IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දළදා වීදියේ මස් පුච්චන නයිට් බසාර් නවත්වන්න යයි

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )
 
මහනුවර දළදා වීදියේ මස් පුච්චමින් පවත්වන නයිට් බසාර් වසාදමන ලෙස තමන් මහනුවර නගරාධිපතිවරයාට උපදෙස් දුන් බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
 
දළදා වීදියේ නයිට්  බසාර් පැවැත්වීම ගැන මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ද අප්‍රසාදය පළ කර තිබූ බව ඇමතිවරයා සඳහන් කළේය.
 
 ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප මන්ත්‍රී එම්. වේළුකුමාර් මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.
 
 බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙහිදී පැවසුවේ තමාට ද මේ ගැන පැමිණිලි ලැබී තිබූ බවයි. 



අදහස් (65)

දළදා වීදියේ මස් පුච්චන නයිට් බසාර් නවත්වන්න යයි

samira Friday, 08 March 2019 07:28 AM

මරු උපාසකයෝ සෙට් එක ඔය බහුභූත නෙමෙයි අර පාර අරිනවා මුළු නගරෙම ඩීසල් පැට්‍රොල් දුමෙන් පිරිලා තියෙන්නේ

:       1729       1937

kandy Friday, 08 March 2019 07:37 AM

මේක බොහොම සරලව කරන්න පුළුවන්. පුජා නගරය කොටස පනතකින් සම්මත කරලා හෝටල් තැබෑරුම් බාර් ටික ඒ කොටසෙන් අයින් කරන්න. පුජා නගරෙට පිටින් සංචාරක කලාපයක් හදල ඒ කොටසට ඒ අයින් කරන ටික ගෙන්න එකට රජයේ අනුග්‍රහය දෙන්න එහාකොට හැමදේම විසදෙනවා සංචරකයන්ත් පහසුයි මීට වැඩ සංචරකයොත් එවි

:       106       213

NissankaSunday, 10 March 2019 12:07 PM

මහ පාරේ නැතුව ජෝජ්.ඊ ද සිල්වා පාක් එක උඩට ගේනවා නම් ප්‍රශ්නයක් නෑ.

:       0       3

S.Rathnayake Friday, 08 March 2019 07:41 AM

කාලෙන් කාලෙට උඩින් පාත් වෙන හැමෝම ඇවිත් කරන්නේ නුවරට නරකක් මිස හොදක් නෙවි. බිම් මට්ටමේ ඉන්න නුවර කෙනෙක්ට මිස පිටින් කෙනෙක්ට මොන අවබෝධයක්ද නුවර ගැන. දැන් ඉන්න ආණ්ඩුකාර මාතර කෙනෙක්. තව මොන කතාද ?

:       218       415

kamani Friday, 08 March 2019 09:18 AM

මාතර තංගල්ල කට්ටිය රට පාලනය කරපු කාලේ තමයි ඔය ජරාවන් ඔක්කොම නුවරට ගෙනාවේ. හැබැයි ඉතින් මේ කට්ටියත් හොඳ අය නොවෙයි. අපි අලුත් දේශපාලනයක් කරා යන්න වෙනවා. නාගානන්ද,පල්ලෙවත්ත වගේ අය තමයි දැන් රටේ මිනිසුන්ගේ අනාගත සිහිනය වෙලා තියෙන්නේ.

:       615       426

janatha anura Saturday, 09 March 2019 02:56 AM

මාතර තංගල්ල කට්ටිය තමා රජතුමාගේ අවසන් දේශනයට පිටු පාලා මතෘභූමිය සුද්දන්ට පාවා දුන්නේ.. රජුට කේලම් කියා රාජ්‍ය සභාවම, රටම විනාශයට පත් කලේ ඔවුන් තමයි. කන්ද උඩරට පැලැන්තිය නොවේ. ජීවිතයට රටේ නායකත්වය අහිමි කරගත්තේ අපිද? පාවාදීලා අවසන් වරට සුද්දන්ගෙන් ඉල්ලන්න වුනේ රට, ජාතිය නොවේ. පහත රට අය දෝලාවලින් යන එක නවත්වන්න කියන එක පමණි. ඉතිහාසය අස්ගිරිය පන්සලේ තියෙනවා කියවපල්ලා... පව් සෝදාගන්න.

:       3       172

janahitha Monday, 11 March 2019 06:58 AM

ඇත්තටම ඔය කියන ගොඩනැගිල්ලේ දළදා වහන්සේ වැඩ ඉන්නවද? මගේ අදහස නම් දළදා වහන්සේ වඳින්නේ තව්තිසා දෙව්ලොව බවයි. මහනුවර එයට සුදුසු තැනක් නෙවෙයි...

