IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දක්ෂ පොලිස් පරීක්ෂකවරයා මාරු කිරීම ගැන කණගාටුයි

තරිඳු ජයවර්ධන
 
අපාරධ ගණනාවක් අනාවරණය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රහස් පොලිසියෙන් ස්ථාන මාරු කිරීම වැරදි බවත් එසේ කර ඇත්තේ අපරාධකරුවන් බේරා ගැනීමට බවත් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

 
මෙම ස්ථාන මාරුව නිසා පොලිස් පරීක්ෂකවරයාගේ ආරක්ෂාව ගැන ද ගැටලු මතුවන බව ද ඔහු කීවේය.
 
දක්ෂ පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කිරීම ගැන කණගාටු වන බව ද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
 
ඔහු මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හුවකදීය. එහි දී මේ ගැන අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මහතා මෙසේ කීවේය.
 
‘‘නිශාන්ත සිල්වා කියන්නේ දක්ෂ නිලධාරියෙක්. බරපතල අපරාධ ගණනාවක තොරතුරු අනාවරණය කළ නිලධාරියා. පොලිසිය දැන් තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ. නීති විරෝධී නියෝග පිළිපදිමින් මෙම නිලධාරියා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත්ට ලැජ්ජා නැද්ද? පොලිසියේ දක්ෂ නිලධාරීන් මාරු කරන්නද ආණ්ඩුව ගත්තේ?‘‘



අදහස් (15)

දක්ෂ පොලිස් පරීක්ෂකවරයා මාරු කිරීම ගැන කණගාටුයි

විජිත් Sunday, 18 November 2018 05:54 PM

දේශපාලනය කියන්නේ සත්‍ය හෙළිදරව් කරන්නන්ගේ සතුරා බව අපිට අලුත් දෙයක් නොවන බව නැවත නැවතත් මතක් කරයි.. ශ්‍රී ලාංකිකයින්වන මම ඔබ අපි හැමදෙනාම අඳුරේ අතපත ගාන්නන් බව මතක් කිරීමත් වේදනාවකි.

:       10       71

disa Monday, 19 November 2018 01:32 AM

වැඩ පටන් ගත්තා.

:       10       222

සෙනෙවි Monday, 19 November 2018 02:07 AM

මහින්දට එරෙහි චෝදනා සියල්ල එකම පොලිස් නිලධාරියෙකුට පවරා තිබීමෙත් පෙනී යන්නේ එම නිලධාරියා දේශපාලන අැමිබැටිටයෙක් බවයි.

:       803       673

shamal Monday, 19 November 2018 03:19 AM

එක තමයි කියන්නේ නිලධාරියෙක් පක්ෂග්‍රාහී වෙන්න හොඳ නැහැ කියන්නේ ...මේ නිලධාරියා පහුගිය කාලසීමාව වැඩ කලේ ඒ විදියට ...උසාවියට ගිය නම් ඒවා ඇස දෙකෙන් දැක ගන්න තිබුණ ..

:       401       577

visva Monday, 19 November 2018 04:56 AM

ලංකාව මිනිස් ජීවතයට සුදුසු රටක් නොවේ. මම විශ්‍රාමික පොලිස් නිලදාරියක්මි.

:       16       205

Sarong harinMonday, 19 November 2018 06:13 AM

එක දැන් ද තේරුනේ ඔබතුමාට? සේවය කරන කාලේ මොනවද හැබැට...උද්ඝෝෂණ කරන අයගේ ඔලු පැලීම, රියදුරන් ගෙන් පගා ගැසීම, දේශපාලුවන්ට කඩේ යෑම?? රටේ ඉන්ඩ බෑ කියන්නේ දැන් ද?

:       12       249

Nandaka Monday, 19 November 2018 05:03 AM

කෙලින් තීන්දු තීරණ අරගෙන සිංහයා වගේ නීතිගරුකව සාධාරනව වැඩ කරන්න අවස්ථාව දුන්නම පතෝල තියරි වලින් රටම අවුල් කළා ....

