ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් දිනයේදී ලොව නන්දෙසින් නව කොරෝනා ආසාදිතයන් 1,81,020 දෙනකු හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන එය යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා පෙන්වාදෙයි.
ගත වූ එම පැය 24ක කාලයේදී වාර්තා වූ ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 4,743කි.
සෙනසුරාදා එනම් ජූනි 20 වැනිදා දිනයේදී වාර්තා වූ ගෝලීය නව කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන වන 1,38,980 හා සැසඳීමේදී ඉරිදා දිනයේදී වැඩි වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ ගණන 44,111කි. ජූනි 20 වැනිදා සෙනසුරාදා දිනය තුළ පමණක් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 6,268කි.
රොයිටර්ස් පුවත් සේවයට අනුව නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මේ වනවිට රටවල් සහ පරිපාලන ප්‍රදේශ 220කට අධික සංඛ්‍යාවකට පැතිර ගොස් ඇත.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය ‘‘අලුත් සහ භයානක අදියර’’කට පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් දා අනතුරු ඇඟවීය.
ලොව නන්දෙසින් දිනපතා වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන ඉකුත් බ්‍රහස්පතින්දා 1,81,000 ඉක්මවූ බව මෙම නව අනතුරු ඇඟවීම කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් අදනොම් පැවැසීය.
ජූනි 16 වැනිදා සිට ජූනි 20 වැනිදා දක්වා ගත වූ දින පහකට ආසන්න කාලයේදී ගෝලීය වශයෙන් දෛනිකව වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,15,000ඉක්මවීය.
පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා වූ දිනයේදී පමණක් වාර්තා වූ දෛනික ගෝලීය ආසාදිතයන්ගේ ගණන 1,81,232ක් වූ අතර සිකුරාදා (19) 1,43,073 දෙනකු වාර්තා විය. සෙනසුරාදා (20) දිනයේදී පමණක් වාර්තා වූ දෛනික ගෝලීය නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,38,980ක් විය.
‘‘දෙනිකව වාර්තා වන ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකානු කලාපයෙන්’’ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා එම කරුණු කීය.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ නවතම දැනුම් දීම සඳහා දින කිහිපයකට වරක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මාධ්‍ය හමුවක් පැවැත්වෙයි.
‘‘ලෝකය දැන් ඉන්නේ නව සහ භයානක අදියරක. වයිරසය වේගයෙන් පැතිරෙනවා. එය තවමත් මාරාන්තිකයි. මිනිස්සු තවමත් ඉතා ඉක්මනින් වයිරසයට ගොදුරු වෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීය.
(055)
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දිනක් ඇතුළත නව කොරෝනා වයිරස ආසාදිතයන් 181,020ක්