:       0       10

BamunuarachchiTuesday, 12 March 2019 07:38 AM

ඉතින් එයා කියයි "ඇහක් විදියට අලියෙක් අඳින්න" කියලා. නුවර ළමයි අන්දුන් කුන්දුන් වෙනවා නේද? යකෝ කොහොමද ඇහක් විදිහට අලියෙක් අඳින්නේ කියලා. බලාපි නම් කියලා තිබෙන්නේ පුළුවන් විදිහකට අලියෙක් අඳින්න කියලා

:       0       0

Sanath Kandy Friday, 08 March 2019 08:20 AM

ඕක මොකක්ද? ඒ දවස්වල මාලිගාවේ ඉස්සරහ පාර ඇරලා වැව රවුමේ රේස් පැද්දේ.......

:       342       612

lanka serasingheSaturday, 09 March 2019 12:09 PM

මේවට විරුද්ධව නුවර ජනතාව නැගී සිටියේ නැහැ. ඔවුන්ට වුවමනා පෙට්‍රල් ඉතුරු කරගන්න දළදා මාලිගය දෙබෑ කරන්න පමණි. රුහුණු, මැද රට, වයඹ ජනතාව විරුද්ධ වුණා. මින්මතු කාටවත් මේ අවැඩ කිරීමට නොහැකි කෙලින් වැඩ කරන නුවරට නෑකම් ඇති බෞද්ධ උරුමය රකින අඹු දරුවන් දේශපාලනයට නොගන්න. රට, ජාතිය රකින ලද දැඩි තීරණ ගත හැකි දකුණේ නායකයෙක් ජනතාව පත් කරනු ඇත.

:       111       89

nayakkara Sunday, 10 March 2019 11:21 AM

ඔබ හරි.. එමනිසානේ අපි රේස් කාරයෝ නිවාඩු යැව්වේ...

:       0       33

[email protected] Friday, 08 March 2019 08:20 AM

මේ නයිට් බසාර් එක බලන්න මමත් ගියා.. ඇත්තටම ඇති දෙයක් තිබ්බේ නැහැ ..මේ වගේ වැඩපිළිවෙළක් මීට වඩා සාර්ථකව කල යුතු දෙයක් මිසක් නතර කරන්න ඕන ඒවා නෙමෙයි ..අපි ඉලක්ක කරන්නේ සංචාරකයන් වැඩියෙන් ගෙන්න ගන්නනම් මේ වගේ දේවල් කල යුතුයි . අනික දළදා මාළිගාව ඉස්ස්‍රහ රැජින හෝටලයේ පුච්චන්නෙත් මස් තමයි ..අපි බැංකොක් , මැලේසියාව ගිහින් යන්නෙත් මේ වගෙ නයිට් බසාර් වලට තමයි ..ලංකාවෙත් හැම සංචාරක ප්‍රදේශයක්ම මූලික කරගෙන මේ වගේ නයිට් බසාර් ඇති කල යුතුයි. අපේ දේශීය කෑම වර්ග අලුත් විදිහට ප්‍රවර්ධනය කරන්න හොඳ අවස්ථාවක් .

:       499       515

anura Friday, 08 March 2019 07:59 PM

බැංකොක් , මැලේසියාව ඉතින් පෘතුගාලය ඊට වඩා හොඳ නැතිද එහෙට යනවා

:       54       47

janahitha Sunday, 10 March 2019 02:34 AM

රැජින හෝටලයේ මස් පුච්චන්න ඒක මාලිගාව ඉස්සරහ එතන හැදුවේ අපි නොවේ සුද්දන් උඩරැටියන් ඒ අයගේ පාලනයෙන් තාන්නමාන්න ලබාගෙන මුනිවත රැක ඌව වෙල්ලස්ස ජනතාව විරුද්දව නැගී සිට මැරුම් කෑවා

:       0       35

ලුම්බිණි Friday, 08 March 2019 08:22 AM

මේවා නිකම් බොරු වැඩ. තමන්ට ලකුණු දා ගන්න කරන දෙයක්.

:       202       156

Buddika Friday, 08 March 2019 08:32 AM

මේවා කරන මිනිස්සු දළාදා වහන්සේගේ වටිනාකම නොදන්න මෝඩයෝද?

