IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දණගැස්වීම සහ බලපෑම් ගැන විදුහල්පතිනිය පිළිගනී

තරිඳු ජයවර්ධන

ළමයකු පාසලට ඇතුළත් කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් ඌව මහ ඇමැතිවරයා හමුවේ වැඳ සමාව ගැනීමට සිදුවූ බව බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන  භවානි රගුනාත් මහත්මිය අද හඬා වැටෙමින් පිළිගත්තාය.
 
එම සිද්ධියෙන් පසු එවැනි සිද්ධියක් නොවූ බවට තමා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ අධ්‍යාපන බලධාරීන්ගෙන් පැමිණි බලපෑම් නිසා බව ද එම විදුහල්පතිනිය පැවසුවාය.
 
පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ඇතුළු පිරිසක් එද එම පාසලට ගොස් තිබුණු අතර ඒ ගැන පැතිර ගිය ආරංචිය නිසා තවත් පිරිසක් ජනමාධ්‍යද සමඟ අද පාසලට ගොස් තිබේ. එම අවස්ථාවේ පළාත් අධ්‍යාපන ලේකම්වරියද ඉදිරිපිට විදුහල්පතිනිය හඬා වැටෙමින් තමා මුහුණ දුන් සිදුවීම විස්තර කළාය.
 
එම විදුහල්පතිනිය සිද්ධිය වූ දිනයේම ඒ ගැන පාසල් ලොග් සටහන් පොතේ සටහනක් දමා ඇති අතර ඉන් පසුව පළාත් අධ්‍යාපන බලධාරීන් ඇය කැඳවා එවැනි සිදුවීමන් නොවූ බවට ප්‍රකාශයක් කරන්නැයි කළ බලපෑම් ගැනද විදුහල්පතිනිය ලොග් සටහනක් තබා තිබේ.
 
ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා  දුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනියට බලපෑම් කිරීම  සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස ලංකා ගුරු සංගමය පොලිසියට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ.  ජනවාරි නව වැනි දා   විදුහල්පතිනිය පළාත් සභාවට කැඳවූ පළාත් අධ්‍යාපන ලේකම්වරිය විදුහල්පතිනිය පළාත් සභාවට යෙමු කොට මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඇයට දැනුම් දී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.   
 
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසුවේ විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ ජනමාධ්‍ය වාර්තා සැලකිල්ලට ගෙන විමර්ශනයක් ආරම්භ කළ බවයි. ලංකා ගුරු සංගමය ද ඒ ගැන පැමිණිල්ලක් කර ඇති බව ද කොමිෂන් සභා ප්‍රකාශකයා කීවේය.



අදහස් (83)

දණගැස්වීම සහ බලපෑම් ගැන විදුහල්පතිනිය පිළිගනී

banad Friday, 19 January 2018 02:24 PM

කොහොමද පුවක් බඩිල්ලගේ වැඩ ...

:       0       1361

මාවිල්මඩ වජිර හිමිSaturday, 20 January 2018 05:11 AM

මේ ගුරු මෑණියන්ගේ ඇස්වල කඳුළු දකින සිසු දරු දැරියන්ගේ හිත්වල මොනතරම් වෛරයක් ඇති වෙයිද​? ඔවුන් දෙමළ නිසා මෙවැනි අසාධාරණකම් වලට ලක් වෙනවා යැයි හැඟී ගියොත් ජාතික සමගිය ගොඩනගන්නේ කෙසේද​?

:       184       188

මාවිල්මඩ වජිර හිමිSaturday, 20 January 2018 09:50 AM

මේ ගුරු මෑණියන්ගේ ඇස්වල කඳුළු දකින සිසු දරු දැරියන්ගේ හිත්වල මොනතරම් වෛරයක් ඇති වෙයිද? ඔවුන් දෙමළ නිසා මෙවැනි අසාධාරණකම් වලට ලක් වෙනවා යැයි හැඟී ගියොත් ජාතික සමගිය ගොඩනගන්නේ කෙසේද?

