IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දිගටම අගමැති මම-රනිල්

(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව තව දුරටත් තමන් අග‍්‍රාමාත්‍යධූරයේ කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා එසේ පැවසුවේ අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අද (16) පැවති හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවක් නැති අතර ඉදිරියටත් ජාතික ආණ්ඩුවක් ලෙස කටයුතු කරන බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. 

“මේ ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න පුළුවන්.අපි ඉන්නේ ඒ ස්ථාවරයේ.බහුතරය තියෙනවා.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මට සඳුදා කෝල් කළා.අගමැතිකමෙන් අයින් වෙනවාද ඇහුවා.මං කිව්වා එහෙම අදහසක් නෑ කියලා මම දැනුත් ඔෆිස් එකේ ඉන්නේ කියලා.අගමැතිධුරය ව්‍යාවස්ථානූකූලව මා දරනවා.අපි ඒ වැඩපිළිවෙලත් එක්ක ඉස්සරහට යනවා.“යැයි අගමැතිවරයා පැවසීය.



අදහස් (35)

දිගටම අගමැති මම-රනිල්

Nuwan Friday, 16 February 2018 12:20 PM

ජයවේවා.. මේ පැවැත්වුයේ ප්‍රාදේශීය සභා මැතිවරණයක් මිස මහා මැතිවරණයක් නොවේ, ඒක නොතේරෙන නායකයෝ සහ ජනතාවක් අපට ඉන්නේ හැමෝම වලිග පාගාගෙන ..

:       1808       1390

sena Friday, 16 February 2018 12:46 PM

එඩිතර ප්‍රකාශයක්. රටේ නීතියට ප්‍රජාතන්ත්‍රවාදයට කව්රුත් ගරු කල යුතුයි.

:       1421       354

JiwanSaturday, 17 February 2018 06:31 AM

අපේ පැත්තේ නම් ඔය වගේ ප්‍රකාශ වලට කියන්නේ විලි ලැජ්ජ නැති කථා කියලා. අනේ මන්ද ඉතින්...

:       51       214

Kumara Friday, 16 February 2018 12:47 PM

ඔබයි රටේ ගැලවුම්කරු... නව නායකයන් පක්ශ බේදයෙන් තොරව සොයන්න

:       1130       456

NaweenSaturday, 17 February 2018 06:35 AM

ඔව්මයි බොලේ. මහබැංකුව ගැලෙව්වා, වරාය ගැලෙව්වා, බුද්ධාගම රටෙන් ගලවන්න ගිහින් ඇනගෙන නා ගත්තා. ගැලවුම්කරු තමා ඉතින්...

:       236       293

JiwanSaturday, 17 February 2018 06:37 AM

උදේ පාන්දර විහිලු කරන්න එපා. කාපු බත් ටික නහයෙන් ආවා... මේ කමෙන්ට් එක දැකලා.

:       13       53

gunarathna Friday, 16 February 2018 02:38 PM

ඔබතුමා අගමැතිකමට ඉතාම සුදුසු පුද්ගලයෙක්. නමුත් අනවශ්‍ය විදියට පුද්ගලයන් විශ්වාස කිරීමෙන් ඔබේ මුළු දේශපාලන ජීවිතයම විනාස කරගෙන ඇත. මෙයින් ගොඩ ඒමටනම් ඔබ විසින්ම ඔවුන්ව නීතිය ඉදිරියට ඉදිරිපත් කළයුතුව ඇත.

:       1079       384

samantha jankaa Friday, 16 February 2018 02:59 PM

අපි හැමදාම පරාදයි. අනේ මෙහෙම රටක් !....

:       4       175

sirimal Friday, 16 February 2018 03:08 PM

ඔහොම යමු.

:       62       41

attoney at law Friday, 16 February 2018 04:11 PM

මෙහි ඇති නීතිමය ගැටළුව වනුයේ හවුල් ආණ්ඩුවේ ගිවිසුම පසුගිය දෙසැම්බරයේ සිට කල් ඉකුත් වී ඇති නිසා ගිවිසුම අලුත් අලුත් නොකොට තවදුරටත් රජයක් ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්නයි.