:       216       321

බද්රානි Friday, 08 March 2019 08:32 AM

ශ්‍රද්දාව තිබුණත් ප්‍රඥාව නොමැති පිරිසක් ශ්‍රී ලංකාව තවත් මැදපෙරදිග රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට උත්සහ දරමින් සිටින සමයක, මහනුවර නගරය තවත් මක්කමක් බවට පරිවර්තනය වෙන එක ගැන මම නම් පුදුම නොවෙමි. එම අර්ථයෙන් බැලූ විට මහනුවර ඇති සියලුම මස් කඩ වසා දමා එම භූමිවල තණකොළ වැව්වා නම්, බැතිමතුන්ට වඩාත් ප්‍රයෝජනවත් විය හැකි බව මගේ හැඟීමයි.

:       1054       1035

raviFriday, 08 March 2019 10:50 AM

ඔයාලගේ ගෙදර තියන කැඩපත ඉදිරියට ගිහින් මේ කැඩපතෙන් දකින්න ලැබෙන මනුස්සයගෙන් අහන්න මම බෞද්ධයෙක්ද කියලා... අන්න එතකොට ඔයාගේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබේවි .

:       336       355

බද්රානි Friday, 08 March 2019 02:11 PM

රවීට මම එක දෙයක් අවධාරණය කරමි. මම කැඩපත ඉදිරියේ තණකොළ නොකන සම්ප්‍රදායික බුද්ධාගමිකයෙක් නොවන බව දුටුවෙමි. විවිධ තෘෂ්නාවලින් කිලිටිවී දුඟද හමන කුණු කය, සුදු රෙද්දකින් වසා ගෙන සිල්වත් බව ලොවට පෙන්වීමට වෑයම් කරත්, සමාජයට දුගඳ පහකරන, පුහු ආකල්ප වලින් හෙබි, ඔබ වැනි, උපන්ගෙයි බුද්ධාගමිකයින් ඉදිරියේ, මම සැබෑ බෞද්ධයෙකි. කුකුල් මසුත් මාගේ ආහාර වේලට එක්කර ගනිමින්, අටලෝ දහම ගැන මනා අවබෝධයෙන් ජීවත් වෙන මට නම් වැටහෙන්නේ, සම්බුදු රජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, අඥානයින් විසින් වැරදි අර්ථකථනදී, එම උතුම් දහම මනුෂ්‍යයින්ගෙන් තුරන් කරවීමට මාන බලමින් සිටින බවයි. එම සංසිද්ධිය මා දකින්නේ, ඔපදමා තිබුණු වටිනා මැණිකක් මෝඩ උම්මන්තකයෙක් අතට පත්වුවයින් පසුව, ඔහුගේ පණ්ඩිත උජාරුකමට මිටියකින් තලා තව තවත් ඔපමට්ටම් කිරීමට යාමේදී, එම මැණික පලුදු කරනවා හැර වෙන නම් යමක් සිදු නොවන බවයි.

:       144       220

HRFriday, 08 March 2019 02:31 PM

හරි විදියටම පිළිතුරු දීලා තියෙනවා රවී..ස්තූතියි

:       87       27

SamSaturday, 09 March 2019 01:41 AM

නියමයි බද්රානි.

:       119       107

saman Friday, 08 March 2019 08:55 AM

ඔය දළදා වීදියේ මස් උයලා කර කර ගාලා කන එක හොඳද?

:       12       68

saman Friday, 08 March 2019 09:26 AM

අපි ඉන්නෙත් මේ ළඟම තමයි. එය එසේම සලකා බැලිය යුතුයි.

:       0       20

Amila Friday, 08 March 2019 09:32 AM

වෙනස් වීමට අකැමති මිනිස්සු එක්ක මේ රට කවදාවත් හදන්න බෑ. මාලිගාව කොහෙද තියෙන්නේ බසාර් එක කොහෙද තියෙන්නේ?

:       254       304

පිටිගල මිලානෝ Friday, 08 March 2019 10:03 AM

එහෙමයි ඉතිං උපාසක... උයපු මස් කැපයි, පුච්චපු මස් අකැපයි. අනේ සංසාරේ....!

:       204       155

ravi Friday, 08 March 2019 10:58 AM

ඔය හැම ශීලයක්ම රකින්න අපි බෞද්ධ රටක බෞද්ධයෝ විය යුතුයි නේද? මමනම් තාම පන්සිල් පද පහ රකින කෙනෙක්වත් මේ බෞද්ධ ලංකාවේ දැකලා නැහැ . මෙහෙමත් බෞද්ධ රටක් .

