IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


දකුණු ආණ්ඩුකාරවරයා ලක්ෂ 430 ක සැප රිය එපා කියයි

අමල් වික්‍රමරත්න
 
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් වාහනයක් ගැනීමට පළාත් සභාවෙන් වෙන්කළ රුපියල් ලක්ෂ 430 ක මුදලින් වාහනයක් ගැනීම ප්‍රතික්ෂේප කිරීමටත් එම මුදල දකුණු පළාතේ සංවර්ධන කටයුතු සදහා යොදාගන්නා ලෙසත් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාට දන්වා ඇත.


දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත යවා ඇති ලිපියක් මගින් මේ බව දන්වා ඇත්තේ දකුණු පළාත් අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව ආණ්ඩුකාරවරයාට හිමි නිල වාහනය මිලදී ගැනීම සඳහා ආණ්ඩුකාරවරයාගෙන් විමසීම් ලිපියකට පිළිතුරු ලිපියක් යවමිනි.


එම ලිපියෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ව්‍යාපෘති වැඩසටහන් සඳහා එම මුදල් යොදවා ජනතාවට සේවය කරන ලෙසයි.



අදහස් (13)

දකුණු ආණ්ඩුකාරවරයා ලක්ෂ 430 ක සැප රිය එපා කියයි

Narrater Friday, 14 September 2018 08:05 AM

තාත්තා වාහනය පුතාට එපා කියන එකක් නෑ....

:       0       0

කෝසල Friday, 14 September 2018 08:06 AM

අගය කල යුතුයි. ඔබට ජය

:       0       0

Indhika Friday, 14 September 2018 08:18 AM

වැඩේ නම් හොඳයි. එ්ත් ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? ඔය ලක්ෂ 430ක් වටිනා වාහනේ කියන එකයි. මෙයාලට ගෙනෙන වාහන කොහොමත් තීරුබදු වලින් නිදහස්. බදු ගහන්නේ නැතිව ලක්ෂ 430ක් කියන්නේ රෝල්ස් රොයිස් වගේ එකක්වත්ද? ඒවා වත් එච්චර ගණන් නැහැ.

:       0       78

BamunuarachchiSaturday, 15 September 2018 01:18 AM

මේ ගොල්ලන්ට සුදුසුම වාහනේ ත්‍රීවීලර්.. ඔයමුදලට පළාතේ ඔක්කොම මන්ත්‍රීයන්ට ත්‍රීවීලර් අරන්දෙන්න පුළුවන්...

:       0       0

Raveendra Friday, 14 September 2018 08:19 AM

මක් කිවා.. මේ අප දකින්නේ හීනයක්ද? වෙන්න නම් බැහැ... මොකද කෑම වේලත් මහජන බදුමුදල් වලින් "පිනටම ගිලින අම්බරුවන් රැලක් ඉන්නා රටේ " මෙහෙම දෙයක් වෙයිද? කෙසේවෙතත් මෙම පුවත නිවැරදි නම් බදු ගෙවන අවංක පුරවැසියන් හැටියට අප එය ඉතාම ඉහළින් අගය කරනවා මෙන්ම දියවන්නා ඔයේ ගවයින්ටත් මෙය ආදර්ශයක් වේවා කියා ප්‍රර්ථනා කරන්නෙමු.

:       0       136

upali Friday, 14 September 2018 08:26 AM

ඔන්න මිනිස්සු.. ඔබතුමාට අපගේ ප්‍රණාමය...!!

:       7       45

sarath perth Friday, 14 September 2018 08:43 AM

සැප වාහනයකට මුදල් දීලා සැප පුටුගන්න සැලසුම් කලාවත්ද?

:       28       61

Nandalal DE SILVA - France Friday, 14 September 2018 09:17 AM

දකුණු පළාතේ අහංගම උපත ලබා, ගාල්ලේ මහින්ද විදුහලෙන් උසස් අධ්‍යාපනය ලබා මෙරටේ පදිංචි කෙනෙක් හැටියට දකුණු පළාතේ ආණ්ඩුකාරවරයාගේ මෙම අදහසට ගරු කරමි ! ඉන්දික සොහොයුරා වගේම මමත්, මේසා විශාල මුදලක් මේ රටේ අප අතපත ගාන "යූරෝ"වලට හැරෙව්වම සැපවාහන කීයක් මිලට ගැනීමට පුළුවන්ද කියා විමතියට පත් වුනෙමි... මෙවැනි වාහනයකට ඉන්ධන සඳහා කොතරම් මුදලක් වෙන්කර තිබේද? ඔය වාහනේ මොකද්ද කියා මම දැනගැනීමට කැමති වෙමි..!

:       49       83

tommy Friday, 14 September 2018 11:45 AM

ආණ්ඩුකාරවරයා මෙම වාහනය ප්‍රතික්ෂේප කිරීම ගැන සතුටුයි. නමුත් අද ආර්ථික අපහසුකම් රැසක් තුල ජීවත් වෙන බහුතරයක් ජනතාවගේ බදු මුදලින්, මෙතරම් වටිනා වාහනයක් මිලදී ගැනීම මුලින්ම තීරණය කල අය ගැන සොයා බැලිය යුතුයි.

:       0       1

Nuwan Friday, 14 September 2018 12:54 PM

වෙන මොකද්ද ඉතින් 2018 හෝ 2019 ටොයෝටා ලෑන්ඩ් කෘසර් සහරා වී 8 එකක් මිස , ඕක තමයි ජනප්‍රිය වාහනේ මෙයාලගේ ලීටරයට කිලෝමීටර් 5යි. ඔබතුමන්ගේ ආදර්ශයට හිස නවා ගරුකරමු

:       0       2

Bamunuarachchi Friday, 14 September 2018 05:58 PM

අනේ 1960 ගණන්වල එක අග්‍රාණ්ඩුකාරයෙක් සිටි රටේ දැන් ආණ්ඩුකාරයෝ 9 දෙනයි. කාටද ආඩම්බර? අල්ලක් වැනි පුංචි රටේ මොනා කරන්නද මෙච්චර ආණ්ඩුකාරයෝ?

:       0       9

Supun Friday, 14 September 2018 09:59 PM

ඒවටත් හරියන්න පුතා හොරකං කරලා තියෙන්නේ...

:       0       11

Bamunuarachchi Saturday, 15 September 2018 01:14 AM

මෙයා එපා කීවාට අනික් 8 දෙනාට දෙන්න ඕනෙනේ... නරකද ලක්ෂ හයාමාරේ පුටුවෙනුවට බැංකු දීලා V8 වෙනුවට ත්‍රීවීලර් දුන්නා නම්... අන්න තමන්ගේ පන්තියට ගැලපෙන වාහන...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1358 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 523 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 958 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 912 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 358 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 533 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site