:       90       69

erdi Friday, 19 January 2018 02:39 PM

මේක මාර රටක්නේ... වැඳලා සමාවගන්න මේ කවුද? උගත්කම බල්ලට ගිහින්... එවැන්නන් රට පාලනයට ගිහින්. කවුරු පම්පෝරි ගැහැවුත් ලංකාව තව අවුරුදු දාහක් ගියත් මේ අයට ඕනෑ විදිහට තමා රට පාලනය කරන්නේ..

:       406       1187

PerakumFriday, 19 January 2018 11:25 PM

එර්දි හරියට හරි. පවතින ක්‍රමය නිවැරදි කරන්න මේ ඉන්න දේශපාලන අම්බරුවෝ එකෙක්වත් ඉඩ දෙන්නේ නෑ. කවදා හරි එහෙම වෙනසක් වුණුදාට මේ කාලකන්නි දේශපාලකයෝ අතුගෑවිලා යාවි. රටට සුබ අනාගතයක් උදාවේවි!!! ඒ වෙනස ඉක්මන් කරගැනීමට අපි කවුරුත් උනන්දු වෙමු.

:       0       40

sarath Friday, 19 January 2018 03:04 PM

මේවගේ පළාත් ඇමතිලා පත් කරගන්න අයට හොඳ පාඩමක් මේක. ඔය පළාත් ඇමති මොලේ කඳුලක් වක් නැති කෙනෙක්. මට පුදුම තවමත් හෙන නැති එකයි.

:       0       1137

ranaviFriday, 19 January 2018 05:36 PM

පෙනුමම නරක පාටයි... ඔයිට වඩා හොඳ බූරුවෝ පුත්තලමේ ඉන්නවා..

:       0       8

සපුමල් බණ්ඩාර​Saturday, 20 January 2018 04:50 AM

හෙණ ගහනකන් බලාගෙන ඉඳලා බෑ සරත්. රටේ සියළුම ගුරුවරු පාරට බැහැලා මේ උද්ධච්ඡ මහ ඇමතියා ඉල්ලා අස්වී ගෙදර යනතුරු උද්ඝෝෂණය කළ යුතුයි.

:       0       465

Sanath ItalySaturday, 20 January 2018 05:03 AM

මෙවැනි අම්බරුවන්ට ඡන්දය දී වැඩිම මනාපයෙන් පත්කර හරින්නේ අපේ රටේ උගත් බුද්ධිමත් ඡන්ද දායකයෝම තමා සරත්. අපි අපි ගැනම ලැජ්ජා වෙන්න ඕනෑ​.

:       0       323

Chanak los angeles Friday, 19 January 2018 03:19 PM

මේවා රෙජීමයේ බොරු ප්‍රචාර. යහපාලන ඇමැතිවරු එහෙම කරන්නේ නැහැ.

:       1489       130

HafeelFriday, 19 January 2018 08:02 PM

ඒකනේ චානක්, ඔබ කියනවා වගේ යහපාලන රජයේ ඇමැතිවරු බැංකු මංකොල්ල විතරයි කරන්නේ...

:       0       0

MigidaFriday, 19 January 2018 09:19 PM

කරුණාකරලා මානසික වෙදෙක් හමුවෙලා මොලේ පරීක්ෂා කරවා ගන්න.

:       0       0

LapayaSaturday, 20 January 2018 03:18 AM

නොදන්නා දේවල් කතා කරන්න එපා

:       0       0

pivithuruSunday, 21 January 2018 05:33 AM

මෙතුමා මහා ඇමති කලේ ඔබගේ මහා රජාම තමයි චානක................

:       0       12

chanaka los angelesMonday, 22 January 2018 02:53 AM

මෙතුමාව දේශපාලනයට ගෙනාවේ මහින්ද මහත්තය. ඒ හින්ද එයා මොන දේ කලත් අපි සමාව දෙන්න ඕනේ.

:       0       0

වෙල්ලස්සේ ධම්ම හිමි Friday, 19 January 2018 03:30 PM

මහඇමතිට විරුද්ධව වහාම පියවර ගත යුතුයි. ඉල්ලා අස්විය යුතුයි මේ කළ ක්‍රියාවට...

:       2       881

sarathSaturday, 20 January 2018 02:12 AM

ඉල්ලා අස්වෙන්න ඒ ජපානේ මේ ලංකාව හාමුදුරුවනේ. ඉල්ලාස්වූනොත් කොහොමද ඔය මෝඩකම් ගොන්කම් කරන්නේ?