:       207       158

lanka Friday, 08 March 2019 11:03 AM

දැනට මහනුවරට පැමිණෙන බොහෝ සංචාරකයින් එහි දිනකට වඩා නවතින්නේ නැහැ. නයිට් බසාර්, නයිට් රේස් යනාදිය සියල්ල පිටුපස ඇත්තේ සංචාරකයන් ආකර්ෂණය කර, මහනුවර අවට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට තැත් කිරීමයි. දැනට මහනුවරට පැමිණෙන සංචාරකයින් දින 2-3 පමණ එහි රඳවාගත හැකිනම්, ඔවුන්ට හෝටල්, කෑම, බීම, ප්‍රවාහන වැනි පහසුකම් සැලසීමෙන් රැකියා සහ අාදායම් අවස්ථා වැඩිකර ගත හැකි බැවින්, මෙවැනි දේ මහනුවරට අවශ්‍ය බවයි මගේ අදහස... දළදා මාලිගාව සමග බැඳී ඇති අපේ සංස්කෘතික වටිනාකම ඉවත දැමිය නොහැකි දෙයක් බැවින්, මා සිතන හැටියට සංචාරකයින් හට හෝටල්, අහාර, මත්පැන්, රෙදිපිළි වැනි දේ විකිණීම සඳහා වෙළඳ මධ්‍යස්ථානයක් ඉදිකළ හැකි හොඳම ස්ථානය පැරණි බෝගම්බර සිර ගෙදර තිබූ තැනයි...

:       108       214

mendisFriday, 08 March 2019 05:49 PM

පැරණි බෝගම්බර සිර ගෙදර තිබූ තැන සංචාරකයින් සඳහා වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදි කිරීම ඉතා හොඳ අදහසක්. එම ස්ථානයේ පහත මාලයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් සහ ඉහත මාල කිහිපයක සංචාරකයින් හට නැවතී සිටින්නට හැකි හෝටල් කාමර සෑදිය හැක. මෙවැනි ව්‍යපෘති සඳහා රජයට මුදල් නොමැති නම් ඒ සඳහා දේශීය හෝ විදේශීය පුද්ගලික අංශයට සහභාගී වීමට ඉඩ දිය යුතුයි.

:       0       6

victor Diganathenna Friday, 08 March 2019 12:12 PM

බහුතරයක් බෞද්ධයන් ඉන්න රටක, හැමෝම පන්සිල් රකින මේ වගේ වැදගත් රටක අනිවාර්යෙන්ම කළයුතු දෙයක්. වැටේ තියෙන ජනාධිපති මන්දිරේත්, ආණ්ඩුකාර නිල නිවසේත්, පින්වත් දියවඩන නිලමේ තුමාගේ නිවසේත් "බාබර් කිවූ" දාන්නේ ඉංග්‍රීසියෙන් නිසා ඒවා පව් සිදුවෙන වැඩ නෙවෙයි. තේවාව කරන අය කුකුල් මස් සුප් බිව්වට දළදා වීදියේ කරපු වැඩේ තමයි වැරදි. අනේ කබරගොයත් තලගොයා වෙන හැටි.

:       207       232

raviFriday, 08 March 2019 01:02 PM

මේ අදහස්.. බීමත් වෙලා කියපු එකක්ද? නැත්තම් මොලේ අවුල් නිසාවෙන්ද?

:       131       112

janapathi nivesa , maliga karya mandalaya Saturday, 09 March 2019 03:23 AM

නම "වික්ටර්" අමුලික බොරු... මෙතන මස් පුච්චගෙන කෑවේ ඔබ වික්ටර් කරපු සුද්දන් මිස සිංහලයන් නොවේ. අද එසේ නොවේ. සම්පූර්ණ අසත්‍ය චෝදනාවකි.

:       26       107

kule Friday, 08 March 2019 12:38 PM

බෞද්ධයින්ගේ ප්‍රධානතම සිද්ධස්ථානයක් අසල නිසංසල පරිසරයකුයි තිබිය යුත්තේ. නමුත් සිංහල රජ සමයෙන් පසු ඉංග්‍රීසීන් දළදා මාලිගාවට එතරම් සැලකිල්ලක් දැක්වූවේ නෑ. හෝටල් සහ වෙළඳ ව්‍යාපාර ඒ අසල කරගෙන ගියා. අද වුනත් ස්ථීර සැලැස්මක් අනුව නුවරට නව නගරයක් සැලසුම් කරානම් හොඳයි. රෝමයේ වතිකානු දේවස්ථානය අසල එදා විශාල ගොඩනැගිලි තිබුණා. නමුත් අද ඒ අවට දැකුම්කලු ලෙස පරිසරය ගොඩනගා තියෙනවා.