:       0       158

Bamunuarachchi Friday, 16 February 2018 04:33 PM

පරාද වුනත් අගමැතිකමට සුදුස්සෙක් එජාපයේ වෙන නැත

:       207       81

Oshan Friday, 16 February 2018 04:34 PM

2015 ඔබලාට ඡන්දෙ දුන්නේ 2020 වෙනකන් රට පාලනය කරන්න. නමුත් ඔබලාගේ වැඩ පිළිවෙල මිනිසුන් වෙනුවෙන් වෙනස් කරන්න. අපි රජයට විරුද්ධව ඡන්දෙ දුන්නේ ඔබලාගේ වැඩපිළිවෙලේ තිබෙන ගැටළු නිසා. නැතුව ආණ්ඩුව වෙනස් කරන්න නෙවෙයි.

:       1215       336

Jand Friday, 16 February 2018 05:59 PM

අගමැතිතුමනි, ඔබ බුද්ධිමත් පාලකයෙක් කියලා අපි දන්නවා. ඒත් ගජමිතුරන් නිසා විනාශ වෙන්න එපා. අනික බලය පවත්වාගෙන යාමට රට සංවර්ධනය කිරීම, නිවැරදි තීරණ ගැනීම මෙන්ම මාධ්‍ය නාලිකාවල සහය තමන්ට අත්‍යවශ්‍යයි. මොකද අද කාලයේ මධ්‍යස්ථ නාලිකා අඩුයි.

:       0       0

NDK Friday, 16 February 2018 06:11 PM

අගමැතිතුමනි, ඔබතුමා වහාම ධුරයෙන් ඉවත් වී සිරසේ මහරාජාට අගමැති ධුරය බාර දෙන්න... මෙහෙමත් මාධ්‍ය. ඉස්සර සිරසේ නිව්ස් හරි බැලුවා, දැන්නන් තියෙන්නේම පෞද්ගලික දේශපාලනය...

:       0       0

siri Friday, 16 February 2018 08:26 PM

හරි හරි ඔහොමම ඉන්න. ජනතාවට වයි ෆයි දෙන්න. අනේ මෙහෙමත් අන්දරේ වැනි කවටයින් කුමටද?

:       0       0

Nimal Friday, 16 February 2018 09:47 PM

විමල් ඇතුළු පව්ලේ අය වීඅයිපී පාස්පෝට් නොමැති නම් මේ රට නැවතත් නපුරට, අල්ලසට වහා ඉක්මණින් පත්වනු ඇත.

:       0       0

nimal Saturday, 17 February 2018 12:27 AM

මේ රනිල් මහත්තයෝ.. ඔබතුමා ඉන්නකල් ඔය එක්සත් ජාතික පක්ෂයට සෙතක් නම් වෙන්නේ නැහැ.. පොඩ්ඩක් ඕක අර සජිත් ප්‍රේමදාසට දීලා ඔහුට උපදෙස් දෙමින් වැදගත් විදියට පැත්තකට වෙලා බලාගෙන ඉන්න. එ්ක ඔබගේ නම්බුවට හොඳයි.. පොඩ්ඩක් අනිත් අය ගැනත් සිතන්න..

:       0       13

Jagath Leanage Saturday, 17 February 2018 12:40 AM

සමහර අය දුම්මල ගහලවත් එළවන්න බැහැ නේද?

:       1       0

tikiri Saturday, 17 February 2018 02:19 AM

ඔහොම යං, අත අරින්න එපා...

:       0       26

Thushantha Saturday, 17 February 2018 04:12 AM

මේ අයට නම් ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ.

:       32       176

ajith Saturday, 17 February 2018 04:21 AM

අගමැතිතුමනි, අපි ඔබ සමගයි. එදා නොකළ දේ කරන්න කාලය එළඹිලා. වැඩේට බහින්න. බහුතරය පෙන්වන්න සුදානම් වෙන්න. පණ තියෙන තුරු නැවත පරණ මෝඩකම් නොකරන්න. සම්මුති බල්ලට දාන්න. රට ඉදිරියට ගෙනියන්න. පාක්ෂිකයින්ට ඔවුන්ගේ ප්‍රශ්න සොයා විසඳුම් ලබා දෙන්න.