:       0       1

Daya Friday, 19 January 2018 03:32 PM

මහඇමැති ගෙදර යවන්න ඕනෑ... දැන් ඇති මේ අයගේ අමන වැඩ ඉවසුවා..

:       0       572

P.Ilangaratne.Saturday, 20 January 2018 03:27 AM

මහ ඇමතිට ආසන සංවිධායකකමක් ඕන වෙලා.

:       0       0

Perakum Friday, 19 January 2018 03:36 PM

මෙවන් දේශපාලකයන්ට දියයුතු දඬුවම් කවරේදැයි අපේ නීතිපොත්වල නැද්ද? ඔහුට හවුල් වූ අපේ බදු මුදලින් පඩි ලබන නිලධාරීන් වහා ගෙදර යැවිය යුතුය. ඔවුන්ට තව දුරටත් රාජ්‍ය සේවයේ සිටීමට වරම් නැත.

:       0       461

Lankaputha Friday, 19 January 2018 03:52 PM

අපි බලාෙගන සහ ඉවසා සිටිමු... මෙවැන්නන්ට අගමැතිතුමා විසින් සාධාරණ තීන්දුවක් ගන්නා තුරු...

:       450       58

BamunuarachchiSaturday, 20 January 2018 09:04 AM

අපේ මිනිස්සු දන්නා යකා නොදන්නා සුරදූතියට වඩා හොඳයි කියා හිතන්නේ නැත.

:       1       0

BamunuarachchiSunday, 21 January 2018 06:14 AM

ඒසේ සිතුවානම් මෙවනි අයට බලයට එන්න ඉඩ ලැබෙන්නේ නැත.

:       0       0

Raveendra Friday, 19 January 2018 03:57 PM

මහඇමති නොවේ.. මොන ඇමති වුණත් " තුට්ටු දෙකේ අම්බරුවෙකි". රටේ මුල් පුරවැසියාට ඔන්න පත්තරේ, බැලුවොත් මෙන්න විස්තරේ....

:       1       1404

Chanak los angeles Friday, 19 January 2018 04:31 PM

කවුරුත් මේක ඇත්තද කියලා දැක්කේ නැහැනේ... මහ ඇමැතිතුමා එහෙ දෙයක් වුණේ නැහැ කිව්වනේ.. දැන් මොකක්ද ප්‍රශ්නේ?

:       0       0

parakkrama Friday, 19 January 2018 04:39 PM

"ආරේ ගුණ නෑරේ " කියලා ඉස්සර කියමනක් තිබෙනවා.. නමුත් දැනටත් භාවිතයේ තිබෙනවාද දන්නේ නැහැ. මෙහි තේරුම නම් ආරෙන් නැතිනම් පරම්පරාවෙන් එන ගති නොමැකී පවතින එකයි. අතීත සිද්ධීන් අනුව බලන කළ, මේකත් ඉතින් ඔය දේශපාලන පරම්පරාවේ මගහරවා ගත නොහැකි පුරුද්දක් වගෙයි පෙනෙන්නේ. ඊටම තවමත් පුරුදු පරිදි ඇම්බැට්ටකම් කරන නිලධාරීන් පිරිසක් මේ මෝඩයින් වටා සිටීම කණගාටුදායකය.

:       1       0

Thilina Friday, 19 January 2018 04:43 PM

පළාතක ප්‍රධාන අමාත්‍යවරයා කියන්නේ කැබිනට් ඇමැතිට වඩා බලතල ඇති පුද්ගලයෙක්. ඒ වගේ තනතුරකට මේ වගේ අයෙක් පත් කරපු දෙන්නටම එකට අවීචි නරකාදියේ පදිංචියටම යන්න ලැබේවා !!!

:       0       0

nisan Friday, 19 January 2018 04:45 PM

මේ වැටෙන කඳුලක් ගානේ වන්දවාගත්තු කෙනාට සාප වේවා.!!!

:       0       0

බණ්ඩාර Friday, 19 January 2018 04:57 PM

අතිගරු ජනාධිපතිතුමා අද පත්තරේ බැලුවා නම් මේකට තීරණයක් ගනීවි. යහපාලනය මේකද?

