(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි)
සිය 3 හැවිරිදි දරුවාට කුරීරු ලෙස පහර දීමට තැත්කළ පියෙකු මේ මස (28) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් එමි.එන්.එස්. මැණිකේ මහත්මිය අද (25) නියෝග කළාය.
මොහු බලංගොඩ නගරය ආසනයේ පදිංචිකරුවෙකි. මොහුගේ බිරිඳ මීට මාස 6කට පෙර විදේශගත වී තිබෙන බවද පොලිසිය කියයි.
සිය 12 හැවිදිරි දැරිය සහ 3 හැවිරිදි දරුවා මෙම පියා සමග ජීවත් වී තිබේ. ඊයේ (24) දා බලංගොඩ නගරයේ දොරවෙල පාලම අසලදී තුන්හැවිරිදි දරුවාට පියා විසින් පහර දී පාලම පහළට දැමීමට උත්සාහ කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි දුරකතන අංකයට ලැබුණු තොරතුරකට අනුව සැකකාර පියා අත්අඩංගුවට ගැනිණි.
මේ අතර දරුවන් දෙදෙනාද බලංගොඩ පොලිසිය විසින් පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන මහෙස්ත්රාත්වරියගේ නියෝගමත මේ මස 28 දක්වා රැක බලාගැනිීම සඳහා නැන්දනියට බාරදෙන ලදී.
බලංගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දරුවාට පහරදී පාලම යටට දමන්න හැදූ පියා අත්අඩංගුවට
Raveendra Saturday, 25 January 2020 12:02 PM
අයියෝ අපේ රට මොනතරම් පිරිහිලද..?
pradeep Saturday, 25 January 2020 02:42 PM
අම්මලා මැදපෙරදිග වහල්කමට යවලා අපේ රටේ ජාතික අදායම හොයන හැටි ගැන කවුරුත් ලැජ්ජා වෙන්න ඕනේ. මිනිහව නේද කම්කරු, රියදුරු වගේ වැඩකට යවන්න ඕනේ... ඔක්කෝටම වඩා හොඳයි දෙන්නම ලංකාවේ අදායම් හොයාගත්තා නම්... බිරිඳ රට ගියාම මිනිහට ගෙදර වැඩයි, ළමයින්ගේ වැඩයි කරගන්න බැරුව කේන්තියෙන් ඉන්නේ... පොඩි ළමයිත් කරදර කරනවා. මිනිහා ළමයින්ට වෛර කරන්න පටන් ගන්නවා. බිරිඳ නැති නිසා අසහනෙත් වැඩිවීමෙන් තවත් ප්‍රශ්න වැඩිවෙනවා.
RaveendraSaturday, 25 January 2020 05:23 PM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාම නිවැරදිය. කිසිඳු රජයක් මෙම ජාතික ගැටලුවට නිසි පිළිතුරක් ලබා දුන්නත් නැහැ. එසේ පිළිතුරු තිබුණත් ඒ ගැන වගේවගක් නැතිවීම කණගාටුවකි. අම්මලා නොව ආත්තම්මා ගිහින් හෝ මැදපෙරදිග බැලමෙහෙවර කළ අපට ඩොලර් එවනවා නම් එච්චරයි.. යන නිවට, තුප්පහි න්‍යායයෙන් සියලුම බලයට පත් වූ හරකුන් ක්‍රියාකිරීම කොතරම් අවාසනාවක්ද? දැනට බලයේ ඉන්න හරකුන්ද එසේ හැසිරීම පිළිබඳවද කණගාටු වන්නෙමු. අප විශ්වාස කරනවා අපගේ මුල්පුරවැසියා මේ පිළිබඳව අඩුතරමින් අවංක උත්සාහයක් ගනියි කියා...
abaranSunday, 26 January 2020 12:11 AM
ප්‍රදීප්ගේ කතාව හරියට හරි... ගෑණු රට පටවලා ලැජ්ජා නැති ආර්ථිකයකින් හම්බකරන කොන්දක් නැති, රට ගිය අයට රට විරුවන් කියලා නමක් දාගෙන, අදූරදර්ශී, මෙතෙක්කල් රට පාලනය කරපු ආණ්ඩු මේ වගේ තුප්පහි වැඩවලට වගකිව යුතුයි.
janahitha Saturday, 25 January 2020 02:54 PM
මානසික ආතතිය, අවපාතය, නොසතුට නිසා මෙවැනි අපරාධ සිදුවේ. වහාම මානසික වෛද්‍යවරයෙකුට යොමු කළ යුතුයි. දඬුවම් දීමෙන් සුව නොවේ...
Champa Saturday, 25 January 2020 03:06 PM
කතාව කියන විදිහට නම් සහ සමාජය විකෘති වෙලා තියෙන විදිහ බලපුවාම අවුරුදු 12 ගෑනු දරුවෙක් ඉන්න, බිරිඳ විදේශගත වෙලා ඉන්න මිනිහෙක්ට අනිත් දරුවාව වදයක් වෙලා තියෙන්නේ මොකටද කියලා හිතා ගන්න පුළුවන්. මේ දරුවන් නැන්දනිය ළඟ තිබ්බ එක හොඳ තීන්දුවක්.... මේ වගේ අධමයින්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ. ඔහුට නැවත දරුවන් ලඟට යන්න ඉඩ නොදිය යුතුයි.
Shan Saturday, 25 January 2020 10:38 PM
මේ වගේ තිරිසන්නු රංජන් රාමනායකගේ සිරකුටියට දමන්න ඕනේ..