:       184       95

sanjithSaturday, 17 February 2018 05:34 PM

බිය නොවන්න. හොරු සැමදා ඔබ සමගයි. ඔබත් හොරු සමග වල පල්ලටම යන්න. එයට යූ.එන්.පී අපි සැම ඔබ සමගයි.

:       1       54

කුමාර් (ගල්ෆ්) Saturday, 17 February 2018 04:32 AM

ඔව් ඔව් අපි දන්නවා කුඩැල්ලා වගේ ඕකේ ඉඳගෙන රටම විනාශ කරලා යන්නේ කියලා. දැනටමත් මහ බැංකුවත් විනාශ කරලනේ තියෙන්නේ...

:       74       206

Pinaa Saturday, 17 February 2018 05:32 AM

බිය නැති අගමැතිතුමනි... ඒත් බය නැතිව ලැජ්ජාවත් නැතිව යයි.

:       1       65

ramani Saturday, 17 February 2018 06:08 AM

රටට කල විනාශය හොඳටම ඇති. දැන් ඉතින් සියල්ලම හකුලාගෙන යන්න. දැන් රටේ ඉන්නේ පිළුණු වුණු අය... ජනතාවගේ අභිමතයට ගරු කරන්න.

:       21       145

Anton austriaSunday, 18 February 2018 12:52 AM

ඡන්ද ගැන ඔයාගෙන් අහල තීරණයක් දෙන්නම්. ඔයාට පුළුවන් ඡන්දය නැතුව ආ... මෙයලා දිනුම් කියන්න.

:       0       1

lusena Saturday, 17 February 2018 07:24 AM

2015.1.8. ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ ජනපති කෙනෙක් පත් කිරීමට මිස අගමැති කෙනෙකුට නොවේ. චන්ද්‍රිකා ජනාධිපති වුණා කියලා එදා රනිල්ව පැන්නුවේ නැහැ. අගමැති ලෙස මහමැතිවරණය තෙක් ඔහුට ඉන්න අවස්ථාව දුන්නා. මෛත්‍රි ජනපති වෙලා දි.මු. ජයරත්නව එළවලා දැම්මේ ව්‍යවස්ථා විරෝධීවයි. එහෙමනම් දැනට පින් අගමැති ධුරය දරන රනිල්ට සදාචාරාත්මක අයිතියක් නැහැ තමන්ගේ ධුරය දරන්න. ඕවට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම පළදෙනවා කියලා.

:       76       180

SamanSunday, 18 February 2018 01:56 AM

රනිල් අගමැති ධුරයේ ඉන්නේ 2015 සප්තැම්බර් මහ මැතිවරණයේ ප්‍රතිඵලය අනුවයි.

:       0       5

mf Saturday, 17 February 2018 11:01 AM

බය නැති එකම අගමැති...

:       68       6

Sameera Saturday, 17 February 2018 11:55 AM

මොලයක් කියා දෙයක් තිබෙනවාද සැකයි.

:       53       151

mini Saturday, 17 February 2018 04:59 PM

මර්වින් සර්ව අගමැති කරන්න.

:       0       6

Rohana Sunday, 18 February 2018 02:29 AM

ලැජ්ජාවට බය නැති අගමැති.

:       0       10

රාජුන් Sunday, 18 February 2018 04:42 AM

අනේ මන්දා, මේක පත්තරේ දැකලා ආච්චි කිව්ව දේ මහ මුදලිකමටත් වැඩිය ලොකුයි කියලා.. අනේ පුතේ උඹලගේ කරුමෙ තමයි කියලා මගෙ ඔලුව අත ගෑවා. තාත්ත වළං දෙකකුයි, ගුරුලේත්තුවයි පොළවේ ගහලා ගෙයින් එළියට බැහැල යන්න ගියා. තාම ගෙදර ආවේ නෑ.

:       2       8

yaha Sunday, 18 February 2018 06:42 AM

අනේ මන්දා ...මුන් හිටියට වැඩක් නැහැ... එන්න කෙනෙක් නැහැ කියලා මේ වගේ අය වැඩක් නැහැ. අන්තිමයි රටේ අනාගතේ...

:       0       0

banda Sunday, 18 February 2018 09:00 AM

එහෙම නම් මොලයක් නෙවෙයි. අලයක් වෙන්නැති...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 17 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 88 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2511 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1350 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1008 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 441 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site