:       0       0

Raveendra Friday, 19 January 2018 05:32 PM

ඌවට හූවක් දුරින් ඉන්න ඇමතිය මෙමාය... සැමවිට බූරුව ලෙස හැසිරෙන්නෙත් මෙමාය... ළග බැලූනිසා ගුරුතුමියක් දණ ගැස්සුවේ මෙමාය... එබැවින් මමය ඌවට ඉන්නා...

:       0       0

MAHINDA WEERASINGHA Friday, 19 January 2018 05:51 PM

සිරිසේන මහත්තයෝ. හිරගෙදර පොළව පලාගෙන හිරකාරයෝ නරකාදියට යන්නේ නැහැ. ජනපතිතුමා වැරදි කරලා දැනගත්තොත් අත්අඩංගුවට ගන්න පුළුවන් විදිහට දණ්ඩනීති පොත ඉරලා අලුත් නීති නීතිගත කරන්න.

:       0       0

chandana kularatne Friday, 19 January 2018 06:00 PM

ඇයි අර සිංහල ගුරුවරියක් දණගස්සපු පළාත් සභා කාලකණ්නියට නැවත ඡන්දේ ඉල්ලන්න අවස්ථාව දුන්නේ? මහා ලොකු කයිවාරු තමයි. වැරදිකරන අයට දඬුවම් දෙනවා.... මඩුවලිගෙන් තලනවා කියලා.

:       0       0

pshpasiri Friday, 19 January 2018 06:11 PM

නෑ නෑ කිව්වට 88 89 වගේ වකවානු නරකමත් නෑ මේවගේ තැන්වලදී දීපු උත්තර නරකමත් නෑ.

:       0       0

de silva Friday, 19 January 2018 06:46 PM

දේශපාලනයට එන්න කලින් දුම්රියේ වඩේ විකුණපු මනුස්සයකුගෙන් වැඩි යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මේකට වැරදිකාරයෝ මෙවැනි මිනිස්සුන්ට ටිකට් එක දෙන පක්ෂ සංවිධායකවරු සහ මේ ගොල්ලන්ට මනාපේ දෙන ඡන්ද දායක්යෝ... මෙය කල්පනා කරන්න ඇති ගුරුවරිය දන ගස්සපු පළාත් සභා මන්ත්‍රීට සංවිධායක කමක් දුන්නානම් තමන් මහඇමැති නිසා විදුහල්පතිනියක් දණ ගැස්සුවට කමක් නැහැ කියලා.

:       0       0

Bamunuarachchi Friday, 19 January 2018 07:08 PM

ඔබලාට මෙවැනි පැමිණිල්ලක් කරන්න සිටි එකම පුද්ගලයා ප්‍රභාකරන් නේද? මෙතනට ඔහු නැතිවීම ගැන මමත් දුක්වෙනවා.

:       0       0

Chethiyasena Friday, 19 January 2018 07:37 PM

කලින් දණගස්සල් උසාවියෙන් අත්හිටවූ හිර දඬුවම් ලබපු අයට යහපාලන්ස්ලා ආයිත් සංවිධායකකම දුන්නනේ! ඉතිං මේ වඩේ කාරයත් ඒරියල් එක උස්සගත්තා !

:       0       0

ashan Friday, 19 January 2018 07:43 PM

මිනිසුන් අමනයින්ට ඡන්දය දෙනතුරු ලංකාව ගොඩගත නොහැකිය.

:       0       0

ajith Friday, 19 January 2018 07:54 PM

එහෙනම් ජනාධිපති අද පත්තර බලන්නේ නැහැ.

:       0       0

සඳුන් Friday, 19 January 2018 08:12 PM

වැලේ වැල් නැතිව පීචං වෙලා ඉන්න මහ ලොක්කන්ට මත්පැන් නාටකය වගේ ලකුණු ටිකක් දාගන්න හොඳ අවස්ථාවක් මේක. පුළුවන්නම් මහ ඇමතිව ගෙදර යවලා සාධාරණය ඉටු කරන්න. නැතිනම් බොරු ටෝක් නොදී කට පියා ගන්න.

