IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දණගැස්වීමේ සිද්ධිය විමර්ශනයට සර්ව පාක්ෂික කමිටුවක්

(සමර ඒකනායක)

විදුහල්පතිවරියක් දණ ගැස්වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ සර්ව පාක්ෂික කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවේල් සුරේෂ් මහතා විසින් මෙම කමිටුව පත්කර ඇති අතර මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිහාල් ගලප්පත්ති මහතා පත්කර ඇත‍

නිහාල් ගලප්පත්ති මහතාගේ සභාපතීත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාද පත්කර ඇති අතර සෑම පක්ෂයක්ම නියෝජනය වන පරිදි නියෝජිතයින් පත්කිරිමටද  නියමිත වේ.
මෙම කමිටුව නියෝජිතයින් නව දෙනකුගෙන් සමන්විත වන අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කර අධ්‍යාපන ආංශික අධික්ෂණ කාරක සභාව වෙත වාර්තාව ලබාදිය යුතු වේ.



අදහස් (10)

දණගැස්වීමේ සිද්ධිය විමර්ශනයට සර්ව පාක්ෂික කමිටුවක්

Raveendra Tuesday, 23 January 2018 02:11 PM

රේල් පාරේ බිංගේ ඇතුලෙන් ලොකු එළියක් එනවිට ඒ එන්නේ ගොන් කරත්තයක්වත් අත් කරත්තයක්වත් නොවන බව සාමාන්‍ය ජනයා හොදින් තේරුම් ගන්නවා.

:       2       130

Muhan Tuesday, 23 January 2018 02:20 PM

කමිටු කමිටු කමිටු සහ කමිටු

:       0       106

අබයපාල Tuesday, 23 January 2018 03:01 PM

මොකක්ද මේ විහිළුව... එක්කෝ මෙය උසාවිය මගින් විභාග කල යුතුයි. එසේ නැතිනම් දෙපාර්තුමේන්තු මට්ටමින්, රාජ්‍ය සේවා කොමිසම මට්ටමින්, එසේත් නැතිනම් මානව හිමිකම් කොමිෂම මට්ටමින් කල යුතු වෙනවා. රටම හිනස්වමින් දේශපාලුවෝ මැදිහත් වෙලා. අසරණ විදුහල්පතිනිය මානසිකව වැට්ටිමේ අපරාදය බාරගන්නේ කවුද? හරිම ලැජ්ජයි.

:       0       235

Raveendra Wednesday, 24 January 2018 02:40 AM

අබයපාල මයා වෙත, මේ අය ලැජ්ජාව කියන වචනයේ තේරුම දන්නවනම් අපගේ මවුබිම දියුණුවට පත්වෙලා සැහෙන කාලයක් වෙනවා.

:       0       9

රවින් Wednesday, 24 January 2018 02:47 AM

ඔන්න මහජන මුදල් ගසාකන්න තවත් දේසපාලු උප්පරවැට්ටියක්. මොනවිදියෙන් හරි මුදල් කඩාගන්න බලනවා. ඔය කොමිටියේ වියහියදම්? දීමනා? මේ රටේ නීතියක් තියනවා. නීතිය අනුව ක්‍රියා කරන්න. ඔය කොමිටුවට අට පාස් නැති කීදෙනෙක් දායිද ? ඔයිට වැඩිය හොඳ නැද්ද දියවන්නාවේ ඇතුලේ ඉන්න අයගේ අධ්‍යාපන සුදුසුකම් බලන්න කොමිටියක් පත් කරගත්තොත්. එතොකොට හොයාගන්න පුලුවන්වෙයි කිදෙනේක්ව එලවන්න ඕනද කියල.

:       0       7

ලුම්බිණි Wednesday, 24 January 2018 03:08 AM

මේකට මොන කොමිටිද? ජනාධිපති, එතුමා කියන විදියට වැඩ කරනවා නම් මෙම පුද්ගලයා අයින් කල යුතුයි.

:       0       62

nimal Wednesday, 24 January 2018 03:23 AM

අර කමිටු මේ කමිටු පර්ලිමන්තු කමිටු කමිටු වැඩ මිස රටේ වෙන වැඩ නෑ

:       0       29

nimal Wednesday, 24 January 2018 03:40 AM

අභයපාල ඔබ හරි.

:       0       2

U Siriwardane Wednesday, 24 January 2018 06:33 AM

මේ රඟ දක්වන්නේ දේශපාලනයේ තවත් එක් කොමඩියක්

:       0       27

pradeep Wednesday, 24 January 2018 07:12 AM

මේවට කිසිකෙනෙක් නෙමේ වගකියන්න ඕනේ මේ වගේ අය පත්කරගත්තු මහජනතවයි වගකියන්න ඕනේ.

:       0       74

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 492 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 309 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1028 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 63 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2303 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 428 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site