:       33       100

samadhi Monday, 19 November 2018 05:26 AM

එතකොට මෙයාව පත්කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ද ?

:       522       740

MGLFERNANDO Monday, 19 November 2018 05:55 AM

ඒ අයට ඕන නිලධාරින්ව පත්කරගෙන විමර්ශන කරනවා. මේ අයට ඕන නිලධාරින්ව ඒ තැන්වලට අනියුක්ත කරනවා . විමර්ශන වලින් හෙළිදරව් වුවායයි පවසන තොරතුරු යොදාගන්නෙ දඩුවම් දීමට නොව , ද්‍ෙශපාලන මඩ ප්‍රචාරයන්ට පමණි. අනික හෙළිදරව් කරන තොරතුරු වල , සත්‍ය කොපමණ දුරට ගැබ් වෙලා තියෙනවාද කියන එකත් ප්‍රශ්නකාරි.

:       7       76

Sarong harin Monday, 19 November 2018 06:06 AM

බොර දියේ මාලු බාන්ඩ එපා මහත්තයෝ. ඔයලා මහ ලොකුවට කතා කරන ස්වාධීන පොලිස් කොමිසම කෝ දැන්? එකට පත්කිරිම් කරෙත් ඔයාලමයි නේද? මේකත් අනිත් අයගේ පිටින් යවන්ඩ නේද හදන්නේ?

:       66       71

පිටිගල මිලානෝ Monday, 19 November 2018 07:15 AM

දුමින්ද, තංගල්ල සභාපති, මල්ලිලා බේරන්නේ කවදාද?

:       49       138

Hafeel Monday, 19 November 2018 07:49 AM

රට නිවැරදි මගට ගමන් කරන බව විශ්වාස කල හැකිද?

:       1       79

අන්ජානා උම්මා Monday, 19 November 2018 08:05 AM

19වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පොලිස් නිලධාරින් මාරුකිරීමේ බලය පොලිස් කොමිසමට තියෙන්නේ තනිකරම.. මේකට ආණ්ඩුව ගාවගන්න එපා... නැට්ටේ ඉඳන් ගොම ගාගන්නත් එපා.. නොදන්නා දේවල් කතා කරලා..

:       93       245

shamal Monday, 19 November 2018 11:23 AM

මොහු තනිකර දේශපාලන අැමිබැටිටයෙක්..එම නිසා තමයි අදාල පක්ෂයට මෙතරම් වේදනාවක් ... නාවික හමුදාව සම්බන්ද නඩුවේ පරීක්ෂණ මොහු ඉතාම අසාධාරණ ලෙස ගෙනයන්නේ ..මොහු එම නිලධාරීන් සමග පුද්ගලික තරහක් පිරිමහන ලෙස කටයුතු කල ..ඔහු කඩේ යන දේශපාලන පක්ෂයට සම්බන්ධ අයවලුන් සුක්ෂම ලෙස ඉවත් කරනවා ... ස්වාධීනව කටයුතු කරන නිලධාරියෙක් පත් වේවා

:       47       15

Ajith Perera Monday, 19 November 2018 11:39 AM

මේ නිලධාරියා පසුගිය වසර තුනේ සීඅයිඩී එකට පත්වීම් ලබපු කෙනෙක් නොවෙයි. දීර්ග කාලයක් අවංක හා සාධාරණ සේවයක් සීඅයිඩී එකට ලබා දීපු කෙනෙක්. ඔහු රාජපක්ෂලාගේ කාලෙත් සේවයකලේ එම ස්ථානයේ මයි. නමුත් තමන්ගේ දෙමාපියන් උනත් වැරද්දක් කලානම් එයට එරෙහිව කෙලින් වැඩ කරපු දක්ෂ නිලධාරියෙක්. ඔය කහින කිසිම කෙනෙක් දේශපාලන ගැතිකම් නොකරන ඒවගේ නිලධාරීන් විඳින දුක් අපහසුතා ගැන අබමල් රේණුවක තරම් වත් දන්නේ නැහැ.

:       0       62

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 90 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 690 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 566 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 525 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 268 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 713 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site