:       0       0

sam Friday, 19 January 2018 08:30 PM

ජනාධිපතිතුමාගේ මඩු වලිගයයි, කඩුවයි දෙකම දේශපාලන පම්පෝරි නේද? මේ දවස් වල පුංචි ඡන්දෙට අවාසි වෙන නිසා මේ සිද්ධිය යට යාවිද?

:       0       0

සුපුන් බණ්ඩාර Friday, 19 January 2018 09:08 PM

නිසි අධ්‍යාපනයක් ලබා නොමැති මුදලට, දේපළට, බලයට කෑදර දේශපාලකයින්ගෙන් අධ්‍යාපනයට නිසි තැනක් බලාපොරොත්තු විය නොහැකිය. ජනප්‍රියත්වයට හෝ බලයට දේශපාලකයින් පත් කිරීම අවසන් කිරීමේ කාලය එළඹ ඇත...

:       0       0

asaranaya Friday, 19 January 2018 10:25 PM

කරුණාකර අධිකරණයට ගොස් සාධාරණය ඉල්ලන්න. ගරු අගමැතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමා මේ ගැන සොයාබලා නිසි පියවර ගන්න. කරුණාකර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට නිසි දඬුවම් දෙන්න ජාති ආගම මොනවා වුණත් මේ විදුහල්පතිනියට නියම සාධාරණය ඉටුකරන්න. මේ වගේ අය මහඇමතිවරු කරලා රටට වෙන සෙතක් නැත. ජනාධිපතිතුමනි, මෙන්න සාධාරණය ඉෂ්ඨ කිරීමට හොඳ අවස්ථාවක්. ඔය මහා ඇමතිගේ ඇඟට දැනෙන්න දඬුවමක් දීම රජයේ වගකීමක්. ඔබගේ කඩුව මේවගේ දේවලට පාවිච්චි කරන්නේ නැත්නම්, ඔය කඩු කතා කියන එක නවත්තන්න.

:       0       0

emerson Friday, 19 January 2018 10:35 PM

මම හිතුවේ බුරුවො ඉන්නේ පුත්තලමේ විතරයි කියලයි.

:       0       0

ලුම්බිණි Friday, 19 January 2018 10:41 PM

ඔන්න අර කියපු 'කඩුව' පාවිච්චි කරන්න වෙලාවක්. බලමු කියපු විදියට තියෙනවද කියලා.

:       0       0

Hubert Friday, 19 January 2018 10:47 PM

මේ ඉන්නේ තවත් දේශපාලන මන්ද මානසික පුද්ගලයෙක්...

:       0       0

manjula Friday, 19 January 2018 11:05 PM

මෙයාලා නෙමෙයි.. මෙයාලට ඡන්දෙ දීපු අයයි අම්බරුවෝ...

:       0       0

sam Friday, 19 January 2018 11:36 PM

මර්වින් සිල්වා වැනි අයගේ මැර ක්‍රියාවන්ට දඬුවම් නොදීම රාජපක්ෂ පාලනයේ බිඳ වැටීමට සුළුවෙන් හෝ හේතු වුණා. නවගත්තේගම ගුරුවරිය දණ ගැස්වූ මොහුට සංවිධායකකම දීමෙනුත්, ඉහත සිද්ධියට මේ දක්වාම ප්‍රතිචාරයක් නොදැක්වීමෙනුත් වර්තමාන ජනපතිතුමා ගැන තිබෙන අප්‍රසාදය වැඩි වෙනවා. වැරදි කල දේශපාලකයින් අවීචි මහා නිරයට ගෙනයනවා වැනි සම්ප්‍රප්ඵලාප දොඩවන්නේ නැතිව රටේ සාමාන්‍ය නීතියට අනුවවත් කටයුතු සිදු කල යුතුයි.

:       0       0

යසපාල Friday, 19 January 2018 11:50 PM

අවීචි මහා නරකාදියේ මහ ඇමති කරවමු

:       0       0

ranjith Saturday, 20 January 2018 12:08 AM

මේ වගේ නරුමයෝ මොකට අපි පත් කරගත්තද? ගුරුවරියකට ගරු කරන්න දන්නේ නැති කාලකන්නියෙක්...

