියේ ගිලීමෙන් සිසුහු 4 ක් මරුට

Kumara Thursday, 20 February 2020 12:19 AM

ඇයි දරුවනේ පීනන්න බැරිනම් වතුරට බැස්සේ, අම්මා තාත්තට මොන තරම් දුකක් ද.?

:       0       13

saman Thursday, 20 February 2020 02:30 AM

පව් අහිංසක දරුවෝ. දෙමාපියන්ට ගුරුවරු මුහුණ දෙන්නේ කොහොමද. දරුවෝ ගැන වගකීමක් නැතිව ගුරුවරු මක් කළාද? නොදන්නා වැවකට දරුවන් මෙහෙම නාන්න යවන්න කලින් දෙපාරක් හිතන්න තිබුන නේද? දෙමාපියන් කොහොම ඉවසන්නද? දරුවනේ ඔබලාට නිවන් සුව!

:       0       368

hira Thursday, 20 February 2020 02:51 AM

මේ ළමයි වැවට බහිනකම් ගුරුවරු ටික කොහෙද හිටියේ. තරුණ ජීවිත නිකරුනේ නාස්තිවෙනවා. රටේ සිංහලයෝ වද වෙන එක අහන්න දෙයක්ද.

:       82       941

jayath Thursday, 20 February 2020 03:50 AM

මේ මරණ වල සම්පූර්ණ වගකීම මේ අයව අරගෙන ගිය ගුරුවරු ගන්න ඕන. ඔතන මොලේ තියෙන ගුරුවරු හිටියේ නැත්ද මේ අහිංසක පැටව් ටික නවත්ත ගන්න ?

:       0       512

rihan Thursday, 20 February 2020 06:17 AM

තරුණ ජීවිත 4ක් රටට විශාල පාඩුවක්.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 8 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 78 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2508 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 183 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 245 2

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 333 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site