IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දිය රැළකට ගසාගෙන ගිය විදෙස් ජාතික මව-පුතා බේරා ගැනෙති

(අනීෂා මානගේ)

තංගල්ල මැඩිල්ල මුහුදේ දිය රැළකට ගසාගෙන ගිය විදේශීය ජාතික මවක සහ පුතෙකු තංගල්ල කොට්ඨාස පොලිස්  ජීවිතාරක්ෂක සහ පිහිනුම් ඒකකයේ නිලධාරීන් තිදෙනකු විසින් අද(21) බේරාගනු ලැබූහ.

මෙලෙස බේරාගෙන ඇත්තේ එංගලන්ත ජාතික සමන්තා ෆෙන්(49) සහ ඇයගේ පුතු වන ස්ටීව් ෆෙන්(31) දෙදෙනාය.

තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින අතරතුර මැඩිල්ල මුහුදු තීරයේ දින නෑමට ගොස් සිටියදී මොවුන් අනතුරට මුහුණපා ඇත.
ප්‍රදේශයේ අවට මුහුදේ තිබූ රළු ස්වභාවය හේතුවෙන් සහ මොවුන් දෙදෙනාටම පිහිනීමට නොහැකි වීමත් නිසා දිය රළකට හසුව ගසාගෙන ගොස් ඇත.

ස්ටීව් ෆෙන් මහතා ඔහුගේ මව තදින් අල්ලාගෙන උදව් ඉල්ලමින් කෑ ගසමින් සිටියදී ඒ අවට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු මොවුන් දැක ක්ෂණිකව ඉදිරිපත් වී ඔවුන් දෙදෙනා බේරාගැනීමට සමත් වූහ. 

 



අදහස් (11)

දිය රැළකට ගසාගෙන ගිය විදෙස් ජාතික මව-පුතා බේරා ගැනෙති

sirimal Wednesday, 21 August 2019 12:49 PM

අති විශිෂ්ඨයි. මෙම වීරක්‍රියාව සිදුකළ පොලිස් ජීවිතාරක්ෂක සහ පිහිනුම් ඒකකයේ නිලධාරීන් තිදෙනාටත් එවන් අත්‍යාවශ්‍ය සේවයක දිනපතා යෙදී ඉන්නා සියලුම දෙනාට අපගේ සුබපැතුම්...!!!

:       0       358

Ariyathilaka Wednesday, 21 August 2019 01:04 PM

ඉතා උතුම් ක්‍රියාවක්.. කාහටත් අස්වැසිල්ලකි.

:       0       290

Raveendra Wednesday, 21 August 2019 01:14 PM

ඉතාම අගනා ක්‍රියාවක්... ඔබසැමට අප හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන්නෙමු. අහිංසක මිනිසුන්ගේ අවංක ප්‍රාර්ථනාවන් ඔබලාගේ ජිවිත ආලෝකමත් කරනවා ඇත.

:       0       132

Shantha Perera Wednesday, 21 August 2019 01:19 PM

මේ වගේ පුවත් අහන්නත් ආසයි.

:       0       125

විජිත් Wednesday, 21 August 2019 04:36 PM

ඔබ වැනි ලක්මවගේ වීරයන් නිසා, අපේ රටේ හොඳ නම ලොව පුරාම පැතිර යනවා. සුබ පැතුම් ඔබ සැමටම.

:       0       157

vidya Wednesday, 21 August 2019 08:16 PM

දරුවනේ නුඹලා වැදූ මවටත්, පෝෂණය කළ පියාටත් දීර්ඝ කාලයක් නිරෝගීව ජීවත් වීමට ලැබේවා..!!!

:       0       2

Senanayake Thursday, 22 August 2019 02:26 AM

ඉතාමත් අගෙයි විරුවනි. අපේ රටේ වීරත්වය, මනුස්සකම ලොවට කිව්ව ඔබලාට ජයවේවා...!!!

:       0       10

Dissanayake Thursday, 22 August 2019 02:42 AM

ඔබගේ වීර ක්‍රියාවට අපගේ ප්‍රණාමය...

:       0       10

Senarath Thursday, 22 August 2019 03:30 AM

මේ උත්තමයින්ට ගොඩක් පින්...

:       0       25

jayath Thursday, 22 August 2019 04:17 AM

මේ මූද දිහා බලන්න මේ වගේ වැහිබර අඳුරු දවසක, මේ වගේ මුහුදක මාරයා හැංගිලා ඉන්න පුළුවන්... කොහොම වුණත් ජීවිත දෙකක් බේරීම නම් සතුටක් අනිත් අය මේකෙන් පාඩමක් ඉගෙන ගන්නවා නම් ඊටත් සතුටක්...

:       0       30

gamini abeykoon Thursday, 22 August 2019 06:58 AM

විදේශිකයන් දෙදෙනාගේ ශරීර සහ අපේ විරුවන් තිදෙනාගේ සරීර දෙස බලන විට ඔවුන් තිදෙනා කරඇති ප්‍රශංසනීය සේවය කෙතරම් ශ්‍රේෂ්ඨද? ඔබ තිදෙනාට මාගේ ප්‍රණාමය...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 56 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1336 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 391 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 830 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 123 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 84 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site