:       0       0

Shanaka Saturday, 20 January 2018 12:25 AM

මේ චානක් කියන කෙනාගේ මෝඩ අදහස්වලට හිනායන අය තව ඉන්නවද?

:       0       0

Shanaka Saturday, 20 January 2018 12:27 AM

නූගතුන් රට පලනය කරද්දී මේ රට මීට වඩා වෙනසක් වෙන්නේ නෑ..

:       0       0

gunarathna Saturday, 20 January 2018 01:04 AM

රන්ජන් රාමනායක මහත්තයෝ, පුළුවන්නම් මේ කඳ බඩ මහතාගේ මොලේ කොහෙද තියෙන්නේ කියලා හොයලා බලනවද? මේවගේ අයගේ පැටිකිරිය ගැන කතාකරන්න ඔබතුමා හැර වෙන එක්කෙනෙක් ආණ්ඩුවේ නැහැ.

:       0       2

dingirala Saturday, 20 January 2018 01:09 AM

උඩරට වතුකරයේ සිටින ජනතාව තවමත් උතුරේ එල්.ටී.ටී.ඊ. දර්ශනයට හෝ ඔවුන්ගේ ත්‍රස්තවාදී වැඩපිළිවෙලට සහය දක්වා නැහැ. උඩරට වතුකරයෙන් බිහිවී අධ්‍යාපනය ලබා විදුහල්පතිනියක් වූ මෙම කාන්තාව මා දන්නවා. අපේ ඇමති මොට්ටපාලයන් කරන මෙවැනි අමන අමානුෂික වැඩ නිසා උඩරට වතුකරයේ ද්‍රවිඩ ජනතාවද? එල්.ටී.ටී.ඊ. එක දිශාවට තල්ලු වීම ඉදිරියේදී සිදු වුනොත් ඒගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මෙවෙනි සිදුවීම් එල්.ටී.ටී.ඊ. එකේ නායකයන්ට සහ අනුගාමිකයන්ට හොඳ තල්ලුවක්...

:       0       1

Bandara Saturday, 20 January 2018 01:56 AM

මේ වල් බූතයන්ගෙන් අප රට මිදෙන්නෙ කවදාද? මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?

:       0       1

sarath Saturday, 20 January 2018 03:21 AM

ප්‍රශ්නේ මේකයි, මෙදා සැරෙත් ප්‍රාදේශීය සභා වලට ඉල්ලන්නේ මේ වගේ අය. ඊට පස්සේ පළාත් සභාවට එනවා ඊට පස්සේ පාර්ලිමේන්තුවට. ඇමතිකමකුත් ලැබෙනවා.ලෝකයේ දේශපාලන ප්‍රවනතාවය,රටක සංවර්ධන ඉලක්ක ,විදේශික දේශපාලකයෙකුට හරියට කතාකරන්න,අවශ්‍ය තොරතුරු ගන්න ආදී දේශපාලකයෙකු සතු විය යුතු කිසිම හැකියාවක් නැතිව ,බෝක්කු හදන්න ,පාරවල් කොන්ක්‍රීට් කරන්න වගේ වැඩ කරන්න පුලුවන් දේශපාලකයෝ පිරිසක් තමයි අපිට ඉන්නේ.

:       0       0

Muhan Saturday, 20 January 2018 03:24 AM

බය වෙන්න එපා මුකුත් වෙන්නේ නැහැ

:       0       0

Upali Saturday, 20 January 2018 03:56 AM

කෝච්චියෙ වඩේ විකුණපු එකාව දේශපාලනයට ගෙනාපු උන්ටයි..........උන්ට ඡන්දෙ දුන්න මී හරකුන්ටයි මඩු වලිගෙන් ගහන්නයි තියෙන්නෙ.

:       0       12

laankikaya Saturday, 20 January 2018 04:01 AM

මී වගේ අයව ගෝල් ෆේස් එකේ බැදලා, ගල් ගහල මරන්න ඕන.......................

:       0       4

asad Saturday, 20 January 2018 04:36 AM

වෙනස් විය යුතුයි. මේ පවතින නින්දිත ක්‍රමවේදය වෙනස් විය යුතුයි. මෙවැනි නින්දිත පාලකයින් පත් කර ගන්න මහා ජනතාව මුලින්ම වෙනස් විය යුතුයි.