:       0       54

janatha anura Saturday, 09 March 2019 03:33 AM

ඉදිරිපස ඉදිකිරීම් ඉවත් කළ හැකි නායකයෙක් බිහිවෙනවා. දිරිපිට ඇති ගොඩනැගිලිවල ගණිකාවන් ගැවසෙනවා. මාලිගාව වසාගෙන ඇති හෝටල්ද ඉවත් කළ හැකි අභීත නායකයෙක් බිහිවේවා...!!!

:       1       6

diasSunday, 10 March 2019 10:20 AM

ඔය කියන රජ සමයේ දළදා මාලිගාව අසල එතරම් නිසංසල පරිසරයක් තිබුනේ නැහැ. සිංහල රාජ වංශය ගැන කබල් ගාන උදවියට මතක් කර දිය යුතු දෙයක් නම්, ඔය කියන මාලිගාව අභියස තමා දරුවන් වංගෙඩියේ දමා කෙටීම, මිනිසුන්ගේ හිස, අත, පය, කන්, නාසා වැනි අවයව කපා දැමීම සිදුවුයේ. අවම වශයෙන් සුද්දන්ගේ පාලන සමයේ එවැනි නරුම ක්‍රියා දළදා මාලිගාව අභියස සිදුවූයේ නැහැ.

:       0       1

Dayana Friday, 08 March 2019 01:28 PM

සමහරුන්ගේ ගොන් කතා කෝටියයි. කොහොම නමුත් මේ තීරණය ඉතාමත්ම හොඳ තීරණයක්. මේ තීරණය ගන්න තිබුනේ මීට බොහෝ කාලෙකට පෙරයි.

:       263       326

කරුණාපාල Friday, 08 March 2019 03:02 PM

සමහරක් ගේ අදහස් බැලුවිට මට නම් හිතෙන්නේ, මේ මාර්ගය දෙපස කොස්කොල මැල්ලුම් කඩ පමණක් තිබීම ඉතාම යෝග්‍ය බවයි. එවිට කිරි හොදිත් සමග මැල්ලුමක රසත් බලා, දළදා වහන්සේ වැඳ පුදාගෙනම දිව්‍ය ලෝකෙට පා තබන්න සිල්වත් උපාසක අප්පුලාට හැකි වේවි.

:       428       178

Nugavela Saturday, 09 March 2019 11:58 AM

බම්බුවක් සවි කරන්නම්... පිට්ටු තම්බාගෙන කන්න. මහපාරේ පිළුණු මස් කන්න යන්නේ නැතිව සිංහලකමට ගෙදර කුස්සියේ තලප, කුරහන් ටිකක් තම්බගෙන කෑවා නම් හොඳ නැතිද?

:       0       25

seneviratne Friday, 08 March 2019 03:38 PM

නුවර වැව වටේ පාරනම් අරින්නම වෙනවා පරිසර දූෂණය අඩු කරන්න නම්. අපි ඉපදිලා , පාසල් ගිහින් හැදුන ලස්සන නගරය, දැන් ලංකාවේ දූෂණය වායුගෝලය තියෙන්නේ නුවර. අපේ දරුවෝ හැම සතියෙම බෙහෙත් ගන්නවා අසාදන නිසා. නමුත් නුවරින් පිට ඉන්න අයට තේරෙන්නේ නැහැ. ඉස්සර දිගන පැත්තෙන් කෙලින්ම පාර කුවීන්ස් හොටෙල් එක ලඟට තිබුණු නමුත් යුද්දේ කාලේ පාර වැහුවා. මාලිගාවට ත්‍රස්ත ප්‍රහාර වුනෙත් වැහුවට පස්සේ. දැන් යුද්ධය ඉවරයි. නමුත් පාර වහගෙන. කි.මී 2ක් එන්න පැයක් යනවා. වසරකට මිලියන ගණනක ඉන්ධන නාස්ති වෙනවා. මිනිස්සු ශ්වසනරෝග වලින් දුක් විඳිනවා. කාටද කැක්කුම? නුවර ගැන දන්නේ නැති බෞද්ධයන්ට?

:       114       159

diasFriday, 08 March 2019 04:52 PM

ඇත්ත. දැන් ආරංචි වල හැටියට යෝජිත දෙයන්නේවෙල සිට තැන්නේකුබුර දක්වා වූ උමන් මගත් හැදෙන්නේත් නැති පාටයි. එම නිසා මාලිගාව ඉදිරිපස මාර්ගය අවම වශයෙන් ඒක මං තීරුවක් වත් විවෘත කල යුතුයි.

