(තිළිණි ද සිල්වා)
දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳව සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව තමන් සමීප ලෙස අධීක්ෂණය හා සම්බන්ධීකරණය කරමින් සිටින්නේ යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
තානාපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන දුරකතන දැනට පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලාංකික ප්‍රජාවේ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා උපකාරක කවුළුවක් ද ක්‍රියාත්මක කර ඇත.
මේ සඳහා සමාජ මාධ්‍ය කණ්ඩායම් දෙකක් පිහිටුවා ඇති අතර, මෙම දූත මණ්ඩලය ශ්‍රී ලාංකික විහාරස්ථාන, ප්‍රජා නායකයින් සහ අදාළ අනෙකුත් සියලු දෙනා සමඟ සම්බන්ධ වී සිටින බවද විදේශ අමාත්‍යාංශය කියයි.
තානාපති කාර්යාලයේ පොදු දුරකතන අංක වන (0082) -2-735-2966, (0082) -2-735-2967, (0082) -2-794-2968 හෝ සසංගා නිකපිටිය, පළමු ලේකම් - (0082) -10-7222-1352 හෝ සෙනරත් යාපා, උපදේශක (රැකියා හා සුභසාධන) - (0082) -10-3389-2227 හෝ නිලන්ති පැලවත්තගේ, දෙවැනි ලේකම් - (0082) -10-4084-0855 හෝ සමන්තා සේනායක, තෙවැනි ලේකම් (රැකියා හා සුභසාධන) - (0082) -10-7499-2966 යන අංක අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
දකුණු කොරියාවේ ඩේගු නගරයේ කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව මෑතක දී ඉහළ ගියද මේ වන විට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මෙම වෛරස ආසාදනයට ගොදුරු වී නොමැති බවද විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
මේ වනවිට සංක්‍රමණික කම්කරුවන් මෙන්ම සිසුන් ද ඇතුළුව ශ්‍රී ලාංකිකයන් 20,000 කට අධික පිරිසක් එරටේ වෙසෙන බවත් එරට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති ඩේගු නගරයෙහි වෙසෙන 915 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කෙරෙහි සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ අවධානයක් යොමු කරන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කීය.
ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත
දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.
දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික
’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්
ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දකුණු කොරියාවේ ලාංකිකයන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්