:       0       310

සපුමල් බණ්ඩාර​ Saturday, 20 January 2018 04:38 AM

මහඇමති කිව්වේ ජ​.වි.පෙ. සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමා බොරුවට අපහාස කරනවා. කීර්තිනාමය විනාශ කළා කියලා මිලියන 500ක් වන්දි ඉල්ලලා නඩු දානවා කියලා. නඩු කෙසේ වෙතත් දැන් එයාට රෙද්දක් ඇඳගෙන පාරට බහින්න බැරි වෙනවා. ආයිත් වතාවක් සමන්ත මන්ත්‍රීතුමාගෙන් කෑවා අමතක නොවෙන පරිප්පුවක්.

:       0       312

Jehaan Saturday, 20 January 2018 04:41 AM

කෝ මේ යහපාලන ලොක්කෝ? අර කාන්තාවන්ට සම අයිතිවාසිකම් ඉල්ලන කලාකාරිය මේවාට මොකද කියන්නේ ?

:       2       208

විලච්චියේ විමලානන්ද හිමි Saturday, 20 January 2018 04:46 AM

නරුම දේශපාලකයන් සිටින මේ රට තුලදී ඔබතුමියට වූ දේ ගැන සංවේගයි මැතිණියනි. ඔබතුමියට වූ අසාධාරණයට වගකිව යුත්තන්ගෙන් සාධාරණය ඉටුවෙයි සිතමි. කණගාටුව නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයද මහ ඇමතිගේ දෙපා ලෙවකෑමයි.

:       0       302

Dr. Vajira Fernando Saturday, 20 January 2018 04:56 AM

මේ නින්ඳිත ක්‍රියාව රටට හෙළිකළ ජ​.වි.පෙ. සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමනි, ඔබට සමස්ත ගුරු, සිසු පරපුරේම උපහාරය හිමි විය යුතුයි.

:       139       417

Rasi Saturday, 20 January 2018 05:07 AM

බයවෙන්න එපා, අපේ ජනාධිපතිතුමා මේක පත්තෙරන් දැකලා, කොමිසමක් දාලා, ඔපරේෂන් (බලවේගය) 3 මෙහෙයුම පටන් ගන්නවා !

:       0       188

janahitha Saturday, 20 January 2018 05:10 AM

ශක්තිමත් කෂේරුවක් ඇති ගුරුතුමියණි ඔබ තුමියට ජාතියේ ප්‍රණාමය මෙයින් පුද කරමු. නුගත් දේශපාලකයින්ගේ වැරදි නියෝගයන් වලට පාපහර එල්ල කිරීම අගය කරමු. කොන්ද පණ නැති ඌව අධ්‍යාපන බලධාරිනි දැන් ඉතින් මුතියංගන වෙහෙර වෙත ඇදුම් උනාදමා ගොස් පවු සමා කර ගනිවු. තම වරිගයාටත් එරෙහිවන උබලා ඔය තනතුරට නොහොබී. ගරු ජනාධිපති තුමනි දැන් වාරය ඔබ තුමා අතේය. වයඹ මැරයා නැවත පිහිටවීමේ විපාක තමයි මේ. රජයේ නිලධාරීන්ට තම කටයුතු නිසි පරිදි කරගන්න ඉඩ හල මැනවි.

:       0       8

SARA Saturday, 20 January 2018 05:34 AM

අපේ ලොකු උන්නැහේ මොනාද මේවට කියන්නේ...................මේ අය එතුමාගේ ගෝලයෝ නේ

:       0       0

daham Saturday, 20 January 2018 05:38 AM

අපි බලමු ජනාධිපති තුමා මොකක්ද මේකට ගන්න පියවර කියලා.

:       0       0

Sunil Saturday, 20 January 2018 06:55 AM

දිනෙන් දින යහපාලනයක්, ශිලාචාර සමාජයක් අපිට අහිමි වී යන අයුරු හරිම කනගාටු දායකයි. ! මෙවැනි ඉතාමත් අශෝබන ක්‍රියා පසුගිය කාලේ සිදු වුවත් අපිට ලොකු බලාපොරොත්තුවක් තිබුනා මේ පාලනය යටතේ එහෙම දේවල් නොවේවි කියාලා. අපිට වැරදිලා. මේ ලංකාවේ දරු කැලක් යහ මග යවන්නට වෙහෙසෙන උසස් ගුරු මාතාවක්, මවක් පාසලක විදුහල්පතිනියක් .