:       107       126

dakune apiFriday, 08 March 2019 08:03 PM

කණගාටුයි ඔතන ඉන්න බැරි නම් වෙනත් ප්‍රදේශයකට යන්න. රට පාවා දුන්න මදිවට මේ මිනිස්සු දළදාවට අපිට අවමාන කරනවා

:       444       509

serasinghe Saturday, 09 March 2019 03:07 AM

සහෝදරයා ,1815 කළ දේවල් අද කළොත් රට පුරා බෞද්ධ ජනතාව අවි ඔසවනු ඇත.

:       2       0

serasingheSaturday, 09 March 2019 03:19 AM

ඩයස් පෝරාවට දළදාව ගැන කතාකරන්න අවශ්‍ය නොවේ..

:       1       2

aravindaSunday, 10 March 2019 02:27 PM

මමත් දැක්ක කිරිඇල්ල ඇමතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා යෝජිත දෙයන්නේවෙල සිට තැන්නේකුබුර දක්වා වූ උමන් මග හැදෙන්නේත් නැති බව. එවැනි දේට විරුද්ධ වන අය, මහනුවර මිනිසුන්ට ඇති ගමනාගමන ප්‍රශ්නයට ප්‍රයෝගික විකල්ප විසදුම් ඉදිරිපත් කල යුතුයි. එසේ කරන්නට බැරි නම්, රජ කාලේ කතා කියමින් නොසිට, මාලිගාව ඉදිරිපස මාර්ගය මහජන ප්‍රවාහනය සඳහා විවෘත කල යුතුයි.

:       0       31

janatha anura Saturday, 09 March 2019 03:17 AM

කඳු වළල්ලකින් වැටුණු නගරයක උෂ්ණත්වය අධික වීම අරුමයක් නොවේ. ප්‍රශ්නය දළදා මාලිගාව නොවේ. මේ මාර්ගය කඳුවලල්ලෙන් පිට ඉදිකිරීමය. මහවැලි ගඟ ප්‍රදේශයෙන් අතීතයේ තිබී ඇත්තේ එලෙසයි. මාලිගාවේ පාර හැදුවේ සුද්දන් මිස ඔබ නොවේ. උරුමයන් තව දුරටත් නැතිකර ගැනීමට රටේ ජනතාව අකමැතිය. උඩරට සිංහලයන් බෞද්දයන් නොවන අයත් සිටියි. ඔවුන් අතරත් අපේ උරුමයට ගරුකරන පිරිසක් සිටිනවා. ඔවුන් නියම දේශප්‍රේමීන්ය. තෙල් ටික, ධනය, නම්බුව වෙනුවෙන් අපේ උරුමය පාවාදෙන්න දිවිහිමියෙන් ජනතාව ඉඩ නොදේ...

:       2       12

diasSaturday, 09 March 2019 11:54 AM

නුවරින් හත් ගව්වක් දුර "දකුණේ" ජීවත්වෙමින් බෙරිහන් දෙන උදවිය කියන දේ කව්ද ගණන් ගන්නේ?

:       262       18

nugavela bandara Sunday, 10 March 2019 02:52 AM

දකුණේ ගැන කියන සමහර අයගේ නම් ගම් නුවර නොවේ. ගණන් ගත යුතු නැත යන්න අපේ තේමාව නොවේ අද රටේ පාලනය අප සතු නොවෙතත් රට ජාතිය ආගම වෙනුවෙන් පෙරට එන ජනතාවට අපි එකතු වෙනවා. බේද අවශ්‍ය නැත. ප්‍රජාතන්ත්‍රය තුල අද පාලනය දකුණෙන් වන බැවිනි. එය වෙනස් වුනේ අපේ වරද නිසාය. නමුත් අප නම් ගම් ආගම වෙනස් නොකෙලෙමු

:       0       1

diasSunday, 10 March 2019 11:21 AM

නමින් "බණ්ඩාර" නොවන අයට මහනුවර ගැන අදහස් දැක්වීම තහනම්ද?

:       0       3

janatha anuraSaturday, 09 March 2019 03:42 AM

"නුවර වැව වටේ පාර නම් අරින්නම වෙනවා පරිසර දූෂණය අඩු කරන්න නම්" එය ඔබ හිතන සිතුවිල්ලක් පමණි. එම වාහන ප්‍රමාණය අඩුවන්නේ නැති බැවින් කිමී 10 පුරා විහිදෙන දුම් රොටු කිමී 1 තුළට යොමු කිරීමෙන් වායු දූෂණය අඩු වන්නේ කොහොමද? කටුබැද්දේදී නම් අපි ඉගෙන ගත්තේ වෙනත් විදිහකට.. කඳු වළල්ලක් මැද තිබෙන අතීතයේ ආරක්‍ෂිතම නගරයෙන් කඳුවලල්ලෙන් පිටත කොළඹ මාර්ගය ඉදිකිරීම එකම විසඳුමයි. අබෞද්ධයන් තම විසඳුම් බෞද්ධ උරුමයන් යටපත් කර නිගරු කරමින් ඉදිරිපත් කිරීම අරුමයක් නොවේ. එය තම විශ්වාසයන් සත්‍යයට වඩා තහවුරු කිරීම මනුෂ්‍ය ගතියක් නිසායි..

