(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්‍රදේශයේ විදුලි සැර වැදීමෙන් මියගිය ඇතාගේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ විදුලි රැහැන් ඇද තිබූ බවට සැකකෙරෙන යුද හමුදා කඳවුරක කපිතාන්වරයකු අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ඇත.
මුලතිව් වනජීවි නිලධාරීන් හා පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් මුලතිව් 68 වැනි සේනාංකයට අයත් කපිතාන්වරයකු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට මුලතිව් මහෙස්ත්‍රාත් නියෝග කළේය.
නඩුව ජුලි 17 වැනි දා කැඳවීමට නියෝග කර තිබේ.
දළ ඇතා ගමන් කරන ලද මාර්ගයේ විදුලි රැහැන් ඇද තිබීම නිසා දළ ඇතා එම විදුලි රැහැන්වල පැටලී ඇති අතර ආසන්නයේ යුද හමුදා ගොවිපළක් හා සිවිල් ආරක්ෂක බළකා ගොවිපළක් ද පිහිටා ඇති අතරම විදුලි රැහන් ඇද ඇත්තේ ආසන්නයේ පිහිටි කෝවිලකට විදුලිය ලබාදීමට බවට යුද හමුදා නිලධාරීන් ප්‍රකාශ කර ඇතත් අදාළ රැහන් අනාරක්ෂිතව ඇද තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව වනජීවි නිලධරයෝ පවසති.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දළ ඇතාගේ මරණයට අත්අඩංගුට ගත් හමුදා කපිතාන්ට ඇප
Samathasena A . Aluthgama Tuesday, 22 May 2018 02:44 PM
මේ ආකාරයට අලි ඇතුන් දිගටම මියගියහොත්,අනාගතයේදී ඔවුන් අපට සදහටම නැතිවේවි.එදාට අපට ඔවුන්ගේ වටිනාකම තදින් දැනේවි.
sirimal Tuesday, 22 May 2018 02:48 PM
"තිස් අවුරුදු සාපකාරී යුද්ධය අවසන් කල වීරෝධාර රණවිරුවන්ගෙන් පලිගන්නවෝ" කියල කෑ ගගහ පන්සල් ගානේ යනවා එහෙම නෙවෙයි ඔන්න.
WASANTHA KATAAR Tuesday, 22 May 2018 04:03 PM
අපේ රණවිරුවෝ නේද මේ ආණ්ඩුව හිරේ දාන්නේ
samira Tuesday, 22 May 2018 05:24 PM
මොකද වෙලා තියෙන්නේ කියලා හරියටම දැනගෙන ලියන්න පේන්නැද්ද කියලා තියෙන දේ හමුදාව එහන තිබුන කෝවිලකට විදුලිය දීලා එහෙම නැතුව අලි මරන්න විදුලිය දාලා නෙමෙයි
බැසිල් Wednesday, 23 May 2018 02:27 AM
දැන් අරෝගොල්ලෝ මේකෙනුත් දේශපාලන වාසි ගන්න බලයි.