:       0       7

nilmini Saturday, 20 January 2018 07:04 AM

දැන් අවීචි මහා නරකාදියට තමුන්ගේ ගෝලයනුත් වැටෙනකන් බලාගෙන ඉන්න වෙනවා... අපේ ලොකු තැනට ගෙදර යන්න.

:       0       23

rocky Saturday, 20 January 2018 07:07 AM

ජනවාරි 21 ඉරිදා ලංකාදීපයේ නිම්තෙර අතිරේකයේ මුල්පිටුව බලන්න. මේ සම්බන්ධයෙන් කියන උන්නැහේ කියන්නේ අමුතුම කතාවක්නේ. ගල් පැලෙන මෙවන් බොරු කතා ගැන මැතිවරණ කොමසාරිස්තුමාගේ සැලකිල්ල වහාම යොමුවිය යුතුයි.

:       0       16

vimu Saturday, 20 January 2018 08:29 AM

මගේ රට කාලා ඉවරයි. ජරා දේශපාලකයෝ. මිනිස්සුත් මේවාට වග කියන්න ඕනේ. මේ රට මෙහෙම තියෙන්න ඕනේ රටක් නෙමේ. මෝඩ මිනිස්සු ඉන්නකන් මේ රටට ගොඩ ඒමක් නෑ. දුකයි.

:       0       135

buddhawansa himi Saturday, 20 January 2018 08:49 AM

අපේ රටට ගිය කල.

:       0       0

sam Saturday, 20 January 2018 10:24 AM

නූගත් මහා ඇමතියෝ උනහම වෙන දේවල් තමයි මේ.

:       0       0

සෙනෙවි Saturday, 20 January 2018 11:12 AM

කෝ අපේ ලොක්කගෙ කඩුව කෝ !

:       0       2

chapa Saturday, 20 January 2018 02:52 PM

තව අවරුදු 100ක් ගියත් අපේ රට මේ වගේමයි

:       0       1

td Saturday, 20 January 2018 02:53 PM

මහා ඇමැතිව ප්‍රසිද්ද තැනකට ගෙන්වා විදුහල් පතිනියට වන්දන්න.

:       0       10

කසුන් Saturday, 20 January 2018 04:03 PM

අන්න මම දැක්කා ඔය කියන මහා ඇමතියා රටේ මුල්පුරවැසිය ගේ වේදිකාවේ බෙරිහන්දෙනවා!!

:       0       40

vipula Saturday, 20 January 2018 04:59 PM

දේශපාලකයන් පස්සේ යන පාක්ෂිකයන්ට මුලින්ම කුරුදු පොල්ලෙන් ගහන්න ඕනේ.

:       0       48

MottasenaSunday, 21 January 2018 07:59 AM

මේ වගේ දේශපාලකයෙකුට කුරුඳු පොලු වලින් නොව කිතුල් පොලු වලින් දඩුවම් කළ යුතුයි...................

:       0       0

කුමාර් (ගල්ෆ්) Saturday, 20 January 2018 05:33 PM

ජනාධිපතිතුමා නිදිද, ජනාධිපති තුමා දන්නේ නැද්ද ?

:       0       52

රරර Sunday, 21 January 2018 05:35 AM

අර සමෘද්ධි සංවර්ධන නිළධාරියත් තමුන්ව බැදගත්ත කියල කිව්ව නේද?

:       0       0

Gettupaala Sunday, 21 January 2018 07:29 AM

කෝච්චියේ වඩේ විකුණපු කෙනා මොකද? හොරකම් කළ අයත් දියවන්නාවට යවපු අපිට මඩු වලිගයෙන් තලන්න ඕනේ..

:       6       5

gamini Tuesday, 23 January 2018 04:04 AM

මහා ඇමැතිව ප්‍රසිද්ද තැනකට ගෙන්වා විදුහල් පතිනියට වන්දන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2245 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1183 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 908 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 398 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 703 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 624 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site