:       63       61

janatha anura Friday, 08 March 2019 07:56 PM

මස් ප්‍රවාහනයටද ? මහනුවර ඉන්න බැරි නම් කොළඹට එන්න දුම් ගහන හැටි පෙන්නන්න නුවර අපේ පෞරාණික නගරය

:       137       346

ප්‍රීති Friday, 08 March 2019 10:33 PM

සමහර මිනිස්සු කුකුල් මස් විතරක් නොවේ, මව් කිරිත් නොබීබු ගානට තමයි මෙතන කතා කරන්නේ? අම්මට වත් නොමැති අනුකම්පාවක් කිකිලියට දක්වන අය, කුකුල් මස් පමණක් ආහාරයට ගෙන ඇති දැඩි උන අය වගේනේ හැසිරෙන්නේ? මව් කිරි කෙසේ වෙතත් පොර කුකුලන්ගේ මස් කාලා පෝෂණය වූ බව ලියල තියෙන අදහස් වලින් නම් පැහැදිලියි.

:       0       22

janatha anura Saturday, 09 March 2019 03:04 AM

මෙතන කුකුල් මස් ප්‍රශ්නයක් නැහැ. උපන්දා පටං සත්වයන් මරාගෙන කන මිනිස්සු සිංහයෙක් පසු පසින් පන්නගෙන ආවොත් ජීවිතය ඉල්ලා දෙඅත් අහසට යොමා දෙවියන් වහන්සේ ගෙන් ඉල්ලා සිටිනවා. සත්වයන්ට එය අදාල නැහැලු කපා කොටා වර්ග කර ඇත. මිලකර තම්බා ඩෙවෙල් දමා ආහාරයට ගනී. ලෝක සත්වයාගේ සොබාව එහෙමය. අම්ම කිකිළිය සමග සමානුපාත කරන වගක් පෘතුගීසි සංස්කෘතියේ වත් නැහැ... බුදුසරණයි.

:       0       0

BamunuarachchiTuesday, 12 March 2019 07:50 AM

මේ වගේ මිනිසුන් සමග තර්ක කිරීම හෝ කරුණු පහදාදීම මෝඩ වැඩක් එත් යමක් කිව යුතුයි. මෙතන කියන්න මිනිසුන්ගේ පාදඩ කම් කොහොම තිබුණත් අපි බුදුන්මෙන් සලකන දන්ත දාතුන් වැඩ සිටින ස්ථානයේ අවට අපට බලය යොදා නවත් වන්න පුලුවන් මෙවැනි වැඩ නවත්වමු කියාලයි.

:       0       0

nuwan Saturday, 09 March 2019 02:02 AM

මේ කියන්නේ සති දෙකකට කලින් මාලිගා පරිශ්‍රයේ සිදු වූ පින්කමකි. මාලිගා පරිශ්‍රයේ සිටි අහිංසක සුනඛයින් තිස්අටක් මහ රෑ මාලිගා පරිශ්‍රයට පැමිණි මැර පිරිසක් විසින් අතුරුදන් කර මරා දැම්මේ ගරු මහනායක හිමිවරුන් ඇතුළු දියවඩන නිලමේතුමා නොදැනයි. මෙම අහිංසක සුනඛයින් සියල්ල සත්ව සංවිධානයක් විසින් ජලභීතිකා එන්නත් සහ වන්ද්‍යාකරන සැත්කම්ද කර තිබුණි.

:       14       14

sunakaya Saturday, 09 March 2019 11:46 AM

මේ ලියපු උන්නැහේ මම වල්ගේ වනලත් කිසි සමාවක් දුන්නේ නැහැ. දුප්... බල්ලා කියා අවමන් කර පයින් ගහලා පැන්නුවා.

:       4       25

mendisSunday, 10 March 2019 10:37 AM

ජලභීතිකා එන්නත් කළාට මේ සුනඛයින් විසින් මිනිසුන් හපා කෑමේ අවදානම අඩුවන්නේ නැහැ. එමෙන්ම නගරය පුරා සුනඛයින් ගැවසීම එතරම් හොඳ දර්ශනයක් නොවේ. එබැවින් මා සිතන්නේ මේ සුනඛයින්ගේ ගහනය යම් ක්‍රමයකින් පාලනය කළ යුතු බවයි.

:       2       1

dakune api Saturday, 09 March 2019 03:28 AM

මාලිගාව මැදින් පාර හැදුවොත් දස ලක්ෂයක් ජනතාව නුවරට ගෙනත් දළදාව නුවරින් ඉවත් කර ජනතා මුදලින් නව මාලිගයක් ගඩලාදෙණියේ හෝ යාපහුවේ ඉදිකර එහි තැන්පත් කරනවා. සමාජ දූෂකයින්ට පාවාදුන්නන්ට තහනම් ප්‍රදේශයක් කරනවා.

:       23       504

raviSaturday, 09 March 2019 11:52 AM

ලැබෙන්න යන " ගුටි පෙරහැර " නුවර පෙරහැරටත් වැඩිය ලොකු එකක් වෙයි වගේ.. ප්‍රවේසමෙන්..!!!

:       28       42

bamunuSaturday, 09 March 2019 12:08 PM

කව්ද අයිසේ මාලිගාව මැද පාරක් හදලා තියෙන්නේ? දන්නා දෙයක් කතා කරන්න.

:       163       42

mapa anura Sunday, 10 March 2019 03:02 AM

ඔන්න ඕකයි තත්වේ. තරහ යනවනේ මුකුත් කොරන්න බැහැ නෙව

:       1       1

seneviratneSunday, 10 March 2019 06:11 AM

ඇත්ත, මෙහි අදහස් දමන සමහරු, ජීවිතේට දළදා මාලිගාවට ගිහින් නැතිව ඇති. ඉස්සර තැන්නේකුඹුර - නුවර ප්‍රධාන මාර්ගය මාලිගාව අසලින් තිබුණ බවවත් දන්නේ නැහැ, මිනිස්සු හැමදාම ලෙඩ වෙනවනම්, හදිසි ලෙඩෙක් ගෙනියනන්වත් බැරිනම් වැව වටේ වාහන තද බදය නිසා, වෙන විකල්ප මාර්ගයකුත් නැතනම් නුවර මිනුස්සුන්ට මොකද්ද කරන්න කියන්නේ. මාලිගාව ලඟින් කාර් රෙස් පදිනකොට්, අඩනිරුවත් රුසියානු ගැහුණු මාලිගාව ළඟ නටන කොට දැන් බෙරිහන් දෙන උදවිය නිදි. නමුත් අවුරුදු සිය ගණනක් තිබුණු වහපු පාර අරින්න කියනකොට චණ්ඩි ගොඩයි.

:       0       20

ranvala Sunday, 10 March 2019 11:17 AM

ඔහේ මෙන්න එ් පාර සුද්දෙකුත් පැටලිලා අයිසේ.. (මෙය ලන්දේසි පෘතුගීසි වචනයෙන් හදා ගත්ත නිෂ්ඵල වචනයක්...

:       12       0

[email protected] Sunday, 10 March 2019 02:48 AM

පයින් යන්නකෝ එතකොට ඩිසල්, පැට්‍රොල් දුමත් නැහැ, සල්ලිත් ඉතුරුයි..

:       23       4

janatha anura Sunday, 10 March 2019 11:07 AM

අන්න හරි නියම විසඳුම... සෙනෙවිරත්න මහත්තයා විසඳුම හරිනේද? දෙපයින් යමු ශරීර සෞඛ්‍යයට හිතකරයි..

:       1       0

bamunSunday, 10 March 2019 11:58 AM

මොනවා කියනවද? රජ කාලේ වගේ අමුඩේ ඇඳගෙන වැව වටේ යනකොට දැනෙන සනීපෙ කියලා නිම කරන්ට බැහැ.

:       0       0

janatha anura Sunday, 10 March 2019 11:13 AM

තැන්නේකුඹුර - නුවර ප්‍රධාන මාර්ගය මාලිගාව අසලින් ගියා නම් රාජ උදහසට ලක්වෙලා හිස වෙන් වෙනවා. මෙතන පාර හැදුවේ 1815 යටත් කර ගැනීමෙන් පසුවයි. අපි යෝජනා කරන්නේ දළදා මාලිගව වෙනත් ස්ථානයකට ගෙන යායුතු බවයි. ඉන්පසු ඔබතුමන්ලාට කැමති තැනකට පාර හදාගෙන දුම් දමාගෙන යන්න පුළුවන්. අපි ඔය පළාතේ එන්න කැමති නැත. පාවාදීමේ තෝතැන්නක් වූ නිසා බැවිනි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 361 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 74 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 675 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 694 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1124 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1035 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site